Friday, September 28, 2012

Brave (2012)

 

මරීඩා කියන කුමාරිකාව තමන්ගෙ හිතුමතේට වැඩ කරන කෙනෙක්. පිය රජතුමා බොහොම නිර්භීත පුද්ගලයෙක් වුනත් බුද්ධිය ටිකක් මදි. ඒ නිසා සෑම දෙයක්ම පාහේ සිද්ධ වුනේ මවු රැජිණගේ අවශ්‍යතාවය මත. කුමරිය සරණපාවාදෙන්න කාලය ආවම, සියළු වංශවතුන් රැස් කරල එයට තරඟයක් පවත්වනව. නමුත් කුමරියට දීගෙක යන්න බෑ කියල හිතිල, මායා කාරියකගෙ හූනියමකින් මවු රැජිනගෙ හිත වෙනස් කරන් ගිහින් සිද්ධ වෙන කලබගෑනිය තමයි මේ කතාන්දරය.

  • වර්ගය --DVD RIP (R5)
  • ප්‍රමාණය -- 322 MB
  • ගුණාත්මය -- A/V - 10/10
  • IMDB ලකුණු -- 7.5
  • අරිසෙන්ගේ ලකුණු -- 9.0
  • මුල් තිරගත කිරීම -- වර්ෂ 2012 ජුනි මස, ඇමරිකාවේදී.
  • චිත්‍රපටයේ වර්ගය -- ඇනිමේශන් / කොමිඩි / ළමා

  • DVD (R5) චිත්‍රපටය බාගත කරන්න

    DVD (R5) සඳහා සිංහල උපසිරැසි බාගත කරන්න. [BR Res 1440x1080] සහ [DVD Res 720x480]

    මෙයට පෙර ලබාදුන් TS අඩු ගුණාත්මයේ කොපිය සඳහාවූ සබැඳි නොවෙනස්ව පහතින් ඇත.
    TS.XViD.AC3 (928mb) කොපියබාගත කරන්න.
    TS.XViD.AC3 (928mb) සඳහා සිංහල උපසිරැසි 

    16 comments:

    1. CAM copy deela hodata thibba site aka cha kara ganna epa saho..ada kaley dvd rip awath bluray anakam balan inne.ahewu akey cam kawuda ganne.aka nisa oyath sub rallata yanna epa,hoda parana films denna aluth awa denawa nam dvd rip wath denna..

      ReplyDelete
      Replies
      1. meyata ona parana ewata sub. aluth ewata epa kiyala nokiya kiyanawa. kawru wenna puluwanda meya?

        balanna dvd rip neti eake cam eaka hari deepan ban. eaka eaka site walata kade yana ayage kata gana gana epa. hebei dvd hari blu ray hari awa gaman deepan hode?

        Delete
    2. සහෝලා, මම මෙතන මොනවවත් හංගල ගහල නෑ. කොලිටිය ගැන අවශ්‍යවෙන සියලු විස්තර දීලයි තියෙන්නෙ. කැමති අයට විතරක් බාගන්න කියල තියෙන්නෙ ඒකයිනෙ.

      CAM වලට කැමති අය ගොඩක් ඉන්න බව මීට කලින් දීපු ice age 4 වලින් පෙනුන. අද මේ වෙලාව වෙද්දි ලෝකෙ පුරාම ඉන්න, ඒ සබ් එක බාගත්ත අයගෙ සංඛ්‍යාව 427 ක් වෙනව. ඒ කියන්නෙ ලෝකෙ විවිධ අය ගොඩක් ඉන්නව, විවිධාකාර අදහස්, අවශ්‍යතා, කැමති-අකමැති දේවල් තියන.

      ඒ නිසා, මේක දීල තියෙන්නෙ CAM වලට කැමති අයට විතරයි. අනිත් අය ටිකක් ඉවසල ඉන්න, හොඳ කොපියක් ආවම විවේක තියන විධියට ඒකත් හදල දාමු.

      සෙත්!

