Showing posts with label Drama. Show all posts
Showing posts with label Drama. Show all posts

Monday, January 13, 2014

Pretty Woman (1990)

 

ධනවත් ව්‍යාපාරික එඩ්වඩ් ලුවිස් තම ව්‍යාපාර කටයුත්තක් අතරතුරදී ගණිකාවකගේ සේවය ලබා ගනී. සබඳතාව දුර දිග යන අතර අවසානයේ දෙදෙනා පෙමින් වෙලෙයි.

Friday, November 22, 2013

Buddha Collapsed out of Shame (2007)


කුඩා දැරියකට පාසැල් යාමට තිබූ උවමනාව, ඒ සඳහා ඇය කල කැපවීම, වීර්යය සහ වෙහෙස. ඇතැම් රටවල, කුඩා අවධියේ සිටම කරන ආගමික ඉගැන්වීම්ද මත ස්ත්‍රීත්වයට ලැබෙන කෲර අමානුශික සැලකිලි ආදිය පිලිබඳ කියවෙන අපූරු කථාන්දරයකි.

පෙර කල බුද්ධ ධර්මය ඉතා ඉහලින් ප්‍රචලිතව තිබුණු රටක් වන තලේබානය, බුදු දහම හැර දමා, අද වනවිට සාමාජීය වශයෙන් අත් කරගෙන ඇති අධි අමානුශික වූ, තිරිසන් වූ, පිලිකුල්සහගතවූ, දුක්ඛ සමුදාය මෙයින් මෙයින් දිහහැරේ. 

ආගමක්නම් එයින් මිනිස් චිත්ත සන්තානය නිවා පහන් කල යුතුය. ආගමික යයි කියගන්නා ඉගැන්වීමකින්, එහි එකම හරය ලෙස ප්‍රචන්ඩත්වය සහ අමානුශිකත්වය වපුරන කල, මෙවැනි සිදුවීම සුලභ වීම පුදුමයක් නොවේ. 

අප ජීවත් වන මේ රටටද, මිනිස් සිත නිවන ආගමික ඉගැන්වීමක අගය දැනගැනීමට මෙබඳු කුරිරු ඉරණමක් අත්විඳීමට සිදුවන තුරුම බලා සිටිය යුතුද? එයට පිලිතුරු ලෙස ප්‍රචන්ඩත්වයම පැතිරවීම බුද්ධ දේශනාවට පිටුපෑමක් නොවේද? 



  • වර්ගය --  DVD Rip
  • ප්‍රමාණය -- 631 MB
  • තෝරාගත් වීඩියෝ පටය --Buddha.Collapsed.Out.Of.Shame.2007.DVDRip.XviD-ItzikGur
  • ගුණාත්මය -- A/V - 10/10
  • Saturday, June 1, 2013

    Eden (I) (2012)


    ඇමරිකානු පුරවැසි කොරියානු යුවතියක් මිනිස් ජාවාරම් කරුවන්ගේ ග්‍රහනයට නතු වනුයේ නාඳුනන පෙම්වතෙකු හරහා වෙයි. ඉතා අමානුශික සහ අසාධාරණ වධ බන්ධනයන් සමග ඇය මෙන්ම තවත් බොහෝ යුවතියන් ගණිකා වෘත්තියේ යෙදවීම, අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය, ඔවුන්ට බිහිවන දරුවන් විකිනීම ආදිය මෙම ජාවාරම් කරුවන්ගේ ව්‍යාපාර වෙයි. ඇය ඉන් මිදී පලායාම දැක්වෙන මෙය ඉහල ගනයේ (වැඩිහිටි) චිත්‍රපටියක් වෙයි.

    Sunday, May 19, 2013

    Mother (2009)



    තම මන්දමානසික පුතු නිරපරාදේ වරදකරුවූ මිනී මැරුමක සත්‍ය ඝාතකයා සොයා යන මවකගේ දරුපෙම විදහාපාන කොරියානු චිත්‍රපටයකි. අවසානයේ ඇය සත්‍යය සොයා ගත් නමුදු...

    Wednesday, May 8, 2013

    The Last King of Scotland (2006)

    උගන්ඩාවේ සිටි දරුණු පාලක, ඉඩි අමීන් ගේ කතාව ඔහුගේ වෛද්‍යවරයා විසින් දුටු ආකාරය දැක්වෙන චිත්‍රපටයකි. 

