Showing posts with label Romance. Show all posts
Showing posts with label Romance. Show all posts

Monday, January 13, 2014

Pretty Woman (1990)

 

ධනවත් ව්‍යාපාරික එඩ්වඩ් ලුවිස් තම ව්‍යාපාර කටයුත්තක් අතරතුරදී ගණිකාවකගේ සේවය ලබා ගනී. සබඳතාව දුර දිග යන අතර අවසානයේ දෙදෙනා පෙමින් වෙලෙයි.

Sunday, November 18, 2012

Recreator (2012)

  

තරුණයින් දෙදෙනෙකු සහ තරුණියක දූපතක විනෝද චාරිකාවක නිරත වෙන අතරතුර, කලකට පෙර සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයක අමුද්‍රව්‍ය කාන්දුවක් නිසා, තමන්ගේම ක්ලෝන සමග ජීවිතය උදෙසා සටනක් ඇතිවනව. 

Monday, October 22, 2012

After.Life (2009)


හදිසි අණතුරකින් මියයන ඇනීගේ සිරුර අවමංගල්‍ය අධ්‍යක්‍ෂකවරයෙක් වෙතට ගෙන එනු ලබනව. ඔහුට මලවුන් සමග කථාබහ කිරීමට ඇති හැකියාව ඔහු ලද ත්‍යාගයක් වශයෙනුයි ඔහු සැලකුවේ. ඔහු වෙතට මෙතෙක් ගෙන ආ සියළු දෙනා සමග වගේම, ඇනී සමගත් ඔහු අදහස් හුවමාරු කරගන්නව. පෙර හැම අවස්ථාවකදි වගේම, ඔහුට තිබුණු අපහසුම කාර්යය වන්නේ, ඇනී මියගොස් ඇති බව සිරුරෙන් පිටවූ ඇගේම ආත්මයට වටහා දිමයි. ඇනීගේ පෙම සහ එයට සිදුවූ දෙය ආදී තවත් බොහෝ දේ දැනගැනීමට චිත්‍රපටය බැලීමට ඔබ සැමට මා ආරාධනා කරනව.

Monday, September 17, 2012

Deception (I) (2008)


sinhala subtitles by Arisenමැක්ව'රි කියන්නෙ ගනකාධිකාරී වරයෙක්. එයා එච්චරටම තැලුනු පොඩිවුනු කෙනෙක් නෙවෙයි. එයා විගණනය කරන්න ගිය ආයතනයකදි එයාට වයිට් කියල නීතීඥයෙක් මුණගැහෙනව. හරිම විනෝදකාමී සල්ලාල කෙකෙක් වන ඔහු, මැක්ව'රිට කාම-සමාජයකට දොර විවර කරනව. එතැනදි හමුවන කාන්තාවක් සමග පෙමක පැටලෙන ඔහු, අවසානයේ මහා මුදල් වංචාවකට අතරමැදි වෙන්නෙ රවටා වරදේ පටලැවීම නිසයි. මෙම අවුල විසඳාගෙන තම පෙම දිනාගැනීමට ඔහු දරන ප්‍රයත්නය මෙම චිත්‍රපටයට වස්තුබීජ සපයනව.

Friday, August 3, 2012

The Hidden Face (2011)

 

ස්පාඤ්ඤ ජාතික සංගීත අධ්‍යක්ෂක වරක් තම අළුත් රැකියා ස්ථානයට වෙනත් රටකට යන්නෙ තමන්ගෙ පෙම්වතියත් සමගමයි. ඒ රටේදි ගෙයක් කුලියට ගන්නා ඔහු එහි පදිංචිව සිටින අතර ඔහුගෙ පෙම්වතියට වෙනත් තරුණියක් ගැන සැකයක් ඇතිවන්නෙ ඔහුගේම වරදින්. ගෙවල් අයිතිකාරිය සමග මෙම දුක පවසන පෙම්වතියට ඇය අපූරු පිලිතුරක් දෙන්නෙ, පෙම්වතාට පාඩමක් උගන්වන්නයි. මෙසේ පෙම්වතිය අතුරුදන් වෙනව. දුකට පත් පෙම්වතා, ඇය වෙනත් කෙනෙක් සමග ගියායැයි සිතා තවත් පෙමක පැටලෙනව. දෙවන පෙම්වතියට නිවහන හොල්මල් මන්දිරයක් දැයි සැක සිතෙනව. කතාවෙ ඉතිරිටික බලලම රස විඳින්න.

