Monday, October 1, 2012

Red Lights (2012)

 

අද දිනය මෙම බ්ලොගයට විශේෂිත දවසක්. මොකද අද මම මගේ 50 වැනි උපසිරසිය ඔබට ඉදිරිපත් කරන්නෙ ඉතාම සතුටින්. මා සමග මේතාක් කාලයක් රැඳී සිටි ඔබ සැමට මම හදපිරි සතුටින් යුතුව ස්තූතිවන්ත වෙනව. 
එහෙමනම් වෙනද වගේම අපි චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් දැනගෙනම උපසිරැසිය බාගමු.


එදා වගේම අදත් විවිධාකාර අවිද්‍යාවන් ලෝකයේ පවතිනව. කුඩා පරිමාණයෙන් ගමක කෙලවර සාත්තරයක් අහල කීයක් හරි හම්බකරගන්න තැන ඉඳල ගෝලීය මට්ටමෙන් මිනිසුන් මුලාකරන අය එදත් අදත් හෙටත් දකින්නට තියෙනව. මේ කතාව ගෙතෙන්නෙ සිල්වර් කියන අධිමානසික බලයක් ඇතැයි කියාගන්නා කෙනෙකුත්, ඔහුගේ එම රැවටීම හෙලිකිරීමට වෙහෙසෙන ආචාර්වවරු දෙදෙනෙකුත් වටා. එයාගෙ බොරු අල්ලන්න යන අයට අත්වෙන්නෙ හරිම දරුණු ඉරණමක්. ඒ වගේම බොරුව මොකද්ද, අල්ලන්නෙ කොහොමද වගේ දේවල්, බලලම තේරුම් ගන්න.


IMDB ලකුණු 6.2 ක් හිමි කරගෙන ඇති මෙම චිත්‍රපටයට අරිසෙන් විසින් 8/10 ක් ලබා දෙනව. 

තෝරාගත් වීඩියෝ පටය BrRip (704 mb) වන අතර එහි A/V 10/10 මට්ටමෙ පවතිනව. 

චිත්‍රපටයේ වර්ගය - නාට්‍යමය / ත්‍රාසය / පවුලේකතා


සිංහල උපසිරැසි බාගත කරන්න [DVD Res - 780x420] සහ [BR Res - 1280x720]


30 comments:

  1. හදවතින්ම අප ඔබට සුභපතනවා.
    උපසිරැසි 50ක් කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි.ඔබ ඒ අභියෝගය සාර්ථකව ජයගත්ත එක ලොකු සතුටක්.වාද විවාද මත භේද මත අප IDX ලෙස උපසිරැසි දෙන්න පටන් ගත්තම ඔබත් එයට එකතු වි අවසානයේ අපටත් උදව් කල බව අපට මතකයි.ඇත්තටම IDX උපසිරැසි එකක් වර්ණගන්වන්න මම උත්සහා කලත් හැකි උනේ නෑ, අවසානයේ ඔබගේද උදව් ඇතිව එය නිර්මාණය කිරිමට අපට හැකි උනා.අප කවුරුත් උපසිරැසි ඉක්මනින් ලබා දෙන උත්සහා කරන තරගයේ සිටියත් ඔබ අනෙක් අය මෙන් නොව එම වෑයම අවංක ලෙස අනෙක් කිසිවෙකුටත් බොරු චොදනා අපහාස එල්ලනොකර මහත්මා ගතියෙන් යුතුව යන මේ ගමනට අප ZOOM උපසිරැසි කණ්ඩායමේ සියල්ලන්ගේම සුභපැතුම් ඔබට මෙලෙස පුදකරන්නෙමු.තව තවත් මේ කටයුත්ත සාර්ථකව කරගෙන යාමට ඔබට අවංක සිතින් අප සුභ පතන්නෙමු.

    ReplyDelete
  2. හැමදාමත් අපි වෙනුවෙන් උපසිරැසි දුන් ඔයාට තව තවත් මේ සේවය ලබාදීමට අවශ්‍ය සියලු ශක්තිය දෛර්යය ලැබේවා!

    ReplyDelete
  3. උපසිරැසිලබාදීමට අවශ්‍ය සියලු ශක්තිය දෛර්යය ලැබේවා!................

    ReplyDelete
  4. ඔයා මේ ලබාදෙන සේවයට ගොඩක්ම පින්. sub 50 ක් කියන්නෙ ලොකු ගානක්. අනික ඔයා තනියමමනෙ. සැහෙන කාලයක් වැය කරල අපි වෙනුවෙන් මේ දුන්නු සේවයට ගොඩක් පින්.