    Monday, March 25, 2013

    Robot & Frank (2012)

          

    මෙම චිත්‍රපටය පෙන්වන්නෙ නුදුරු අනාගතය. වියපත් ගෙවල් බිඳින්නෙක්ගේ සහයට සාත්තු සේවක රොබෝවෙක් ඔහුගේ පුතා විසින් ගෙන එනව. නමුත් සාත්තු සේවය කෙසේ වෙතත් මෙම මහළු මිනිසා එම රොබෝවා තමන්ගේ අනෙකුත් වැඩ වලට සහාය කරගන්නව.

    Friday, March 22, 2013

    Love Crime (2010)



    ක්‍රිස්ටීන් කියන්නෙ බොහොම නපුරු ආයතන ප්‍රධානියෙක්. ඇය යටතේ වැඩ කරන ඉසබෙලාට රාජකාරිමය ආරෝවක් මත ඇය ඉතා පහත් අන්දමින් පහර දෙනව. ඇයගේ පෞද්ගලික ජීවිතයට පවා ඇඟිලි ගහනව. නමුත් අහිංසක ඉසබෙලා ඇත්තටම අහිංසකම නෑ. එයා මේ කරදරෙන් මිදිල තමුන්ගෙ අරමුණු ඉටු කරගැනීම තමයි මේ කතාවේ නිධානය වෙන්නෙ.

    Wednesday, November 28, 2012

    Extracted (2012)


    මිනිස් මනසට ඇතුළු වී එහි ඇති මතකයන් කියවීමට නව විද්‍යාත්මක සෙයාගැනීමක් කරන ඉන්ජිනේරුවෙකු, එම යන්ත්‍රය සඳහා කෙරෙන පලමු ප්‍රදර්ශන අත්හදා බැලීමේදී, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ, මිනීමැරුම් චෝදනා සහිත සිරකරුවෙකුගේ මනස තුල සිරවෙනව. ඔහු මෙම තරුණයාගේ මනසින් නැවත එලියට පැමිණීම සඳහා වසර 4 ක් පුරාවට දරන ප්‍රයත්නය මෙම චිත්‍රපටියේ කතාවට පිටපත සපයනව.

    Thursday, November 22, 2012

    House of Sand and Fog (2003)

    රජයේ කාර්යාලයක සිදුවන අතපසු වීමක් නිසා කාන්තාවකට තමාට හිමි නිවස අහිමි වන අතර, එය වෙන්දේසියේ විකිනෙනව. නිවස මිලදී ගන්නා පාර්ශවය තවත් ගැටළුවක සිටින නිසා වරද නිවැරදි කරන්න අපහසු වන අතර, ප්‍රශ්නය දුර දිග යනව. මෙම චිත්‍රපටය ඉතාම සංවේදී සහ ශෝක ජනක පුවතක් දිහහැරෙන එකක්.

    Sunday, November 18, 2012

    Recreator (2012)

      

    තරුණයින් දෙදෙනෙකු සහ තරුණියක දූපතක විනෝද චාරිකාවක නිරත වෙන අතරතුර, කලකට පෙර සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයක අමුද්‍රව්‍ය කාන්දුවක් නිසා, තමන්ගේම ක්ලෝන සමග ජීවිතය උදෙසා සටනක් ඇතිවනව. 

    Monday, October 22, 2012

    After.Life (2009)


    හදිසි අණතුරකින් මියයන ඇනීගේ සිරුර අවමංගල්‍ය අධ්‍යක්‍ෂකවරයෙක් වෙතට ගෙන එනු ලබනව. ඔහුට මලවුන් සමග කථාබහ කිරීමට ඇති හැකියාව ඔහු ලද ත්‍යාගයක් වශයෙනුයි ඔහු සැලකුවේ. ඔහු වෙතට මෙතෙක් ගෙන ආ සියළු දෙනා සමග වගේම, ඇනී සමගත් ඔහු අදහස් හුවමාරු කරගන්නව. පෙර හැම අවස්ථාවකදි වගේම, ඔහුට තිබුණු අපහසුම කාර්යය වන්නේ, ඇනී මියගොස් ඇති බව සිරුරෙන් පිටවූ ඇගේම ආත්මයට වටහා දිමයි. ඇනීගේ පෙම සහ එයට සිදුවූ දෙය ආදී තවත් බොහෝ දේ දැනගැනීමට චිත්‍රපටය බැලීමට ඔබ සැමට මා ආරාධනා කරනව.

