Sunday, January 22, 2012

Abduction (2011)


  


හිරිමල් තාරුන්‍යයේ කෙලිලොල්, දඟකාර වයසේ සිටින නේතන්ට තම පියා විසින් ලබා දෙනුයේ ඉතා රළු සටන් පුහුණුවකි. ඔහු ඔහුගේම පංතියේ සුරූපී යුවතියක වන කෙරන් සමග අප්‍රකාශිත ආදරයක වෙලී සිටී.  පාසැලේදී ලබා දෙන නිබන්ධනයක් සඳහා, ඇය සමග වෙබ් අඩවි හරහා යන ඔහුට, තමා අතුරුදහන් වූ ළමයෙකු බව කියවෙන වෙබ් අඩවියක් හමුවේ. මෙසේ, තමා සමග ජීවත් වනුයේ තම සැබෑ දෙමාපියන් නොවන බවට ඔහු මවගෙන් තහවුරු කරගන්නා අතර, හදිසියේම තම නිවසට සිදුවන ප්‍රහාරයකින් තමා සමග ජීවත්වූ දෙමාපියන් ඔහුට අහිමිවේ. ඔහු තම සැබෑ දෙමාපියන් සොයා යන අයුරුත්, තමා වැටී සිටින අණතුර වටහාගෙන ඉන් බේරෙන අයුරු සහ, කෙරන්ට ආදරය ප්‍රකාශ කරන අයුරු දැක්වෙන මෙම චිත්‍රපටය 2011 සැප්තැම්බර් 23 දින මුල් වරට තිරගත් වූයේ ඇමරිකාවේදීය. 

චිත්‍රපටය සඳහා IMDB අඩවිය ලබා දෙන ලකුණු ප්‍රමාණය 4.4/10 ක් වුවද, එහි වර්ගීකරණයට අදාලව අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය 8/10 කි. ආදර ජවනිකා කීපයක් ඇතුලත් වුවද, පවුලේ සැමට එක්ව රස විඳිය හැකි, කථා පිටපතක් සහිතය.

තෝරාගත් වීඩියෝ ක්ලිපය BRRip එකක් වන අතර එය A/V 10/10 බව කිව හැක.

චිත්‍රපටයේ වර්ගය : ක්‍රියාදාම / අපරාධ / ආදර
ප්‍රධාන නළු නිලියන් : ටේලර් ලූට්නර් / ලිලී කොලින්ස් / ඇල්ෆ්රඩ් මොලීන්

සිංහල උපසිරැසි බාගත කරන්න.
චිත්‍රපටය බාගත කරන්න.

ඔබගේ අගනා අදහස් ලියා තැබීමට කාරුණික වන්න.

50 comments:

  1. පට්ට මචෝ..කියන්න වචන නෑ ..ඉතින් බොහොමත්ම ඉස්තුතියි..
    වෙනදා වගේම සුපිරි නිර්මාණයක්...
    ඉස්සරහටත් මැක්සා ඒවාට සබ් දෙන්න...සහෝ... :)
    ජයෙන් ජය~!

    ReplyDelete
  2. පට්ට මචෝ..කියන්න වචන නෑ

    ReplyDelete
  3. එල එල බොහොම ස්තූතියි යාලුවා..... :)

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි මචෝ...
    ප්‍රමෝද්

    ReplyDelete
  5. අෂේන් මලින්දJanuary 22, 2012 at 8:06 PM

    නියමයි අරියා,, ඔහොම යමන් තවත් පට්ට සබ් ඕනෙ හොදේ ඉක්මනටම.. මිශන් ඉම්පොසිබල් 4 ගෝස්ට් ප්‍රොටකෝල් ආපු හැටියෙම දෙන්න ඕනෙ,, බුදු සරණයි!