      ReplyDelete
    3. මුලින්ම කියන්න ඕනේ මේ සයිට් එකේ තිබ්බ කොලිටිය නැති කරගන්න එපා කියලා..ඒ මොකද එදා ඉදන් මේ සයිට් එකෙන් සබ් එකක් ගත්ත කෙනෙක් විදියට ඔයා හොද මට්ටම කොලිටි වලින් සබ් දුන්න කෙනෙක් ..ආයේ මේ වගේ බාල කොපි වලට සබ් දෙන්න එපා..අද ෆිල්ම් එක දීලා dvd රිප් වත් බලන් න නැතුව bluray බලන්නේ කට්ටිය..මේ වගේ එකක් අනිවා එහෙම බලන්න ඕනේ...
      ..........................දැන් බලන්න ඔය රැල්ල නිසා එකම ෆිල්ම් එක ප්‍රධාන සයිට් 2 කක දවසක් වගේ ඇතුලත වැටෙනවා..ඕක ඉක්මනින් දුන්න කියලා බාන්න තරම් ලංකාවේ නෙට් ඉස්පිඩ් ද..?....අනික දවසට සබ් 3 ක් 4 ක් වැටෙද්දී ඒ හැම එකක්ම බලන්න වෙලාව තියේද...මේ සබ් දෙන ක්‍රමේ සෑහෙන්න ගැටළු තියෙනවා..ඉස්සර සතියකට සබ් 2 ක් 3 ක් වැටෙද්දී ඒවා අනිවා අපි බැලුවා..මටම 2012 ඔය ඉක්මනින් දුන්න කියන ෆිල්ම්ස් තවමත් බර ගානක් ඉතිරි වෙලා තියෙනවා බලන්න...අනතීමට මේ සයිට් අතරේ තරගේ නිසා එකම ෆිල්ම් එකක් වත බලන්න වෙන්නේ නෑ හරියට..ලංකාවට ගිය කලක්....

      ReplyDelete
      Replies
      1. aththa machan nikan aparadey akama film aka denawa,ae welawe thawa films 2 kata subs denna thibuna..

        dvd rip wath denna cam epa denna saho.

        thanks

        Delete
      2. ඇත්ත කතාව බන් ඕකට ඇත්තටම කමෙන්ට් කරන එවුන් අතෙත් වැරදි තියනවා.සමහර අය බොරුවට ඔය සයිට් දෙක තුනේම වෙනවා මේක බලලා නෑ මේකට සබ් දෙන්න කියනවා.බලද්දි ඒ ෆිල්ම් එක කලින් දිලා තියනවා.ගුගල් එකේ සබ් එක සර්ච් කරලා හොයාගන්න බැරි තරම් නොදරුවෝ නෙට් එකේ නෑ නේ.
        අරිසෙන් මචෝ පුලුවන් නම් හොද චිත්‍රපටි දෙන්න එක තමයි වටින්නේ.අනිත් අය වගේ වෙන්න එපා.
        ඔවා අනිත් සයිට් වල මිනිස්සුන්ට කිව්වට තේරුම් ගන්නේ නෑ.එකම එක දෙතුන් පොලක දෙනවා.එහෙම වෙලාවේ වෙන එකක් දුන්නා නම් මොකද? අනික දවසට ෆිල්ම් 3ක් තියා 1ක් වත් බාන්න තරම් හැකියාවක් අපිට නෑ.මාසේට වැඩිම උනොත් චිත්‍රපටි 15ක් විතර ගන්න පුලුවන්.ලංකාවේ ඉන්ටර්නෙට් ගැන කියලා දෙන්න උවමනා නෑ නේ.ඔන්න ඕකයි තත්වේ.

        තව දෙයක් මචන් පුලුවන් නම් පොඩි කොපියක් හොයලා දෙන්න පින්!

        Delete
      3. මාර තෙල් පාරක්නෙ අනේ මේ. ඇත්තටම මමත් කෑම් දෙනවට වඩා ඩීවීඩීයක් වත් දෙනවට තමයි කැමති. ඒත් ඉතින් මේ අය කියන්නෙ සයිට් වලින් දවසට සබ් 2-3 ක් දෙන එක වැරදියි, අපට ඒව බලාගන්න බෑ, ඒ නිසා හෙමිහිට දෙන්න කියල. ඒක කොහෙන් ආව තර්කයක්ද? ඇයි දීපු සබ් එකක් සතියකින් හරි මාසෙකින් හරි මැකිල යනවද? පුළුවන් දවසක අරන් බලන්නබැරි මොකද?

