මම ගැන

අරිසෙන් සිංහල උපසිරැසි

 මම ආරියසේන ආශුබෝධ ශූරීන් හෝ එතුමන්ගේ ගෝලයෙකු තබා එතුමන් පියවි ඇසින් දැක ඇති පුද්ගලයෙකුවත් නොවන අතර එය මාගේ ආරූඪ නාමය පමණි. කිසි ලෙසකින්වත් මායහට එබඳු වියතෙකුගේ මට්ටමට ලඟාවීමටවත් නොහැකි අතර, මා හුදෙක් චිත්‍රපට ලෝලියෙකු පමණි. එමෙන්ම මා ඉංග්‍රීසි හෝ සිංහල බසෙහි ව්‍යක්ත පුද්ගලයෙකුද නොවනබව කරුණාවෙන් සලකන්න.

මෙම බ්ලොගයේ අඩංගු සියළු උපසිරැසි මවිසින් පරිවර්ථනය කර යතුරුලියනය කල ඒවා වන අතර, බාගත කිරීම නොමිලේ ඉඩකඩ සලසාඇත. කරුණාකර අයිතිය සුරැකීමට කටයුතු කරන්න.

මෙම බ්ලොගයේ අන්තර්ගත කිසිදු චිත්‍රපටයක කිසිම ආකාරයක අයිතියක් මා සතු නොවේ.

උපසිරැසි වලට අදාල, ඔබගේ අදහස් සහ යෝජනා ඉහලින්ම පිලිගන්නා අතර ඒවා උපසිරැසි වල comment ලෙස හෝ මාගේ විද්‍යුත් ලිපිනය වන ahubudu@gmail.com වලට එවීමට කාරුණික වන්න. පලකර ඇති උපසිරැසි වලට එක එල්ලේ අදාල නොවන වෙන මොනයම්ම හෝ කරුණක්, මාගේ විද්‍යුත් ලිපිනටය යොමුකිරීමට කාරුණික වන්න.

කරුණාකර කිසිම පුද්ගලයෙක් හෝ වෙබ් අඩවියක් අපහසුතාවට සහ අපහාසයට පත්වන ආකාරයේ අදහස් හා/හෝ තොරතුරු පලකිරීමෙන් වලකින්න. මෙම බ්ලොග් අඩවිය කිසිම ආකාරයක පුද්ගලික අමනාපකම් සඳහා උපයෝගී කරගැනීම මගින් ඔබ අපහසුතාවට පත් කරන්නේ මෙම බ්ලොග් අඩවියම වන බැවිණි. එබැවින් එබඳු යම් කිසි තොරතුරක් බ්ලොගයේ උන්නතිය තකා පලකිරීමට සිත් වෙතොත්, එය මාගේ විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. 

ස්තුතියි, 

ස්වස්ථි සිද්ධම්,

අරිසෙන්...

Related Posts Plugin for WordPress, Blogger...