    ReplyDelete
  6. ඇයි අරිසෙන් ඔයා ඔච්චර සිංහල උප සිරැසි දාන එකේ ඒවා http://www.baiscopelk.com/ (බයිස්කෝප් සිංහලෙන්) වෙබ් අඩවිය හරහා දෙන්නේ නැත්තේ. ඔයා මේ අඩවියත් පවත්වාගෙන යන්න. එසේම මම කියපු අඩවියේ කිහිප දෙනෙක් එකතු වෙලා උප සිරැසි දාන නිසා ඔයාට ඒකේ ගොඩක් දේවල් කරන්න පුළුවන් වේවි. මෙතැන තරඟයක් නැහැනේ. හැමෝවම සතුටු කරන එකයි තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේක මගේ විනෝදාංශයක් විතරයි මචං. මට වෙලාව තියන විදියට සබ් දානව. ටික කලකට කලින් වුනා වගේ, කාල වේලාව මදි පාඩු වෙනකොට නවත්තනව, එච්චරයි.

      මට විශ්වාසයි අපි හැමෝගෙම සතුටට හේතුවෙන්න සබ් දෙනව.ඒ සතුටට සබ් දෙන්නෙ මොන සයිට් එකෙන්ද කියන එක අදාල නෑ, නේද? එතකොට තව ප්‍රශ්නයක් එනව, ඔයා මේක ලිවුවෙ, හැමොගෙම සතුට නෙවෙයි, තෝරාගත් පිරිසකගෙ සතුට වෙනුවෙන්, මම හරි නේද?

      තරඟයක් ගැන කියපු නිසා කියන්නෙ(කාටහරි ඒ වගේ වැරදි අදහසක් තියනව වගේ), ඉබ්බ දිනුවනම් දිනුවෙ හාව හරියට නොදිවුව නිසා මිසක, ඉබ්බට දුවන්න පුළුවන් නිසා නෙවෙයි. කලිනුත් වෙන පෝස්ට් එකකත් ලිවුව වගේ, මේක මේ ලඟදි පටන්ගත්ත පුංචි බ්ලොග් එකක් විතරයි. මම හිතන්නෙ නෑ, වෙන කාටහරි තරඟයක් දෙන්න තරම් මේ බ්ලොග් එක ශක්තිමත් කියල. ඔයා එහෙම කියනවනම්, ඒක මට ලොකු හයියක්, ඒකට දහස් වාරයක් තුති.

      Delete
    2. අරිසෙන්ගේ කතාවට මාත් එකඟයි...hats off to you sir

      Delete
    3. "ඔයා මේක ලිවුවෙ, හැමොගෙම සතුට නෙවෙයි, තෝරාගත් පිරිසකගෙ සතුට වෙනුවෙන්, මම හරි නේද?"

      - මොකක්ද ඒ කථාවේ තේරුම. මම මේක ලිව්වේ හැමෝගෙම සතුට වෙනුවෙන් තමයි. ඔයා මේ වැඩෙන් සල්ලි හොයන්නේ නැහැ නේද? මම හිතන්නේ බයිස්කෝප් වෙබ් සයිට් එකත් සල්ලි හොයන්නේ නැහැ උප සිරැසි දීලා. එකමුතු වීමෙන් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා විතරයි මම කිව්වේ. දැන් බලන්න එකම චිත්‍රපටියට කිහිප දෙනෙක් සබ් දාලා. අපරාදෙ නෙ මහන්සිය. ඒ මහන්සිය තව එකකට යොදවන්න තිබුනා. මම කිව්වේ මගේ අදහසක් විතරයි. කොහොමත් දැන් අපේ සිංහල අයට කණ්ඩායමක් විදිහට වැඩ කිරීමේ ගතිය ගිලිහෙමින් තියෙන්නේ. මම දන්නවා මම මේ දේවල් කීමෙන් වෙන්නේ ඔයාගේ හිත රිදෙන එක විතරයි. ඔයාගේ සිංහල උප සිරැසි ලස්සනයි. ඒක හැමෝටම බලන්න පුළුවන් නම් හොඳයි. සිංහල උප සිරැසි දැමීමේ මූලික අරමුණ වුනේ සිංහල යුනිකේත අතුරුජාලයේ ප්‍රචලිත කිරීම නිසා, කෙසේ වෙතත් මේක හොඳයි. මම ආපහු මේ ගැන මෙතැන ලියන්නේ නැහැ. හිත රිදීමක් වුනා නම් සමාවෙන්න. මම මෙහෙම කිව්වේ මම මීට පෙර කොමෙන්ටුව ලිව්වේ හැමෝගෙම සතුට වෙනුවෙන් නොවේ කියපු නිසා. නමුත් ඇත්ත නම් මම එසේ ලිව්වේ සිංහල උප සිරැසි භාවිතා කරන හැමෝම වෙනුවෙන. ඔබට ජයෙන් ජය.

