Monday, June 11, 2012

Black Book (2006)



දෙවන ලෝක යුධ සමයේ යුදෙව් ජාතිකයන් සාහසික ලෙස, නාසි හමුදා අතින් ඝාතනයට ලක්වූ අතර ඔවුන් රටින් පැන යාම මේ නිසා සිදුවිය. මෙසේ ඔවුන් රටින් පිට කිරීමට යයි රවටා රැගෙනගොස් ඝාතනය කර ඔවුන්ගේ මුදල් සහ රන් ආභරණ කොල්ලකෑමද ඇතැම් හමුදා නිලධාරීන් සහ වෙනත් වගකිවයුත්තන් ජයටම කරගෙන ගිය ව්‍යාපාරයක් විය. මෙසේ කලක් ප්‍රසිද්ධ ගායිකාවක වූ තැනැත්තියක් පැනයාමට උත්සාහ දරන අතර, ඇයගේ සම්පූර්ණ පවුලම ඝාතනයට ලක්වේ. පසුව දිවි ගලවාගන්නා ඇය හමුදාවේ ඉහල නිලයක් සමග සබඳතාවක් ඇතිකරගනුයේ ප්‍රතිරෝධී කල්ලි සමග එක්වීම නිසාය. මෙසේ ඇය දිවි ගලවාගෙන යුද්ධයෙන් පසුව තම පවුලේ ඉරණම පිලිබඳ තොරතුරු සොයාගැනීම වටා මෙම කතාන්දරය ගෙතෙයි.


IMDB ලකුණු 7.8 ක් හිමිකරගත් මෙම චිත්‍රපටය 2006 සැප්තැම්බර් මස නෙදර්ලන්තයේදී මුල්ම වටර තිරගතවූවකි. චිත්‍රපටයේ වර්ගයට අනුව අරිසෙන් IMDB ලබාදී ඇති ලකුණු ප්‍රමානය සමග එකඟ වෙයි. 

තෝරාගත් වීඩියෝ ක්ලිපය DVDRip-FxM වන අතර, 907 මෙ.බ. ධාරිතාවක් සහිතයි. එහි ගුණාත්මය A/V 10/10 ලෙස කිව හැක. 

මෙම චිත්‍රපටය වැඩිහිටි අය සඳහා නිපදවූවකි. අසභ්‍ය ව්‍යවහාර අඩංගු නොවෙතත්, දෙබස් අරුත හානි නොකරනු පිණිස,නෙහික්මුනු භාෂාව පරිවර්ථනය කර ඇත. පවුලේ සැමට එක්ව නැරඹිය නොහැකි ආදර සහ කාමුක ජවනිකා අඩංගුය.

චිත්‍රපටයේ වර්ගය - යුධ / ආදර / අපරාධ / 18+

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අඩු Font Size සහිත ගෙනුවක් වෙනම පිලියෙල කර ඇත.

ටොරන්ට් ගොනුව සමග සිංහල උපසිරැසි ගොනුව බාගත කිරීමට.
ගූගල් ඩොක්ස් සබැඳි - සාමාන්‍ය ගොනුව   කුඩා අකුරු ගොනුව



40 comments:

  1. ගොඩක්ම තුති.

    ReplyDelete
  2. බුද්ධිJune 11, 2012 at 1:40 PM

    ටිකක් පරන වුනත් නියමයි, වෝ පිල්ම් තමා මම ආසම.

    ReplyDelete
  3. තුති, ඔහොම යමු

    ReplyDelete
  4. සබ් දුන්නට ජය වේවා. තව තව දෙන්න ශක්තිය ලැබේවා

    ReplyDelete
  5. බොහෝම ස්තුතියි......

    ReplyDelete
  6. නියමයි,ජය වෙවා!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  7. "මෙම චිත්‍රපටය වැඩිහිටි අය සඳහා නිපදවූවකි. අසභ්‍ය ව්‍යවහාර අඩංගු නොවෙතත්, දෙබස් අරුත හානි නොකරනු පිණිස,නෙහික්මුනු භාෂාව පරිවර්ථනය කර ඇත. පවුලේ සැමට එක්ව නැරඹිය නොහැකි ආදර සහ කාමුක ජවනිකා අඩංගුය."

    මරේ මරු ......................

    ReplyDelete
  8. @ seekmind,

    මරේ මරු, ගොඩක්ම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      අරිසෙන් සහෝදරයා මගෙ කමෙන්ටුව වැරදි විදියට තේරුම් අරන්ද මන්ද...?

      ඉහත කමෙන්ටුව මම දැම්මෙ චිත්‍රපටිය විවෙචනය කිරීමේ අදහසින් නොව හුදෙක් ආතල් එක සඳහා පමනි.

      Delete
  9. ගොඩක් හොඳ එකක්. සබ් වලට තුති. මන්ද මානසික අයගෙ කතා හිතට ගන්න එපා. අපේ රටේ අයට තියන එක ලෙඩක් ඕක.

