Showing posts with label Kiddies. Show all posts
Showing posts with label Kiddies. Show all posts

Friday, September 28, 2012

Ice Age: Continental Drift




මැනී, ඩියාගෝ සහ සිඩ් අයිස් පර්වතයකින් සැදි නැවක නැගී පාවී යන්නෙ ඔවුන් සිටින ප්‍රදෙශයේ අයිස් දියවී යාම නිසා ඇතිවූ හදිසි අණතුරකිනි. මෙහිදී මුහුදේ රජා ලෙස නම් දරා සිටින මුහුදු කොල්ලකාර ගෝරිල්ලා ඇතුලු පිරිස පරදා නැවතත් තම පවුල වෙත පැමිනෙන අයුරු දැක්වෙන අපූරු තිමාන කාටූන් පටයකි.

Brave (2012)

 

මරීඩා කියන කුමාරිකාව තමන්ගෙ හිතුමතේට වැඩ කරන කෙනෙක්. පිය රජතුමා බොහොම නිර්භීත පුද්ගලයෙක් වුනත් බුද්ධිය ටිකක් මදි. ඒ නිසා සෑම දෙයක්ම පාහේ සිද්ධ වුනේ මවු රැජිණගේ අවශ්‍යතාවය මත. කුමරිය සරණපාවාදෙන්න කාලය ආවම, සියළු වංශවතුන් රැස් කරල එයට තරඟයක් පවත්වනව. නමුත් කුමරියට දීගෙක යන්න බෑ කියල හිතිල, මායා කාරියකගෙ හූනියමකින් මවු රැජිනගෙ හිත වෙනස් කරන් ගිහින් සිද්ධ වෙන කලබගෑනිය තමයි මේ කතාන්දරය.

Sunday, September 23, 2012

Tangled Ever After (2012)


රපෙන්සල් කුමරිය ඉයුජීන් සමග විවාපත් වන දිනයේ සිදුවන හාස්‍යනක දේවල් ටිකක් තමයි මෙතන පෙන්වන්නෙ. ඉතාම කෙටි විනාඩි 6 ක පමණ චිත්‍රපටයක්. හැබැයි ඉතා උසස් මට්ටමින් කරල තියනව. වීඩියෝව ඉතා කෙටි වර්ගයේ එකක නිසා වැඩිය කියන්න දෙයක් නෑ, බලලම දැනගන්න.

Wednesday, July 18, 2012

The Lorax (2012)

  

ටෙඩ් කෘතිම ප්ලාස්ටික් නගරයක ජීවත් වුන තරුණ පිරිමි ළමයෙක්. ඒ නගරයේ කිසිම ස්වාභාවික ගසක් වැලක් තිබුනෙ නෑ. හුස්ම ගන්න ඕන කරන පිරිසිදු වාතය පවා, මිලදී ගත්තෙ ඕහර් කියන කෙනාගෙන්. ඉතින් මේ ටෙඩ්ට අවුඩ්‍රී කියන ගැහැණු ළමයා ගැන ආදර සිතක් පහලවුනා. හිත ගන්න කොච්චරවත් දේවල් කලා, ඒත් සාර්ථක වුන බවක් පෙනුනෙ නෑ. එක දවසක් එයා දැනගත්ත ඇත්තම ස්වාභාවික ගසක් සොයාදෙන කෙනෙකුට අවුඩ්‍රීගෙ හිත ගන්න පුළුවන් බව. ඉතින් එයා ස්විභාවික ගසක් තියන තැනක් සොයාගත්ත විතරක් නෙවෙයි, ගස් වලට මොකද වුනේ, ඒව නැතිවුනේ කොහොමද කියලත් හොයා ගත්ත. අන්තිමේ ආයෙමත් ලෝකෙ ස්වාභාවික තුරුලතා වලින් පිරුනු තැනක් කරන්නත් එයාට පුළුවන් වුනා. ඒ වගේම අවුඩ්‍රීවත් දිනාගත්ත. විස්තර ඇතිව දැනගන්නනම් බලන්නම වෙනව.