      Delete
    4. එක් නම් ඇත්ත බයිස්කොප් අඩවියෙන්/zoom.lk අඩවියෙන් වගේම අපි සතුටු වෙනවා ඔයාගේ වෙබ් අඩවියෙනුත් සබ් දෙනවා.ඇත්තටම ඒක හොදයි.ඉස්සර වගේ නෙමෙයි ප්‍රසිද්ධ සබ් සයිට් වලට පවා මේ දෙවල් නිසා ''sinhala'' කියලා වෙනම එකක් වෙන් කරලා තියෙන්නේ.හුගක් හින්දි ෆිල්ම් වල ඉංග්‍රිසි අරාබි සබ් හැරුනුකොට දැන් සිංහල සබ් පවා පෙන්න තියනවා.ඇත්තටම ඒක අගය කෙරිය යුතුයි.වෙබ් අඩවි අතර තරගයක් තියෙන්න ඒන එක හොදයි.ඔයාලා හැමෝම සේවයක් කරන්නේ.අර යාලුවා කිව්ව කතාව ඇත්ත එක සයිට් එකක දාන එවා තවත් වෙබ් අඩවි දෙක තුනක ඒ සබ් එකම පලවෙනවා.ඊට වැඩිය හොදයි නේද කට්ටියම එකතු වෙලා අලුත් අලුත් ෆිල්ම් වලට සබ් දෙන එක.මම හිතන්නේ ඒක වැදගත් වේවි.දැන් උදාහරණයක්ම කියන්නම් INTIME/REAL STEEL වගේ චිත්‍රපට දැනටමත් විවිධ වෙබ් අඩවි වල එක එක කෙනා දාලා.කට්ටියම එකතු උනා නම් ඇත්තටම අපිට චිත්‍රපට කියක් බලන්න පුලුවන් වෙයිද?මම දන්නවා ඒක කරන්න අමාරු වැඩක්.එත් අදහසක් කිව්වේ..


      මේ චිත්‍රපටයටනම් ස්තුතියි.මේක කවුරුත් දෙන්න හිතලවත් නැති එකක්.බොහොම ස්තුතියි.

      Delete
    5. ඹයාගෙත් හිත රිදුනනම් මටත් සමාවෙන්න Anonymous.

      ඒත් සහෝ, මම එහෙම ලියන්න හේතුවත් ඊට කලින් පැහැදිලි කලානෙ. සතුටට හේතු වෙන්නෙ සබ් මිසක සයිට් එක නෙවෙයි කියල. මම හිතන්නෙ නෑ, ඒ සයිට් එකේ අයිතිකරුවන් වත් ඔයා මේ කරපු යෝජනාව දැක්කොත් ඒ ගැන සතුටු වෙයි කියල. මොකද එයාලගෙ හොඳ නමට ඒක හරි මදි. ඇත්තටම "මේ වගේ යෝජනාවක්" කරද්දි තමුන්ගෙ අනන්‍යතාවය වහගෙන ඉන්නකොට ඒ ගැන සැකයක් එන එක සාධාරණ නේද? කතාබස් කරන්න මගේ ඊමේල් එකත් තියනවනෙ.

      සමහරවිට මම එහෙම ලියන්න මට මීට කලින් ලැබුණ අත්දැකීමුත් හේතු වෙන්න ඇති. සයිට් වලට සබ් ඉල්ලල, අන්තිමට මට සුද්ධ සිංහලෙන් පවා කතා කරපු සයිට් ඇඩ්මින්ල ඉන්නව (ඔය කියපු සයිට් එක නෙවෙයි, ඒක කියන්න ඕන නැතිනම් අසාධාරණයිනෙ). කණ්ඩායම් හැඟීම් ගැන ඉතින් කතා කරල පලක් තියේද මංද අද ලංකාවෙ.

