Monday, February 6, 2012

A Separation (2011)

  

යහපත් ජීවිතයක් ගතකරන එකොලොස් හැවිරිදි දියණියකගේ පියෙකු වන ඔහු, බිරිඳ සමග විදේශයක පදිංචියට යාම ප්‍රතික්ෂේප කරනුයේ මහළු පියා බලාගැනීමට තමාට සිදුවන බැවිණි. ඉන් උරණ වන බිරිඳ ඔහු දියණිය සමග නිවසේ තනිකර තම දෙමාපියන් සමග ජීවත් වීමට යයි. මෙසේ පියා බලාගැනීමට සහ ගෙදර වැඩට වෙනත් කාන්තාවක්  සොයා ගන්නා ඔහු, දිනක් කල් වේලා ඇතිව ගෙදර එන විට වැඩකාරිය පියා ඇඳට ගැටගසා තබා, ලාච්චුවේ මුදල්ද රැගෙන, ඇගේ අවශ්‍යතාවකට බැහැර ගොස් ඇති බව වටහා ගනී. එයට කෝපයෙන් සිටි ඔහු ගෙදර ආ විගස, ඇය ගෙයින් පිටතට තල්ලු කර දමයි. ගැබිණිව සිටි වැඩකාරියගේ දරු ගැබ එයින් පසුව නැතිවන අතර, ඔහුට පුද්ගල ඝාතන චෝදනා එල්ලවේ. තල්ලු කිරීමට පෙර ඔහු ඇයගේ ගැබිණි බව දැන සිටියේද?  දරුගැබ මියයාමට සත්‍ය වරදකරු ඔහුද? ඉවසීමක් නැති, සැරපරුෂ වැඩකාරියගේ සැමියාගේ තර්ජන, නීතිමය ගැටළු සහ පවුලේ ආරවුල ඔහු කෙසේ විසඳාගනීද?


ඉතා උසස් කතා පිටපතක් සහ තේමාවක් දරන මෙම චිත්‍රපටයට එහි රචකයා විසින් ලබාදී ඇති අවසානය එතරම් පැහැදිලි නැත. ප්‍රේක්ෂකයාට මතුවන ගැටළු වලට විසඳුම් ප්‍රේක්ෂකයාටම පවරන ඔහු, එය සූක්ෂම ප්‍රයෝගයක් සේ යෙදුවද, දුර්වල තාවයක් ලෙසද සිතෙයි.

2011 වර්ෂයේ මාර්තු මස මුල් වරට ඉරානයේ තිරගතවූ මෙම චිත්‍රපටය IMDB ලකුණු 8.6/10 ක් හිමිකරගත්තකි. චිත්‍රපටයේ වර්ගයට අදාලව අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය 9/10කි. 

idx/sub සේ පිලියෙල කර ඇති උපසිරැසි සහ ටොරන්ට් ගොනුව .rar ගොනුවක බහා ඇති අතර, එහි ඇති "Helpඋපකාර.txt" ගොනුව කියවා මෙම උපසිරැසි දර්ශනය වීමට අවශ්‍ය සැකසුම් තේරුම්ගත හැක. 

චිත්‍රපටයේ වර්ගය : නාට්‍යමය / පවුලේ කතා / 2011

ස්තූතිය: සිංහල idx/sub උපසිරැසි තාක්ෂණයට මග පෙන්වූ zoom.lk වෙබ් අඩවියට

උපසිරැසි ගොනුවේ තත්වය තවත් උසස් කර නව ගොනුවක් ලබාදී ඇත (08-02-2012), එමෙන්ම උපසිරැසි ගුණාත්මය තව දුරටත් උසස් කර, මින් පෙර උපසිරැසි දර්ශනය වූ ආකාරයටම ලබාදීමට ඇති හැකියාව අධ්‍යයනය කෙරෙමින් පවතී. යම් අපහසු තාවයක් සිදුවුනි නම් එයට අරිසෙන්ගේ බලවත් කණගාටුව. තුති, -අරිසෙන්_

කරුණාකර ඔබගේ වටිනා අදහස් ලියා දක්වන්න.

සෙත්!
අරිසෙන්_

57 comments:

  1. මුලින්ම සුබ පතනවා උපසිරසට...ඒ වගේම ඇත්තටම හරිම කනගාටුවක් දැනෙනෙවා සිංහල යුනිකෝඩ් වලට යන කල දසාව දැක්කහම...මේ විදියට සිංහල උපසිරස දෙන හැම සයිට් එකකින්ම උපසිරස දෙන්න පටන් ගැනීම අපේ සිංහල යුනිකෝඩ් වල අවසානය බැවු කිව හැකිය..හොරකන් කරන කිප දෙනෙකු නිසා ඔබ සිංහල නම ඉහලටම ගෙන ගිය සබ් ඉස්කෙන් .ඕපන් සබ්ටයිටල් වැනි සයිට් වල විරාජමානව වජබුන සිංහල නම මෙතකින් නවතිනු ඇත...ඔබ අතේ තිරණය..හොරකන් කරන 1%වැනි සුළු පිරිස නිසා සිංහල යුනිකේත නැති කරනවද කියා..

    ReplyDelete
  2. ඔන්න අදත් මේ පැත්තේ එනකොට දැක්කේ අලුත් උපසිරස දාපු ෆිල්ම් එකක් තියෙන විත්තිය...මොකද මේ හැමෝම මෙහෙම සිමා මායිම දාගෙන සබ් දෙන්නේ..මමත් මුල ඉදලම අකමැති වුන ෆොර්මැට් එකක් මේක..එක අතකින් ඉස්සර ලස්සනට නම් දාලා පාට කරලා බලන්න ආසා හිතෙන විදියට දුන්න සබ් එකට අද මොකද වෙලා තියෙන්නේ...එක අතකින් @අරුණි
    කිවුව විදියට අපි නොහිතනා විදියට සිංහල යුනිකේත අපෙන් ගිලිහී යනවා නොවේද?..සිංහල බස ලොවට ගෙන ගිය සිංහල උපසිරස මින් පසුව ලොව
    පිළිගත් එකම සයිට් එකකට වත් දමන්නට නොහැකි වෙනවා නේද?..පොඩ්ඩක් හිහිතන්න...හොරකන් කරන ඉතාමත් සුළු පිරිස නිසා අපටම නේද පාඩු ලබන්නට සිද්ද වෙන්නේ...
    උපසිරසට තුති

    ජයෙන් ජය~!

    ReplyDelete
  3. වෙනදා වගේම අදත් හොද ෆිල්ම් එකක් දීලා තියෙනවා
    එත් කනගාටුවට කරුණක් තමා සිංහල සබ එකට දාලා තියෙන ෆොර්මැට් එක.

    මම දන්නා විදියට දැනට ලෝකේ වැඩියම පාවිච්චි කරන සබ්ටටිටල් ෆොර්මැට් එක වෙන්නේ .srt & ,ssa ඒ තාක්ෂනය මම දන්නා විදියට හදුන්වල දුන්නේ වසර 2000 දී එත් ඔබ මේ දෙන idx ක්‍රමයේ සබ්ටටිල්ස් කියන්නේ අලුත් දෙයක් නෙමේ යල් පැන ගිය තාක්ෂණයක්. හරියට බැලුවොත් 1990 වසර වලදී පාවිච්චි කරමු දෙයක්. මං දන්නා තරමින් ලෝකේ මොනම අඩවියකවත් ෆොර්මැට් එකේ සබ්ටයිටල්ස් බාර ගන්නේ නෑ ඒ මොකද කියනවා නම් ඒ ඒ සබ ටයිටල් ගොනුවල ප්‍රමාණය විශාල නිසා [8mb - 18mb අතර ]

    ඉතින් මම නම් යෝජනා කරන්නේ හැමෝටම පුරුදු .srt & ,ssa විදියට උපසිරසි ලබා දෙමු කියලා.

    මොකද මමත් කාලයක් සිංහල උපසිරසි ඉදිරිපත් කල කෙනෙක් එක වෙබ් අඩවියක් හරහා එත් රැකියාවේ වැඩ කටයුතු වලට හිර වීමත් සමග ඒ වැඩ වලට වෙන් කරන්න කාලය අඩුවුවත් හැකි සැම අවස්ථාවකම උප සිරැසි ලියනවා

    ReplyDelete
  4. ඒ වගේම මට කලින් කමන්ට් කරලා තියෙන දෙදෙනාගේ අදහස් වලට එකග වෙනවා

    ReplyDelete
  5. නියමයි, එල. සබ්වලට ගොඩක්ම තැන්කූ. සබ් format එක වෙනස් කල එක හොදයි. දැං ඉතිං හොරු සේරම කැලේ. සිංහල යුනිකේත ගැන ඔය කියල තියන දේවල් මම පිලිගන්නෙ නෑ. වෙබ් එකට යුනිකේත සිංහල අරන් ආවෙ සිංහල සබ් නෙවෙයි. තව ඕනතරම් සයිට් තියනව ඒකට. මේකට මගෙනම් කිසිම විරෝධයක් නෑ. හොරුන්ට තමා අවුල.

