Monday, May 28, 2012

Columbus Circle (2012)


ජස්ටින් වෝටර්ස් කියන්නෙ ඉතා ධනවත් කුලවත් පෙලපතක උපතලද පවුලේ එකම දරුවා වගේම එම පෙලපතේ ඊලඟ උරුමක්කාරිය. ඇයගේ පියා බේබද්දෙක්. ඒ වගේම නිරන්තරවම බීමතින් ඇවිත් මවටත් දුවටත් නොසෑයෙන්න වධ වේදනා පමුණවුවනව. මේ නිසා බලවත් සිත් තැවුලටත් වේදනාවටත් පත්වන ඇය ගෙදරින් පැන යනව. මෙසේ ඇබිගල් ක්ලේටන් නමින් කොලොම්බස් වටරවුම අසල පිහිටි, කොලෙම්බස් ස'ර්කල් නම් අති සුපිරි නිවාස අංගනයක වසර 17 ක් පුරාවට අවට ලෝකය සමග කිසිම ගනුදෙනුවක් නැතිව රහසේ ජීවත් වෙනව. මෙම අතුරුදන්වීම එවකට රටේ මහත් ආන්දෝලනයකට සහ කතා බහට තුඩු දුන් එකක් වන අතර, ඇය සෞදි අරාබියානු කුමරෙකු සමග රහසේම වහන්වූ බවක් ජනතාව විශ්වාස කරනව. ඇගේ පියාගේ කිට්ටුම හිතවතෙක් වන පවුලේ වෛද්‍ය වරයා ඇයට සහය වනව. ඉදිරිපස නිවසේ මහළු කාන්තාව ඝාතනව වීමත් සමගම, ඇයගේ මෙම දිවිය වෙනස් වන අතර, චිත්‍රපටයේ ආරම්භයත් එයමයි. ඇය සිටිනා තත්වය දකින වංචාකාරී ජෝඩුවක් ඇය රවටා ධන සම්භාරය අරගන්නට තැත් කරනව. තමුන්ට තමුන් හැර වෙනත් කිසිවෙකු විශ්වාස කල නොහැකි බව කියවෙන මෙම චිත්‍රපටයේ කවුරුන් විසින් කවුරු රැවටීමට භාජනය කලාද යන බව හිතාගන්න ප්‍රේක්ෂකයාට ටිකක් කල් ගතකරවන සුළු එකක්. 


IMDB ලකුණු 5.8 ක් හිමිකරගෙන ඇති මෙම චිත්‍රපටයට අරිසෙන් ලබාදෙන ලකුණු සංඛාව 8 ක් වන අතර නැරඹිය යුතු ගනයේ චිත්‍රපටයක්. 

තෝරාගත් වීඩියෝ ක්ල්පය BrRip.x264.YIFY.mp4 වන අතර එහි ගුණාත්මය A/V 10/10 ට ඉතා ආසන්න එකකි. එහි සීඩ්/ලීච් ප්‍රමාණය සහ බාගත කිරීමේ වේගය ඉහල අගයක පැවතිණ. 

චිත්‍රපටයේ වර්ගය - අපරාධ / ත්‍රාසය / නාට්‍යමය / පවුලේ කතා

සිංහල උපසිරැසි සමග ටොරන්ට් ගොනුව (2.19 mb) බාගත කිරීමට පිවිසෙන්න.




42 comments:

  1. එල, අද මම එක.

    නියමයි අරිසෙන්, Imdb අඩු වුනත් ඔයා දෙනවනම් ආයෙ දෙකක් නෑ, එලට ඇති.

    දාහක් තුති.

    ReplyDelete
  2. අරිසෙන් අයියේ ගොඩක් ස්තුති. ඔන්න එහෙනම් බාන්න දැම්ම.

    ජයවේවා.

    ReplyDelete
  3. නියමයි සහෝ ගොඩක් ස්තුතියි....... :)

    ReplyDelete
  4. බොහොම තුති :)
    ජයෙන් ජය~!

    ReplyDelete
  5. ගොඩක් ස්තුතියි සහෝ.........

    ReplyDelete
  6. බොහෝම ස්තුතියි අරිසෙන්.
    පොඩි යොජනාවක් අනේ පුලුවන් නම් කරන්න.
    අකුරු අඩු පොඩි සයිස් උපසිරැසි එකක් දෙන්නකෝ ඩිවිඩි එකක් රයිට් කරලා බලන්න පුලුවන් විදියේ එකක්.
    අර එකක නම් දෙනවා.පුලුවන් නම් දෙන්න බලන්න.පවුලේ හැමෝටම බලන්න පුලුවන් එවා මම කට්ටියත් එක්ක බලන්නේ.
    මම හිතනවා ඉල්ලිමට සවන්දෙයි කියලා

    ReplyDelete
  7. බොහෝම ස්තුතියි අරිසෙන්

    ReplyDelete
  8. නියමයි අරිසෙන්,ඔයා දෙනවනම් film 1 ආයෙ දෙකක් නෑ, එලට ඇති.