      ඇත්තටම මේ වගේ දෙබස් තව තව කතා කරන එක කාගෙවත් හිත හැදෙන්න හේතු වෙන්නෙ නැති බව ඇත්ත. මට ආයෙමත් කියන්න තියෙන්නෙ, ඔයා "අවංක අදහසින් එහෙම යෝජනා කලානම්", ඒකෙ වරදක් නෑ, වරදවා වටහාගෙන මගෙන් සිදුවුන සිත් රිදවීමට සමාවෙන්න.

      බුදුසරණයි!
      අරිසෙන්_

      Delete
    6. @ AnonymousJan 23, 2012 09:13 PM
      &
      @AnonymousJan 23, 2012 08:15 PM

      ඔය කියන සබ් මුලින්මම මම දැක්කෙ මේ සයිට් එකේ. ඉතිං ඕව අනිත් සයිට් වලට කිවුවනම් නෙද වටින්නෙ.

      අරියා. උඹ ගනංගන්න එපා. උඹ තමා සේරටම කලිං එල කිරට සිංහලෙන් දෙන්නෙ සබ්. අනිත් සයිට් වල මාස ගනං පල් වෙන ඒව ඉක්මනට දෙන්න උඹ විතරයි. අපි හැමදාමත් උඹ එක්ක. ජයෙන් ජය.

      චන්දිමාල් :)

      Delete
  7. ane size eka wadine

    mahesh

    ReplyDelete
  8. ඔන්න උඹ මම ආස විදිහේම එකක් දිලා.. අවංකවම උඹගේ මහන්සිය මට වචන ටිකකින් මනින්න බැ... තරගයක් ගැන නම් මට තෙරේන්නේ නැ.. එත් මම සබ් ගන්නවනාම් ගන්නේ හොද සබ් දෙන එකෙක්ගෙන් තමයි.. එහෙම පොරක් තමයි උඹ එකයි මම උඹගේ සබ්ම ගන්නේ... දිගටම කොරහං කොලුවෝ

    ReplyDelete
  9. බොහොම ස්තූතියි ඔබට.
    මේ වැඩේ දිගටම කරගෙන යමු.

    ReplyDelete
  10. Godak thanks yaluwa.... Ane digatama karan yanna... plsss

    ReplyDelete
  11. මැක්සා...........
    බොහොම ස්තූතියි යාලුවා.
    මේ වැඩේ දිගටම කරගෙන යමු.

    ReplyDelete
  12. elama ela, digatama sub denna yalu, api hemadama oba samaga. aluth eawa wediyen one, parana ewa den balalane. oya denne aluth ewamai

    jayawewa.

    ReplyDelete
  13. Arisen kiyanne hugak naki kenekda? ekada eyage aththa nama eli karanne naththe? monawa wunath Lankawe sudda sinhalen upasirasi dena ekama kena thamai Arisen.mahansiya watinawa. eth ilagata denna hithan inna eka kalin dammoth narakada paththen? mokada hamoma ekama deta nikarune mahansi wenna wenne nane ethakota.ekatai ekamuthukama kiyanne.Arisen kiyanne niyama keneknam,ekamuthukama agaya karana,thamange wagema anitha ayage mahansiya ganath hithana karunika keneknam mita passewath paththen ilagata upasirasi denna hithana film eka dai.sthuthiyi

    ReplyDelete
    Replies
    1. @AnonymousJan 24, 2012 01:47 AM
      අරිසෙන්ගෙ ඇත්ත නම අහන්න කලින්, තමුං අඩු තරමෙ මොකක් හරි නමකින්වත් ලිවුවනම් නේද හොද? මෙහෙම ලිවුවෙ උඹ ගෑනුද පිරිමිද ඒ අතරමැදද කියන එක දැනගනී කියල වෙන්න ඇති. 

      @අරිසෙන්
      උඹගෙ සබ් අපට දිගටම ඕන, කලින් දෙන්නෙ මොකද්ද කියල පෙන්නනවනම් හොදයි. පෙන්නල හරි නැතුව හරි අපට ඔය කොලිටි සබ් දිගටම දෙන්න. ඔබට සදා ජය!