    Tuesday, October 9, 2012

    Premium Rush (2012)


    බයිසිකල් වලින් නගරය පුරාම ක්ෂනික තැපැල් සේවයක්, එහෙමත් නැත්නම් කුරියර් සර්විස් එකක් දෙන පිරිසක් වටා ගෙතුනු මෙය අපූරු කතාවක් කියන්න පුළුවන්. වොයිලිට ලැබෙන එක රාජකාරියක් තමයි, ඒ වගේ ලියුමක් ගෙනිහින් භාරදෙන්න. ඒ ලියුම් කවරෙ ඇතුලෙ තිබුනෙ ලොකු මුදලක් සඳහා ලබාදුන් රිසිට් පතක්. ඒක ලබාදුන් තරුණිය, එය තම පුතු, තමන් ඉන්නා රටට ගෙන්වා ගැනීමට ඉතා මහන්සියෙන් උපයාගත් මුදල්. මේක හොරකම් කරන්න, සූදුවෙන් බංකොලොත්වුණ, දූෂිත පොලිස් නිලධාරියෙක් පස්සෙන් පන්නනව. කතාව දිගහැරෙන්නෙ පස්වරු 5.57 ඉඳල පස්වරු 7.00 දක්වා වෙන සිද්ධි වටා. හැබැයි කාලය ටිකක් පටලවල පෙන්වන්නෙ, කුතුහලය වැඩි කරන්නද, පහසුවෙන් තේරුම් ගන්නද, ඒ දෙකමද කියල බලන්නයි, වෙන්නෙ මොනවද කියල දැනගන්නයි, මේක බලන්නම වෙනව.

    Saturday, October 6, 2012

    Compliance (2012)

      
    එදත්, අදත්, කවදත්, අපි අතරේ ගොදුරු සොයා යන, අසාමාන්‍ය කාමාශාවල් තියන අය ඉන්නව. බෙකී, නැගෙනහිර ඇමරිකාවෙ, කෙන්ටකි ප්‍රාන්තයේ, අද වෙද්දි, ජාත්‍යන්තර මට්ටමෙන් පවා, අතිශයින් ප්‍රසිද්ධ අවන්හලක සේවයට ගිය, අහිංසක යුවතියක්. අවන්හලේ කළමනාකාරිය, වැඩි බුද්ධියක් නැති, පහසුවෙන් රැවටෙන කෙනෙක්. බෙකී සොරකමක් කල බවට, පොලීසියෙන් දුරකථන පණිවුඩයක් එන්නෙ මේ අතරෙයි. එම පොලිස් අණට බෙකී ඇතුළු සියළු දෙනා අවනත වෙනව. වුනේ මොකද්ද කියල තේරුම් යනකොට ගොඩක් වැඩ දුරදිග ගිහින්. සත්‍ය සිද්ධියක් ඇසුරින් නිමැවුනු මේ කතාව, බැලු බැල්මටනම් ටිකක් අභෟව්‍යයි කියලත් හිතෙනව.

    ඒ වුනත්, පහුගිය කාලෙ බැලුවම, හිතාගන්නවත්  බැරි විධියට, මීටත් වඩා අසාමාන්‍ය ආකාරයට, රැවටෙන බව පෙනි-පෙනිම රැවටුනු රට හරක් ඕන තරම් ඉන්නව. ඒ නිසා මේක බලල පොඩ්ඩක් දැනුවත් වුනාට කාට වුනත්, හොඳක් මිස නරකක්නම් වෙන්නෙ නෑ.

    Monday, October 1, 2012

    Red Lights (2012)

     

    අද දිනය මෙම බ්ලොගයට විශේෂිත දවසක්. මොකද අද මම මගේ 50 වැනි උපසිරසිය ඔබට ඉදිරිපත් කරන්නෙ ඉතාම සතුටින්. මා සමග මේතාක් කාලයක් රැඳී සිටි ඔබ සැමට මම හදපිරි සතුටින් යුතුව ස්තූතිවන්ත වෙනව. 
    එහෙමනම් වෙනද වගේම අපි චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් දැනගෙනම උපසිරැසිය බාගමු.


    එදා වගේම අදත් විවිධාකාර අවිද්‍යාවන් ලෝකයේ පවතිනව. කුඩා පරිමාණයෙන් ගමක කෙලවර සාත්තරයක් අහල කීයක් හරි හම්බකරගන්න තැන ඉඳල ගෝලීය මට්ටමෙන් මිනිසුන් මුලාකරන අය එදත් අදත් හෙටත් දකින්නට තියෙනව. මේ කතාව ගෙතෙන්නෙ සිල්වර් කියන අධිමානසික බලයක් ඇතැයි කියාගන්නා කෙනෙකුත්, ඔහුගේ එම රැවටීම හෙලිකිරීමට වෙහෙසෙන ආචාර්වවරු දෙදෙනෙකුත් වටා. එයාගෙ බොරු අල්ලන්න යන අයට අත්වෙන්නෙ හරිම දරුණු ඉරණමක්. ඒ වගේම බොරුව මොකද්ද, අල්ලන්නෙ කොහොමද වගේ දේවල්, බලලම තේරුම් ගන්න.