Thursday, January 12, 2012

Real Steel 2011


කලකට පෙර බොක්ෂිං ශූරයෙකු වන චාලි, මිනිස් බොක්ෂිං වල ඇවෑමෙන් ජනප්‍රියවූ, රොබෝ බොක්ෂිං ක්‍රීඩාව තම ජීවිකාව කරගත්, දහඅතේ ණයවූ කළු චරිතයකි. තම බිරිය හෝ දරුවා ගැන කිසිදු තැකීමක් හෝ සොයා බැලීමක් නොකල ඔහුට, බිරියගේ මරණින් පසුව දරුවාගේ හිමිකාරීත්වය නෑනන්ඩියට විකුනා මුදල් ගැනීමට සිතක් පහලවෙයි. පියාගේම කපාපු පළුව මෙන් වන පුතු ඔහු වෙනස් පුද්ගලයෙක් කරන අතර, ලෝක පූජිත බොක්ෂිං ශූර රොබෝවා ගේ සටන් හැකියාව, ඔවුන් කසල ගොඩකින් අසුලාගත් අඩු තාක්ෂනය සහිත රොබෝවාට, අභියෝගයක් වෙයිද?

2011 ඔක්තෝබර් මස 7 වැනි දින ප්‍රථම වරට ඇමරිකාවේ ප්‍රදර්ශනය කරන ලද මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට පණ පොවනුයේ සුපිරි නළු හියුග් ජැක්මන් සහ ළමා නළු ඩකොටා ගොයෝ විසිනි. ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ, ඇනිමේෂන් යන වර්ග යටතට ගතහැකි මෙම චිත්‍රපටයට ලැබුණු IMDB ලකුණු ප්‍රමාණය 7.3/10 කි. අදාල වර්ගීකරණය මත පදනම්ව අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය 9/10කි. 

තෝරගත් වීඩියෝ ක්ලිපය DVD RIP එකක් වන අතර එහි ගුණාත්මය A/V, 10/10 මට්ටමේ බව කීමේ වරදක් නැත. ළමා චිත්‍රපටියක ලක්ෂනද දරන මෙය පවුලේ සැමට එක්ව නැරඹිය හැකි, කථා පිටපතක්  සහිත එකකි. රොබෝවන්ගේ සටන් ඇනිමේෂන් කර ඇති ආකාරය ඉතා විශිෂ්ඨවේ.

උපසිරැසි යෙදීමේදී බොක්ෂිං ක්‍රීඩාවට අදාල බොහෝ යෙදුම් ඉංග්‍රීසි භාෂාවෙන්ම සිංහල අකුරින් ලිවීමට සිදුවූයේ අරිසෙන්ට එම යෙදුම් ගැන එතරම් දැනුවත් බවක් නැති බැවිණි.  


සිංහල උපසිරැසි බාගත කරන්න
චිත්‍රපටය බාගත කරන්න

ඔබගේ වටිනා අදහස් ලියා තබන්න.

සෙත්!

Monday, July 11, 2011

Kung Fu Panda 02 (2011)

 


පෝ නැමති පැන්ඩාවා කුංග්ෆු රණ ශූරයා ලෙස, පැරණි සතුරන්ගෙන් තම රාජධානිය බේරා ගන්නා ආකාරය දැක්වෙන අපූරු කතන්දරයකි.

තෝරාගත් වීඩියෝ ක්ලිපය ටෙලිසිනික් (TS) එකක් වන අතර එහි ගුණාත්මය A/V, 8/7 ට ආසන්නය (ඉහල ගුණාත්මයේ චීඩියෝ ක්ලිප තවමත් පැමිණ නැත). ඉතා අලංකාර වීඩියෝ ඇනිමේෂන් එකක් වන මෙයට IMDB ලබා දෙන ලුකුණු ප්‍රමාණය 7.8/10කි. අදාල චිත්‍රපට වර්ගයට අනුව අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 9/10කි.

ප්‍රහසන, ඇනිමේෂන්, ළමා ගණයට වැටෙන මෙම චිත්‍රපටය මුල් වරට ඇමරිකාවේ ප්‍රදර්ශනය කලේ 2011 වර්ශයේ මැයි 26 වැනි දිනයි.