    IMDB 7.9 ක් තියන එකක්. මම දන්න තරමින් සම්මානත් ගොඩක් ලැබුන එකක්. මොන විදියෙ වුනත් කමක්නෑ සබ් දෙන්න. ඔයා දුන්නොත් අනිවාර්යයෙන් හොද කතාවක්, බැලුවට පස්සෙ මොනවට බැලුවද කියල හිතෙන්නෙ නෑ. බලන්න අකමැති අය නොබල ඉන්න එකනෙ තියෙන්නෙ.

    ජයවේවා.

    ReplyDelete
  10. බුද්ධිJune 13, 2012 at 11:46 AM

    ගොඩක් පින් මෙහෙම අපි වෙනුවෙන් සබ් දෙනවට.
    තව තවත් සබ් දාන්න වීරිය දෛර්යය ලැබේවා!

    ReplyDelete
  11. ටැන්කූ

    ReplyDelete
  12. මේ වතාවෙ යුධ එකක්. එල.

    ReplyDelete
  13. පට්ට මුවියක් වගේ.මේ වගේ තවත් සුපිරි ගනයේ සබ් එකක් අරන් එන්න

    ReplyDelete
  14. බොහොම ස්තුතියි සහෝ

    ReplyDelete
  15. සබ් එකේ අකුරු සමහර තැන් වල කැඩිලා තියෙන්නේ ඔයා දෙන විදියට.. ඒක හදන්න

    ReplyDelete
  16. ARISEN AIYE AI ME OYAGE FILMWALA SUBTITLE FILM EKA MADDEMA PENNE.HARIMA AULANE.WENA EWAYE EHEMA NA.OYAGE EWAYE WITHARAI EHEMA WENNE.

    ReplyDelete
    Replies
    1. idx sub: custom position දීලා නෑ. ඒකයි

      Delete
  17. @ IROSHANA

    http://sinhala-subs.blogspot.com/p/idx.html

    ReplyDelete
  18. @ Arisen ඒකනම් හරිම වැදගත්

    ReplyDelete
  19. මෙමෙ චිත්‍රපටිය Direct Links මගින් ඩවුන්ලෝඩ් කර ගැනීමට with sinhala sub වෙත පිවිසෙන්න

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ ඒවයින් හම්බකරන් කන්නේ නැතුව තමන්ම කියලා උපසිරසියක් දාපන්කෝ. මූ මෙතන දවස් ගනන් කට්ට කාලා නිකන් හදලා දෙන සබ් එකේ ලින්ක් එකට ඇඩ් දාලා උඹ හම්බකරගත්තම හරිද?

      Delete
    2. well said Chatura, these kind of leaches are a menace to the services like this.

      Delete
  20. නියම ෆිල්ම් එක..:) තව තවත් මේ වගේ හොද ෆිල්ම් දෙන්න..

    ReplyDelete
  21. තුති, ජයවේවා.

    ReplyDelete
  22. ජයමාල්July 5, 2012 at 11:32 PM

    අයියෝ අරිසෙන් මේ සබ් දෙන ෆොර්මැට් එක නම් හොදටම අවුල් අප්පා.. එකක අකුරු පට්ට ලොකුයි අනික පෙන්නේ නෑ පොඩියි.සමහර තැන් අකුරු කැඩී කැඩී ගිහින්.මොනාද අප්පා මෙච්චර කට්ට කාලා දෙන සබ් එක අවුල් නේ අරිසෙන්.පරණ විදියට දෙන්න අපිට ඕනේ සයිස් එකකට හදාගෙන ලස්සනට බලන්න පුළුවන්

    මේක දැක්කම කියාවි හොරුය කියලා.මෙහෙම ඉල්ලනේ ඇත්තටම මේ සබ් නිසා අපහසුතාවයට පත් වුන නිසා..පොඩ්ඩක් සබ් බලන කට්ටිය ගැනත් හිතන්න.

    ReplyDelete
  23. අරිසෙන් ඇයි නිහඬ?

    ReplyDelete
  24. @ චතුර - exam භීතිකාව.

    ReplyDelete
    Replies
    1. ඔවු මචං ෆොන්ට් එක නම් හුගක් ලොකු.අකුරු කැඩී කැඩී යන්නේ.කවුද අප්පා මේ මෝඩ ක්‍රමයක් ගෙනාවේ
      සබ් එක ලස්සන නෑ පැහැදිලි මදි ෆිල්ම් එකත් එක්ක බලන එක එපා වෙනවා.කට්ටිය එන්න එන්නම පැහැදිලි ක්‍රමයකට යනවා ඒ වෙනුවට හද්ද පරණ ක්‍රමයකට පැහැදිලි මදි සබ් එකක් දෙන්නේ මොකද අරිසෙන්. එක්කෙනක් දෙන්නෙක් හොර කරාවි ඒත් කි දාහක් හොදට බලනවද.හොදට බලන කට්ටියට මේකෙන් අසාධාරණයක් වෙන්නේ.අර බයිස්කෝප් එකේ සබ් සේරම නියමෙට තියෙනවා.අන්න ඒ වගේ දෙන්නකෝ.
      සබ් බලන කට්ටියගේ ඉල්ලීම් වලට කන් දෙන්න සහෝ.අපරාදයක් මේ සබ් එකකට කරන්නේ ඔයාල.