    Friday, September 28, 2012

    Brave (2012)

     

    මරීඩා කියන කුමාරිකාව තමන්ගෙ හිතුමතේට වැඩ කරන කෙනෙක්. පිය රජතුමා බොහොම නිර්භීත පුද්ගලයෙක් වුනත් බුද්ධිය ටිකක් මදි. ඒ නිසා සෑම දෙයක්ම පාහේ සිද්ධ වුනේ මවු රැජිණගේ අවශ්‍යතාවය මත. කුමරිය සරණපාවාදෙන්න කාලය ආවම, සියළු වංශවතුන් රැස් කරල එයට තරඟයක් පවත්වනව. නමුත් කුමරියට දීගෙක යන්න බෑ කියල හිතිල, මායා කාරියකගෙ හූනියමකින් මවු රැජිනගෙ හිත වෙනස් කරන් ගිහින් සිද්ධ වෙන කලබගෑනිය තමයි මේ කතාන්දරය.

    Monday, September 17, 2012

    Deception (I) (2008)


    sinhala subtitles by Arisenමැක්ව'රි කියන්නෙ ගනකාධිකාරී වරයෙක්. එයා එච්චරටම තැලුනු පොඩිවුනු කෙනෙක් නෙවෙයි. එයා විගණනය කරන්න ගිය ආයතනයකදි එයාට වයිට් කියල නීතීඥයෙක් මුණගැහෙනව. හරිම විනෝදකාමී සල්ලාල කෙකෙක් වන ඔහු, මැක්ව'රිට කාම-සමාජයකට දොර විවර කරනව. එතැනදි හමුවන කාන්තාවක් සමග පෙමක පැටලෙන ඔහු, අවසානයේ මහා මුදල් වංචාවකට අතරමැදි වෙන්නෙ රවටා වරදේ පටලැවීම නිසයි. මෙම අවුල විසඳාගෙන තම පෙම දිනාගැනීමට ඔහු දරන ප්‍රයත්නය මෙම චිත්‍රපටයට වස්තුබීජ සපයනව.

    Wednesday, August 29, 2012

    The Whistleblower (2010)


    කැත්රීන් බොල්කොවැක් බොස්නියාවට යවනුයේ පශ්චාත් යුධ සමයේ සාමසාධක හමුදාවේ නිලධාරියෙකු ලෙසය. එහිදී ඇය මහා පරිමාණ වශයෙන් සිදුකෙරෙන කාන්තා ලිංගික ජාවාරමක් හෙලිදරවු කරගන්නා අතර, එයට විරුද්ධව ගතහැකි සියළු පියවර ගනිමින්, හිංසනයට ලක්වූ බාලවයස්කාර දැරියන් වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කරන ආකාරය පෙන්වන, සත්‍ය සිද්ධියක් පාදකකොටගත් කතා පිටපතක් සහිත චිත්‍රපටයකි.

    Friday, August 3, 2012

    The Hidden Face (2011)

     

    ස්පාඤ්ඤ ජාතික සංගීත අධ්‍යක්ෂක වරක් තම අළුත් රැකියා ස්ථානයට වෙනත් රටකට යන්නෙ තමන්ගෙ පෙම්වතියත් සමගමයි. ඒ රටේදි ගෙයක් කුලියට ගන්නා ඔහු එහි පදිංචිව සිටින අතර ඔහුගෙ පෙම්වතියට වෙනත් තරුණියක් ගැන සැකයක් ඇතිවන්නෙ ඔහුගේම වරදින්. ගෙවල් අයිතිකාරිය සමග මෙම දුක පවසන පෙම්වතියට ඇය අපූරු පිලිතුරක් දෙන්නෙ, පෙම්වතාට පාඩමක් උගන්වන්නයි. මෙසේ පෙම්වතිය අතුරුදන් වෙනව. දුකට පත් පෙම්වතා, ඇය වෙනත් කෙනෙක් සමග ගියායැයි සිතා තවත් පෙමක පැටලෙනව. දෙවන පෙම්වතියට නිවහන හොල්මල් මන්දිරයක් දැයි සැක සිතෙනව. කතාවෙ ඉතිරිටික බලලම රස විඳින්න.