චිත්‍රපටය බාගත කරන්න

සිංහල උපසිරැසි බාගත කරන්න

Sunday, May 15, 2011

Rio 2011

 

බ්ලූ (නිලූ) නැමති ඇතිකරන නිල් මැකෝ ගිරවා, එම සත්ව විෂේශයේ අවසාන පිරිමි සතා ලෙස සොයාගත් පසු, වර්ගයා බෝ කරගැනීමට ඌ රියෝ ද ජැනයිරෝ වල පිහිටි පක්ෂි සංරක්ෂන මධ්‍යස්ථානයට ගෙන යනු ලබයි. එහි සිටින ජුව්ල් නැමති ගැහැනු සතා, කැලයේ සිටි එකෙකු වන අතර දෙදෙනා අතර සම්බන්ධය එකවර ඇති නොවේ.

කුරුල්ලන් අල්ලා විකුනා පොහොසත් වීමට උත්සාහ කරන හොර කල්ලියක් මෙම ගිරවුන්ගේ වටිනාකම මුදල් කරගැනීමට උන් පැහැර ගන්නා සැටිත්, නිලූ ජුව්ල් සමග ආදර සම්බන්ධය ගොඩනගා ගන්නා සැටිත්, පියාසැරිය නුහුරු ඇතිකරන ගිරවෙකු වූ නිලූ පියෑඹීමට යොමුවන සැටිත් කියවෙන මෙය අපූරු ත්‍රිමාන සජීවීකරන, ළමා කාටූන් චිත්‍රපටයකි. මෙය නැරඹිය යුතු අපූරු, විචිත්‍රවත් කතන්දරයක් බව කිව යුතුය. පවුලේ සැමට අපහසුවකින් තොරව එක්ව නැරඹිය හැක.

සිනමා පටයේ ත්‍රිමාන සජීවීකරණ ඉතා ඉහල තත්වයේ සවිස්තර (detailed) ඒවා වන අතර, ගීත/වාදන (අරුත නොවැටහුනද) ඉතා ඉහල රසාස්වාදයක් ලැබියහැකි සේ නිර්මානය කර ඇත. සමස්ථයක් ලෙස (කථාව/තිර රචනය/ පණිවුඩය) මෙම චිත්‍රපට වර්ගීකරණ කාණ්ඩයට අදාලව, අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 10/10 කි.

තෝරාගත් R5 XviD-MAXSPEED වීඩියෝ ක්ලිපය A/V - 10/10 කීමට තරම් ප්‍රමාණවත් බව මගේ අදහසයි.

විශේෂ ස්තුතිය: ඉහල ගුණාත්මයේ වීඩියෝපට වලට මා කල ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ නුවන් සමරසිංහ, විකියා, දිමුතු මහේන්ද්‍ර සූරිආරච්චි සහ රජිත තෙන්නකෝන් යන සොයුරන්ට.

IMDB ලකුණු - 7.3/10
චිත්‍රපටයේ වර්ගය: ඇනිමේශන් / ප්‍රහසන / ආදර / ළමා 

අධ්‍යක්ෂණය : කාලෝස් සල්දානා
කථාව : කාලෝස් සල්දානා, අර්ල් රිචී ජෝන්ස් ඇතුළු පිරිස


සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!

කරුණාකර ගුණාගුන කියල යන්න / Pls leave a comment

Sunday, January 23, 2011

Tangled (2010)

  

මායා බලැති පුෂ්පයක හාස්කමින් රෝගී මව සමග මියනොගොස් මෙලොව එලිය දකිය රපන්සල් නම් කුමරිය, එම මලේ එතකේ අයිතිකාරිය විසින් පැහැරගෙන ගොස් එක්ටැම් ගෙයක සිරකරයි. තරුණ වියට පත් ඇය අහම්බයකින් පිටුවහල් තරුණයෙකු සමග කුළුපගව එක්ටැම් ගෙයින් නික්ම ලෝකය දකින අයුරුත්, අවසන නියම මාපියන් වන රජු සහ බිසව හමුවන ආකාරයත් පෙන්වන අපූරු කාටූන් චිත්‍රපටයකි. 

