Showing posts with label Comedy. Show all posts
Showing posts with label Comedy. Show all posts

Monday, January 13, 2014

Pretty Woman (1990)

 

ධනවත් ව්‍යාපාරික එඩ්වඩ් ලුවිස් තම ව්‍යාපාර කටයුත්තක් අතරතුරදී ගණිකාවකගේ සේවය ලබා ගනී. සබඳතාව දුර දිග යන අතර අවසානයේ දෙදෙනා පෙමින් වෙලෙයි.

Tuesday, May 21, 2013

Escape from Planet Earth (2013)

 

බාසා ග්‍රහලොවේ සුපිරි වීරයෙකු වන ස්කෝච්, පෘථිවිය හෙවත් අඳුරු ග්‍රහයාගේ සිට පැමිණි ආපදා පණිවුඩයකට පිහිට වීමට එහි යයි. එහිදී ඔහු පෘථිවි වාසීන්ගේ ග්‍රහනයට පත් වන අතර ඔහුගේ සොයුරා ඔහු බේරා ගැනීමේ මෙහෙයුම දියත් කරයි.

Monday, March 25, 2013

Robot & Frank (2012)

      

මෙම චිත්‍රපටය පෙන්වන්නෙ නුදුරු අනාගතය. වියපත් ගෙවල් බිඳින්නෙක්ගේ සහයට සාත්තු සේවක රොබෝවෙක් ඔහුගේ පුතා විසින් ගෙන එනව. නමුත් සාත්තු සේවය කෙසේ වෙතත් මෙම මහළු මිනිසා එම රොබෝවා තමන්ගේ අනෙකුත් වැඩ වලට සහාය කරගන්නව.

Friday, September 28, 2012

Ice Age: Continental Drift




මැනී, ඩියාගෝ සහ සිඩ් අයිස් පර්වතයකින් සැදි නැවක නැගී පාවී යන්නෙ ඔවුන් සිටින ප්‍රදෙශයේ අයිස් දියවී යාම නිසා ඇතිවූ හදිසි අණතුරකිනි. මෙහිදී මුහුදේ රජා ලෙස නම් දරා සිටින මුහුදු කොල්ලකාර ගෝරිල්ලා ඇතුලු පිරිස පරදා නැවතත් තම පවුල වෙත පැමිනෙන අයුරු දැක්වෙන අපූරු තිමාන කාටූන් පටයකි.

Brave (2012)

 

මරීඩා කියන කුමාරිකාව තමන්ගෙ හිතුමතේට වැඩ කරන කෙනෙක්. පිය රජතුමා බොහොම නිර්භීත පුද්ගලයෙක් වුනත් බුද්ධිය ටිකක් මදි. ඒ නිසා සෑම දෙයක්ම පාහේ සිද්ධ වුනේ මවු රැජිණගේ අවශ්‍යතාවය මත. කුමරිය සරණපාවාදෙන්න කාලය ආවම, සියළු වංශවතුන් රැස් කරල එයට තරඟයක් පවත්වනව. නමුත් කුමරියට දීගෙක යන්න බෑ කියල හිතිල, මායා කාරියකගෙ හූනියමකින් මවු රැජිනගෙ හිත වෙනස් කරන් ගිහින් සිද්ධ වෙන කලබගෑනිය තමයි මේ කතාන්දරය.

Sunday, September 23, 2012

Tangled Ever After (2012)


රපෙන්සල් කුමරිය ඉයුජීන් සමග විවාපත් වන දිනයේ සිදුවන හාස්‍යනක දේවල් ටිකක් තමයි මෙතන පෙන්වන්නෙ. ඉතාම කෙටි විනාඩි 6 ක පමණ චිත්‍රපටයක්. හැබැයි ඉතා උසස් මට්ටමින් කරල තියනව. වීඩියෝව ඉතා කෙටි වර්ගයේ එකක නිසා වැඩිය කියන්න දෙයක් නෑ, බලලම දැනගන්න.