Monday, June 11, 2012

Black Book (2006)



දෙවන ලෝක යුධ සමයේ යුදෙව් ජාතිකයන් සාහසික ලෙස, නාසි හමුදා අතින් ඝාතනයට ලක්වූ අතර ඔවුන් රටින් පැන යාම මේ නිසා සිදුවිය. මෙසේ ඔවුන් රටින් පිට කිරීමට යයි රවටා රැගෙනගොස් ඝාතනය කර ඔවුන්ගේ මුදල් සහ රන් ආභරණ කොල්ලකෑමද ඇතැම් හමුදා නිලධාරීන් සහ වෙනත් වගකිවයුත්තන් ජයටම කරගෙන ගිය ව්‍යාපාරයක් විය. මෙසේ කලක් ප්‍රසිද්ධ ගායිකාවක වූ තැනැත්තියක් පැනයාමට උත්සාහ දරන අතර, ඇයගේ සම්පූර්ණ පවුලම ඝාතනයට ලක්වේ. පසුව දිවි ගලවාගන්නා ඇය හමුදාවේ ඉහල නිලයක් සමග සබඳතාවක් ඇතිකරගනුයේ ප්‍රතිරෝධී කල්ලි සමග එක්වීම නිසාය. මෙසේ ඇය දිවි ගලවාගෙන යුද්ධයෙන් පසුව තම පවුලේ ඉරණම පිලිබඳ තොරතුරු සොයාගැනීම වටා මෙම කතාන්දරය ගෙතෙයි.

Tuesday, April 24, 2012

In the Land of Blood and Honey (2011)

   

බොස්නියානු යුධ සමයේ ඩැනියෙල් නැමිති යුධ නිලධාරියාට ආයිලා නැමති තරුණිය මුනගැසී පෙම් සබඳතාවකට මුල පිරෙයි. සමාජ ශාලාවක සිදුවන පිපිරුමකට පසුව, දෙදෙනා අතර එතරම් කිට්ටු ඇසුරක් නොමැති වන අතර, පසුව ඇය ඩැනියෙල් යටතේ පවතින කඳවුරක සිරකාරියක වෙයි. කාන්තා ලිංගික අපචාර අධිකව සිදුවන, ජීවත්වීමේ අයිතියක් ඇත්තේම නැති යුධ පරිසරයක් තුල, ඩැනියෙල්ගේ පිහිටෙන් ඇය මඳ පමණක අස්වැසිල්ලක් ලබතත්, අවසානයේ කුරිරු ඉරණමකට මුහුන දෙනුයේ තම පෙම්වතා අතින්මය.

IMDB ලකුණු 4.2 ක් හිමිකරගත් මෙම චිත්‍රපටයේ වර්ගීකරණයට අදාලව අරිසෙන් විසින් දෙන ලකුණු ප්‍රමාණය 8.8 කි. යුද්ධයේ කුරිරු බව, ප්‍රේමයේ ආනන්දය සමග කැටිව ගෙතෙන අපූරු කතාවක් වන මෙය 2012 වර්ෂයේ පෙබරවාරි 16 වැනි දින ප්‍රථම වරට නෙදර්ලන්තයේ තිරගත කරන ලදී. 

