සීරුමාරු

සිංහල උපසිරැසි වීඩියෝ පටය සමග දර්ශනය කරවීමට ගතයුතු ක්‍රියා මාර්ග
(අදාල ගොනු බාගත කිරීමට එම නම් මත ක්ලික් කරන්න)

1) ඔබගේ පරිඝනකයට සිංහල යුනිකෝඩ් සිස්ටම්එක අඩංගු Sinhala Tamil IME වැඩසටහන ස්ථාපනය කරගන්න.

2) පරිඝනකයේ ඇති වීඩියෝ ප්ලේයරයට අදාල Codec Pack එක ස්ථාපනය කරගන්න.


සියළුම වීඩියෝ ප්ලේයර සිංහල යුනිකේත වලට සහයෝගය දක්වන්නේ නැත. VCL Player මා දන්නා ඉතා හොඳ වීඩියෝ ප්ලේයරයක් වන මුත් එයා සිංහල යුනිකේත සඳහා සහයෝගය නොදක්වයි.


Jet AudioKM playerGOM player ආදිය සිංහල උපසිරැසි සඳහා සහයෝගය දක්වන අයයි.

Windows Media Player ද සහයෝගය දක්වන් නමුත් උපසිරැසි බොඳවූ ආකාරයක් ගනී.


මා දන්නා සහ භාවිත කරන හොඳම වීඩියෝ ප්ලේයරය (සිංහල උප සිරැසි වලට) Media Player Classic ය. ඇතැමුන් මෙය 123 Player ලෙසද හඳුන්වයි. මෙහි වීඩියෝ සහ උපසිරැසි ඉතා ඉහල ගුණාත්මයකින් පෙන්වයි.


3) සිංහල උපසිරැසි ගොනුව බාගත කර .srt / .ssa / .sub ගොනු චිත්‍රපටිය සහිත ෆෝල්ඩරයටම සේව් කර ගන්න. 


.srt සිංහපල උපසිරැසි ගොනුවේ නම (file name) චිත්‍රපටියේ නමත් සමාන වන පරිදි (නමුත් චිත්‍රපටයේ සහ උපසිරැසි ගොනුවේ ඇති file extension එක [එනම් පිලිවෙලින්, .avi / .divX ආදී සහ .srt / .ssa / .sub] වෙනස් නොකරන්න.


එනම් චිත්‍රපටිය ABC.avi වන විට උපසිරැසි ABC.srt වෙයි.


4) චිත්‍රපට වීඩියෝ ක්ලිපය මත ක්ලික් කර එය දිගහරින්න. නොඑසේනම් ප්ලේයරයේ file බට්න් එක මත ක්ලික් කර load subtitle ගොස් නියමිත උසිරැසි ගොනුව ලබා දෙන්න.


සැ.යු.
සිංහල උපසිරැසි පරිඝනකයේ මිස DVD ප්ලේයර වල නිවැරදිව ධාවනය නොවේ.

Related Posts Plugin for WordPress, Blogger...