      මම දීපාල්.

      Delete
    2. @ AnonymousJan 24, 2012 01:47 AM

      නිකං දෙන අස්සයගෙ දත් ගනින්න එපා.

      Delete
    3. @දීපාල්
      දීපාල්=අරිසෙන්???

      Delete
    4. Ai mechchara tharahen katha karanne me aya? mama Arisen nakida kiyala ahapu ekata wenna athi.අරිසෙන් සහෝදරයා, හිත රිදුනනම් සමාවෙන්න. මගේ වචනෙ ටිකක් දරුණු වැඩි කියල මට ලිව්වට පස්සෙ තේරුණේ.කොයිතරම් වයසක කෙනෙක් වුනත් මේ කරන වැඩේ අගය කරනවා.ඇත්තටම මීලඟ උපසිරැසි මොනවද කියල කලින් දැනුවත් කරලා තියෙනවනම් අපිට අඩුම ගාණේ ඒ චිත්‍රපටිය අරගෙන තියාගන්නවත් පුළුවන්නෙ.ඒකයි මම කිව්වෙ.ඔබට ජය!


      @දීපාල්:
      ඔබගේ වදන් ඉතා දරුණු බව කරුණාවෙන් සලකන්න.

      @සංදීප:
      අවවාදයට ස්තුති..

      Delete
  14. ස්තූතියි අරියා...අර යාලුවො 2න්නා කියන කතාවත් ඇත්ත තමයි.ඒත් ඔයා වෙනම යන එක හොදයි.මන් දැක්කා site එකක ඔයාට බැනලා තියනවා..(cenelanka.com)එයාලා කියන කතාව වැරදියි..එයාලා add වලින් හම්බකරනවා නම් ඔයා මොකද ඔයාගෙ මහන්සිය උන්ට නිකන් දෙන්නේ..හැබැයි උන් දැන් එක තැන පල් වෙනවා...ඔයා ඔය දේවල් වලින් සැලෙන්න එපා..ඔයාගේ සබ් වලට අපි ගොඩාක් කැමතියි..හැබැයි මේ site එක කරන ගමන්ම biscope.lk එකත් එක්කත් ඔයා කැමති නම් එකතු වෙන්න.මාත් හිතන්නේ ඒක ගොඩාක් දෙනෙක්ටත් වැදගත්.ඔයාටත් එහෙමයි..මගේ අදහසක් විතරයි මේ..කොහොම උනත් අපි ඔබ සමගයි...ඔබට සදා ජය.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව ඇත්තටම මම කතා කරන්න අකමැති දෙයක්, ඒ වගේ සුළු දේකට ගහමරා ගන්නව කියන්නෙ ආඩම්බරයක් නෙවෙයි, ලැජ්ජාවක් නිසා.

      එදා ඒ සයිට් එකේ ඇඩ් ගැන නෙවෙයි මම කිව්වෙ, වෙබ් හොස්ටින්, වෙබ් ඩිසයින්න් කරන කමර්ෂල් සයිට් එකක් ඒක. ඒ කොටස්ටික අද වෙනකොට අයින් කරගෙන. ඒ වගේම එයා බයිස්කෝප් එක එක්ක මාර වෛරයකින් ඉන්න එකෙක්. බැනපු බැනිලි ටික එක්ක එවපු ඊමේල් සේරම තාම තියනව ඉන්බොක්ස් එකේ. ඒ විතරක් නෙවෙයි මොබයිල් අංක පවා තියනව. ඇත්තටම ඒ මහත්තය නොමේරූ අදහස් තියන කෙනෙක්, සමහරවිට පොඩි ළමයෙක් වෙන්නත් ඇති. එයාගෙ හිතේ තිබුනෙ මම එයාගෙ සයිට් එකට සබ් දෙන්න බැඳිල ඉන්නව, සිංහල සබ් පොදුවේ හැම කෙනාටම අයිතියි වගේ අදහසක්. හැබැයි ඉතින්, අනිතිමට මටත් සුද්ද සිංහල පාවිච්චි කරන්න වුනා වැඩේ කෙලවරක් දකින්න.