    තවත් බොහෝ කාලයක් තවතවත් වැඩි දියුනු වෙමින් සාර්තකව sub දෙන්න වාසනාව ලැබේවා.

    ReplyDelete
  5. Good work my dear friend. You have always been verymuch helpful for me in many ways, of course in providing subtitles for movies for our entertainment. Waht I specially appreciate, that you have some religious wish, at the end of the subtitle, which showed out your good will towards the society or other people. I too wish you in the same way, in this red lettered day of your success!!!!!

    May The Triple Gem Bless You For Ever And Ever!!!!!

    ReplyDelete
  6. ජයෙන් ජය.

    ReplyDelete
  7. මේ විෂේශ අවස්තාවේ ඔබට ජය.

    ReplyDelete
  8. ජයෙන් ජය පතම්

    ReplyDelete
  9. මේ සේවය ලබාදීමට අවශ්‍ය සියලු ශක්තිය දෛර්යය ලැබේවා!

    ඔබට ජය.

    ReplyDelete
  10. ආ මග කෙටියි...යා යුතු මග දුරයි...
    තවත් දුර ගමනක් යන්නට මගෙන් හද පිරි සුභ පැතුම්

    ජයෙන් ජය~!

    ReplyDelete
  11. niyamai arisen oyata me wede digatama karagena yanna mama suba pathanawa:sub ekata godak thx

    ReplyDelete
  12. onna mamath banna demma
    sub walat thankxxx

    ReplyDelete
  13. නියමයි සහෝ දිගටම යමු.. ජය වේවා..

    ReplyDelete
  14. 50 wana upasirasi ganweemata magenuth suba pathum. me wage honda film walatama sub denna.

    ReplyDelete
  15. මගේ සුභ පැතුම් අරිසෙන්.. සබ් 50ක් දානවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි.. ඔබ නිහඩවම එම කාර්යය ඉ‍ටු කිරීම ඇත්තටම අගය කල යුතුයි.. තව තවත් හොද නිර්මාණ අප අතරට ‍රැගෙන ඒමට ඔබට ශක්තිය ධෛර්‍ය ලැබේවා.. ජයවේවා!!

    ReplyDelete
  16. Congratulation
    keep it up.

    ReplyDelete
  17. ඒක පුද්ගල කාර්‍යක නියැලෙන ඔබට උණුසුම් සුභ පැතුම්......!!!

    ReplyDelete
  18. උණුසුම් සුභ පැතුම්...!!!
    තව තවත් දුර ගමනක් යන්නට ශක්තිය,ධෛර්ය ලැබේවා..!!

    ReplyDelete
  19. ඔහොම යන්..සුබ පැතුම්..!

    ReplyDelete
  20. සතුටුයි ඇත්තටම....හදවතින්ම මාත් සුභ පතනවා !! :)

    ReplyDelete
  21. ගොඩක් ස්තුතියි සහොදරයා.. අරිසෙන් උපසිරැසි යොදනවානමි එය නැරඹිමට දෙවරක් සිතන්නට අවශය නැහැ. මන්ද උපසිරැසි ලබා දිම නෙමෙයි ඔබගේ අරමූණ, අර්ථවත් ඔබගේ ශෙණිගතව ගුණාත්මකව ලබා දෙන හැම චිත්‍රපටයක්ම වටිනාකමින් ඉහලයි.. එම නිසා ලබා දෙන හැම උපසිරැසියක්ම ඉතා සුරැකිව නැවත් නැරඹිමට තබා ගන්නවා. දිගටම කරන් යන්න.. අප වෙනුවෙන් වැය කරන හැම තත්පරයකටම ඔබට ඔබ පතන හැම දෙයක්ම ලැබෙවා කියා පතනවා.