    ReplyDelete
  6. මොකක්ද මේ හැමෝටම වෙලා තියෙන්නෙ...කවෘ කොහොම බැලුවත් අපේ සිංහල මිනිහෙක්නෙ සබ් එක බල්න්නෙ...ඇයි "Z" "B" "A" හැමෝම අපිට කෙලවන්න හදන්නෙ..... මාත් සිංහල සබ් දාල තියනව.....ඒකෙ තියන අමාරුව අපි තමයි දන්නෙ...ඒ උනාට මෙහෙමෙ කරන්න එපා........අන්තිමට ඒකෙං මේකෙං unicode වලට කෙල වෙලා යන සීන් එකක් වෙන්නෙ...ඒක හිනද....." මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා අපි හෙට මැරෙයිද කියල දන්නෙ නෑ, ඔය ඉරිසියාආව අතැරපල්ලා යනදාට මේවා අර්ගෙන යන්නෑ........"

    ReplyDelete
  7. @සාරංග
    මචන් අපෙත් විරුද්දත්වයක් නෑ ඕනේ ෆොර්මැට් එකකින් ලිව්වට එත් දැන් ලෝකේ භාවිතා කිරීමෙන් අයින් කරපු ෆොර්මැට් එකකට ලියලා ඇති වැඩේ මොකක්ද?

    අනික ඔය කියන zoom.lk අයගෙන් අහන්න කැමති මොනම සයිට් එකකවත් idx ෆොර්මැට් එකේ ලියපු සබ්ටයිටල්ස් බාරගන්නවද කියලා.

    මේ ෆොර්මැට් එක වලට වඩා හොදයි කියන අයට මං පොඩි වැඩක් කියන්නද? චිත්‍රපටි උපසිරසි වලට ප්‍රසිද්ධ වෙබ් අඩවියක් තමා opensubtitles.org කියන්නේ ඔය අඩවියේ සිංහල උපසිරසි වලට වෙන් කරපු කොටසක් තියෙනවා මෙන්න මේ ලිපිනයෙන් යන්න පුළුවන්. http://www.opensubtitles.org/si

    කරන්න තියෙන්නේ පොඩි දෙයක් විතරයි පුළුවන් නම් ඔය මං දුන්න අඩවියේ idx ෆොර්මැට් එකට හදපු එක සිංහල උපසිරසියක් පෙන්නන්න තිර පිටපතකුත් එක්ක ඔයා ඒ දේ කරොත් පැය 24 ක් යන්න කලින් මං දෙනවා රුපියල් 10 000/= k පුළුවන් නම් ඔය දේ කරලා පෙන්නන්න :D :D: D

    ReplyDelete
  8. සිංහල උපසිරසි වෙන්නම ඕනේ නෑ ඉංග්‍රීසි උපසිරසි උනත් කමක් නෑ එත් idx format එකෙන් වෙන්න ඕනේ

    ReplyDelete
  9. මොන විදියට දුන්නත් සිංහලෙන් බලන්න පුළුවන්නම් එච්චරයි. ඒකට මෙච්චර කලබල වෙන්නෙ ඇයි කියලයි හිතාගන්න බැරි.

    @ Dar[K]. ඒ කියන්නෙ Dar[K] අයිය අනුන්ගෙ සබ් වෙන සයිට් වල පල කරනව කියන එකනේ. ඉතිං ඒක වැරදි වැඩක් නෙවෙයිද? ඒකට වැරැද්ද සබ් හොරකම් කරන්න බැරි වෙන්න හදන එකද?

    ReplyDelete
  10. සබ් වලට ගොඩාක් ස්තූතියි.... අරුණි විකියා සහ ඩාර්ක් කියපු දේට එකඟ වෙන්න වෙනවා...සබ් ඉස්සර දුන්න ෆෝමැට් එකටම දෙනවනම් හොදයි....මචන් උඹේ සබ් එකක් හොරකන් කරත් බන් හොයා ගන්න ලේසියි(අනිත් අයට වඩා තරමක් වෙනස් වගේම පැහැදිළියිනේ උඹේ සබ්)....1කෙක් 2න්නෙක් හොරකන් කරනවා කියලා සබ් එකේ ෆෝමැට් එක වෙනස් කරපු එක ගැන ආයෙත් පොඩ්ඩක් හිතලා බලහන් මචන්.............කොයි කොහොම වුනත් සබ් එකට ගොඩාක් සතූතියි.. :)

    ReplyDelete
  11. @කරලැයින් වැඩි පිරිසක් අතරට සබ් එක ගෙනියන්න හිතාගෙන සබ් එකේ කර්තෘ වෙනස් නොකර ඒක එඩිට් නොකර අයිතිකාරයන්ගෙන් අහලා සයිට් එකක දානව කියන එකේ වැරද්දක් මන් නම් දකින්නේ නෑ... :P

    ReplyDelete
  12. @කරලැයින්
    ඔයා කියන්නේ මං දැන් වෙන අයගේ ඒවා හොරකන් කරනවා කියලද? දන්නෝ දනිති කැමරා කොපි බලලා මහන්සි වෙලා සිංහල සබ් හදලා හොද කොපි එකක් ආවට පස්සේ ටයිමින් හරි ගස්සලයි මං ඒවා දෙන්නේ.

    අනික මං හැමෝගෙම වාසියට කිව්වේ .srt බාවිතා කරන්න කියලා ලෝකෙන් පාවිච්චි කරන්නේ නැතුව අයින් කරපු ක්‍රම වලට හදන්නේ අනික පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න මම ඔය විදියට වෙන කෙනෙක් හදපු සබ් එකක් මගේ නමින් දාලා කියලා.

    අනික අපි සල්ලි බලාගෙන නෙමේ මේ වැඩ කරන්නේ පිටකොටුවේ දවසක් එහෙම ඇවිද්දොත් ඕනේ තරම් ෆිල්ම්ස් ගන්න පුළුවන් එත් ගෙදර ගෙනල්ල බලද්දී ඒවා ඔක්කොම බයිස්කෝප් සිංහලෙන් අඩවියේ දාන සිංහල උපසිරසි එක්කම තියෙන්නේ හොදම උදාහරනේ ඇවටර් ෆිල්ම් එක සිංහල උපසිරසි දාලා නිකුත් කර දවසෙම හවස පිටකොටුවේ එක තිබුනා වෙබ් අඩවියේ නමයි සිංහල උපසිරසි දාපු කෙනාගේ නමයි එක්කම. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ ඒවා අයින් කරලයි දෙන්නේ

    මිට වඩා මේ සංවාදය ඉදිරියට ගෙන යාමෙන් පලක් නෑ මොකද අපි සිංහල සබ් දෙන්න පටන් ගත්ත කාලේ අපි ඒ දේ කරේ සල්ලි වලට නෙමේ අනිත් අයගේ වින්දනයට ඒවා හදන්න මහන්සි වෙච්ච ය දන්නවා ඒවා හදන්න යන මහන්සිය.

    මම කියන්නේ හැමෝටම භාවිතා කරන්න පුළුවන් විදියට මේ සබ්ටයිටල්ස් හදන්න කියල විතරයි මොකද ඔය ෆොර්මැට් එකට හදන එකම සිංහල වෙලා ඉංග්‍රීසි වෙලා කිසි උපසිරසි ෆයිල් එකක් පිළිගත් කිසිම උපසිරසි ලබා දෙන වෙබ් අඩවි වලින් බාරගන්නේ නෑ

    ReplyDelete
  13. @කරලැයින්~ අපි මේවට කතා කලහම අපිත් හොරු ගානට දාන්න හදන සමාජයක් අද තියෙන්නේ...පිට රට සුදු මිනිස්සු සිංහල බ්ලොග් බලනවද ?..නෑ නේ...ඒක නිසා තමයි අපේ රටේ නම ලෝකෙට යවන්න තමයි මේ වගේ ලෝකේ ප්‍රසිද්ද සයිට් වලට අපේ සිංහල සබ් ලබා දෙන්නේ..ඒ මගින් තමන්ගේ බ්ලොග් එකට හෝ වෙනත් අඩවියකට එන ප්‍රමාණයත් වැඩි කර ගන්න පුළුවන්..හොදට බැලුවොත් මේ සයිට් වල රටවල් කියක නම් ගම් පමණක්ද තියෙන්නේ කියලා ඔයාලට බලාගන්න පුළුවන්..එහෙව් ඒකෙ අපේ පුංචි ලංකාව ඔය නම් අතරේ තියෙන කොට කාටද ආඩම්බර..ලංකාවේ කට්ටියත් සිංහල උපසිරස දානවා කියලා ලෝකෙට ගියේ ඕවායෙන්,,නැතුව අපේ සිංහල බ්ලොග් හෝ සිංහලෙන් කරන වෙන සයිට් බලලා නෙමේ...
    මම මේ හැම දාම කතා කරන්නේ අද පමණක් ගැන හිතලා නෙමේ..හෙටත් ඉන් මත්තටත් මේ දේවල් ගැන හිතලා...පොඩ්ඩක් මේ දේවල් ගැන හිතන්න..එකෙක් දෙන්නෙක් නිසා අපි සියලු දේ අතහැරිය යුතුද..අපි ගමන් කරන මග වෙනස් කල යුතුද?..එසේ කළා නම් වර්තමානයේ අපිට නිදහසක් නොමැති ජාතියක ලෙස ඉන්නට තිවුනා නොවේද?...අපි කාලය වැය කරලා
    දමන මේ උපසිරසට සැබෑ වටිනාකම ලැබෙන්නේ ඉන් ජාතියේ නම ලොවට ගියාම නොවේද...

    ජයෙන් ජය~!