      ඔයා දුන්න සහයෝගයට තුති.

      Delete
  15. මගේ මතකය හරි නම් බයිස්කෝප් එකට තමන්ගේ සයිට් එකේ දාපු සබ් එකක් දුන්නයි කියලා ඒක ඉන්න ඇඩ්මින්ලා බාරගන්නේ නැතුව සූම් එකේ ඒ සබ් එක පොරක් දාලා තිබ්බා මන් දැක්කා...(වැඩි විස්තර ඕනේනම් සූම් එකේ Planet of the Apes (2001) Sinhala Subtitles ලිපිය බලන්න)ඌ බයිස්කෝප් එකට සබ් දෙක තුනක්ම දීපු හාදයෙක්...මහන්සි වෙලා තමන් හදපු සබ් එක තම්න්ගේ බ්ලොග් එකේ දැම්මයි කියලා බාරගන්නේ නැත්තම් මචන්zලා මොකටද අරිසෙන්ට කියන්නේ බයිස්කෝප් එකේ දාන්න කියලා සබ්....එයාව චා කොරන්නද එහෙම නැත්තම් මේ බ්ලොග් එක නවත්තලා ඒකට එකතු වෙන්න කියනවද?? මෙතන වෙන්න ඕනේ මචන් සබ් වෙන සයිට් එකකට දාන එක නෙවේ...මේ සයිට් එක ප්‍රසිද්ද කරන්න ක්‍රියාමාර්‍රගයක් ගන්න කියලා අරිසෙන්ව දිරිමත් කරන එක සහ ඒකට උදවු කරන එක....

    ReplyDelete
  16. @අරිසෙන්
    ඔය කියන සයිට් එකේ ඉන්න ඩයල් එක තමා මචං මං මේ ජීවිතේට දැක්ක ජරාම මිනිහා.. අරිසෙන් අයියා දන්නෙ නෑ ඕකා මහ කුජීතම ඩයල් එකක්.. අන්තිමට සයිට් එකත් චා වෙලා දැන් රිම් එකත් නැතිව පීචං වෙලා ඉන්නෙ.. ඔය සයිට් එකේ ස්ක්‍රීන් ශොට් පවා දාලා තිබුනා, අනික ඔය ලෝකයා බයිස්කෝප් සයිට් එකට බැන්න බැනිල්ල උබලා දැක්කානම් උබලා ටික ඌව ගල් ගහලා මරණවා.. ඒ තරම් ජරාම ඩයල් එකක්

    ReplyDelete
  17. thankyou so much for the subs

    ReplyDelete
  18. @Anonimous, balan yanakota cinelanka karaya smbanda athdekeem thiyanne mata witharak newi!

    @Arisen, Machan uba dan sathutu weyan. kattiya ube site ekay subtitlaluy wiwechanaya karanawa. machan dan uba WIWECHANAYATA THARAM SUDUSUY. ubata jayen jaya!

    ReplyDelete
  19. මෙම බ්ලොග් අඩවිය වෙනුවෙන් සහයෝගය දුන් සියළු දෙනාට ඉතාමත්ම ස්තූතියි. මම කරන දේ මතකයේ තියන අයි ඉන්නව කියල දැනෙන එකත් සතුටක්.

    ඔබ සැමට, සැමදා ජයෙන් ජය ජය!

    අරිසෙන්_

    ReplyDelete
  20. ෆිල්ම් එක බලලත් මේ කමෙන්ට් එකක් දැම්මේ...මේක රේටින් අඩු වුනාට පට්ට ෆිල්ම් එකක්...ලස්සන ආදර කතාවක් ඒ අස්සේ සැගවුන අබිරහසක්...ඒ වගේම ක්‍රියාදාම වලින් සපිරුණු මේ නිර්මාණය ඔබත් අනිවා නරබන්න.. බොහොම ඉස්තුතියි අරිසෙන්...
    ඉස්සරහටත් මේ වගේ අලුත් ෆිල්ම් වලට සිංහල උපසිරස ලබා දෙන්න..
    තව දෙයක් නම් ගම් එහෙම පාට කරලා ලස්සනට දෙන එක නම් මැක්සා..එකෙන් තවත් සබ් එක ලස්සන වෙනවා..බලන්නත් හිතෙනවා..කම්මැලි නැතිව.. :)
    ජයෙන් ජය~!

