Friday, November 28, 2014

සිංහල idx/sub උපසිරැසි තැනීම

මෙම නිබන්ධනය ලියා අවසාන කර බොහෝ කලක් ගතවූ එකකි. මා උපසිරැසි නිකුත් කිරීම නවතා බොහෝ කලක් වන නමුදු, තවමත් වරින්වර මෙම තාක්ෂණය විමසා සිටින අය නිසා මෙසේ එම අයට ප්‍රයෝජන පිණිස මෙම නිබන්ධනය නිකුත් කරන ලදී

නිබන්ධනය ලබාගන්න



තුති!

තිසරණ සරණයි!!!

අරිසෙන්_

Monday, January 13, 2014

Pretty Woman (1990)

 

ධනවත් ව්‍යාපාරික එඩ්වඩ් ලුවිස් තම ව්‍යාපාර කටයුත්තක් අතරතුරදී ගණිකාවකගේ සේවය ලබා ගනී. සබඳතාව දුර දිග යන අතර අවසානයේ දෙදෙනා පෙමින් වෙලෙයි.

Friday, November 22, 2013

Buddha Collapsed out of Shame (2007)


කුඩා දැරියකට පාසැල් යාමට තිබූ උවමනාව, ඒ සඳහා ඇය කල කැපවීම, වීර්යය සහ වෙහෙස. ඇතැම් රටවල, කුඩා අවධියේ සිටම කරන ආගමික ඉගැන්වීම්ද මත ස්ත්‍රීත්වයට ලැබෙන කෲර අමානුශික සැලකිලි ආදිය පිලිබඳ කියවෙන අපූරු කථාන්දරයකි.

පෙර කල බුද්ධ ධර්මය ඉතා ඉහලින් ප්‍රචලිතව තිබුණු රටක් වන තලේබානය, බුදු දහම හැර දමා, අද වනවිට සාමාජීය වශයෙන් අත් කරගෙන ඇති අධි අමානුශික වූ, තිරිසන් වූ, පිලිකුල්සහගතවූ, දුක්ඛ සමුදාය මෙයින් මෙයින් දිහහැරේ. 

ආගමක්නම් එයින් මිනිස් චිත්ත සන්තානය නිවා පහන් කල යුතුය. ආගමික යයි කියගන්නා ඉගැන්වීමකින්, එහි එකම හරය ලෙස ප්‍රචන්ඩත්වය සහ අමානුශිකත්වය වපුරන කල, මෙවැනි සිදුවීම සුලභ වීම පුදුමයක් නොවේ. 

අප ජීවත් වන මේ රටටද, මිනිස් සිත නිවන ආගමික ඉගැන්වීමක අගය දැනගැනීමට මෙබඳු කුරිරු ඉරණමක් අත්විඳීමට සිදුවන තුරුම බලා සිටිය යුතුද? එයට පිලිතුරු ලෙස ප්‍රචන්ඩත්වයම පැතිරවීම බුද්ධ දේශනාවට පිටුපෑමක් නොවේද? 



  • වර්ගය --  DVD Rip
  • ප්‍රමාණය -- 631 MB
  • තෝරාගත් වීඩියෝ පටය --Buddha.Collapsed.Out.Of.Shame.2007.DVDRip.XviD-ItzikGur
  • ගුණාත්මය -- A/V - 10/10
  • Saturday, June 1, 2013

    Eden (I) (2012)


    ඇමරිකානු පුරවැසි කොරියානු යුවතියක් මිනිස් ජාවාරම් කරුවන්ගේ ග්‍රහනයට නතු වනුයේ නාඳුනන පෙම්වතෙකු හරහා වෙයි. ඉතා අමානුශික සහ අසාධාරණ වධ බන්ධනයන් සමග ඇය මෙන්ම තවත් බොහෝ යුවතියන් ගණිකා වෘත්තියේ යෙදවීම, අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය, ඔවුන්ට බිහිවන දරුවන් විකිනීම ආදිය මෙම ජාවාරම් කරුවන්ගේ ව්‍යාපාර වෙයි. ඇය ඉන් මිදී පලායාම දැක්වෙන මෙය ඉහල ගනයේ (වැඩිහිටි) චිත්‍රපටියක් වෙයි.

    Tuesday, May 21, 2013

    Escape from Planet Earth (2013)

     

    බාසා ග්‍රහලොවේ සුපිරි වීරයෙකු වන ස්කෝච්, පෘථිවිය හෙවත් අඳුරු ග්‍රහයාගේ සිට පැමිණි ආපදා පණිවුඩයකට පිහිට වීමට එහි යයි. එහිදී ඔහු පෘථිවි වාසීන්ගේ ග්‍රහනයට පත් වන අතර ඔහුගේ සොයුරා ඔහු බේරා ගැනීමේ මෙහෙයුම දියත් කරයි.

    Sunday, May 19, 2013

    Mother (2009)



    තම මන්දමානසික පුතු නිරපරාදේ වරදකරුවූ මිනී මැරුමක සත්‍ය ඝාතකයා සොයා යන මවකගේ දරුපෙම විදහාපාන කොරියානු චිත්‍රපටයකි. අවසානයේ ඇය සත්‍යය සොයා ගත් නමුදු...

    Wednesday, May 8, 2013

    The Last King of Scotland (2006)

    උගන්ඩාවේ සිටි දරුණු පාලක, ඉඩි අමීන් ගේ කතාව ඔහුගේ වෛද්‍යවරයා විසින් දුටු ආකාරය දැක්වෙන චිත්‍රපටයකි. 

    Monday, March 25, 2013

    Robot & Frank (2012)

          

    මෙම චිත්‍රපටය පෙන්වන්නෙ නුදුරු අනාගතය. වියපත් ගෙවල් බිඳින්නෙක්ගේ සහයට සාත්තු සේවක රොබෝවෙක් ඔහුගේ පුතා විසින් ගෙන එනව. නමුත් සාත්තු සේවය කෙසේ වෙතත් මෙම මහළු මිනිසා එම රොබෝවා තමන්ගේ අනෙකුත් වැඩ වලට සහාය කරගන්නව.

    Friday, March 22, 2013

    Love Crime (2010)



    ක්‍රිස්ටීන් කියන්නෙ බොහොම නපුරු ආයතන ප්‍රධානියෙක්. ඇය යටතේ වැඩ කරන ඉසබෙලාට රාජකාරිමය ආරෝවක් මත ඇය ඉතා පහත් අන්දමින් පහර දෙනව. ඇයගේ පෞද්ගලික ජීවිතයට පවා ඇඟිලි ගහනව. නමුත් අහිංසක ඉසබෙලා ඇත්තටම අහිංසකම නෑ. එයා මේ කරදරෙන් මිදිල තමුන්ගෙ අරමුණු ඉටු කරගැනීම තමයි මේ කතාවේ නිධානය වෙන්නෙ.

    Tuesday, January 15, 2013

    Taken 2 (2012)


     
    මෙය කලින් නිකුත් කල මෙම චිත්‍රපටයේ TS කොපිය සඳහා BR RIP යාවත්කාලීන කිරීම වෙයි.

    මෙය Taken (2008) චිත්‍රපටයේ දෙවනි කොටසයි. පළමු කොටසේදී පියා විසින් දුව බේරාගැනීමට ඝාතනය කල පුද්ගලයන් වෙනුවෙන් පලිගැනීමට පැමිණෙන පිරිසගෙන් ඔහු තම බිරිඳ සහ දියණිය බේරාගන්නා ආකාරය මෙහි කථා පිටපත වෙනව. 
    Related Posts Plugin for WordPress, Blogger...