    ReplyDelete
  14. සෙත් වේවා! අරිසෙන්, සුරැකීමට කියා තමාව කොටු කර ගැනුමක් වැන්නකි සිදු වී තිබෙන්නේ. අඩු ගානේ මට ඔබගේ help.txt එකවත් කියැවිය නොහැක. අපි ඔබගේ සුහද උප සිරැසි ලෝලියෝ වෙමු. එහෙම් මා පියොදන්නේ ෆෙඩෝරා ලිනුක්ස් වර්ගයේ open source මෙහෙයුම් සුසැටියකි. එමඟින් කෙසේ වත් ඔබ සපයන වර්ගයේ උප සිරැසි බැලිය නොහැක. සමහර විට අප බාගත කොට තිබූ බයිස්කෝප් එකකට ඔබ වැන්නෙකු මහන්සියෙන් යෙදූ උප සිරැසියක් කාල පරාස සුසර කොට බැලීම වැනි අහිංසක වැඩක් කළොත් මිස ඉන් එහා ගිය කිසිවක් අප නොකළෙමු. එසේ වුවද එමඟින් හොරුන්ට වාස සැලැසුන බව සැබවකි. යුනිකේත ජනප්‍රිය කරවීමට බෙහෙවින් ඉවහල් වූයේ සිංහල උප සිරැසි සහ බ්ලොග් බව නැවත නො කිවය යුතු වුවද, ඉන් එකක් ගැලැවී යනු පෙනේ. අනෙකුත් උප සිරැසි සපයන්නන් මෙය උදාහරණයකට ගතහොත් අපගේ වෑයම අපතේ යනු ඇත. ඔබ මහන්සියෙන් යෙදූ උප සිරැසි වලට කරන්නේ කුමක්ද යන්න ඔබ ගේ තීරණයකි. එසේ වුවද, අන් මත ගැන කමා කැරුමටද ඔබ සමතෙක් බව සිතා මේ කොමෙන්ටුව දැමුවෙමි. හිත රිදැවීමක් වූයේ නම් සමාවනෙන්න.

    ReplyDelete
  15. ගොඩාක් ස්තුතියි චිත්‍රපටිය නම් බාන්න දැම්මා
    තිවංක

    ReplyDelete
  16. issara wage newe sub wala quality tik ak aduwi. berida tawa hondata hadanna. kohoma wunath thanks mehema hari sub dena eaka loku deyak

    ReplyDelete
  17. @ Dar[K], Tharindu සහ අනිත් අය
    මම දන්නෙ නෑ අයියලා. මට එකම එක දෙයයි මෙතන තේරෙන්නෙ. මේක හරිනෑ වැරදියි ඕන srt ම තමයි කියපු හැමදෙනාම (එක්කෙනෙක් හැර) කතා කරල තියෙන්නෙ සබ් එක බලන්න බෑ, පේන්නෙ නෑ,කියල නෙවෙයි. ඒ කියන්නෙ කිසිකෙනෙකුට එහෙම අපහසුතාවක් නෑ.

    සෙරම කතා කරන්නෙ අර බුදු හාමුදුරුවො කිවුව වගේ “බහුජන හිතාය බහුජන සුකාය“ කියල. ඉතිං මම මොකක් කියලද අයියෙ ඒක හිතන්නෙ? ඒකයි මම එහෙම කිවුවෙ. නැතුව ඔයා හොරෙක් කියල නෙවෙයි. පේන්නෙ ඒ වගේ. මම වැරදි ඇති පේනදේ කිව්වෙ තරහ වෙන්න එපා.

    ReplyDelete
  18. මට නම් තේරෙන්නෑ ඇයි මෙහෙම කරන්නේ කියල මොකද මන් හිතන්නෑ කිසිම කෙනෙක් එකම සබ් එක දෙපාරක් අර ගනී කියල සිංහල සබ් ගන්න හැමෝම දන්නවා සිංහල සබ් දෙන ප්‍රධාන සයිට් 3ක් තියෙනවා කියල ඉතින් මන් නම් හිතන්නෑ ඔය තුනෙන් දුන්න සබ් එකක් තව සයිට් එකකින් ගන්න තරම් පිස්සුවක් ඇති කියල ඉතින් මට නම් කියන්න තියෙන්නේ ඔය හොර සයිට් එකෙන් ෂුවර් පස් දෙනෙක්වත් සබ් ගන්නේ නෑ කියල මම නම් ප්‍රධාන සයිට් තුනෙන් උනත් එකම ෆිල්ම් එකට සබ් දුන්නොත් මුලින්ම දුන්න තැනින් ගන්නවා මිසක් තව පාරක් නම් ගන්නේ නෑ ගත්තොත් ගන්නේ රොයිලියා හරි අරිසෙන් හරි දුන්නොත් විතරයි ඉතින් මට කියන්න තියෙන්නේ මේ කෙරෙන වැඩෙන් වෙන්නේ කලින් පාට එහෙම දාල ලස්සනට දුන්නු සබ් දැන් කිසිම කොලිටියක් නැතුව දෙන්න වෙන එක විතරයි

    ReplyDelete
  19. අනේ මන්දා අරිසෙන්... මුලින්ම සිංහල උපසිරසි වලට තැන්කූ.... මම නම් පුද්ගලිකව මේ ක්‍රමයට කැමතියි.

    ReplyDelete
  20. මම අහන්නේ මෙච්චරයි .අරිසෙන් සහොදරයාගෙන් සහ අනිත් වෙබ් අඩවි කරුවන්ගේ උපසිරසි ඔවුන් නිර්මානය කරන්නේ ඉංග්‍රීසියෙන් දෙන උපසිරැසි ගොනුව පරිවර්තනය කරලා. ඉතින් ඒ ඉංග්‍රීසියෙන් දෙන උපසිරැසි ගොනුව ඒ ආකාරයට නැතිව මේ ආකාරයට දුන්නොත් ඔබත් තැත. ඔබේ උපසිරැසිත් නැත.

    ReplyDelete
  21. ඔබේ කිසිදු උපසිරැසි ෆයිලයක කතෘ අයිතිය ම විසින් වෙනස් කර නැත. හැකි නම් මෙම උපසිරැසි මීට වඩා විසාල කර ගත හැකි ආකාරයක් කියා දෙන්න.

    ReplyDelete
  22. අවසරයි,
    මේ උපශීර්ෂ ගැන විවාදෙ ටිකක් සැරට යන නිසා මමත් යමක් කියන්න හිතුවා..
    සිනමා පටයකට උපසිරැසි යෙදීම ඉතා අසීරු කටයුත්තක්.මමත් සිනමා පට දෙකකට උපසිරැසි යොදලා තිබෙන නිසා දන්නවා අමාරුකම.නමුත් ඉංග්‍රීසි උප සිරැසි ගොනුව හොයාගෙන එහි ටයිප් කිරීම නිසා අමුතුවෙන්ම කාල පරාස බලා සිංහල උපසිරැසි යෙදිමට වඩා පහසුයි කියන කාරණාවට කවුරුත් එකඟ වේවි.උප සිරැසි කටයුත්ත මෙපමණ වේගවත් වුණෙත් ඒකයි කියන එකයි මගේ හැඟීම..
    ප්‍රථමයෙන් අපි ඇයි සිනමා පටයකට උපසිරැසි යොදන්නෙ කියන පැනය සැළකුවොත්,බහුතරයක් එසේ කරන්නෙ මුල්‍යමය වාසි බලා ගෙන නෙවෙයි.සද්භාවයෙන්..තමා සිනමාවක් වින්ඳනය කර ලැබූ අත්දැකීම අන් අයටත් ලබා දෙන්න.ඒ වගේම භාෂා දුෂ්කරතාවය නිසා අපහසුවට පත් වන අය වෙනුවෙන්.
    නිර්ලජ්ජිත ආකාරයට ඒවා හොරකම් කරගෙන නම් වෙනස් කර පළ කිරීම නින්දිත ක්‍රියාවක් වුවත්..
    එසේ සිදු කරන සුළු පිරිසක් නිසා බහුතරයකට අසාධාරණයක් වීම අගතියක් ලෙසයි මා දකින්නේ.මන්ද මා වෙනත් අවස්ථා වලදීත් දුටුවා සමහරු තම අන්තර්ජාල පැකේජ පිළිබඳ සඳහන් කරමින් සිනමා පට බාගත කිරීමේ අසිරුව පිළිබඳ සඳහන් කළ අවස්ථා..මිතුරන්ගෙන් සිනමා පටය ලබා ගෙන උපසිරැසි වෙනම ලබා ගෙන නැරඹූ අය බලවත් දුෂ්කරතාවයට පත් වෙනවා.එවිට යට සඳහන් කළ උපසිරැසි යෙදීමේ අරමුණෙන් අප ඈත් වීම වළක්වන්නට බැහැ..
    අනේක අතට,නව ක්‍රමය නිසා උපසිරැසි වල ගුණාත්මකභාවය පිළිබඳවත් ප්‍රශ්න නැගෙනවා..
    විශේෂයෙන්ම,මෙමගින් යුනිකේත භාවිතයෙන් ඈත් වීම සිදුවනවා යන චෝදනාවද බැහැර කළ නොහැක්කක්..
    මගේ පෞද්ගලික අදහස නම්,දැනුම යනු සමාජීය දෙයක් බවයි.එනම් පොදු දෙයක් බවයි.උදාහරණයක් ලෙස,වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ පේටන්ට් අයිතිය,බිල් ගේට්ස් හට හිමි වූවත් එය ඔහු ගේ පුද්ගලිකව ගොඩනගා ගත් දැනුමක් නොවේ,ඔහු උපතින් ගෙන ආ දැනුමක් නොවේ.චාල්ස් බැබේජ් ගේ සිට ගණක රාමුව නිමැවූ චින ජාතිකයා මතු නොව ගින්දර සොයා ගනිමින් මානව සංහතියට විශාලම බලපෑමක් කළ මානවයා දක්වා එම දැනුම දිව යනවා..දැනුම සමාජීය දෙයක් බව කියන්නේ ඒ අරුතින්..ඒ අරුතින් ගත් කළ මගේ හැඟීම මේ සීමා පැනවීම අනර්ථයක් බවයි!