Thursday, March 29, 2012

The Vow (2012)

  
ඉතා දැඩි ආදරයෙන් සෙනෙහසින් හිටපු ජෝඩුවක් හදිසි අණතුරකට ලක්වෙනව. එම බිරිඳගෙ හිසට සිදුවන හානිය නිසා ඇයට මතකය අහිමිවෙලා තමුන්ගෙ ස්වාමිපුරුෂයා පවා අමතක වෙනව. බිරිඳ ධනවත් පවුලක. නමුත් ඇගේ පියා තමුන්ගෙම යෙහෙලියක් සමග ඇතිකරගත් සම්බන්ධය හෙලිවෙල, අමනාපය නිසා පවුලෙන් ඈත් වෙලයි හිටියෙ. මේ අමතක වීම අවස්ථාව කරගෙන එයාගෙ දෙමාපියො, ආයෙමත් ඇයව පවුලට සම්බන්ධ කරගන්න හදන්නෙ, අසරණ වුන සැමියාව අයින් කරලයි. සත්‍ය සිද්ධියක් වටා ගෙතෙන මම කතාව, එම සැමියා තමන්ගෙ බිරිඳගෙ ආදරය නැවත දිනාගෙන, තමුන්ට හිමි ජීවිතය ආයෙමත් ලබාගන්න ආකාරය පෙන්වනව.

Monday, February 20, 2012

The Change Up (2011)

 

ඩේව් සහ මිච් යනු පාසැල් වියේ සිට ඇසුරු කරන ගජ මිතුරන් වන අතර, ඩේව් නීතීඥයෙකු ලෙස ඉතා සාර්ථක රැකියා ජීවිතයක් සහ දරු තිදෙනෙකුගේ පියෙකු සහ දයාබර සැමියෙකු ලෙස ඉතා සාර්ථක යුග ජීවිතයක් ගත කරයි. මිච් සල්ලාලයෙකු වන අතර, සරාගී චිත්‍රපට නළුවෙකු වෙයි. දිනක් දෙදෙනා එක්ව උද්‍යානයක සාදා ඇති ජල පොකුණකට මුත්‍රා කරන අතරේ, දෙදෙනා, එකිනෙකාගේ ජීවිත ලබාගැනීමට ඇති ආශාව හෙලි කරයි. මෙහිදී සිදුවන ප්‍රාතිහාර්යයකින් දෙදෙනාගේ සිරුරු හුවමාරු වෙයි.

Sunday, January 22, 2012

Abduction (2011)


  


හිරිමල් තාරුන්‍යයේ කෙලිලොල්, දඟකාර වයසේ සිටින නේතන්ට තම පියා විසින් ලබා දෙනුයේ ඉතා රළු සටන් පුහුණුවකි. ඔහු ඔහුගේම පංතියේ සුරූපී යුවතියක වන කෙරන් සමග අප්‍රකාශිත ආදරයක වෙලී සිටී.  පාසැලේදී ලබා දෙන නිබන්ධනයක් සඳහා, ඇය සමග වෙබ් අඩවි හරහා යන ඔහුට, තමා අතුරුදහන් වූ ළමයෙකු බව කියවෙන වෙබ් අඩවියක් හමුවේ. මෙසේ, තමා සමග ජීවත් වනුයේ තම සැබෑ දෙමාපියන් නොවන බවට ඔහු මවගෙන් තහවුරු කරගන්නා අතර, හදිසියේම තම නිවසට සිදුවන ප්‍රහාරයකින් තමා සමග ජීවත්වූ දෙමාපියන් ඔහුට අහිමිවේ. ඔහු තම සැබෑ දෙමාපියන් සොයා යන අයුරුත්, තමා වැටී සිටින අණතුර වටහාගෙන ඉන් බේරෙන අයුරු සහ, කෙරන්ට ආදරය ප්‍රකාශ කරන අයුරු දැක්වෙන මෙම චිත්‍රපටය 2011 සැප්තැම්බර් 23 දින මුල් වරට තිරගත් වූයේ ඇමරිකාවේදීය. 