Tuesday, September 11, 2012

Ronal the Barbarian (2011)



ඉතා ඈත අතීතයේ අඳුර රජකල යුගයක, එම අඳුරට අධිපති යක්ෂයාගෙන් මිනිසුන් බේරාගත් ශූර වීර රණ විරුවා අවසාන සටනේදී මිය ගියේ පපුව හරහා හදවත සිදුරු කල තුවාලයකින්. එදා ඔහුගෙන් ගලාගිය රුධිරය පානය කල සියළු මිනිසුන් ඔහුගේ ශක්තිය, දෛර්යය, ශූරත්වය සහිත ප්‍රචන්ඩ-සාහසිකයන් බවට පත්වුනා. පරම්පරා ගනනක් තිස්සේ එම හැකියා ඉදිරියට ආව. 

මේ ප්‍රචන්ඩ-සාහසික ගමේ ඉපදුන බියගුළු සෝමාරියෙකුත් හිටිය, නම රොනල්. යමහල් කුමරු, අඳුරට අධිපති යක්ෂයාගෙ උදවු ඇතිව අසාමාන්‍ය බලයක් අත්පත් කරගන්න යන ගමනෙදි, තම ගම්මානය බේරගන්න වුනේ මෙන්න මේ බියගුළු සෝමාරියාටම තමයි.

Monday, August 6, 2012

Battleship (2012)

 


මෙම විශ්වයේ අප තනිව නැතැයි විශ්වාස කරන විද්‍යාඥයින් අධි බල සම්ප්‍රේශණ චන්ද්‍රිකාවක් හරහා පෘථිවියට සමාන ලක්ෂන සහිත ග්‍රහ ලෝකයකට පණිවුඩ යැවීම ආරම්භ කලා. මේ පණිවුඩ වලට ප්‍රතිචාර දක්වල, පිට සක්වලින් මේ ලෝකෙට ආවෙ හිතවත් කමට නෙවෙයි. ඒ එන අතරේ එයාලගෙ සන්නිවේදන උපකරණ සහිත යානය විනාශ වෙනව. තමන්ගෙ ලෝකයට පණිවුඩයක් යවන්න පෘථිවියේ තියන චන්ද්‍රිකාව යොදාගන්නයි එයාල උත්සාහ කරන්නෙ. එහෙම කරල තව උදවු ගෙන්නගෙන පෘථිවිය ආක්‍රමණය කරන්න.

Wednesday, July 18, 2012

The Lorax (2012)

  

ටෙඩ් කෘතිම ප්ලාස්ටික් නගරයක ජීවත් වුන තරුණ පිරිමි ළමයෙක්. ඒ නගරයේ කිසිම ස්වාභාවික ගසක් වැලක් තිබුනෙ නෑ. හුස්ම ගන්න ඕන කරන පිරිසිදු වාතය පවා, මිලදී ගත්තෙ ඕහර් කියන කෙනාගෙන්. ඉතින් මේ ටෙඩ්ට අවුඩ්‍රී කියන ගැහැණු ළමයා ගැන ආදර සිතක් පහලවුනා. හිත ගන්න කොච්චරවත් දේවල් කලා, ඒත් සාර්ථක වුන බවක් පෙනුනෙ නෑ. එක දවසක් එයා දැනගත්ත ඇත්තම ස්වාභාවික ගසක් සොයාදෙන කෙනෙකුට අවුඩ්‍රීගෙ හිත ගන්න පුළුවන් බව. ඉතින් එයා ස්විභාවික ගසක් තියන තැනක් සොයාගත්ත විතරක් නෙවෙයි, ගස් වලට මොකද වුනේ, ඒව නැතිවුනේ කොහොමද කියලත් හොයා ගත්ත. අන්තිමේ ආයෙමත් ලෝකෙ ස්වාභාවික තුරුලතා වලින් පිරුනු තැනක් කරන්නත් එයාට පුළුවන් වුනා. ඒ වගේම අවුඩ්‍රීවත් දිනාගත්ත. විස්තර ඇතිව දැනගන්නනම් බලන්නම වෙනව.

