Monday, August 6, 2012

Battleship (2012)

 


මෙම විශ්වයේ අප තනිව නැතැයි විශ්වාස කරන විද්‍යාඥයින් අධි බල සම්ප්‍රේශණ චන්ද්‍රිකාවක් හරහා පෘථිවියට සමාන ලක්ෂන සහිත ග්‍රහ ලෝකයකට පණිවුඩ යැවීම ආරම්භ කලා. මේ පණිවුඩ වලට ප්‍රතිචාර දක්වල, පිට සක්වලින් මේ ලෝකෙට ආවෙ හිතවත් කමට නෙවෙයි. ඒ එන අතරේ එයාලගෙ සන්නිවේදන උපකරණ සහිත යානය විනාශ වෙනව. තමන්ගෙ ලෝකයට පණිවුඩයක් යවන්න පෘථිවියේ තියන චන්ද්‍රිකාව යොදාගන්නයි එයාල උත්සාහ කරන්නෙ. එහෙම කරල තව උදවු ගෙන්නගෙන පෘථිවිය ආක්‍රමණය කරන්න.

ඇමරිකානු නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් තම බාල සොයුරාව  තමා සමගම නාවික හමුදාවට බඳවාගන්නෙ, එයාගෙ තියන කඩප්පුලි ගති යවල හොඳ වැදගතෙක් කරන්න හිතාගෙන. ඒ වගේම එම බාල සොයුරාට නාවික හමුදා සේනාංක අධිපතිගෙ දුවත් එක්ක හාද කමකුත් තියනව. මෙහෙම ඉන්න අතරෙ රටවල් 14 ක නාවික හමුදාවන් එකතුවෙල නාවික යුධ අභ්‍යාසයක් ආරම්භ කරනව. අර ඉස්සෙල්ල කියපු පිටසක්වල ජීවීන් පෘථිවියට එන්නෙ හරියටම මේ නාවික අභ්‍යාසය තියන වෙලාවෙ.

ඉතින් ලෝකයට කුමක්වේද? නාවික හමුදා ලොක්කගෙ දූගෙ පෙමට කුමක් වේද? නම කැත කරගෙන හිටපු අර බාල සොයුරාගේ අනාගතය කුමක් වේද? මේ ප්‍රශ්න වලට පිලිතුරු බලලම හොයාගන්න.


2012 වර්ෂයේ මැයි මස මුල්ම වරට ඇමරිකාවේ තිරගතවුන මේ චිත්‍රපටය, IMDB ලකුණු 6.1 ක් හිමි කරගෙන තියනව. චිත්‍රපටියේ වර්ගයට අදාලව අරිසෙන් ලබාදෙන්නෙ 7/10 ප්‍රමාණයක්. තෝරාගත් වීඩියෝ ක්ලිපය BRRip වර්ගයේ 400 මෙ.බ. වන අතර A/V 10/10 තත්වයේ වෙනව.




19 comments:

  1. බොහෝම ස්තුතියි.

    ReplyDelete
  2. කනිෂ්කAugust 6, 2012 at 5:40 PM

    තව තවත් හොඳ ඒවට සබ් දාන්න ශක්තිය ලැබේවා..........

    ReplyDelete
  3. ගොඩක්ම ස්තුතියි.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ස්තුතියි සහෝ. මේක තාම බලන්න බැරි උනා. ඔයාගෙ සබ් එකත් එක්ක බලන්නම්කෝ....

    ReplyDelete
  6. සඳරුවන්August 7, 2012 at 9:43 AM

    නියමයි අරිසෙන්, ගොඩක්ම තුති පිට පිට දෙකක්ම දුන්නෙ තනියම ගෙනියන ගේම නියමයි

    සදා ජය!

    ReplyDelete
  7. තැන්කූ අරිසෙන්...

    ReplyDelete
  8. ස්තූතියි අරියා..site එකේ කරලා තියන වෙනස්කම් නියමයි.....ඔයා හොදට මේ වැඩේ තනියම කරනවා..අපිට කරන්න පුලුවන් comment එකකින් ඔයාට ශක්තියක් වෙන එක විතරයි෴෴෴

    ReplyDelete
  9. සෑහෙන කාලයක් බලාගෙන හිටියා මේ ෆිල්ම් එක එනකම්
    ස්තූතියි යාලුවා...

    ReplyDelete
  10. http://sinhalasubtitlez.blogspot.com/2012/08/identity-2003-with-sinhala-subtitles.html
    identity-2003-with-sinhala-subtitles.
    meyka pattai abalanna

    ReplyDelete
    Replies
    1. ඔන්න කට්ට්යටම ලේසියෙන් බාගන්න ලින්ක් එක.
      Torrent එකයි සබ් එකයි දෙකම. සයිට් එකේ
      Torrent එක දීල නැතත් මේක හරියටම ගැලපෙනව.

      https://rapidshare.com/files/3259777746/Identity _2003_ BRRip _www.sinhalasubtitlez.blogspot.com_.rar

      Delete
    2. eaka nam hariyatama gelapenawa tama, thanku shhh
      meka lesi tama.

      Delete
  11. අලුත් බැනර් ටික ලස්සනයි.. හොඳ ටෙම්පලේට් එකකුත් දාගන්න.
    http://www.templatesdoctor.com/

    ReplyDelete
    Replies
    1. සහයෝගයට තුති චතුර.

      Delete
  12. gardens of the night (2008) ekatha sub dennako

    ReplyDelete
  13. කාලෙකින් මේ පැත්තේ ආවෙ ..කොල්ලා සබ් සෑහෙන්න දීල නේ.. එල එල.අපේ රසවින්දනය වෙනුවන් වෙන මහන්සිය ගොඩක් අගය කරනවා... ඔබට ජය..!!

    ReplyDelete
  14. meka baganna bene..mokada aula help....

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...