චිත්‍රපටය සඳහා IMDB අඩවිය ලබා දෙන ලකුණු ප්‍රමාණය 4.4/10 ක් වුවද, එහි වර්ගීකරණයට අදාලව අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය 8/10 කි. ආදර ජවනිකා කීපයක් ඇතුලත් වුවද, පවුලේ සැමට එක්ව රස විඳිය හැකි, කථා පිටපතක් සහිතය.

තෝරාගත් වීඩියෝ ක්ලිපය BRRip එකක් වන අතර එය A/V 10/10 බව කිව හැක.

චිත්‍රපටයේ වර්ගය : ක්‍රියාදාම / අපරාධ / ආදර
ප්‍රධාන නළු නිලියන් : ටේලර් ලූට්නර් / ලිලී කොලින්ස් / ඇල්ෆ්රඩ් මොලීන්

සිංහල උපසිරැසි බාගත කරන්න.
චිත්‍රපටය බාගත කරන්න.

ඔබගේ අගනා අදහස් ලියා තැබීමට කාරුණික වන්න.

Tuesday, December 20, 2011

In Time 2011

  

ජාන ඉංජිනේරු විද්‍යාව මගින් මිනිසාගේ වයස් ගතවීම වයස අවුරුදු 25 දී නතර කර ඇති අතර, තවත් එක් අවුරුද්දක් පමණක් වැඩිපුර ජීවත් වීමට ඉඩ සලසා ඇත. මෙයට වඩා ජීවත් වීමට අවශ්‍ය අයට කාලය උපයා ගැනීමට සිදුවේ. කාලය මුදල් සේ වියදම් කරමින් සියළු අවශ්‍යතා ඉටු කරගැනීමට සිදුවන අතර, කිසිදු ආකාරයකින් වයස්ගත කෙනෙකු සොයාගැනීමටවත් නොමැති නමුත්, කාලය අවසන්වූ අයට මියයාමට සිදුවේ. 

විල් සල්ස් නැමති තරුණයාගෙ මව කාලය අවසන්ව මිය යන අතර, ඔහුට අහම්බෙන් මෙන් වසර 100 ක් ලැබේ. එය වියදම් කර, සිටුවරයින්ගේ පුරවරයට යන ඔහු, එහිදී ඉතාම ධනවත්, ව්‍යාපාරික සිටුවරයෙකු සමග සූදුවෙන් විශාල කාලයක් ලබා ගනී. කාලය හසුරුවන නිලධාරීන් ඔහු පසුපස එන අතර, ඔහු සිටුවරයාගේ දියණිය පැහැරගෙන පැනයයි. මෙම ක්‍රමය ගැන නොපැහැදීමෙන් සිටින ඔහුට එය වෙනස් කිරීමේ අරමුණ ඉටුකරගැනීමට හැකිවේද? කාලය වැඩිපුර උපයාගත් අය, අමරණීයත්වය කරා යමින් සතුටින් ජීවත් වෙත්ද?

ජනප්‍රිය තරුණ නිලි ඇමැන්ඩා සීෆ්රිඩ් සහ ජස්ටින් ටිම්බර්ලේක් ප්‍රධාන චරිත වලට පණපොවන මෙම චිත්‍රපටය මුල් වරට තිරගතවූයේ 2011 ඔක්. 28 වැනි දින ඇමරිකාවේදීය.

තෝරාගත් වීඩියෝ පටය (In.Time.2011.R5.LiNE.XviD-REFiLL) A/V 9/9 ආසන්නයේ හෝ ඊට වැඩි බව කිවහැක. ආදර ජවනිකා කීපයක් ඇතුලත් හෙයින් වැඩිහිටියන්ට වඩාත් සුදුසු ගනයට වැටෙතත්, ඉතා ඉහල මට්ටමේ කථා පිටපතක් බව කිව හැක. චිත්‍රපටයේ වර්ගයට අදාලව, අරිසෙන් විසින් ලබා දෙන ලකුණු ප්‍රමාණය 9/10 කි. IMDB ලකුණු ප්‍රමාණය 6.6 කි. 