Monday, February 20, 2012

The Change Up (2011)

 

ඩේව් සහ මිච් යනු පාසැල් වියේ සිට ඇසුරු කරන ගජ මිතුරන් වන අතර, ඩේව් නීතීඥයෙකු ලෙස ඉතා සාර්ථක රැකියා ජීවිතයක් සහ දරු තිදෙනෙකුගේ පියෙකු සහ දයාබර සැමියෙකු ලෙස ඉතා සාර්ථක යුග ජීවිතයක් ගත කරයි. මිච් සල්ලාලයෙකු වන අතර, සරාගී චිත්‍රපට නළුවෙකු වෙයි. දිනක් දෙදෙනා එක්ව උද්‍යානයක සාදා ඇති ජල පොකුණකට මුත්‍රා කරන අතරේ, දෙදෙනා, එකිනෙකාගේ ජීවිත ලබාගැනීමට ඇති ආශාව හෙලි කරයි. මෙහිදී සිදුවන ප්‍රාතිහාර්යයකින් දෙදෙනාගේ සිරුරු හුවමාරු වෙයි.

Thursday, January 19, 2012

Johnny English Reborn (2011)

 



මෙය ජොනී ඉන්ග්ලිෂ් චිත්‍රපටයේ දෙවන තිරගත කිරීමයි. සුප්‍රකට විකට නළු, රෝවන් ඇට්කින්සන් හෙවත් "මිස්ටර් බීන්", සුරූපී නිලි රොසමන්ඩ් පයික්, සහ ඩොමිනික් වෙස්ට් ආදී නළු නිලියන් රඟන, 2011 වර්ශයේ ඔක්තෝබර් 21 වැනි දින ප්‍රථම වරට ඇමරිකාවේ තිරගත කරනලද මෙම චිත්‍රපටය IMDB ලකුණු 6.4/10 ක් හිමිකරගත්තකි. ප්‍රහසන/විකට වර්ගයට අයත් මෙම චිත්‍රපටයට, එම වර්ගීකරණයට අදාලව අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය 9/10කි. පවුලේ සැමට එක්ව නැරඹිය හැකි මෙම චිත්‍රපටයේ කතා පිටපත එතරම් උසස් ගනයේ නොවුනද, හොඳ චිත්‍රපටයකි.

මොසැම්බික් ජනාධිපතිගේ ඝාතනය වැලැක්වීමට අපොහොසත් වන, එම රැස්වීමේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී වූ ජොනී ඉංග්ලිෂ්, චීනයට යවනුයේ පුනරුත්ථාපනය පිණිසය. ඔහු නැවත සේවයට කැඳවනුයේ සේවයට සුදුසු නිසා නොව, වෙන කලහැකි දෙයක් නැති කමටයි. වොටෙක්ස් නැමති කල්ලියේ, චීන අගමැති ඝාතන තැත වැලැක්වීමට ඔහුට සහ ඔහුගේ සගයා වන ටකර්ට හැකිවේද? චර්යා විද්‍යාඥ කේට් සම්නර්, ජොනී සමග කුමන ආකාරයේ සබඳතාවක් ඇතිකරගනීද?

තෝරාගත් වීඩියෝ ක්ලිපය DVD RIP එකක් වන අතර A/V 10/10 ට ඉතා ආසන්නය.

චිත්‍රපටයේ වර්ගය - ප්‍රහසන / පවුලේ කතා / නාට්‍යමය / 2011

සිංහල උපසිරැසි බාගත කරන්න.
චිත්‍රපටය බාගත කරන්න.

ඔබගේ වටිනා ප්‍රතිචාර ලියා තබන්න.

Monday, July 11, 2011

Kung Fu Panda 02 (2011)

 


පෝ නැමති පැන්ඩාවා කුංග්ෆු රණ ශූරයා ලෙස, පැරණි සතුරන්ගෙන් තම රාජධානිය බේරා ගන්නා ආකාරය දැක්වෙන අපූරු කතන්දරයකි.