පදනම් කරගත් මුල් වීඩියෝ සංස්කරණය Tangled 2010 TS XviD-FLAWL3SS (V-6/10, A-6/10)

මෙම චිත්‍රපටයට වීඩියෝ පට දෙකක් සඳහා උපසිරැසි යොදා ඇත.

අධ්‍යක්ෂනය : නේතන් ග්‍රේනෝ,

තිර රචනය : ඩෑන් ෆොග්ල්මන්


IMDB rating 8.1/10
චිත්‍රපටයේ වර්ගය - ඇනිමේශන් / ප්‍රහසන / පවුලේ කතා


Dvdrip - PRESTiGE (A-9/V-9) සඳහා සිංහල උපසිරැසි බාගත කරන්න / චිත්‍රපටය බාගත කරන්න


TS XviD-FLAWL3SS(A-6/V-5) සඳහා සිංහල උපසිරැසි බාගත් කරන්න / චිත්‍රපටය බාගත කරන්න

මේ කතාවෙ ඉතිරි කොටස 2012 පලවුනා ඒටිකට සිංහල උපසිරැසි මෙතනින් ගන්න

කමෙන්ට් එකක් දාල යන්න

Monday, January 10, 2011

Narnia - The Voyage of the Dawn Treader [2010]

  

අධ්‍යක්ෂක - මයිකල් ඇපට්

තිර රචනය - ක්‍රිස්ටෝපර් මාකස්

ලුසී සහ එඩ්මන් පිවෙන්සි ඔව්න්ගේ ඥාති සොයුරු උස්ටේස් සමට නානියා වලට පැමිනෙයි. එහිදී ඔවුනට කැස්පියන් කුමරු හමුවන අතර ඔහු සමග ඩෝන් ට්‍රේඩර් නමැති රාජකීය නෞකාවේ සාගරහ හරහා පිටරටකට චාරිකාවක් යෙදේ. චාරිකාව අතරතුර, ලොකාන්තයට යාමට පෙර, ඔව්නට භයානක මිට්ටන් ඇතුළු වල්මත් වූ යුධ භටයන් පිරිසක් හමුවේ.

IMDB Rating - 6.7
චිත්‍රපටයේ වර්ගය - වික්‍රම / කල්පිත / පවුලේ චිත්‍රපට


මෙම චිත්‍රපටයට අදාල වීඩියෝ පට දෙකක් සඳහා වෙන වෙනම උපසිරැසි ගන්වා ඇති අතර පහත පරිදි ඒවායේ A සහ V ගුනාත්මයන්ද දක්වා ඇත.


(TS XViD AC3  LKRG සඳහා) (A- 7/10, V - 7/10) සිංහල උපසිරැසි / චිත්‍රපටය බාගත කරන්න

(R5 LiNE XviD-ExtraTorrentRG සඳහා) (A - 8.5/10, V - 9.5/10) සිංහල උපසිරැසි / චිත්‍රපටය බාගත කරන්න

Tuesday, December 21, 2010

Avatar (2009)

 
 පැන්ඩෝරා නැමැති ග්‍රහලෝකයක නිධානව පවතින අනොබ්ටේනියම් නම් ඉතා වටිනා මූලද්‍රව්‍යය ලබා ගැනීමට වෙහෙසෙන කණ්ඩායමකට එක්වන දෙපා පනනැති විශ්‍රාමික නාවික සෙබලෙකු, තමාට අයත් රාජකාරිය සහ අණ ඉක්මවා එම ග්‍රහලෝකය මිනිසුන්ගෙන් බේරා ගැනීමට දරන තැත මෙහි කථා තේමාව වෙයි.

Thursday, December 16, 2010

Ratatouille 2009

 

කෑම පිසීමේ අසාමාන්‍ය හැකියාවක් ඇති මීයෙකු ප්‍රංශයේ ප්‍රසිද්ධ අවන්හලක් වන ගුස්ටෝ හෝටලයේ සිදුකල වෙනස ගැන කියවෙන අපූරු කතන්දරයයි.
Related Posts Plugin for WordPress, Blogger...