චිත්‍රපටයේ වර්ගය - ක්‍රියාදාම / විද්‍යාප්‍රබන්ධ / ආදර / 18+

සිංහල උපසිරැසි බාගත කරන්න

චිත්‍රපටය බාගත කරන්න

ඔබගේ වටිනා අදහස්, අපට දිරිදීමකි.

Tuesday, November 29, 2011

The Devil's Double (2011)

   

හිටපු ඉරාක ජනාධිපති, සදාම් හුසේන්ගේ පුතෙකු වන උඩේ සදාම් හුසේන් වටා ගොඩනැගෙන මෙම කථාව මූලිකවම චරිතාපදාන ගනයට වැටෙන චිත්‍රපයටකි. සෙල්ලක්කාර, සල්ලාල, ත්‍රාඩ, අධම ගති ඇති මානසික විකෘතිතා සහිත මොහු, පියා මෙන්ම, ඔහුගේම හැඩරුව සහිත සොල්දාදුවෙකු සොයාගෙන, සජීවී ඩමියක් තනා ගනී. තමාට ඇවැසි සියල්ල බලහත්කාරයෙන් සහ මැරකමින් ලබා ගන්නා මොහු, හිතූමතේ යුවතියන් දූශනය කරන, මරාදමන යක්ෂයෙකි. ඔහු තෝරාගත් ඩමිය වන ලතීෆ් යහියා ඔහු සමග එක්ව ඔහුගේ ක්‍රියාකාරකම් වලින් තම බඩවියත රැකගනීද? ඔහුගේ ජීවී ඩමිය ඔහු මෙන්ම වෙයිද?

තෝරාගත් වීඩියෝ පටය (The.Devil's.Double.2011.BDRip-HDT), A/V 10/10 මට්මටම ඉතා ආසන්න එකකි.

නිරුවත් සහ ලිංගික දර්ශන නිසා මෙම චිත්‍රපටය පවුලේ සැමට එක්ව නැරඹිය නොහැකි වර්ගයේ එකකි.

(අර්ථයට සහ අදාල අවස්ථාවේ දනවන හැඟීමට හානියක් නොවනු පිණිස, මෙම චිත්‍රපටයේ භාවිතා වන අසභ්‍ය, හානිකර, පහත්, නොහික්මුනු භාෂාව එලෙසම සිංහලයට පරිවර්ථනය කර ඇති අතර, එනිසා සිංහල උපසිරැසි පවා මුළු පවුලටම එකට සිට නැරඹීමට අපහසු බව කරුණාවෙන් සලකන්න.)

සුප්‍රකට සිනමානළු ඩොමිනික් කූපර් උඩේ සහ ලතීෆ් යන චරිත දෙකටම පන පොවන, සුරූපී නිලි ලුඩ්වයින් සැග්නියර් රඟන මෙම චිත්‍රපටය මුල්ම වරට 2011 වසරේ අගෝස්තු 10 දින එක්සත් රාජධානියේදී ප්‍රදර්ශනය කරන ලදී. 

චිත්‍රපටයේ වර්ගීකරණය- චරිතාපදාන / Bibalographyඅපරාධ / Crime /  ක්‍රියාදාම / Action / ආදර / Romance නාට්‍යමය / Drama / 2011 / 18+
IMDB ලකුණු ප්‍රමාණය - 7.1
චිත්‍රපටයේ වර්ගයට අදාලව අරිසෙන් විසින් දෙන ලකුණු ප්‍රමාණය - 9.0

සිංහල උපසිරැසි බාගත කරන්න - The.Devil's.Double.2011.BDRip-HDT
චිත්‍රපටය බාගත කරන්න - The.Devil's.Double.2011.BDRip-HDT

ඔබගේ ප්‍රතිචාරය අපට දිරිදීමකි.