තෝරාගත් වීඩියෝ ක්ලිපය ටෙලිසිනික් (TS) එකක් වන අතර එහි ගුණාත්මය A/V, 8/7 ට ආසන්නය (ඉහල ගුණාත්මයේ චීඩියෝ ක්ලිප තවමත් පැමිණ නැත). ඉතා අලංකාර වීඩියෝ ඇනිමේෂන් එකක් වන මෙයට IMDB ලබා දෙන ලුකුණු ප්‍රමාණය 7.8/10කි. අදාල චිත්‍රපට වර්ගයට අනුව අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 9/10කි.

ප්‍රහසන, ඇනිමේෂන්, ළමා ගණයට වැටෙන මෙම චිත්‍රපටය මුල් වරට ඇමරිකාවේ ප්‍රදර්ශනය කලේ 2011 වර්ශයේ මැයි 26 වැනි දිනයි.

චිත්‍රපටය බාගත කරන්න

සිංහල උපසිරැසි බාගත කරන්න

Sunday, May 15, 2011

Rio 2011

 

බ්ලූ (නිලූ) නැමති ඇතිකරන නිල් මැකෝ ගිරවා, එම සත්ව විෂේශයේ අවසාන පිරිමි සතා ලෙස සොයාගත් පසු, වර්ගයා බෝ කරගැනීමට ඌ රියෝ ද ජැනයිරෝ වල පිහිටි පක්ෂි සංරක්ෂන මධ්‍යස්ථානයට ගෙන යනු ලබයි. එහි සිටින ජුව්ල් නැමති ගැහැනු සතා, කැලයේ සිටි එකෙකු වන අතර දෙදෙනා අතර සම්බන්ධය එකවර ඇති නොවේ.

කුරුල්ලන් අල්ලා විකුනා පොහොසත් වීමට උත්සාහ කරන හොර කල්ලියක් මෙම ගිරවුන්ගේ වටිනාකම මුදල් කරගැනීමට උන් පැහැර ගන්නා සැටිත්, නිලූ ජුව්ල් සමග ආදර සම්බන්ධය ගොඩනගා ගන්නා සැටිත්, පියාසැරිය නුහුරු ඇතිකරන ගිරවෙකු වූ නිලූ පියෑඹීමට යොමුවන සැටිත් කියවෙන මෙය අපූරු ත්‍රිමාන සජීවීකරන, ළමා කාටූන් චිත්‍රපටයකි. මෙය නැරඹිය යුතු අපූරු, විචිත්‍රවත් කතන්දරයක් බව කිව යුතුය. පවුලේ සැමට අපහසුවකින් තොරව එක්ව නැරඹිය හැක.

සිනමා පටයේ ත්‍රිමාන සජීවීකරණ ඉතා ඉහල තත්වයේ සවිස්තර (detailed) ඒවා වන අතර, ගීත/වාදන (අරුත නොවැටහුනද) ඉතා ඉහල රසාස්වාදයක් ලැබියහැකි සේ නිර්මානය කර ඇත. සමස්ථයක් ලෙස (කථාව/තිර රචනය/ පණිවුඩය) මෙම චිත්‍රපට වර්ගීකරණ කාණ්ඩයට අදාලව, අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 10/10 කි.

තෝරාගත් R5 XviD-MAXSPEED වීඩියෝ ක්ලිපය A/V - 10/10 කීමට තරම් ප්‍රමාණවත් බව මගේ අදහසයි.

විශේෂ ස්තුතිය: ඉහල ගුණාත්මයේ වීඩියෝපට වලට මා කල ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ නුවන් සමරසිංහ, විකියා, දිමුතු මහේන්ද්‍ර සූරිආරච්චි සහ රජිත තෙන්නකෝන් යන සොයුරන්ට.

IMDB ලකුණු - 7.3/10
චිත්‍රපටයේ වර්ගය: ඇනිමේශන් / ප්‍රහසන / ආදර / ළමා 

අධ්‍යක්ෂණය : කාලෝස් සල්දානා
කථාව : කාලෝස් සල්දානා, අර්ල් රිචී ජෝන්ස් ඇතුළු පිරිස


සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!

