idx උදවු

idx සබ් සඳහා සිංහල සංස්ථාපනය කර තිබීම අනිවාර්ය නොවේ.

ඔබගේ ප්ලේයරයේ idx සබ් දර්ශනය වීමට සිංහල IME සංස්ථාපණය කර තිබීම අනිවාර්ය නොවේ. idx සබ් සඳහා ඉතා හොඳින් සහයෝගය දක්වන ප්ලේයර දෙකකි.

1. Media Player Classic
2. KMPlayer

Media Player Classic සඳහා සීරුමාරු

මෙම ප්ලේයරයේ සීරුමාරු කිරීම් අත්‍යාවශ්‍ය නොවන නමුත්, අප විසින් සබ් ගොනු ලබාදිය යුතු ආකාරය පහත පියවර තුනේ සටහන්ව ඇත.

1. වීඩියෝ ක්ලිපය සහ සබ් ගොනු දෙකම (එනම් .idx සහ .sub) එකම ෆෝල්ඩරයක  තිබිය යුතුය.

2. ෆයිල් නාමය ගොනු තුනේම එකම විය යුතුය. (extension එක වෙනස් නොකරන්න)

  • උදාහරණ ලෙස MyMovie.avi, MyMovie.idx සහ MyMovie.sub ලෙස 

3. වීඩියෝ ක්ලිපය මත ඩබල් ක්ලික් කර ධාවනය ආරම්භ කරන්න.

නොඑසේනම්, ධාවනය වන වීඩියෝ ක්ලිපය මතට idx ගොනුව ඇද දැමීම වුවද සෑහෙයි. (නමුත් .idx සහ .sub ගොනු දෙකම එකම නමින් තිබීම අත්‍යාවශ්‍යයි.

KM Player සඳහා සීරුමාරු

ඉහත පරිදිම 1, 2 සහ 3 පියවර අනුගමනය කල යුතු අතර, ප්ලේයරයේ සෙටිංස් වෙනස් කිරීම් කල යුතු වෙයි. මේ සඳහා පහත රූප ආධාර කරගන්න. (විශාල පැහැදිලි රූපයක් සඳහා රූපය මත ක්ලික් කරන්න)
රූපයේ රතු පාටින් දක්වා ඇති 1,2,3,4 සහ 5 පියවරයන් නිරීක්ෂනය කන්න. පහත පරිදි සීරුමාරු සකසන්න.

වීඩියෝ ක්ලිපය ධාවනය වීමට සලසා, ඒ මත දකුණු මවුස බොත්තම ක්ලික් කරන්න (right click). එම ලැබෙන මෙනුව මෙම රූපයේ පරිදි වෙයි. එහි...

1. Subtitles මත ක්ලික් කරන්න. ඉන් ලැබෙන උප මෙනුව....

2. Subtitle Alignment මත නැවත ක්ලික් කරන්න...

3. රතු පාටින් වටකර ඇති තෝරා ගැනීම් දෙකම හරි ලකුණකින් සලකුණු විය යුතුය. එනම්

  • L/R paragraph alignment සහ,
  • idx sub: custom position 

4. රතු පාටින් වටකර ඇති මෙනුව තෝරා තිබිය යුතුය (කළු තිත සටහන් විය යුතුය.)

  • Draw to VMR surface (Alt+V)

5. තිරයට පහලින් සබ් පෙන්වන අවස්ථාවකදී රතු පාටින් වටකර පෙන්වා ඇති යතුරු පුවරු කෙටි මඟ (short cut keys) උපයෝගී කරගෙන සබ් තිරයේ සිරස් අතට ඉහල පහල ගෙනයාහැක.

  • (Ctrl+[) සහ (Ctrl+])
6, 7, 8 සහ 9 අංකද අදාල ලෙස තෝරා තිබිය යුතුය.

KM Player ඉතා ඉහල ගුණාත්මයේ වීඩියෝ අත්දැකීම් ලබාදෙන අතර සීරුමාරු කිරීම් මඳක් සංකීර්ණ වෙයි.  


Windows Media Player, VCL player ආදිය idx සබ් පෙන්වන නමුත් බොඳවූ ස්වභාව ගනී. ඉහල ගුණාත්මයකින් නොපෙන්වයි.



11 comments:

  1. idx widiyata sinhala sub hadana widiya poddak kiyala denna berida?

    ReplyDelete
  2. @ Anonymous,
    Contact me via email.

    ReplyDelete
  3. what is the tool use for convert SRT or any subtitle to IDX file
    need help quick
    plz..
    .
    SRT ෆොර්මැට් එකෙන් තියන සිංහල සබ් එකක් IDX වලට convert කරන්නේ කොකොමද කියල
    මොකද්ද හොදම tool එක
    මම use කරන්නේ ubuntu VLC ප්ලයෙර් එකේ සිංහල subtitle බලන්න IDX ඒවානම් නියමට support කරනවා එත් SRT ඒවා බලන්න හොද ප්ලයෙර් එකක් ubuntu වලට තම නැ කව්රු මොනවා කිව්වත් IDX තමා නියම එක නිසා මට කියනවා ? කොකොමද මේක කරන්නේ කියල

    ReplyDelete
    Replies
    1. Extension eka wenas karala balanna

      Delete
  4. srt to idx සබ් කන්වර්ට් කරන විදිය කියල දෙන්න කැමති කෙනෙක් ඉන්නවද.
    මට TV එකේ බලන්න ඕනේ පෙන් එක ගහලා. TV එක .sub සපෝට් කරනවා. සබ් එකක් විදියටත් ගන්නවා එත් සිංහල IDX වල පෙන්නන්නේ ඉංග්‍රීසි අකුරු , ඉලක්කම් තියෙන තැන විතරයි.වෙන පික්චර් ෆෝමැට් ඒකෙන යන සබ් ෆෝමැට් තියේද.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=76jHqjYbrbo&list=UUjmkIiRe7rSqMFdoPuAkXYQ
      https://www.youtube.com/watch?v=S6VHEQoBSss&list=UUjmkIiRe7rSqMFdoPuAkXYQ

      Delete
  5. mata sihala sub ssa,idx widihata harawana hati kiylaa denna puluwanda :)

    ReplyDelete
  6. subtitlte edit software eka download kara ganna

    ReplyDelete
  7. මේ සබ් එකට බොහෝම ස්තූතියි, මට පොඩි උදව්වක් අවශ්‍යි ඔයා දන්නවද මේ අයිඩීඑක්ස් එක්ක හෝ එස්ආර්ටී එක්ක ටීවි එකේ බලන්න ක්‍රමයක්. මම එස්ආර්ටී එක්ක බැලුවා මගෙ ටීවි එකෙන් ඒත් බලන්න බෑ කොටු කොටු පේන්නේ, අයිඩීඑක්ස් දැම්මට වැඩක් නෑ එව්ව වැඩ නෑ, ටීවි එක LED 32 LG TV. පුලුවන්නං ක්‍රමයක් කියන්න මගෙ මේල් එක nimanthadjs at gmail.com
    පුලුවන්නං කියන්න කන්වර්ට් නොකර බලන්න ක්‍රමයක් කන්වර්ට් කිරිල්ල හරිම ස්ලෝ. පැය තුනක් විතර යනවා 600 එම්බී කන්වර්ට් කරන්න ඒක නිසා පහසු ක්‍රමයක් පුලුවන්නං කියන්න.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=S6VHEQoBSss&list=UUjmkIiRe7rSqMFdoPuAkXYQ
      https://www.youtube.com/watch?v=76jHqjYbrbo&list=UUjmkIiRe7rSqMFdoPuAkXYQ

      Delete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...