Sunday, May 15, 2011

Rio 2011

 

බ්ලූ (නිලූ) නැමති ඇතිකරන නිල් මැකෝ ගිරවා, එම සත්ව විෂේශයේ අවසාන පිරිමි සතා ලෙස සොයාගත් පසු, වර්ගයා බෝ කරගැනීමට ඌ රියෝ ද ජැනයිරෝ වල පිහිටි පක්ෂි සංරක්ෂන මධ්‍යස්ථානයට ගෙන යනු ලබයි. එහි සිටින ජුව්ල් නැමති ගැහැනු සතා, කැලයේ සිටි එකෙකු වන අතර දෙදෙනා අතර සම්බන්ධය එකවර ඇති නොවේ.

කුරුල්ලන් අල්ලා විකුනා පොහොසත් වීමට උත්සාහ කරන හොර කල්ලියක් මෙම ගිරවුන්ගේ වටිනාකම මුදල් කරගැනීමට උන් පැහැර ගන්නා සැටිත්, නිලූ ජුව්ල් සමග ආදර සම්බන්ධය ගොඩනගා ගන්නා සැටිත්, පියාසැරිය නුහුරු ඇතිකරන ගිරවෙකු වූ නිලූ පියෑඹීමට යොමුවන සැටිත් කියවෙන මෙය අපූරු ත්‍රිමාන සජීවීකරන, ළමා කාටූන් චිත්‍රපටයකි. මෙය නැරඹිය යුතු අපූරු, විචිත්‍රවත් කතන්දරයක් බව කිව යුතුය. පවුලේ සැමට අපහසුවකින් තොරව එක්ව නැරඹිය හැක.

සිනමා පටයේ ත්‍රිමාන සජීවීකරණ ඉතා ඉහල තත්වයේ සවිස්තර (detailed) ඒවා වන අතර, ගීත/වාදන (අරුත නොවැටහුනද) ඉතා ඉහල රසාස්වාදයක් ලැබියහැකි සේ නිර්මානය කර ඇත. සමස්ථයක් ලෙස (කථාව/තිර රචනය/ පණිවුඩය) මෙම චිත්‍රපට වර්ගීකරණ කාණ්ඩයට අදාලව, අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 10/10 කි.

තෝරාගත් R5 XviD-MAXSPEED වීඩියෝ ක්ලිපය A/V - 10/10 කීමට තරම් ප්‍රමාණවත් බව මගේ අදහසයි.

විශේෂ ස්තුතිය: ඉහල ගුණාත්මයේ වීඩියෝපට වලට මා කල ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ නුවන් සමරසිංහ, විකියා, දිමුතු මහේන්ද්‍ර සූරිආරච්චි සහ රජිත තෙන්නකෝන් යන සොයුරන්ට.

IMDB ලකුණු - 7.3/10
චිත්‍රපටයේ වර්ගය: ඇනිමේශන් / ප්‍රහසන / ආදර / ළමා 

අධ්‍යක්ෂණය : කාලෝස් සල්දානා
කථාව : කාලෝස් සල්දානා, අර්ල් රිචී ජෝන්ස් ඇතුළු පිරිස


සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!

කරුණාකර ගුණාගුන කියල යන්න / Pls leave a comment

Tuesday, April 5, 2011

The American 2010

    
2010 වර්ෂයේ මුලින්ම තිරගත වූ මෙම චිත්‍රපටය කුලී මිනීමරන්නෙකු වටා ගෙතෙන්නකි. ඔහුගේ අවසාන රාජකාරිය ඉටු කිරීමට ඉතාලියට යන ඔහුට ඔහුගේම ප්‍රධානියාගේ වෙනත් කුලී මිනී මරන්නියකගෙන් බේරීමට සිදුවීම දෛවෝපගත සිදුවීමකි.

