ජංගම දුරකථනයෙන් සිංහල අඩවි බලමු

අපිට ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට යනව කියන එක දැන් අමුතු දෙයක් නොවෙයි. ඉතා මිල අධික iPhone වලින් පටන්ගත්තම, මිලෙන් අඩු චීනයෙන් ගෙනවන ලද දුරකථන වලිනුත් මේ වැඩේ විවිධ තරාතිරම්වල අය ඉතා බහුලව කරන දෙයක්. ඔපෙරා මිනි වෙබ බ්‍රව්සරය ස්ථාපනය කරගත්තම ෆෝන් එකේ තියන බ්‍රව්සරයට වඩා ටිකක් පහසුවෙන් අන්තර්ජාලයට පිවිසෙන්න පුළුවන් බවත්, අද කාලෙ නොදන්න කෙනෙක් නෑ. ඒත් සිංහලෙන් ලියවුනු වෙබ් අඩවි කියවගන්න බැරි විධියට කොටු ටිකක් තමයි මේ වගේ වෙලාවට බොහෝ දුරට ජංගම දුරකථනයේදි සිදුවන්නෙ. 

ඔපෙරා මිනි බ්‍රව්සරයට තියනව හැකියාවක්, එයා නොහඳුනන අක්ෂර රූපයක් බවට පත් කරල පෙන්වන්න. අකුරු රූප බවට පත් කරන්න කියල පුංචි විධාණයක් දෙන එක විතරයි අපට කරන්න තියෙන්නෙ. වැඩේ හරිම සරලයි, වෙන්නෙ මෙහෙමයි.

1. ජංගම දුරකථනයට ඔපෙරා මිනි (Opera Mini) කියන බ්‍රව්සරය ස්ථාපනය කරගන්න. 
මේ වැඩේ කෙලින්ම ජංගම දුරකථනය හරහා m.opera.com ගිහිල්ල කරන්නත් පුළුවන් නැතිනම් පර්ගණකයෙන් අන්තර්ජාලයට ගිහින් ඔපෙරා මිනි බාගත අඩවිය හරහා පරිගණකයට ගන්නත් පුළුවන්. කොහොම කලත් තමුන්ගෙ අතේ තියන දුරකථනයේ වර්ගය නිවැරදිව ලබාදීල බාගත කරගන්න. නැත්නම් බාගත කරගත්ත ගොනුව ෆෝන් එකෙන් ප්‍රතික්ෂේප කරනව.

2. දැන් ඒ ස්ථාපනය කරගත් ඔපෙරා මිනි බ්‍රව්සරයේ address bar එකේ config: කියන විධානය යතුරුලියනය කරල, සාමාන්‍ය වෙබ් අඩවියකට යන්න ලිපිනය දුන්න වගේ enter කරන්න. එතකොට ලැබෙන පිටුවෙ සීරුමාරු කීපයක්ම තියනව. 

ඒ  පිටුවෙ පල්ලෙහාම තියන "use bitmap fonts for complex scripts" කියන තේරීමට අදාල drop down මෙනුව ක්ලික් කරල ඒකට "Yes" විධානය ලබා දෙන්න.

3.දැන් පල්ලෙහාම තියන Save බොත්තම ක්ලික් කරන්න. 

දැන් ඉතින් හරි, ඔයාගෙ ෆෝන් එක මොකක් වුනත්, ඒකෙන් අන්තර්ජාලයට පිවිසෙන්න පුළුවන් එකක්නම්, මේ විධියට කලාම සිංහල අකුරු සහිත වෙබ් අඩවි, සිංහලෙන් බලාගන්න පුළුවන් කරදරයක් නැතිව. 

ජය වේවා!

4 comments:

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...