      Delete
    2. @ ජයමාල් & චානක,

      මචංලා, මම හිතන්නෙ අපි මේ මාතෘකාව කතා කරල/රණ්ඩුවෙල/ගහමරාගෙන/මඩ ගහගෙන යන්තම් මිනී මරාගන්නෙ නැතිව, ඉවරයක් කරල ගොඩක් කල්. සිදුවන අපහසුතාවය ගැන මට කණගාටුයි. කීප තැනක කැඩිල වගේ පේන එක තාක්ෂණික දෝෂයක්. ඒකට දැනට තියන තාක්ෂණයෙන් කරන්න පුළුවන් දේවල් තවම සොයනව.

      ලොකු වැඩිවට පේන්නෙ ඩීවීඩී ප්ලේයර්වල, ඒක හදල අත්හදා බලන්න මගේ ගාව ඩීවීඩී ප්ලේයරයක් නෑ, ඒකයි අවංක ඇත්තම තත්වය. ඒ නිසා ෆොන්ට් සයිස් පාලනය කරන්න මට අපහසුවක් තියනව, පොඩි ෆොන්ට් සයිස් එක ගොඩක් පුංචියට පේනව කියන්නෙ හේතුව ඒකයි. ඇහැට නොපෙනි දෙයක් පාලනය කරන්න බැරි නිසා.

      ලස්සන නෑ, පැහැදිලි මදි කියන දෙකට මම කොහෙත්ම එකඟනෑ, ඒක වෙන්න බැරි වැඩක්. මොකද නිකුත් කරන්න කලින් අනිවාර්යයෙන් අඩුම තරමෙ දෙවතාවක්වත් බලල චෙක් කරල හරි වැරදි, අඩුපාඩු තියන තැන් හදල තමයි මේව නිකුත් කරන්නෙ. එහෙම වෙනවනම්, ඔයාගෙ කම්පියුටරේ/ප්ලේයර්එකේ මොකක් හරි අවුලක් වෙන්න ඕන.

      Delete
    3. ජයමාල්July 12, 2012 at 10:40 AM

      නැහැ අරිසෙන් සහෝ රණ්ඩු වෙන්න කිවුවා නෙමේ.මම බලන්නේ කම්පියුටරේ අකුරු ෆොන්ට් හෙන ලොකු.අර 16:9 ෆ්‍රේම් එකටත් උඩින් එන තරමට සබ් එක ලොකුයි.මම දන්නේ නෑ ඔයා දෙන අනික පොඩිම පොඩි එකේ පෙන්නේ නෑ අනික ලොකුයි පට්ටම විදියට.සමහර අකුරු ඉරි ඉරි යනවා වාගේ කැඩිලා තියෙන්නේ.අනේ මංදා මම මේ වෙන දේවල් කියන්නේ මේක HDMI හරහා 32 ඉන්ච් ටි වී එකට ගැහුවම බලන්නම බෑ පත සයිස් අකුරු.
      අකුරු කැඩිච්ච ලොකුවටම පේනවා.
      ඔයා තීරණයක් ගන්න අපිට හොද විදියකට දෙන්න බලන්න පුළුවන් පැහැදිලි විදියකට.සබ් එකේ ගුණාත්මක බාවය එන්නේ සබ් එකේපරිවර්තනයෙන් විතරක් නෙමේ නේ.අවුට්පුට් එකත් හොදට තියෙන්න ඕනේ.මම රණ්ඩු වකට වත් අපහාස කරන්න වත් ආව නෙමේ සහෝ.මේක ඔයාට පෙන්නලා දෙන්න ඕනේ,ඔයා සබ් දානවා සුපිරියටම ඒත් මෙහෙම උනාම ඒක ලොකු අවුලක්.කට්ටිය මෙතන කියන්න යන්නේ නෑ මොකද හොරුය කියලා බනිනවා නේ ඒ පාර.. පරණ විදියටම දෙන්න..බලන්න. ඒක සුපිරි :)

      Delete
  25. @Arisen, හොඳයි එහෙනම් විභාගෙ ඉතා හොඳින් පාස් වෙන්න පුලුවන් වෙන්න කියලා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා ඔන්න...

    ReplyDelete
  26. ෆිල්ම් එක නම් පට්ට :) හොදින් රසවින්දා

    ජයෙන් ජය~!

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...