    දැනුම වටිනාම වෙළඳ භාණ්ඩය බවට පත්වූ නූතනය තුල මෙවැනි ගැටළු පැවතීම සොබාවිකයි.
    සියළු කාරණා සළකා බලා..
    කාටත් නිදහසේ පරිහරණය කළ හැකි ලෙස උපසිරැසි ලබා දෙන්නේ නම් මැනවයි සිතමි.
    හොරුන් සුළු පිරිසක් නිසා මෙවැනි තීරණයක් ගැනීම,කටුස්සා මරන්නට වහලට ගිනි තැබුවා වැන්නක්.
    මෙවැනි සුභාෂිතයක් අසා ඇත්තෙමි.
    *මහා ජයග්‍රහණ වෙනුවෙන් සුළු අප්‍රසන්නතා දරා ගත යුතුය!*
    ජය!!!
    සඳුන් ප්‍රියංකර විතානගේ.

    ReplyDelete
  23. ඔයාට බොහොම පින් යාළුවා ..ඔයා ගොඩාක් හොද ඒවාට සිංහල දානවා ...

    ReplyDelete
  24. http://zmovie.magnify.net/
    මේ වගේ හොරු නිසා තමයි idx වගේ එකකට යන්න වෙලා තියෙන්නෙ.. හැමෝම කැමතියි තමන්ගේ මහන්සියට නිවරැදි වටිනාකමක් ලැබෙනවනම්.. ඒත් http://zmovie.magnify.net/ වගේ පල් හොරු ඉන්නකං ඒ වටිනාකම ලැබේවිද.. ?
    SRT ඉල්ලන අය ඒකත් හිතන්න..
    එසේත් නැතිනම් හොරකම නතර කරන්නට පිලියමක් කියන්න..
    අරිසෙන් ඔබ ගත් පියවර ගැන සතුටුයි..
    තීරණය ඔබේ අතේ...
    ඔබට ජය..

    ReplyDelete
  25. @සඳුන් ප්‍රියංකර විතානගේ.

    පට්ට කථාව..උබේ කථාවට මමත් එකගයි..

    ReplyDelete
  26. දීපු සේරම කමෙන්ටු වලට ගොඩක් තුති,

    ඇත්තටම වෙනසක් කලා, ඒක සමහර අයට කරදරයක් වෙන්නත් ඇති. ඒකට දහස් වාරයක් සමාව ඉල්ලනව. පිලිතුරක් නොදී ටික දවසක් හිටියෙ ප්‍රතිචාර එකින් එකට පිලිතුරු දෙන්න යන එක අමාරු නිසා.

    ඇත්තටම මේ වෙනස කරන්න වුනේ ඇයි කියන එක මම නොකිවුවට සේරම අය තේරුම් අරගෙනයි ඉන්නෙ. ඒ වගේම සබ් දානඑක මොනතරම් කට්ටක්ද කියල කවුරුත් දන්නව. එහෙම දාන සබ්, ඕන ඕන විදියට වෙනස් කරල පලවෙනව දකින එක තරම් වේදනාවක්, සබ් දාන කෙනෙකුට ඇති කියල මම හිතන්නෙ නෑ.

    යුනිකේත ගැන කියල තියන දේ ඇත්ත. ඒත් සිංහල යුනිකේත ලෝකෙට යන එකම මාධ්‍යය සිංහල උපසිරැසි කියන එකට මම එකඟනෑ. සබ් කියන්නෙ යුනිකේත පාවිච්චි කරන එක තැනක් විතරයි. සිංහල යුනිකේත ලෝ පතල කරනඑක සබ් දාන අයගෙ විතරක් වගකීමක් නෙවෙයි, ඒක අපි සේරගෙම වගකීමක්, ඒකට විවිධ ආකාරයෙන් හවුල් වෙන්න පුළුවන් වෙබ් එකට. මේ කමෙන්ට් කරපු අයටත් ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ.

    idx/sub කියන්නෙ ගොඩක් පැරණි දෙයක් බව මම දන්නව. ඒත් සිංහල වලට ඒක කරන්න නිසි තාක්ෂණයක් ප්‍රචලිත වෙලා තිබුනෙ නෑ, මීට ඉස්සර. දැනටත් නෑ, වෙනත් විවධ ක්‍රම කීපයක් එකතු කරල කරනව විතරයි. කොහොම වුනත්, ෆෝමැට් වෙනස් කරපුඑකේ අරමුණ අළුත් දෙයක් දෙන එක නෙවෙයි නිසා, ඒක වැදගත් වුනේ නෑ.

    ලෝකෙ හොරු ඉන්නෙ ටිකයි, ඇත්ත. 1% ක් නෙවෙයි 0.0001ක් විතර, ජනගහනයෙන් % ක් විදියට ගත්තොත්. එහෙමයි කියල, අපේ දේවල් ඕන හොරෙක් ගත්ත දෙන් කවුරු ගත්තත් පාවිච්චි කරන එකනෙ, කියල හොරකමට මොකවත් නොකර ඉන්න බෑ. සබ් එක හදපු කෙනාට ඒකෙ වාණිජ වටින කමන් නැති වුනාට, ඒක ගොඩක් වටිනව. ඒ කාරනාව, කාරුණිකව තේරුම් ගනීවි කියල බලාපොරොත්තු වෙනව.

    ඉස්සෙල්ලම නිකුත් කරපු සබ් එකේ අකුරු වල ගුනාත්මය ටිකක් අඩුවට තමා තිබුණෙ. ඒක මේ වෙද්දි මම හදලයි තියෙන්නෙ. මේ මූවි එකේ සබ් එකත් වැඩි දියුණු කරල ආයෙමත් දීලයි තියෙන්නෙ. පාට කරල දෙන එක මම කලේ පොඩි අනන්‍යතාවක් විදියටයි, සබ් එකට ඒකෙ එච්චරම වැදගත් කමක් ඇති කියල හිතෙන්නෙනෑ, නමුත් ඒ දෙයත් කරන්න පුළුවන්ද කියල බලන්න, අත්හදාබැලීම් දැන් කෙරෙනව.

    ටිකක් තදින් කතා කරපු අයට මට කාරුණිකව කියන්න තියෙන්නෙ, මේ නිසා සයිට් එක හැර යන්න තරම් ගැටළුවක් ගොඩක් අයට නෑ. කවුරු ගියත් අපි එක්ක ඉතිරිවෙන දෙන්න තුන්දෙනාට හරි හැමදාම සබ් දෙනව.

    පක්ෂව, විපක්ෂව, මැදහත්ව, අදහස් දැක්වූ ඔබ සැමට ඉතාම ස්තුතිවන්ත වෙනව ප්‍රතිචාර දැක්වීම ගැන. ගොඩක්ම ස්තුතියි.

    සැමට තිසරණ සරණයි!

    අරිසෙන්_

    ReplyDelete
  27. මම අර කට්ටියක් කෑ ගහපු එකට පිළිතුරු කියන්නම් එතකොට එයාලා කෑ ගහපු එකක් ගැන ඔයාලටම හිතන්න පුලුවන්.
    ලංකාවේ ගොඩක් අය බොලොග් ලියනවා විවිධ ලිපි නිසදැස් පල කරනවා.කවුරු හරි කෙනෙක් බොලොග් එකක ලිපියක් හෝ නිසදැසක් අරගෙන වෙබ් සයිට් එකක ෆොරම් එකක පල කලොත් ඕන්න බොලොග් එක ලියපු කෙනොගේ යාලුවෝ සෙරම ඇවිත් බොලොග් එකෙන් මේක උස්සලා දාලා කියලා පලුයන්න බනිනවා.මොකද බනින්නේ බොලොග් එකක තිබ්බ එකක් ෆොරම් එකේ දාලා කියලා ලියපු කෙනාගේ බොලොග් එකේ සදහනක් නැතුව.
    දැන් ඔය විනාඩි කිහපක් හෝ පැයක් මහන්සිවෙලා කරන නිසදැස හොරකම් කරාම කෑ ගහන බොලොග් කට්ටියම අපේ කට්ටිය මහන්සි වෙලා දාන සබ් එකක හොරකම් කරලා දැම්මම කිසි දෙයක් කියන්නේ නෑ.එතකොට කියන ලොකුම දේ සබ් නිසා තමයි සිංහල යුනිකේත ලොකේට යන්නේ ඉතින් කොහොම ගියත් ඒක හොදයිනේ කියන එක.
    එහෙම සබ් නිසා ලොකේට යුනිකේත යන්නේ ඇයි බැරි අපි දාන සබ් හොරකම් කලාම එයාලටට ඒ වෙනුවෙන් අර බොලොග් පොස්ට් එකක් කොහේ හරි දැම්මම බෙරිහන් දෙනවා වගේ ඒ ගැනත් කතා කරන්න.සබ් හොරකම් කලාට කමක් නෑ බොලොග් වල පොස්ට් හොරකම් කිරිමයිලු වරද.ඇයි දෙයියනේ බොලොග් එකක පොස්ට් එකක් දාන්න මිනිස්සු මහන්සිවෙනවා වගේම සබ් එකක් දාන්න අපේ අය මහන්සිවෙනවා කියලා හිතන්න බැරි.සබ් එකක් හොරකම් කරලා නෙට් එකට වෙන වෙන නම් ගහලා දැම්මම ඇතිවෙන දුක සබ් නොදැම්ම එකෙකුට දැනෙන්නේ නෑ.පුලුවන් නම් ඔය කැ ගහන අයට කියනවා සබ් එකක් දාන්න.අපි ඒක හොරකම් කරලා වෙන නමක් දාලා වෙන සයිට් එකක දාන්නම්.එතකොටත් ඔයාලා අනේ කමක් නෑ මම දාපු සබ් එක හොරකම් කරාට කමක් නෑ කියනවද?එතකොට මම හිතන්නේ ඔය SRT ඉල්ලා කැ ගහපු අයගේ තත්වය වෙනස් වේවි.
    මෙතන ගන්න තියෙන්නේ විසදුම් දෙකයි එක්කෝ හොරන්ට සබ් ගන්න බැරි වෙන්න වැට බදින එක.... නැත්නම් හොරෙක් දැක්කම ඒ වෙනුවෙන් අපි සේරම හඩක් නගන එක? මම දන්නවා ඔය සබ් එක හරියට නෑ පරණ විදියට දෙන්න..යුනිකේත ලොකේය අරන් යන්න කියලා බොරුවට බෙරිහන් දෙන කවුරුවත් ඔය දෙකටම සහයක් දෙයි කියලා.හොරෙක් දැක්කම විරුද්ධ වෙන්නෙත් නැ.සබ් එක හොරකම් කරන්න බැරි වෙන්න හැදුවම සහය දෙන්නෙත් නැ.ඔන්න ඕකයි තත්වය.