කරුණාකර ගුණාගුන කියල යන්න / Pls leave a comment

Monday, March 14, 2011

The Green Hornet (2011)

  

පියාගේ මරණින් පසුව විශාල සමාගමක අයිතිකරු වන සෙල්ලක්කාර පුතු, දාමරික මැර කල්ලියක් සාදා ගැනීමට දරන ප්‍රයත්නය දැක්වෙන චිත්‍රපටයකි. 

IMDB Rating 6.4/10
Gene Action | Comedy | Crime


Pls leave a comment

Sunday, January 23, 2011

Tangled (2010)

  

මායා බලැති පුෂ්පයක හාස්කමින් රෝගී මව සමග මියනොගොස් මෙලොව එලිය දකිය රපන්සල් නම් කුමරිය, එම මලේ එතකේ අයිතිකාරිය විසින් පැහැරගෙන ගොස් එක්ටැම් ගෙයක සිරකරයි. තරුණ වියට පත් ඇය අහම්බයකින් පිටුවහල් තරුණයෙකු සමග කුළුපගව එක්ටැම් ගෙයින් නික්ම ලෝකය දකින අයුරුත්, අවසන නියම මාපියන් වන රජු සහ බිසව හමුවන ආකාරයත් පෙන්වන අපූරු කාටූන් චිත්‍රපටයකි. 

පදනම් කරගත් මුල් වීඩියෝ සංස්කරණය Tangled 2010 TS XviD-FLAWL3SS (V-6/10, A-6/10)

මෙම චිත්‍රපටයට වීඩියෝ පට දෙකක් සඳහා උපසිරැසි යොදා ඇත.

අධ්‍යක්ෂනය : නේතන් ග්‍රේනෝ,

තිර රචනය : ඩෑන් ෆොග්ල්මන්


IMDB rating 8.1/10
චිත්‍රපටයේ වර්ගය - ඇනිමේශන් / ප්‍රහසන / පවුලේ කතා


Dvdrip - PRESTiGE (A-9/V-9) සඳහා සිංහල උපසිරැසි බාගත කරන්න / චිත්‍රපටය බාගත කරන්න


TS XviD-FLAWL3SS(A-6/V-5) සඳහා සිංහල උපසිරැසි බාගත් කරන්න / චිත්‍රපටය බාගත කරන්න

මේ කතාවෙ ඉතිරි කොටස 2012 පලවුනා ඒටිකට සිංහල උපසිරැසි මෙතනින් ගන්න

කමෙන්ට් එකක් දාල යන්න

Wednesday, December 22, 2010

The Proposal (2009)

 
ප්‍රසිද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමාගමක අවිවාහක ප්‍රධාන විධායක වරියක තම වීසා කාළය අවසානවී රටිනි පිටුවහල් වීම වලක්වා ගැනීමට ඇයගේ සහායකයාගේ රැකියාව තර්ජනයට ලක්කර ඔහු සමග විවාහවී වීසා රැකගැනීමට දරන ප්‍රයත්නය සහ එහිදී සිදුවන සිද්ධීන් අලලා ගොඩනැගෙන කථාන්දරයකි. 

පදනම් කරගත් මුල් විඩියෝ සංස්කරණය The Proposal[2009]DvDrip.avi

චිත්‍රපටයේ වර්ගය - ප්‍රහසන

චිත්‍රපටය ලබාගන්න
Download Movie
(රූපමත නොව අක්ෂර මත ක්ලික් කරන්න)

Thursday, December 16, 2010

Ratatouille 2009

 

කෑම පිසීමේ අසාමාන්‍ය හැකියාවක් ඇති මීයෙකු ප්‍රංශයේ ප්‍රසිද්ධ අවන්හලක් වන ගුස්ටෝ හෝටලයේ සිදුකල වෙනස ගැන කියවෙන අපූරු කතන්දරයයි.
Related Posts Plugin for WordPress, Blogger...