    බොහෝම ස්තුතියි!

    ReplyDelete
  9. මචං ඉස්සර දුන්න වගේ හැමෝටම බලන්න පුළුවන් ඒවා දෙන්න.... ඇනිමේෂන්, සුපර් හීරෝස්, කොමඩි , වගේ ඒවා..දැන් එක දිගට දුන්න සේරම කාත් එක්කවත් බලන්න බැහැ. :( අනේ ලොකු දෙයක් අලුතෙන් එන ඇනිමේෂන් වලට සබ් දෙන්න..පොඩි ළමයිනුත් සතුටු වෙනවා නේ....මේ ඉල්ලීම සලකා බලන්න කරැනාකරලා අරිසෙන් සහෝ.අලුතෙන් ආව ලස්සන ෆිල්ම්ස් තියෙනවා..

    ReplyDelete
  10. සිරා මචං..
    පරණ ඉස්සර දුන්න අන්න ඒ වගේ ඒවා දෙන්න සහෝදරයා.මේවා බලලම ඇති වෙලා දැන්.කට්ටියත් එක්කම ඉදන් බලන්න පුලුවන් කොමඩි ඇනිමේට් ඒවා දෙන්නකෝ............. :)
    Ratatouille 2009 වගේ ඒවා නියමයි
    අනිත් එක ඉන් ටයිම් ,පරෝපොසල්,ද තින්ග් ,
    මේවා වගේ ඒවා දෙන්න සහෝ.හරි අමාරුයි මේවා බලන්න කට්ටියත් එක්ක :( :( :(

    ReplyDelete
  11. The Boy in the Striped Pajamas (2008)
    me film ekata subs denna.....

    ReplyDelete
    Replies
    1. බින්දුMay 29, 2012 at 6:25 PM

      http://sinhala-subs.blogspot.com/2010/12/2008-boy-in-striped-pyjamas-2008.html

      Delete
  12. Public Enemies (2009)

    ReplyDelete
  13. http://www.imdb.com/title/tt0914798/

    ReplyDelete
    Replies
    1. බින්දුMay 29, 2012 at 6:24 PM

      http://sinhala-subs.blogspot.com/2010/12/2008-boy-in-striped-pyjamas-2008.html

      Delete
  14. බොහොම පිං යාළුවා ඔයාට ඔයාගේ දැනුම තව තවත් දියුණු වේවා

    ReplyDelete
  15. තුති සහෝ. තව තවත් වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබේවා.

    ReplyDelete
  16. මේ මචෝ මේ වැඩේ එල. ඒ වගේම අනෙක් සයිට් වල නොදෙන සබ් දෙන්න නිතරම.
    තව දෙයක් චිත්‍රපටයෙ හොඳ පිටපතක්ක බාගන්න පුඵවන් තැනක ලින්ක් එකකුත් එක්ක දෙනවනම් ගොඩාක් පහසුයි අපිට. ඔබට ජයෙන් ජය.

    ReplyDelete
  17. ඒල සහෝ., ජය වේවා!!!!!!!!!!!!

    ReplyDelete
  18. බොහොම ස්තුතියි සහෝ

    ReplyDelete
  19. මචං උබ කලින් දුන්න එවා හොද නිසා ඔන්න මෙකත් ගත්තා.

    ReplyDelete
  20. meeka honda ekak kiyala mata issella hitune ne. a nisa dekkath beluve ne. Arisen dunna kiyanne aniva elata eti. mee den baanawa. tuti

    ReplyDelete
  21. අරිසෙන් සයිට් එක හදනවා වගේ. හොඳයි හොඳයි ලස්සන ටෙම්පලේට් එකක් හොයලා දාන්න

    ReplyDelete
  22. නිරක්ෂMay 31, 2012 at 2:39 PM

    තුති සහෝ, ඔයාගෙ සබ් තමයි මම කැමතිම. හරිම තාත්විකයි සරලයි ගතියි.
    හැමදාම දිගටම අපට සබ් දෙන්න. අපි හැමදාම ඔයා එක්ක ඉන්නව.

    ReplyDelete
  23. ගොඩක් පින්.

    ReplyDelete
  24. Chatura VidurangaMay 31, 2012 at 5:13 PM

    Many thanks, keep up the good work.

    ReplyDelete
  25. Public Enemies (2009)
    mekata subs danna...

    ReplyDelete
  26. den site eka lassanai. hemadama sub aragena yana gaman obata suba pathanava oyage siyalu katayuthuvalata.