    ReplyDelete
  28. විකාර කියන්න එපා බන්,
    සබ් දෙන එවුන් නෙවිද විකිය එහෙම..
    පල පල

    ReplyDelete
  29. ඉසුරු ප්‍රභාෂ්February 12, 2012 at 10:46 AM

    විකියා කියන්නෙ අනුන්ගෙ මහන්සිය තමන්ගෙ වගෙ පෙන්නන කෙනෙක් මිසක් මහන්සියෙන් වැඩක් කරන එකෙක් නෙමෙයි.හුඟක් වෙලාවට ඌ හවුලෙ තමයි සබ් දාන්නෙ. ඒකත් වැඩි හරියක් අනිත් එකා දාල තියෙන බව ෆිල්ම් එක බලං යද්දි ඕන එකෙක්ට මීටර් වෙනවා.අරිසෙන් මචං උඹ එළ වැඩක් කරල තියෙන්නෙ.දිගටම මෙහෙමම දියං. අනික මේ අරුණි කියන කෙනාගෙන් මං පැහැදිලිවම අහන්න කැමතියි තමුන් මේ සිංහල යුනිකෝඩ් ගැන කොච්චර ඇබිත්තද දන්නෙ කියල. දන්න මඟුලක් කතා කරපං බං. සිංහල යුනිකේත තියෙන්න ඕන මේ නෝට් පෑඩ් එකේ ගහන උපසිරැසි ෆයිල් එකක විතරක් නෙමෙයි. එහෙම වුනොත් තමයි මේක අභාවයට යන්නෙ. දැන් අපේ එවුන් IDX එකක් දෙන්න ගියාම උන් ඒක සිංහල භාෂාවට support කරන සොෆ්ට්වෙයා කෑලි හොයනවා. එහෙම එකක් නැත්තම් අපේ භාෂාවට ගැලපෙන්න එකක් හදන එවුන්ගෙන් request කරනවා. අන්න එතකොටයි ලෝකෙ ඉන්න උන් දැනගන්නෙ මෙහෙමත් භාෂාවක් දැන් දියුණුයි, අපේ සොෆ්ට්වෙයාර් කෑල්ලෙත් මේකට උදව් කරන එකක් දාන්න ඕන, නැත්තම් අපි අනිත් එවුන් අතරෙ පරාදවෙයි කියල. අන්න එතකොටයි අපේ භාෂාව මේ ලෝකෙ ප්‍රසිද්ධ වෙන්නෙ. IDX දුන්නා කියන්නෙ හොරුන්ගෙන් තමන්ගෙ උත්සාහය රැකගන්න කරපු වෑයමක් මිස සිංහල භාෂාවට ඒකෙන් හානියක් වෙලා නෑ. සිංහල යුනිකේත්වලට අසාධාරණයක් වෙලාත් නෑ. නිකං මිනිහට දාන ගෑණු පාට් මෙතන මේ මහන්සියෙන් මේක කරපු එකාට දාන්න එපා. දෙයක් කියන්න කලින් පොඩ්ඩක් ඒ ගැන හිතලා කතා කලොත් හොඳයි. කොහොම වුනත් ඩීවීඩී එකකට දාලා විකුණගන්න බැරි දුකට මෙතන අඬන සෙට් එකක් ඉන්න බවත් පේනවා. උඹ සැලෙන්න එපා අරිසෙන්, මේකෙ අකුරුත් හොඳයි. දිගටමෙ මෙහෙමම දියන්. තවත් හොරුන්ගෙන් මේක බේරගන්න විදියක් හොයපං. ජය වේවා!!

    ReplyDelete
  30. @ ඉසුරු ප්‍රභාෂ්
    හරියටම හරි මචෝ. සෙටිපිකට් ඇත්ත. ඇත්තටම මම ඔය විකිය ගැන වැඩියමක් දන්නෙ නෑ, ඒත් එකක් කියන්නම්, හක්කෙන් බුදුරැස් විහිදෙන ඕනම කෙනෙක්ගෙ බොක්කෙ තියෙන්නෙ දඩමස්. හැමෝටම සර්ව සාදාරනේ ඉටු කරන්න, යුනිකේත ලොව වැජඹෙන්න ටෝක් දෙන උන්ගෙ පැටිකිරිය ඔය එලිවෙන්නෙ.

    @ විකියා
    උත්තර දීපන් මේවට

    ඇත්තටම මට දැන් වීඩියෝ ප්ලේයරෙත් සිංහලෙන් මූවි බලන්න පුළුවන්. ගෙදර කොම්පියුටර් නැති අයටත් ඒ විදියට කොහෙන හරි බාගෙන ඇවිත් මූවි බලන්න හදල දීපු එකට තුති.

    ReplyDelete
  31. @ Anonymous February 6, 2012 3:29 PM

    කිමැ කිමැ මේ හෙළුවෙන් වනැනුයේ? තොපගේ මනදොල නොසපිරුනු වගකි පෙනෙනුයේ. ඉදින, මෙම උපසිරස හෙතුව කරන කොටැ ගෙනැ චිත්තෝස්තාපැ නොකැල මැනැ. හොරුනැට උදව්නොව තමැ තමැ නැනැ පමැනින් දැනැගතැ මැනැවැ.

    හුකායැ, මාකීදෑ මටදැ නෙතේරෙන බවකැ, නුඹ කීදෑ නුඹට තේරෙත්දැ? තෙලකී සටහන දන්ඩක්වැ කොට නවා කරකවා පශචාත් ජිද්‍රයේ තදිනැ හුවාගතමැනැව. හොරුනැටැ සපෝටැ දෙනු කැතැයැ.

    ReplyDelete
  32. @ඉසුරු ප්‍රභාෂ්
    මම දැන් දැක්කේ මේක....දන්නා දෙයක් ගැන හරියට හොයලා බලල කතා කරන්න..මම මෙතෙක් උපසිරස ගන්වා ඇති ෆිල්ම් වලින් 3 ක් පමණක් හවුලේ කර ඇත අනිත් සියලුම 15 කට ආසන්න ප්‍රමානයක් මා විසින් තනිවම නිර්මාණය කර ඇත..මම මේ සබ් දෙන එකට ආවේ හුගාක් කලින්.ඒ කාලේ අපි 3 න් දෙනෙක් විතර මේ සේරම කරන්න හිටියේ..අපි මේ විදියට සබ් කොටු කර ගෙන ඒ කාලේ ඉදලම කාලානම් මේ වෙනකොට හුග දෙනෙක් බිහි නොවෙන්න තිබ්බා...මමම ඔයාලා හොයලා බැලුවොත් මේ සිංහල උපසිරස දෙන කට්ටිය හුග දෙනෙක් ගෙනැල්ලා තියෙනවා...නෝට් පෑඩ් එකෙන් ටයිප් කරන කාලේ ඊට වඩා දියුණු සොෆ්ට් හදුන්වලා දිලා මේවා ඉස්සරහට ගෙන යන්න උදවු කල මටම මෙහෙම කියන එක ඇත්තටම හුගාක් දුක හිතෙනවා...මම මේවා ලොකු කමකට කියපු ඒවා නෙමේ..කවුරු මොනවා කිවුවත් මගේ හිත දන්නවා...මම කරන්න ගියේ මොකක්ද කියලා...