    ReplyDelete
  21. හ්ම්ම්ම්ම්ම්ම්ම්......රේටින්ස් අඩු වුනාට කතාවනම් එල.... :)

    ReplyDelete
  22. Chami

    නියම චිත්‍රපටියක් සහෝ සිංහල සබ් දුන්න එකට ස්තුතියි තව තව සබ් දාන්න ශක්තිය දහිරය ලැබේවා,,.

    ReplyDelete
  23. පික්සු හැදෙන අම්බිලියං...මේවට තමයි කියන්නෙ "හොලමංට බයනං අපි කටුස්සගෙ කරේ රත්තරං බඳින්නෙ නෑ" කියල........මේ අයියා මේ ඩිංගට මේකත් දීලනෙ.......එල එල ජයෙං ජය..!!

    ReplyDelete
  24. නියමයි මචන් කියන්න වචන නෑ'''

    ReplyDelete
  25. මචන් මේ බ්ලොග් එකට FeedBurner ඒකෙන දෙන Subscribe Gadget එක දැම්මනම්, අපිට ඔයා ලිපියක් දාපු ගමන් ඊමේල් එකකින් ඒ ලිපිය ගැන දැන ගන්න පුළුවන්. මෙය බ්ලොගර් වල නොමිලේ ලබාදෙන ගැජට් එකක්.
    -ස්තුතියි

    ReplyDelete
  26. මේ දවස් ටිකේම ෆීඩ් බර්නර් ගැජට් එකේ අවුලක් තියනව. ඇඩ් කරන්න බෑ. ඒක නිවැරදි වුන ගමන් කරන්නම්.

    වටිනා යෝජනාවක්. තුති.

    ReplyDelete
  27. බොහොම ස්තුතියි සහෝදරයා.ලස්සන චිත්‍රපටියක් ඔයාට ගොඩාක් ස්තුතියි.
    ජය වේවා!!

    ReplyDelete
  28. මොහොට්ටිFebruary 16, 2012 at 11:20 AM

    ෆිල්ම් එක බාගත්තා අව්ල තමයි සබ් වැඩ කරන්නෙ නැහ.අව්රැද්දක කාලයක ඉදන් මම ෆිල්ම් බලනවා v l c හැර අනිත් player එකකවත් සබ් වැඩ කලේ නැහ.vlc එක මගේ ලග නැහ.

    ReplyDelete
  29. @ මොහොට්ටි,

    ඔයාගෙ ගැටළුව ටිකක් හිතාගන්න අමාරුයි සහෝ. ඇත්තම කියනවනම් මම මේ සබ් ටෙස්ට් කරන්නෙ MediaPlayer Classic එක්ක. VCL වලින් .srt .ssa සබ් පෙන්වන්නෙ නෑ. සපෝට් කරන්නෙ නෑ. මෑතක අළුත් එකක යුනිකේත සපෝට් කරනවදනම් දන්නෙ නෑ.

    MediaPlayer Classic තමයි මට මේ දක්වා හම්බවුන සිංහල විතරක් නෙවෙයි, ඕනම සබ් එකක් ඉතාම පැහැදිලිව පෙන්වන ප්ලේයරය (http://www.free-codecs.com/download/media_player_classic.htm)

    VCL, Win Media player වගේ ඒව සිංහල නෙවෙයි ඕනම සබ් එකක පිට දාරය බොද කරලයි පෙන්වන්නෙ. VCL ගන්න මේ ලින්ක් එකට යන්න http://download.cnet.com/VLC-Media-Player/3000-13632_4-10267151.html

    ReplyDelete
  30. ඔන්න අරිසෙන් මම මේකත් බැවෙන්න දැම්මා.. ඔබට පිo....
    (Dina)

    ReplyDelete
  31. ඔන්න මම sub එකක් බැවා. මම මෙ site එකෙන් බාන පලවෙනි sub එක. සින්හල sub වලට තවත් සියිට් එකක් තිබ්ම ගැන සතුටුයි. thanks

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...