මැනී, ඩියාගෝ සහ සිඩ් අයිස් පර්වතයකින් සැදි නැවක නැගී පාවී යන්නෙ ඔවුන් සිටින ප්රදෙශයේ අයිස් දියවී යාම නිසා ඇතිවූ හදිසි අණතුරකිනි. මෙහිදී මුහුදේ රජා ලෙස නම් දරා සිටින මුහුදු කොල්ලකාර ගෝරිල්ලා ඇතුලු පිරිස පරදා නැවතත් තම පවුල වෙත පැමිනෙන අයුරු දැක්වෙන අපූරු තිමාන කාටූන් පටයකි.චිත්රපට වර්ගීකරණය
නාට්යමය
(37)
අපරාධ
(32)
ක්රියාදාම
(23)
ත්රාසය
(22)
2011
(21)
වැඩිහිටි
(21)
2012
(19)
ආදර
(18)
කොමිඩි/ප්රහසන
(17)
ඇන්මේශන්
(15)
පවුලේ කතා
(13)
ළමා
(12)
කාටූන්
(11)
විද්යාප්රබන්ධ
(11)
2010
(9)
2009
(6)
චරිතාපදාන
(4)
පුරාවෘත/ඉතිහාස
(4)
යුධ
(4)
2006
(3)
2007
(2)
2008
(2)
භීතිය දනවන
(2)
1994
(1)
2003
(1)
2013
(1)
Showing posts with label Cartoon. Show all posts
Showing posts with label Cartoon. Show all posts
Friday, September 28, 2012
Ice Age: Continental Drift
මැනී, ඩියාගෝ සහ සිඩ් අයිස් පර්වතයකින් සැදි නැවක නැගී පාවී යන්නෙ ඔවුන් සිටින ප්රදෙශයේ අයිස් දියවී යාම නිසා ඇතිවූ හදිසි අණතුරකිනි. මෙහිදී මුහුදේ රජා ලෙස නම් දරා සිටින මුහුදු කොල්ලකාර ගෝරිල්ලා ඇතුලු පිරිස පරදා නැවතත් තම පවුල වෙත පැමිනෙන අයුරු දැක්වෙන අපූරු තිමාන කාටූන් පටයකි.Brave (2012)
මරීඩා කියන කුමාරිකාව තමන්ගෙ හිතුමතේට වැඩ කරන කෙනෙක්. පිය රජතුමා බොහොම නිර්භීත පුද්ගලයෙක් වුනත් බුද්ධිය ටිකක් මදි. ඒ නිසා සෑම දෙයක්ම පාහේ සිද්ධ වුනේ මවු රැජිණගේ අවශ්යතාවය මත. කුමරිය සරණපාවාදෙන්න කාලය ආවම, සියළු වංශවතුන් රැස් කරල එයට තරඟයක් පවත්වනව. නමුත් කුමරියට දීගෙක යන්න බෑ කියල හිතිල, මායා කාරියකගෙ හූනියමකින් මවු රැජිනගෙ හිත වෙනස් කරන් ගිහින් සිද්ධ වෙන කලබගෑනිය තමයි මේ කතාන්දරය.
Sunday, September 23, 2012
Tangled Ever After (2012)
රපෙන්සල් කුමරිය ඉයුජීන් සමග විවාපත් වන දිනයේ සිදුවන හාස්යනක දේවල් ටිකක් තමයි මෙතන පෙන්වන්නෙ. ඉතාම කෙටි විනාඩි 6 ක පමණ චිත්රපටයක්. හැබැයි ඉතා උසස් මට්ටමින් කරල තියනව. වීඩියෝව ඉතා කෙටි වර්ගයේ එකක නිසා වැඩිය කියන්න දෙයක් නෑ, බලලම දැනගන්න.
Tuesday, September 11, 2012
Ronal the Barbarian (2011)
ඉතා ඈත අතීතයේ අඳුර රජකල යුගයක, එම අඳුරට අධිපති යක්ෂයාගෙන් මිනිසුන් බේරාගත් ශූර වීර රණ විරුවා අවසාන සටනේදී මිය ගියේ පපුව හරහා හදවත සිදුරු කල තුවාලයකින්. එදා ඔහුගෙන් ගලාගිය රුධිරය පානය කල සියළු මිනිසුන් ඔහුගේ ශක්තිය, දෛර්යය, ශූරත්වය සහිත ප්රචන්ඩ-සාහසිකයන් බවට පත්වුනා. පරම්පරා ගනනක් තිස්සේ එම හැකියා ඉදිරියට ආව. මේ ප්රචන්ඩ-සාහසික ගමේ ඉපදුන බියගුළු සෝමාරියෙකුත් හිටිය, නම රොනල්. යමහල් කුමරු, අඳුරට අධිපති යක්ෂයාගෙ උදවු ඇතිව අසාමාන්ය බලයක් අත්පත් කරගන්න යන ගමනෙදි, තම ගම්මානය බේරගන්න වුනේ මෙන්න මේ බියගුළු සෝමාරියාටම තමයි.