    ReplyDelete
  33. @ මෙ ලංකාවෙ කලිම සබ් හැහුවෙ විකියා ඇතුලු කට්ටිය තමයි, ඒත් මේ බැනලා තියෙන විදිය නම් හරිම කැතයි. මොකද ලංකාවෙ සබ් හදන්න මහන්සි උන අත්ලොස්සකගෙන් කෙනෙක් තමයි තරිදු අයියා. අනික සබ් එකක් දානවා කියන්නෙත් ලෙහෙසි වැඩක් නෙමෙයි , ලොකු කාලයක් වගේම කැපකිරිමක්කුත් කරන්න ඕන. අනික මේ වගේ කොමන්ට් කලාම සබ් දාන ඕන කෙනෙක් මානසිකව වැටෙනව ආයෙ සබ් නොදාන්න හිතෙන තරම් කණගාටුවකින්. මේ ජරා වැඩේ පටන් ගත්තෙ මේ ලගදි ඉදන්. දැන් කට්ටිය සබ් නැතුව ෆිල්ම් බලන්නෙත් නැති තරම්. මේක එක දිගට කරගෙන එන්නෙ අතලොස්සක් පිරිසක් විතරයි. අනික මූල්‍යමය වාසියක් නැතුව මේ කරන දේට දිරිමත් කරන්නෙ නැතුව තවතවත් කකුලෙන් අදිනවා, මේක ලංකාවෙ හුගාක් අයගේ හැටිමයි. ජීවිතේට සබ් එකක් නොදාපු උන් මෙහෙම කතා කලාම තවත් දුකයි.

    ReplyDelete
  34. මේවා කියවලා බලන්න ..මේ ලින්ක් නෙමේ සේරම බලන්න .ඒ හැම එකකම මම කමෙන්ට් එකක් දාලා ඇති..~

    http://sinhala-subs.blogspot.com/2011/01/tangled-2010.html

    http://sinhala-subs.blogspot.com/2011/01/2010-narnia-voyage-of-dawn-treader-2010.html

    http://sinhala-subs.blogspot.com/2011/03/next-three-days-2010.html

    http://sinhala-subs.blogspot.com/2011/02/kings-speech-2010.html

    http://sinhala-subs.blogspot.com/2011/03/green-hornet-2011.html

    මම මේ සයිට් එක ගැන දැන ගත්ත දා ඉදලා අද වෙනකම් මේ හැම නිර්මාණයක් වෙනුවෙන්ම ප්‍රතිචාරයක් එක් කල කෙනෙක්..ඒ ඔහුගේ මහන්සිය මම හොදින් දන්නා කෙනෙක් නිසා..මේකේ විතරක් නෙමේ උපසිරස දෙන ඕනෙම සයිට් එකක බලන්න...දැන් කොහේ ඉදන් ඇවිත්ද මෙහෙම කතා කරන්නේ....මගේ මතය මම කිවුවේ පරණ විදියට දෙමු කියලා..ඒකට මෙහෙම කතා කරන එක සාදාරණද?..ඔබම සිතා බලන්න..

    ReplyDelete
  35. මට පේන හැටියට අපේ විකිය අයියට මේ කට්ටියෙ බනින්නෙ මේ කට්ටිය මේකෙං කාල ඇදල ඉන්න නිසා වෙන්න ඇති.......අනේ හුකේ.......තොපි මීහරක් වගේ අපේ විකියට බැන්නට.......අපිට අපේ එකාව වටිනව.....විකිය අයියා මේ කොහෙවත් යන කිරි පනුවො ටිකක්......එක එකාගෙ පස්ස වටේ එල්ලිල කෑ ගැහුවට ඔයා ගනං ගන්න එපා.........

    ReplyDelete
  36. @ඉසුරු ප්‍රභාෂ්, තමන් දාන කමෙන්ට් එක තවත් කෙනෙකුට බනින්න නෙවෙයි සබ් එක දාපු කෙනා දිරිමත් කරන්න යොදාගන්න.. පුද්ගලික තරහා පිරිමහගන්න මේ වගේ තැනක් යොදාගන්න එක පහත් පෙලේ වැඩක්. අපි දන්නවා ඔයාගෙ කතාව. බයිස්කෝප් එකෙන් සබ් ගත්ත අපි දන්නවා විකියා කොච්චර සබ් දීල තියෙනවද කියලා... අනුන්ට මඩ ගහන්න කලින් තමනුත් සබ් එකක් දැම්මනම් නේද හොඳ? නිකම් අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මෙතන 1 දාගන්න හදනවා...

    ReplyDelete
  37. @සිසිර, ණයට කහින්න එපා

    ReplyDelete
  38. මම දැන් දැක්කේ මේක
    මෙතන මටත් විකියටත් බැනපු ය මේවා ගැන දන්නවාද දන්නේ නෑ මම මුලින්ම සබ දාන්න පටන් ගන්නේ වෙන නමකිත් එත් ඒ නමම පාවිච්චි කරන අය දෙතුන් දෙනෙක් ඉන්න නිසයි දැන් තියෙන නමට මාරු උනේ

    අනික නයට කරන අය දන්නවාද දන්නේ නෑ අපි මෙහෙම හරි සබ දාන්න කොච්චර මහන්සි වෙනවද කියල හොදම උදාහරනේ තමා ඇවටර් ෆිල්ම් එක එකට සම එක දැම්මේ හැමෝම දන්නා රොයිලි සහෝදරයා එක දාලා එක වෙබ් අඩවියකින් එක මිකුත් කරලා පය කිහිපයක් යද්දී ඒ උපසිරසි ඒ විදියටම පිටකොටුවේ සිදී කඩ වල තියෙනවා මම ඕක අනන්තවත් දැකලා තියේ රෝයිලිගේ නම ත් එක්කම ගිය දෙක තුනක්. රොයිලි මේවා ලිව්වේ සල්ලි බලන් නෙමේ එත් ලංකාවේ ඉන්න අය කරේ එයා මහන්සි වෙලා කරපු දේ විකුනලා සල්ලි හම්බ කරන එක

    පස්සේ පස්සේ ඒ ඒ සබ වල ඒ ඒ අයගේ නම් හා වෙබ් අඩවි ලින්ක් අයින් කරලා විකුනන්න ගත්ත. මම කැමරා කොපි බලලා මාස 3 ක් විතර මහන්සි වෙලා හදපු එක ෆිල්ම් එකක සිංහල උපසිරසියක් අපි වෙබ් අඩවියෙන් දීලා පැයක් යන්න කලින් පිටකොටුවේ විකුනන්න දාලා තිබ්බා අපේ නම් අයින් කරලා.

    දැන් ඔය කුලියට කරන අය කියයි මේ වගේ idx විදියට දුන්නනම් ඉවරනේ කියලා

    ReplyDelete
  39. අනික ඔය කියලා තියෙන විදියට මමවත් විකියාවත් අනිත් අයගේ ඒවා හොරකන් කරලා නෑ එහෙම කියන අය පුළුවන් නම් එක ඔප්පු කරලා පෙන්නන්න !!

    තමුන් මුල අමතක කරන්න එපා සිංහල උපසිරසි දෙන එක පටන් ගත්තේ රොයිලි විකියා ඇතුළු කට්ටිය කියලා මුලින්ම එහෙම ඒ අය පටන් ගත්තු නිසා තමා වෙන අය එයාලගේ වැඩ කොපි කරන්න ගත්තේ

    ReplyDelete
  40. මුලින්ම කියන්න ඕනි ගැහැනියකට බං කියලා ආමන්ත්‍රනය කිරිම මෙතනට උචිත කටයුත්තක් නොවන වග.ඔබගේ නොදන්නා කම මෙම විස්තර වලින්ම පැහැදිලි වේ.මම මෙහි කමෙන්ටුව තැබුවේ මුළු මහත් ලාංකික ජනයා වෙනුවෙනි..මොකද මම යුනිකේත සම්බන්දව මුල සිට වැඩ කල කෙනෙක් වූ නිසාවෙන්.ඔබලා නොදැන කරන වරද හරිගස්සනට හැදීම
    මෙපමණක් චෝදනා වලට ලක්වේවි යැයි මා සිහිනෙකින්වත් සිතුවේ නැත.
    යුනිකේත සම්බන්දව අවුරුදු ගණනාවක් පර්යේෂණ කල මා ඇතුළු අනෙත් පිරිසට ගූගල් සිංහල ඉන්පුට් එක නිර්මාණය කිරිමට ආරාධනා ලැබුවේ.මේ
    සිංහල උපසිරස ජාත්‍යන්තරව හිස ඔසවා තිබිම නිසාවෙනි.අනෙක් කාරණය සිංහල බ්ලොග්ය.මෙයට අමතරව ඉංග්‍රීසි බස සිංහලට කෙලින්ම පරිවර්තනය කරන්නට හැකියාව ඇති ඇප් එකක් ගුගල් වලින් පර්යේෂණ මට්ටමින් කරන බව ඔබ නොදන්නවා විය හැකිය.?.එයට කෙලින්ම බලපෑවේ මේ සිංහල උපසිරස යුනිකේත බව ඔබ නොදන්නවා විය හැකිය.?.ජංගම දුරකථන වලට සිංහල උපසිරස සමග (යුනිකෝඩ්)ෆිල්ම් බැලිය හැකි ඇප් එකක් නිර්මාණය කිරිමේ මුලික අදියරේ ඉන්නා බව ඔබ තවමත් නොදන්නවා විය හැකිය..?.එයටද කෙලින්ම ඉවහල් වුයේ මේ සිංහල උපසිරසයි..ඔබ නොදන්නා කමට මේ කරන දේ වර්තමානයට නොව අනාගතයට බලපාන සාදකයකි,අපි මේ සම්බන්දව දියුණු වෙමින් පවතින බසක් මිස දියුණු වූ බසක් නොවේ..එහෙයින් දියුණු වෙමින් පවතින බස මෙවැනි දේවල් වලින්
    කොටු කර ලිම එහි දියුණුව නැවතීමට කෙලින්ම බලපායි..අනෙක් කරුණ නම් විකියා යන අන්වර්ථ නමින් සිංහල උපසිරස දෙන පුද්ගලයා ගැන කියූ කතාවයි..මොහුගේ උපසිරස කිහිපයක්ම හොදින් රසවිද ඇති අතර මේ සිංහල උපසිරස නිර්මාණකරණයේ මුල සිට මෙතෙක් සිටි නිහතමානි පුද්ගලයකු බැවු මට කිව හැකිය..මොහු වැනි තැනැත්තන් නිසා සිංහල උපසිරස හා බ්ලොග් කරණයට මහත් රුකුලක් වූ බැව් පහුගිය අවුරුදු කිහිපය තුල මා විසින් අධ්‍යනය කරනා ලද කාරනා වලින් මනාවට පසක් විය.
    (මෙම කමෙන්ටුව හුදෙක් සිහල වැසියා වෙනුවෙන් තැබුවක් බව මතකයේ නගා ගන්න)..කල යුතු දෙය ඔබ දනී.මින් ඉදිරියට මේ බව කතා කිරිමට හෝ තර්ක කිරිමට මම නොයමි..සත්‍යය කුමක් දැයි දිනක ඔබට පැහැදිලි වෙනු ඇත..එදිනට ඔබ දුක්‌ වෙනවා නොඅනුමානය..|බ්ලොග් එකේ ඇඩ්මින්තුමනි ඔබ වගේම උපසිරස ගන්වන්නන්ට ඔබගේ බ්ලොග් එක තුල ගැරහීම නතර කලයුතුය..|