    ReplyDelete
  27. http://thepiratebay.se/torrent/6540811 මෙන්න මේකට උපසිරස දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් කාලින මාතෘකාව ගැන කතා කරන්නේ අපි බලන ඉන්නවා සබ් දෙන කම්

    ReplyDelete
  28. කට්ටියත් එක්කම ළමා ලපටි එකක්ම බලන්න පුළුවන් ඒවා දෙන්නකෝ..ලගදි දුන්න සේරම අමුතු ඒවා හොද කාටුන් එකක් අවුට් වෙලා විස්තර මෙහෙම ....

    කාටුන් බලන්න අපි කව්රුත් කැමතියි නේ. ඉතීන් මේ කියන්න යන්නේ ඒ වගේ ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වුනු ලස්සන කාටුන් චිත්‍රපටියක් ගැන.-----The Secret World of Arrietty 2012------
    මේතෙක් නිපදවූ සජීවිකරණ කාටුන් චිත්‍රපටි අතරින් ලොව පුරා හතරවෙනියට වැඩිම අදායම ලබාපු චිත්‍රපටිය මේකයි. මෙය ඇත්තටම ඉංග්‍රීසි වලට හඩ කවන ලද ජපන් චිත්‍රපටියක්. ඇරිඅටි කියන්නේ 14 හැවිරිදි කුඩා ප්‍රමාණයේ මිනිසුන් වර්ගයක ගැහැණු ළමයෙක්. මෙයාල සාමාන්‍ය ලෝකයෙන් වසන් වෙලා තමයි ඉන්නේ. මේ ගොල්ලෝ ජීවත් වෙන්නේ අනික් මිනිසුන්ගේ දේවල් පරිභෝජනයට අරගෙන. ඒ කියන්නේ එක්තරා විදියට හොර කමක් තමයි. කොහොම හරි එක් අවස්ථාවකදී ඇරිඅටි ව සාමාන්‍ය පිරිමි ළමයෙක් දකිනවා. මේ දේ නිසා මුලින්ම කලින් බියට පත්වුනත් අන්තිමට මේ දෙන්න හොද යාළුවො බවට පත්වෙනවා. ඉතීන් මේ දෙන්නගේ මිතුරු කමේ කතාව තමයි මේ චිත්‍රපටිය පුරා තියෙන්නේ.....
    http://kat.ph/the-secret-world-of-arrietty-2012-dvdrip-xvid-sc0rp-t6428502.html

    මෙන්න මේ වගේ එකකට සබ් දෙන්නකෝ..අනිත් හැම එකකවත් දැන් කාටුන් වත් ඇනිමේෂන් වත් දෙන්නේ නෑ..ඔයාවත් ඒ නිසා ලස්සන ඒ වගේ ටිකකට සබ් දාන්නකෝ

    ReplyDelete
  29. අපෝ ඔවු ටිකක් සංකීරණ නැති :)සෙට් වෙලා බලන්න පුළුවන් එකක් දෙන්න සහෝ :)මෙව්වා 18 ට වැඩි ඒවා එපා කොල්ලෝ... ඉස්සර දුන්නේ අන්න ඒ වගේ ඒවා දෙන්නකෝ..බලන්න ඉස්සර ලස්සනම ලස්සන කතා හැමෝටම බලන්න පුළුවන් ඒවා දීලා තියෙනවා.....:) කටුන්ම ඕනේ නෑ ඒවත් නරක නෑ :) ඔය හොද කතා ඕනේ තරමක් තියෙන්නේ කික් ඈස් කියලා ටිකක් පරණ එකක් තියෙනවා අන්න ඒක දෙන්න බලන්න සුපිරි.....
    සබ් දෙන අකුරු වල කැඩිලා ප්ලේ වෙන්නේ සමහර වෙලාවට අන්න ඒකත් හදන්න..මම ටී වී එකේ බලන්නේ අකුරු සයිස් එක ලොකුයි දැන් ඔය මොකක්ද දෙන එක අන්න ඒක හදන්න..මිනිස්සුන්ට වඩා සබ් එක ලොකුයි :(

    ReplyDelete
  30. akuru awul dvd gahuwahama..font aka loku hadanna aka machan.

    ReplyDelete
  31. මේක බැලුවා අරිසෙන්ගේ සබ් එක්කම...පට්ටම ෆිල්ම් එකක්..
    ජයෙන් ජය~!

    ReplyDelete
  32. මචන් මේ සබ් එකේ අවුලක් තියෙනවද? මට ටික වෙලාවයිනේ සබ් පෙන්නන්නේ..

    ReplyDelete
    Replies
    1. ow..matath tika welawai penne.

      Delete
    2. මචෝ මම මේක බැලුව. සබ් එක දිගටම අවුලක් නැතිව පේනව. මම බැලුවෙ media player classics එක්ක.

      Delete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...