ඉතාලියේදී ගණිකාවක සමග පෙමින් වෙලෙන මොහු ඇය සමග පලාගොස් නව දිවියක් ගත කිරීමට අදහස් කලද අවසන ලොවින් සමුගැනීමට සිදුවෙයි. 

අවි ගත්තෝ අවියෙන්ම නසින බව පෙන්වා දෙන මෙම චිත්‍රපටය, ආදර සහ නිරුවත් ජවනිකා කිහිපයක් නිසා, කුඩා ළමුන් සහ පවුලේ අය සමග එක්ව නැරඹීමට අපහසු එකකි.

සමස්ථයක් ලෙස නැරඹිය යුතු චිත්‍රපටයක් සේ වර්ග කල හැක.

චිත්‍රපටයේ වර්ගය : අපරාධ / ක්‍රියාදාම / ආදර / 18+

IMDB rating 6.6/10

අධ්‍යක්ෂක - ඇන්ටන් කෝබින්

තිර රචනය - රෝන් ජොෆී

නළු නිලියන් - ජෝජ් ක්ලෝනි, පඔලෝ බොනාසෙලි සහ වියොලන්ටේ ප්ලැසිඩෝ


මොනවහරි ලියල යන්න

Thursday, March 17, 2011

The Next Three Days 2010

 

2010 වර්ෂයේ අග භාගයේ නිකුත්වූ මෙම චිත්‍රපටය, උසස් ගනයේ නිර්මානයක් ලෙස දැකිය හැකියි. කථා පිටපත, තේමාව සහ තිර රචනය මත මෙය ඉහල සාර්ථකත්වයක් සහිත බව කිව හැක.

අඹු සැමි ප්‍රේමය, දාරක ප්‍රේමය, සමාජයේ කුරිරු බව, ජීවිතයේ අස්ථිර බව, අදිෂ්ඨාන ශක්තිය ආදී බොහෝ ප්‍රායෝගික මිනිස් හැඟීම් හරහා ගලායන තේමාවක් සහිතයි.

ප්‍රිය සාදයකදී ඇතිවන බහින්බස් වීමක් සහ, කාර්යාලයේදී සිදුවන ගැටුමක් නිසා, ප්‍රධානියාගේ හදිසි මරණය සම්බන්ධව අහිංසක කාන්තාවක් නිරපරාදයේ මිනීමැරුම් චෝදනා මත සිරගත වෙයි. ඉතා තෘප්තිමත් සහ ආදරබර පවුල් ජීවිතයක් ගෙවන ඇයගේ සිරගතවීම නිසා, කුඩා පුතු සමට සැමියා ජෝන් ලොව තනිවෙයි. නීති මාර්ගයෙන් කල හැකි සියළු දේ ඉටුකලද, නීතිය යනු හුදු තර්කය මිස සාධාරණය නොවන බව වටහා ගන්නා ජෝන්, තම පෙම්බර බිරින්දෑගේ නිදහස, තමාටම ආවේනික ක්‍රමයකට ලබාදීමට තීරණය කරයි. 

බොහෝ වාර ගණනක් හිරෙන් පැන පලපුරුදු අයෙකු හමුවන ඔහු එම උපදෙස් මත පිහිටා ක්‍රියා කරයි. තමාගේ සහ  පවුලේ නිදහස උදෙසා මුදල් ඉපයීමට අපරාධ කරුවෙකුද මරා දමන ඔහු, ත්‍රාසජනක සහ බුද්ධිමය පියවර ගනනාවකට පසු බිරිය සහ දරුවා සමග නිදහස සොයා වෙනත් රටකට පැනයයි.