    ReplyDelete
  41. විකියට චෝදනා කරන අයගෙන් මට අහන්න තියෙන්නෙ ඒ උදවිය අද වෙන කොට සිංහල සබ් කීයක් නම් නිර්මාණය කරල අන්තර්ජාලයට නිකුත් කරල තියෙනව ද කියන එකයි. අද වෙන කොට මේක ෆැෂන් එකක්වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ මේ වැඩේ කරන අයට ගරහන එක. දැන් දැන් සිංහල සබ් නිර්මාණකරණයේ ඇතිවෙලා තියෙන තරඟයත් මේකට එක හේතුවක්. කොහොමවුණත් සිංහල සබ්කරණයේ අතීතය ගැන දන්න අය දන්නව මේ වැඩේදි විකියගේ දායකත්වය මොකක්ද කියල.

    ReplyDelete
  42. ඉසුරු ප්‍රභාෂ්February 17, 2012 at 11:13 AM

    පණ්ඩිතයෝ සෙට් එකක් බෙරිහන් දිලා තියෙන්නේ..(Wikiya) & Dar[K] කියන එක ඇත්ත ඇති.දැන් ඔය රොයලි විකියා කියනවලු නේ මුලින් සබ් දුන්න නිසා වැඩ්ඩෝ..එයාලට ගහන්න කවුරුත් නැතුව ඇති නේ.ඇත්ත වෙන්න ඇති මොකද zmovie.magnify.net කියන සයිට් එකේ හොරකම් කරපු සබ් වල විකියා හා රොයලිගේ නම් මකලා නෑ අනිත් හොරකම් කරලා දාලා තියන එවගේ සබ් දාපු අයගේ නම මකලා.මෙහේම කරලා තියෙන්නේ ඇයි දන්නේ නෑ නේද..සමහර විට මේ හොරකම් කරලා සබ් දාන එකත් උපසිරැසි පටන් ගත්තේ විකියා ඇතුලු රොයලි නිසා එයාලගේ නම විතරක් තියනවා ඇති ගෞරවයක් වෙනුවෙන්.නැත්නම් ඔය හොරකම් කරන්නේ ඔය මුන්ගෙම යාලුවෙක්ද කියලා කවුද දන්නේ.අනේද මගේ කට කිව්වලු.ඔය සමහර සුදන වෙන්න යන එවුන් තමයි ලෝක හොරු ඔය IDX එපා කියන්නේ ඩිවිඩි රයිට් කරලා කඩවලට දාලා විකුණන එවුන් තමයි.උන්ම තමා පිටකොටුවේ ඔය ඩිවිඩි දෙන්නේ.අපි නොදන්න මුන්ගේ හැටි කිව්වලු.

    ReplyDelete
  43. ඉසුරු ප්‍රභාෂ්February 17, 2012 at 11:24 AM

    @අරුණි:
    යකෝ බලං යද්දි මෙතන සේරම ඉන්නෙ හැම මඟුලෙම පුරෝගාමියොනෙ. අනුගාමිකයො එකෙක්වත් නැද්ද? සිංහල ටීචර්ලනෙ බලං යද්දි හැමතැනම ඉන්නෙ.තමුන් තරම් මම සිංහල විෂාරදයෙක් නොවුනට එක දෙයක්නම් හොඳින්ම දන්නවා. තමුං මේ උල්පන්දම් දෙන්නෙ එහෙම පිටින්ම සිංහල උපසිරැසි හොරකම් කරල කඩවලට දාන හොරෙක්ට. අනික මට තියෙන පුදුමෙ මේක විකියා දකින කල් මේ කෑගහන වෙන එකෙක්වත් නොදැකපු එක. නිකං අනුන්ට කඩේ යාම නවත්තපල්ලා

    ReplyDelete
  44. අනේ බොල, තොපිට එපානම් නොබලා ඉදහල්ලා... බුරන්නේ නැතුව.. අහුවෙන හැම රෙද්දම තොපිලා,ඩවුන්ලෝඩ් කරන්නෙ මොකද..??
    විකියට චෝදනා කරන අයගෙන් මට අහන්න තියෙන්නෙ ඒ අය අද වෙන කොට සිංහල සබ් කීයක් නම් දාලා තියෙනවද...???
    අනේ හුකේ.......තොපි මීහරක්, "තොපිලාගෙ නැට්ටෙ ඉදන්ම ගොම" .අපේ විකියට බැන්නට,අපිට අපේ එකාව වටිනව.
    විකියෝ... මේ කොහෙවත් යන පගර නැටටෝ ටිකක්......එක එකා කෑ ගැහුවට ඔයා ගනං ගන්න එපා.........

    බොහොම ස්තුත්යි විකියා සහෝ… ඉදිරියටත් කරගෙන යන්න.. ජය වේවා.!!!!!!!

    ReplyDelete
  45. අරුණිට ලියමි..

    අරුණි මැඩම් සැහෙන ලොකු විග්‍රහයක් කරලා තියනවනේ.හරි අපි ඔවා දන්නේ නෑ කියමුකෝ එහෙනම් ඔය අරුණි කියන කෙනා කරුණාකර මේවාට පිළිතුර සපයන්න..

    සිංහල උපසිරැසි අන්තර්ජාලයේ විශාල පෙරලියක් කිරිමට සමත් උනා නම් මේවා කරන්නේ කට්ටිය මහන්සිවෙලා නේ.එවට විරුද්ධව නැගි සිටින්නත් ඔයාලා පියවරක් ගන්න ඇතිනේ.හොදම උදාහරණය zmovie.magnify.net නමින් පවත්වගෙන යන වෙබ් අඩවිය තනිකරම හොර කිප්පලක්.එයට විරුද්ධව පියවරක් ගන්න බැරිද එතකොට ඔය සංගමයට?ඒවට ඇයි නිහඩ පිලිවෙතක් අනුගමනය කරන්නේ??හොරකම නිසානේ මේ idx ක්‍රමය ආවේ.හොරකමට විරුදධ වෙන්න පුලුවන් උනොත් ඔය කියන idx ක්‍රමය නවත්තලා ඔන කෙනෙක් පරණ විදියටම සබ් දේවි.
    අනික සබ් හොරකම් කරාම දුක දන්නේ එවා දාන අය විතරයි.එවා මේවා කියන පණ්ඩිතයෝ දන්නේ නෑ.දැන්නේ හොරු බෝවෙලා ඉන්නේ.අර ඉහත කෙනා කිව්ව එක මටත් පිළිගන්න වෙනවා.මේ විකියා කියන කෙනාගේ නම අර හොරකම් කරලා දාන සයිට් එකේ සබ් වලින් අයින් කරලා නෑ.එත් අනිත් හැම හොරකම් කරපු එකකම නම අයින් කරලා එකට විකියා මොකද කියන්නේ..ඔයාගේ යාලුවෙක්ද ඒක කරන්නේ?නරත්නම් සිංහල උපසිරැසි හදුන්වලා දන්න නිසා විකියාගේ නම මකන්න දුක හිතුනද දන්නේ නෑ.විකියා වගේ අයට හොරකම් ගැන කතා කරන්න බෑ.මොකද එයාගේ නම මකලා අන්තර්ජාලේ එක සබ් එකක්වත් ගිහින් නෑ.තමන් කට්ට කාගෙන දාපු සබ් එක වෙන තැන්වල හොරකම් කරලා දාන අයට තමයි එකේ දුක දැනෙන්නේ.ඔය කැගහන එකෙක්ටවත් එකේ තේරුමක් නෑ.

    කියන්නේ නම් සිංහල උපසිරැසි නිසා සිංහල ලොකේට යනවා කියලා..හැබැයි එච්චර දෙයක් කරන උපසිරැසි දාන අයගේ උපසිරැසි හොරකම් කරන හොරෙක් අවම කට්ටිය මුනිවත රකිනවා.සබ් එක හොරකම් කරයි කියලා බයට සබ් idx දාන මිනිහාගේ සබ් එකට බාල්දි පෙරනවා.පුලුවන් නම් හොරුන්ට වැඩක් දෙන්න බලන්න.නැතුව නිකම් පම්පොරි ගහන්නේ නැතුව.