Wednesday, July 18, 2012
The Lorax (2012)
ටෙඩ් කෘතිම ප්ලාස්ටික් නගරයක ජීවත් වුන තරුණ පිරිමි ළමයෙක්. ඒ නගරයේ කිසිම ස්වාභාවික ගසක් වැලක් තිබුනෙ නෑ. හුස්ම ගන්න ඕන කරන පිරිසිදු වාතය පවා, මිලදී ගත්තෙ ඕහර් කියන කෙනාගෙන්. ඉතින් මේ ටෙඩ්ට අවුඩ්රී කියන ගැහැණු ළමයා ගැන ආදර සිතක් පහලවුනා. හිත ගන්න කොච්චරවත් දේවල් කලා, ඒත් සාර්ථක වුන බවක් පෙනුනෙ නෑ. එක දවසක් එයා දැනගත්ත ඇත්තම ස්වාභාවික ගසක් සොයාදෙන කෙනෙකුට අවුඩ්රීගෙ හිත ගන්න පුළුවන් බව. ඉතින් එයා ස්විභාවික ගසක් තියන තැනක් සොයාගත්ත විතරක් නෙවෙයි, ගස් වලට මොකද වුනේ, ඒව නැතිවුනේ කොහොමද කියලත් හොයා ගත්ත. අන්තිමේ ආයෙමත් ලෝකෙ ස්වාභාවික තුරුලතා වලින් පිරුනු තැනක් කරන්නත් එයාට පුළුවන් වුනා. ඒ වගේම අවුඩ්රීවත් දිනාගත්ත. විස්තර ඇතිව දැනගන්නනම් බලන්නම වෙනව.
Monday, July 11, 2011
Kung Fu Panda 02 (2011)
පෝ නැමති පැන්ඩාවා කුංග්ෆු රණ ශූරයා ලෙස, පැරණි සතුරන්ගෙන් තම රාජධානිය බේරා ගන්නා ආකාරය දැක්වෙන අපූරු කතන්දරයකි.
තෝරාගත් වීඩියෝ ක්ලිපය ටෙලිසිනික් (TS) එකක් වන අතර එහි ගුණාත්මය A/V, 8/7 ට ආසන්නය (ඉහල ගුණාත්මයේ චීඩියෝ ක්ලිප තවමත් පැමිණ නැත). ඉතා අලංකාර වීඩියෝ ඇනිමේෂන් එකක් වන මෙයට IMDB ලබා දෙන ලුකුණු ප්රමාණය 7.8/10කි. අදාල චිත්රපට වර්ගයට අනුව අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්රමාණය 9/10කි.
ප්රහසන, ඇනිමේෂන්, ළමා ගණයට වැටෙන මෙම චිත්රපටය මුල් වරට ඇමරිකාවේ ප්රදර්ශනය කලේ 2011 වර්ශයේ මැයි 26 වැනි දිනයි.
චිත්රපටය බාගත කරන්න
සිංහල උපසිරැසි බාගත කරන්න
Sunday, January 23, 2011
Tangled (2010)
මායා බලැති පුෂ්පයක හාස්කමින් රෝගී මව සමග මියනොගොස් මෙලොව එලිය දකිය රපන්සල් නම් කුමරිය, එම මලේ එතකේ අයිතිකාරිය විසින් පැහැරගෙන ගොස් එක්ටැම් ගෙයක සිරකරයි. තරුණ වියට පත් ඇය අහම්බයකින් පිටුවහල් තරුණයෙකු සමග කුළුපගව එක්ටැම් ගෙයින් නික්ම ලෝකය දකින අයුරුත්, අවසන නියම මාපියන් වන රජු සහ බිසව හමුවන ආකාරයත් පෙන්වන අපූරු කාටූන් චිත්රපටයකි.
පදනම් කරගත් මුල් වීඩියෝ සංස්කරණය Tangled 2010 TS XviD-FLAWL3SS (V-6/10, A-6/10)
මෙම චිත්රපටයට වීඩියෝ පට දෙකක් සඳහා උපසිරැසි යොදා ඇත.
අධ්යක්ෂනය : නේතන් ග්රේනෝ,
තිර රචනය : ඩෑන් ෆොග්ල්මන්
IMDB rating 8.1/10
චිත්රපටයේ වර්ගය - ඇනිමේශන් / ප්රහසන / පවුලේ කතා
Dvdrip - PRESTiGE (A-9/V-9) සඳහා සිංහල උපසිරැසි බාගත කරන්න / චිත්රපටය බාගත කරන්න
TS XviD-FLAWL3SS(A-6/V-5) සඳහා සිංහල උපසිරැසි බාගත් කරන්න / චිත්රපටය බාගත කරන්න
Dvdrip - PRESTiGE (A-9/V-9) සඳහා සිංහල උපසිරැසි බාගත කරන්න / චිත්රපටය බාගත කරන්න
TS XviD-FLAWL3SS(A-6/V-5) සඳහා සිංහල උපසිරැසි බාගත් කරන්න / චිත්රපටය බාගත කරන්න
Thursday, December 16, 2010
Ratatouille 2009
Wednesday, October 13, 2010
The Last Airbender (2010)
ආන්ග් යනු අතීතයේ සිට පැවත එන ඇවටර් වරුන්ගේ අද ලෝකයේ බිහිවූ ආත්මයයි. ඇවටර් ආත්මයේ වගකීම් වලට බියවූ ඔහු පලාගියද නැවත පැමිණ අග්ණි පෙලපතින් අනෙකුත් පෙලපත් බේරාගෙන සාමය උදාකිරීම මෙහි කථා විෂය වෙයි.
Subscribe to:
Posts (Atom)