චිත්‍රපටයේ වර්ගය - අපරාධ / ආදර / පවුලේ කතා / ක්‍රියාදාම

IMDB rank 7.4/10


Director: 
Paul Haggis

Stars:

 Russell CroweElizabeth Banks and Liam Neeson


මොනව හරි ලියල යන්න !!! Please Leave a Comment!!!

Sunday, January 23, 2011

Tangled (2010)

  

මායා බලැති පුෂ්පයක හාස්කමින් රෝගී මව සමග මියනොගොස් මෙලොව එලිය දකිය රපන්සල් නම් කුමරිය, එම මලේ එතකේ අයිතිකාරිය විසින් පැහැරගෙන ගොස් එක්ටැම් ගෙයක සිරකරයි. තරුණ වියට පත් ඇය අහම්බයකින් පිටුවහල් තරුණයෙකු සමග කුළුපගව එක්ටැම් ගෙයින් නික්ම ලෝකය දකින අයුරුත්, අවසන නියම මාපියන් වන රජු සහ බිසව හමුවන ආකාරයත් පෙන්වන අපූරු කාටූන් චිත්‍රපටයකි. 

පදනම් කරගත් මුල් වීඩියෝ සංස්කරණය Tangled 2010 TS XviD-FLAWL3SS (V-6/10, A-6/10)

මෙම චිත්‍රපටයට වීඩියෝ පට දෙකක් සඳහා උපසිරැසි යොදා ඇත.

අධ්‍යක්ෂනය : නේතන් ග්‍රේනෝ,

තිර රචනය : ඩෑන් ෆොග්ල්මන්


IMDB rating 8.1/10
චිත්‍රපටයේ වර්ගය - ඇනිමේශන් / ප්‍රහසන / පවුලේ කතා


Dvdrip - PRESTiGE (A-9/V-9) සඳහා සිංහල උපසිරැසි බාගත කරන්න / චිත්‍රපටය බාගත කරන්න


TS XviD-FLAWL3SS(A-6/V-5) සඳහා සිංහල උපසිරැසි බාගත් කරන්න / චිත්‍රපටය බාගත කරන්න

මේ කතාවෙ ඉතිරි කොටස 2012 පලවුනා ඒටිකට සිංහල උපසිරැසි මෙතනින් ගන්න

කමෙන්ට් එකක් දාල යන්න

Wednesday, December 22, 2010

The Proposal (2009)

 
ප්‍රසිද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමාගමක අවිවාහක ප්‍රධාන විධායක වරියක තම වීසා කාළය අවසානවී රටිනි පිටුවහල් වීම වලක්වා ගැනීමට ඇයගේ සහායකයාගේ රැකියාව තර්ජනයට ලක්කර ඔහු සමග විවාහවී වීසා රැකගැනීමට දරන ප්‍රයත්නය සහ එහිදී සිදුවන සිද්ධීන් අලලා ගොඩනැගෙන කථාන්දරයකි. 

පදනම් කරගත් මුල් විඩියෝ සංස්කරණය The Proposal[2009]DvDrip.avi

චිත්‍රපටයේ වර්ගය - ප්‍රහසන

චිත්‍රපටය ලබාගන්න
Download Movie
(රූපමත නොව අක්ෂර මත ක්ලික් කරන්න)

Tuesday, December 21, 2010

Avatar (2009)

 
 පැන්ඩෝරා නැමැති ග්‍රහලෝකයක නිධානව පවතින අනොබ්ටේනියම් නම් ඉතා වටිනා මූලද්‍රව්‍යය ලබා ගැනීමට වෙහෙසෙන කණ්ඩායමකට එක්වන දෙපා පනනැති විශ්‍රාමික නාවික සෙබලෙකු, තමාට අයත් රාජකාරිය සහ අණ ඉක්මවා එම ග්‍රහලෝකය මිනිසුන්ගෙන් බේරා ගැනීමට දරන තැත මෙහි කථා තේමාව වෙයි.

Related Posts Plugin for WordPress, Blogger...