Sunday, May 15, 2011

Rio 2011

 

බ්ලූ (නිලූ) නැමති ඇතිකරන නිල් මැකෝ ගිරවා, එම සත්ව විෂේශයේ අවසාන පිරිමි සතා ලෙස සොයාගත් පසු, වර්ගයා බෝ කරගැනීමට ඌ රියෝ ද ජැනයිරෝ වල පිහිටි පක්ෂි සංරක්ෂන මධ්‍යස්ථානයට ගෙන යනු ලබයි. එහි සිටින ජුව්ල් නැමති ගැහැනු සතා, කැලයේ සිටි එකෙකු වන අතර දෙදෙනා අතර සම්බන්ධය එකවර ඇති නොවේ.

කුරුල්ලන් අල්ලා විකුනා පොහොසත් වීමට උත්සාහ කරන හොර කල්ලියක් මෙම ගිරවුන්ගේ වටිනාකම මුදල් කරගැනීමට උන් පැහැර ගන්නා සැටිත්, නිලූ ජුව්ල් සමග ආදර සම්බන්ධය ගොඩනගා ගන්නා සැටිත්, පියාසැරිය නුහුරු ඇතිකරන ගිරවෙකු වූ නිලූ පියෑඹීමට යොමුවන සැටිත් කියවෙන මෙය අපූරු ත්‍රිමාන සජීවීකරන, ළමා කාටූන් චිත්‍රපටයකි. මෙය නැරඹිය යුතු අපූරු, විචිත්‍රවත් කතන්දරයක් බව කිව යුතුය. පවුලේ සැමට අපහසුවකින් තොරව එක්ව නැරඹිය හැක.

සිනමා පටයේ ත්‍රිමාන සජීවීකරණ ඉතා ඉහල තත්වයේ සවිස්තර (detailed) ඒවා වන අතර, ගීත/වාදන (අරුත නොවැටහුනද) ඉතා ඉහල රසාස්වාදයක් ලැබියහැකි සේ නිර්මානය කර ඇත. සමස්ථයක් ලෙස (කථාව/තිර රචනය/ පණිවුඩය) මෙම චිත්‍රපට වර්ගීකරණ කාණ්ඩයට අදාලව, අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 10/10 කි.

තෝරාගත් R5 XviD-MAXSPEED වීඩියෝ ක්ලිපය A/V - 10/10 කීමට තරම් ප්‍රමාණවත් බව මගේ අදහසයි.

විශේෂ ස්තුතිය: ඉහල ගුණාත්මයේ වීඩියෝපට වලට මා කල ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ නුවන් සමරසිංහ, විකියා, දිමුතු මහේන්ද්‍ර සූරිආරච්චි සහ රජිත තෙන්නකෝන් යන සොයුරන්ට.

IMDB ලකුණු - 7.3/10
චිත්‍රපටයේ වර්ගය: ඇනිමේශන් / ප්‍රහසන / ආදර / ළමා 

අධ්‍යක්ෂණය : කාලෝස් සල්දානා
කථාව : කාලෝස් සල්දානා, අර්ල් රිචී ජෝන්ස් ඇතුළු පිරිස


සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!

කරුණාකර ගුණාගුන කියල යන්න / Pls leave a comment

14 comments:

  1. sub walata bohoma sthuthiy. thawa idiriyatath hoda
    film walata sinhala sub denna.

    ReplyDelete
  2. බොහොමත්ම ඉස්තූති සහෝ... :) ඉක්මනින්ම උපසිරසත් එක්ක මැක්සා ‍ෆිල්ම් එකක් ලබා දීපු එක ගැන...ඒ වගේම ඉදිරියටත් මෙවන් සුපිරි ගනයේ සිනමා සිත්තමකට උපසිරස දැමීමට ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරන්නම්...
    ~ජයෙන් ජය...!~

    ReplyDelete
  3. මට නම් කියන්න වචන නෑ......අති විශිෂ්ටයි....!!!!

    ReplyDelete
  4. ඉතා වටිනා සේවයක් ඔබ කරන්නේ..සුබ පතනවා,,දිගු ගමනකට!

    ReplyDelete
  5. Hashan Rathnayaka - උපසිරසි ටික නම් ඉතාම අනර්ග විදිහට නිර්මාණය කරලා තියනවා . බොහොම ස්තුති යාළුවා . දිගටම මේ වගේ අර්ථවත් දේවල් කරන්න ශක්තිය ලැබේව කියල ප්‍රර්ථනා කරනවා .

    ReplyDelete
  6. බොහොම ස්තුතියි...! සහෝ. ආයෙත් සිංහල උපසිරැසි දෙනකොට එහෙම බලාපොරොත්තුවක් තියනවනම් :) ඒවා zip (compressed) file එකක් විදිහට දෙන්න එතකොට ඒව download කරනකොට sub file එක corrupt වෙලාද කියල බලාගන්න පුළුවන්, මොකද මම "green hornet" ෆිල්ම් එකේ subtitles download කරල බලද්දි file එක corrupt වෙලා පස්සෙ වෙන download manager එකකින් තමයි file එක download කරගත්තෙ.

    ReplyDelete
  7. Maxxa Wadak
    මේ බ්ලොග් එක සින්ඩිකේටර් වලට දාන්න. මේක ගොඩක් වටිනවා. ඒ වුනාට ගොඩක් අය මේ බ්ලොග් එක ගැන දන්නේ නෑ.

    ReplyDelete
  8. ඇත්තටම යාලුවෙ මේක ඉතාමත් හොද වෙඩක්..ඉදිරියටත් හොදට කරගෙන යාමට මගෙන් සුබ පැතුම්...තෙරුවන් සරණයි!

    ReplyDelete
  9. ශා! නියමයි අහ්හ්... හැබැයි ඕකට වැඩ 100% සාර්ථක සබ්ස් දාපු එකක් තියනවා සහෝ... <a href="http://www.themyblog.tk/2011/06/rio-sinhala-subs/>@ The My Blog!</a>

    ReplyDelete
  10. ßuddh!ma™,

    ඔව් ඇත්තටම ප්‍රසංශාකටයුතු උත්සාහයක්. මමනම් හිතන්නෑ කිසි කෙනෙකුට 100%ක් සාර්ථක වෙන්න පුළුවන් කියල, මට වුනත් එහෙමම තමා. මොකද ඒව දිහා බලන අය බලන්නෙ විවිධ කෝණ වලින් නිසා. ඔයා 100% සාර්ථකයි කියන එකටම, වෙන කෙනෙක් වැරදි 100 ක් විතර පෙන්නයි.

    කොහොම වෙතත් දිගටම සබ් දාන්න, උදව්වක් ඕනනම් ඕන වෙලාවක කතා කරන්න. (ඕන වුනොත් මමත් ඔයාට කතා කරන්නම්කො) ;)

    ReplyDelete
  11. නියමයි, හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  12. tnk u soooooo much...a great job...keep it up

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...