        අරියා උඹ කැමති දෙයක් දීපං, මට හොදයිනම් මම බලනව නැත්නම් නිකං ඉන්නව. තරහවෙන්න එපා කෑම් බලන්න මම කැමති නැති නිසා මේක ගන්නෙ නැ. ඒත් උඹ කියල තියනව වගේ බලන්න කැමති අය ඉන්නවනම් බලයි. ඒ ගැන කාටවත් තියන අමාරුව තමයි තේරුම්ගන්න බැරි.

        කොහෙම වුනත් ගත්ත මහන්සියට ජයා වේවා.

        Delete
      4. @ chami umbata balanna beri unata apita puluwan. dawasata 3k berinam 10k dunnat api balanawa. Umbata nee kiyala anit unta kelinna epa.

        Delete
    4. cam rip nam apooo :(

      ReplyDelete
    5. මේ මාරම ගති ෆිල්ම් එකක් වගේ. ට්‍රේලර් එක බලද්දී එක තේරෙනවා. හොඳ කොපියක් ආපු ගමන් ආපහු අප්ඩේට් කරන්න හොඳේ. ඔයාගේ සබ් නම් මරු.

      ReplyDelete
    6. නියමයි සහෝ..
      හොඳ වැඩක්. . හොඳ කොපියක් ආවම යාවත් කාලින කරන්න..
      කැම් එකනම් ගන්න වෙන්නෙ නෑ. . හොඳ පිටපතක් එනකම් ඉවසල ඉන්න පුලුවනි,
      මිනිස්සු විවිධාකාරයි සහෝ හැමදේම හොඳට නේ . . ඔයා කැමති දේ කරන්න.
      ස්තුතියි. . !

      ReplyDelete
    7. සිංහල ම්නිස්සු හැටි මට උඩ තිබෙන සමහර අදහස වලින් පෙනේ කව්රැ හරි හොදවැඩක් කලොත් එකටත් වැරදි නොකලත් වැරදි මේ සිංහල පරිවර්තනය කරන පුද්ගලයෝ කොතරම් වෙහෙස වෙනවා ද ඉතිං ඇයි ඔය වගේ ඝෘණාත්මක අදහස් වලින් ඔවුන්ව වට්ටන්නේ තමාගේ කාලය අනෙක් අය වැයකරන අද අඩුයි එහෙවු කාලයක මොවුන් අගය කලයුතුයි තව දෙයක් ඕනැම දෙයක් දියුණුව්මට තරඟයක් අවශ්‍යයි මම හිතනවා අද ඇති බව මේමගින් අපට අද උසස් නිර්මාණ ඉතා ඉක්මණින් තමාගේ භාෂාවෙන් බලන්නේ සිංහල පරිවර්තනය කරන පුද්ගලයෝ නොම්ලේ දෙන නිසා බව මතක තබා ගන්න අනෙක දෙන සේරම බදාගන්න එපා මොකද අධික තණ්හාව ව්නාශයට මුල්වේ

      ReplyDelete
    8. chethiyaගෙ කතාව සම්පූරන ඇත්ත. අනික ලිපියෙ කියලම තියනව මෙක කෑම් කැමති අයට බලන්න කියල.

      මෙ සමහරක් කමෙන්ට් දාපු අය වගෙ අය ඉන්න රටක නේද ජීවත් වෙන්නෙ කියල හතෙනකොටත් දුකයි. මම විතරයි ඉන්න එකම කෙනා මට විතරයි සේරම ඕන අනිත් අය නෑ වගේ මන්දබුද්දික අය ගොඩක් දැන් ඉන්නෙ. අකමාතිනම් නොබල හිටියම ඉවරනෙ. අඩුතරමෙ මෙ මනුස්සය කාපු කට්ටවත් ගරු නොකරන අමන රැලක්.

      ReplyDelete
    9. ඔබ වෙන මහන්සියට ගොඩක් පින් .මොකද මම දන්නවා සබ් දෙන එකේ අමාරුව.දිගටම නොසැලී ඉන්න,ජයවේවා.දිමුතු
      තරංග

      ReplyDelete
    10. aluth film danne nethte mokada tama thiyenne parana awa neda

      ReplyDelete

    Note: Only a member of this blog may post a comment.

    Related Posts Plugin for WordPress, Blogger...