    තව දෙයක් ඔබ ලබා දෙන ඇතැමි චිත්‍රපට 18+ ශේණියට වැටුණ ඉතා ගුණාත්මක චිත්‍රපට, එම චිත්‍රපටවලට උපසිරැසි යෙදිම නතර කරන්න එපා යන්න ඉල්ලිමක් කරන්න කැමති.. මන්ද අප ජිවත් වන්නේ හින ලොක වලවත්, ඉතා සුන්දර මිනිසුන් සිටින ලොවක නොවන බව අපි කවුරුත් දන්නා කරූණක්. ළමා අපචාර දිනෙන් දින ඇසෙන, දුෂණ පිරි ලොවකට ලැබි ඇත්තෙ හරි හැටි දැනුවත් බාවයක් නැති නිසා යන්න මගේ අදහස. මන්ද මම සිතන අයුරුනි එම චිත්‍රපට වලින් සැබැ අපේ ජිවිත වලට එකතු කර ගැනිමට, දැනුවත් විමට ගොඩක් කරුණු තිබෙනවා, ඔබ ලබා දුන් එවැනි චිත්‍රපට වලට බෙහෙවින් ස්තුතියි වනවා,

    ReplyDelete
  22. මගෙන් උණුසුම් සුභ පැතුම් සහෝදරයා. මෙය මෙතනින් නොනැවතී තව චිරාත් කාලයක් ඉදිරියට ගෙන යාමට ශක්තිය ධෛරයය ලැබේවා කියලා මා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. තනිවම උපසිරැසි 50ක් දෙනවා කියන්නේ ලේසි පහසු කර්තව්යක් නොවේ. උපසිරැසි දාන කෙනෙක් හැටියට මා ඔබ ගැන ආඩම්බර වෙනවා. කොතරම් බාධක හැල හැප්පීම් තිබුනත් මේ කර්තව්‍යය ඉදිරියට කරගෙන යාම පිලිබදව. කෙටියෙන්... විශිෂ්ඨයි සර්. :)

    අහිංසක හිත්නේ.

    ReplyDelete
  23. ela ela suba pathum....!

    ReplyDelete
  24. සුභ පැතුම් මිත්‍රයා. .
    තනියම ලොකු වැඩක් කලේ ඔයා. .
    සතුටුයි. . මුල ඉඳංම අපිත් බලාගෙන හිටියනේ මේ වැඩේ. .
    තව තවත් උපසිරැසි වැස්සක් එක්ක අපි අතරට එන්න..
    ජයවේවා. . !

    ReplyDelete
  25. මේ දක්වා මා සමග රැඳී සිටිමින් මට දෛර්යය ශක්තිය සැපයූ ඔබ සියළු දෙනාටත්, උපසිරැසි 50 ස්වර්න ජයන්තිය මොහොතේ මා වෙනුවෙන් කමෙන්ටු, ඊමේල්, ෆේස්බුක් පණිවුඩ ආදී නන් අයුරින් සුභ පැතුම් එවූ සියළු දෙනාටත්, මුල සිටම මා සමග සහෝදරත්වයෙන්, මිත්‍රත්වයෙන් කටයුතු කල සූම් සහ බයිස්කෝප් අඩවි දෙකේම පරිපාලනය ඇතුළු සියළු දෙනාටත් නන් අයුරින් මට සහයෝගය දැක්වූ සැමට මෙන්ම මාගේ වැරදි අඩුපාඩු පෙන්වූ, යෝජනා චෝදනා ආදිය ඉදිරිපත් කරමින් මා දිරිගැන්වූ සැමට, මාගේ හදපිරි ප්‍රනාමය පුදකර සිටිමි.

    සතන් සමාගමෝ හෝතූ!!!

    අරිසෙන්_

    ReplyDelete
  26. ඔව්.යාළුවා.ඔයා සබ් දෙන ෆිල්ම් නම් සුප්‍ර්බ්. යේ කතා කරන්න දෙයක් නෑ. ඒ වගේ තමා ඔයා ඒ අවස්ථාවට යොදාගන්න වචනත් හරිම අපූරුයි. සබ් දාන ඒක ලේසියි කියල හිතුනට ඒක කරලා බලන්න ඕනේ වැඩේ තේරෙන්න. ඉතින් සබ් 50 ක් තනියම දානවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. සුබ පැතුම් යාලුවා. තවත් 100 කට වැඩිය සබ් දෙන්න ශක්තිය ලැබේවා.

    ReplyDelete
  27. magenuth suba pethum keep it up

    ReplyDelete
  28. ඔයා තනියම සබ් 50ක් දැම්මා කියන්නේ ගොඩක් අමාරු වටිනා වැඩක්.අනික අරිසෙන් කොල්ල දෙන සබ් කොලිටි.අපි වෙනුවෙන් වෙන මේ මහන්සිය හද පත්ලෙන්මදාගය කරන ගමන් ඉදිරියට දිග ගමනක් යන්න සුබ පතනවා...!!!!!!!!!

    ReplyDelete
  29. thanx yalu , onna mekath bagatha karanna damma. sub walata pin aaaaaaaaaaaaa.

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...