    Monday, May 28, 2012

    Columbus Circle (2012)


    ජස්ටින් වෝටර්ස් කියන්නෙ ඉතා ධනවත් කුලවත් පෙලපතක උපතලද පවුලේ එකම දරුවා වගේම එම පෙලපතේ ඊලඟ උරුමක්කාරිය. ඇයගේ පියා බේබද්දෙක්. ඒ වගේම නිරන්තරවම බීමතින් ඇවිත් මවටත් දුවටත් නොසෑයෙන්න වධ වේදනා පමුණවුවනව. මේ නිසා බලවත් සිත් තැවුලටත් වේදනාවටත් පත්වන ඇය ගෙදරින් පැන යනව. මෙසේ ඇබිගල් ක්ලේටන් නමින් කොලොම්බස් වටරවුම අසල පිහිටි, කොලෙම්බස් ස'ර්කල් නම් අති සුපිරි නිවාස අංගනයක වසර 17 ක් පුරාවට අවට ලෝකය සමග කිසිම ගනුදෙනුවක් නැතිව රහසේ ජීවත් වෙනව. මෙම අතුරුදන්වීම එවකට රටේ මහත් ආන්දෝලනයකට සහ කතා බහට තුඩු දුන් එකක් වන අතර, ඇය සෞදි අරාබියානු කුමරෙකු සමග රහසේම වහන්වූ බවක් ජනතාව විශ්වාස කරනව. ඇගේ පියාගේ කිට්ටුම හිතවතෙක් වන පවුලේ වෛද්‍ය වරයා ඇයට සහය වනව. ඉදිරිපස නිවසේ මහළු කාන්තාව ඝාතනව වීමත් සමගම, ඇයගේ මෙම දිවිය වෙනස් වන අතර, චිත්‍රපටයේ ආරම්භයත් එයමයි. ඇය සිටිනා තත්වය දකින වංචාකාරී ජෝඩුවක් ඇය රවටා ධන සම්භාරය අරගන්නට තැත් කරනව. තමුන්ට තමුන් හැර වෙනත් කිසිවෙකු විශ්වාස කල නොහැකි බව කියවෙන මෙම චිත්‍රපටයේ කවුරුන් විසින් කවුරු රැවටීමට භාජනය කලාද යන බව හිතාගන්න ප්‍රේක්ෂකයාට ටිකක් කල් ගතකරවන සුළු එකක්. 

    Thursday, May 24, 2012

    Gone (2012)

      

    ජිල් තරුණ වියේ පසුවන රූබර යුවතියක්. දෙමාපියන් අහිමි ඇය සමග ඇගේ නැගණියත් ජීවත්වූ අතර, ජීවිකාව ලෙස රාත්‍රී හෝටලයක වේටර් වරියක් ලෙස වැඩ කලා. තවමත් ඉගෙනගන්නා වයසේ පසුවන නැගනියගේ කටයුතු සොයා බලන්නේ ඇයයි. කලකට පෙර ඇය පැහැරගැනීමකට ලක්වුන අතර, එයින් බේරී පලා ඒමට සමත් වුනා. එම යටගියාවේ අමිහිරි මතකය ඇයගෙන් වෙන් නොවී, ඇයට දිගින් දිගමට මානසිකව වද දීමට පටන්ගත් නිසා ඇය නිරන්තරවම බියෙන් ජීවත්වූ කෙනෙක්. ඒ වගේම ඇයට ඇයගේ පැහැරගෙනයාම ඔප්පු කිරීමට බැරිවීම නිසා පොලීසිට ඇතුලු කිසි කෙනෙක් ඇය ප්‍රකාශ කරන කිසිවක් විශ්වාස නොකරන තත්වයක් ඇතිවුන අතරම මානසික රෝගී ප්‍රතිකාර ලබන්නටද සිදුවුනා. මේ අතර දිනක් ඇය වැඩට ගිය අතරතුර, ඇයගේ නැගණිය අතුරුදන් වෙන්නෙ නැගණියගේ උසස් පාසලේ අවසාන විභාගය දවසේ පාන්දර. ඇය තනිව තම නැගණිය සොයා පැහැරගැනීම කල තැනැත්තා සොයා යන අයුරුත්, එසේ යුවතියන් ඝාතනය කරන ඝාතකයා ඇය අතින් අවසන් ගමන් යන අයුරුත්, තම පැරණි යටගියාව සමගම ඇය ඝාතකයාගේ ඝාතනයත් යටගියාවකටම ඉතිරි කරන අයුරුත් මෙම චිත්‍රපටයට පාදක වන කතාන්දරයයි. 
    Related Posts Plugin for WordPress, Blogger...