    මැඩම් අරුණි ඔයා සැහෙන වැඩ්ඩෙක් වගේ නේ කතා කරලා තියෙන්නේ.ඔයාගේ බොලොග් එකට නම ක්ලික් කරලා යන්න බෑ.පොඩ්ඩක් දෙන්නකෝ බලන්න ඔයාගේ වටින කියන බොලොග් එක කොහොමද බලන්න.


    පුලුවන් නම් හැංගි හැංගි ඉන්නේ නැතුව මම උඩ කියලා තියන එවට රිප්ලයි කරන්නකෝ.

    ReplyDelete
  46. @ Anonymous
    February 17, 2012 11:52 AM කමෙන්ට් එක දාපු කෙනාට..


    යකෝ සබ් එක විකියා නෙමෙයි දාලා තියෙන්න.අරිසෙන් දාපු සබ් එකක්.අනික විකියා ගේ යාලුවෝ එකා දෙන්න ඇවිත් විකියාව සුද්ධ කරන්න හදනවා.හොරු එක්ක හොර සයිට් හදාගෙන හොරකම අහුනොවෙන්න තමන්ගේ සබ් එහෙමත් දාලා.හැබැයි තමන්ගේනම පමණක් ඉතුරු කරලා වෙන අයගේ සබ් හොරකම් කරලා දාන කෙනෙක් නේ.ලැජ්ජයි ලැජ්ජයි.පුලුවන් නම් එකටත් මොකක් හරි කියපල්ලා.

    ReplyDelete
  47. කොහෙවත් යන ඉංග්‍රිසි චිත්‍රපටි වලට ලංකාවේ අපි කොටා ගන්නේ අහවල් එකකටද..

    ReplyDelete
  48. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  49. ඇයි යකෝ idx දුන්නම සබ් බලන්න බැරිද මුන්ට ඕන කොහේ හරි ප්‍රශ්නයක් ඇති කරන්න.මොන විදියට දුනනත් කමක් නෑ සිංහල පෙනවා නම් අපි බලනවා එච්චරයි.

    ReplyDelete
  50. මෙතන ගහ මරා ගන්න තැනක් බවට පත් වෙලා අන්තිමට..කතා කරන අසබ්‍ය භාෂාව මෙතනට උචිත ද?..ඔය කියන සයිට් එකට ප්‍රචාරය දෙන්නේ ඔබම නොවේද..ඒ විතරක් නොවේ ඔය කියන සයිට් එක ගැන දැන ගත්තෙත් මේ ලගකදී .මම.මේක ගැන මෙතන කියන එක හරි හෝ වැරදි හෝ වේවා...මෙන්න ඔය කියන වෙබ් සයිට් එක
    බාවිතා කරන්න ඇඩ්මින්ගේ විස්තර...
    IP: 151.62.74.1
    Decimal: 2537441793
    Hostname: 151.62.74.1
    ISP: IUnet
    Organization: IUnet
    Services: None detected
    Type: Broadband
    Assignment: Static IP
    Country: Italy
    State/Region: Veneto
    City: Verona
    Latitude: 45.45
    Longitude: 11


    මෙය තහනම් කිරිමට නොහැකි වී තිබෙන්නේ Italy වල සිට කරන වෙබ් අඩවියක් නිසා..දැනටම මා ඇතුළු අනෙක් පිරිස මෙය නවත්වන්නය කියා ඉල්ලීම් රාශියක් magnify නමැති මෙම වෙබ් අඩවිය ලියාපදිංචි කර ඇති ආයතනයට දන්වා ඇත..තවද මා විසින් අලුතින් උපසිරස ගන්වන්නට යෙදුන බයිස්කෝප් එක වෙනස් කිරිමට අපහසු පරිදි සකස් කර ඇත.ඒ නිසාද කොහෙද..(නමුත් වෙන කෙනෙක් එයත් වෙනස් කර ඇත) ඇත්ත නමම ඔහු යොදා ගෙන ඇත්තේ..ඒ විතරක් නොවේ ඔහු ලගකදී එක් කල ඇති De Dana Dan (2009),සහ Puss in Boots (2011) උපසිරැසි යෙදුවන්ගේ නම් එලෙසම යොදා ඇත..මෙතෙක් හොර කල මොහු එලෙස කර ඇත්තේ කුමක් නිසාදැයි මා නොදන්නා නමුත් මා විසින් කරන ලද සියලුම උපසිරස වෙනස් කර අන්තර්ජාලයේ ඇති බැව් කිව යුතුය...මෙන්න ඔය කියන වෙනස් නොකලයි කියන උපසිරස එක...වෙනස් කර ඇති අයුරු බලන්න..මෙම වෙබ් සයිට් එක නැවැත්වීමට කරන්න පුළුවන් ඉහලම දේවල් දැනටමත් කරමින් සිටිනා බව ඔබ නොදැන කතා කිරිම ගැන මම ඉමහත් කණගාටුව පත් වෙමි..

    http://www.opensubtitles.org/en/subtitles/4470294/paiyaa-si
    http://www.opensubtitles.org/en/subtitles/4470279/paiyaa-si
    අවසන ලියවී ඇත්තේ
    (EP CREATIONS) කල උපසිරස ගැන්වීමක්
    ..................................................
    මේ කියලා තියෙන දේවල් වලින්
    හිතට ලොකු දුකක් දැනුනේ..අප උත්සාහය සැම දින අගය කළා මිසක ඔහුව
    දුර්වල කලේ නැත..

    කොහෙද රොයිලිගේ සබ් වල නම් වෙනස් කර නැත්තේ Deja Vu (2006) ෆිල්ම් එකේ අවසාන මෙන්ම මුල් කොටස කියවන්න
    1
    00:00:00,000 --> 00:00:38,000
    WWW.ZMOVIE

    2
    00:00:42,700 --> 00:00:44,500
    WWW.ZMOVIE.MAGN

    3
    00:01:22,200 --> 00:01:23,800
    WWW.ZMOVIE.MAGNIFY.NET

    1598
    01:57:45,400 --> 01:57:46,600
    WWW.ZMOVIE.MAGNIFY.NET

    1599
    01:58:12,100 --> 01:58:13,700
    අප වෙබි අඩවිය මෙචිචර දුරක් ගෙන ඵමට අත දුන් ඹබ සැමට ස්තුතියි‍ ‍' තව තව නැවුමි දේ රැගන ඵන තුරැ WWW.ZMOVIE.MAGNIFY.NET සමගම රැදි සිටින්න.
    ..................................................
    අප හොරු නොවෙමු ,ලොක්කන් නොවෙමු,
    ලාංකිකයන් විදියට අලුත් දෙයක් දෙන්නට උත්සාහ ගත් මිනිසුන් වීමු..

    මින් පසු කමෙන්ට් කිරිමෙන් වලිකන අතර ඔබට හැකි පමණ අසබ්‍ය බස යොදා යොදා ගෙන බනින්න.

    ReplyDelete
  51. නියමයි විකිය.... උඹ දෙන්න ඕන උත්තරේ නියමෙට දීල තියෙනව.
    ජය....

    ReplyDelete
  52. මේවා දැක්කම හිනා යනවා :) දැන් ඔය ගොල්ලෝ දන්නවා ඇතිනේ මේ ෆිල්ම් එක ඔයාලා කොහෙන්ද ඩවුන්ලෝඩ් කරන්නේ එක්කෝ පයිරට් ටොරෙන්ට් එකක් හරි ඔය ඩිරෙක්ට් බා ගත කරන්න දෙන සයිට් එකකින්නේ..එතකොට ඔයාලා ඕක බා ගෙන තියෙන්නේ නීතියානුකූලවද?..නැහැනේ..ඒත් වෙන කට්ටියක් සෑහෙන්න කලක් මහන්සි වී කල දෙයක්..මිනිසුන් දහස් ගණනක අවුරුදු ගණනක මහන්සියක් තමයි අපි මේ හොරාට බලන්නේ..ඒ වගේම ඔය ලංකාවේ 99 %
    විතරම තියෙන්නේ පරිගණකයේ ඕ එස් එකේ ඉදලා ඉතුරු සේරම හොර ඒවා නේද?..එහෙම බලන් ගියාම අපි හොරුන්ගෙත් හොරු කම්බ හොරු වගයක්.
    ඔය සෝපා වගේ පනත් ගෙනාවේ ඕක නවත්වන්න..එහෙම එකක් දෙකක් සයිට් නවතින කොට කියනවා අයියෝ...අද ඉදල ෆිල්ම් බලලා ඉවරයි සොෆ්ට් අරගෙන ඉවරයි...කියලා ඒවා නවත්වන්නෙත් ඒවාත් හොර කියන්නේ පට්ටම හොර ඒවා නිසා..ඉතින් අපි හොරකන් කර කර
    මෙහෙම කියන ඒවාට හිනා යනවා..ලංකාවේ හොරකමට කොච්ච්රම ප්‍රසිද්ධ කියලා කිවුවොත්
    බිල් ගේට්ස් මෙහෙට එන්නත් වුනා..හික්ස්. :) .ඕක නවත්වන්න..
    මෙතන මේ ටික කියවලා බැලුවහම පේනවා මහත්මා ගතිගුණ තියෙන්නේ කාටද කියලා..
    දෙයක් නිවැරදි කරන්න ගිය විට එසේ විම ලංකාවේ හැටිය..ඔබතුමා කල කී දේ අප දනී..
    ලංකාව යනු අමුතුම රටකි එකෙනෙක් දෙයක් කලොත් එයට හැමෝම එකග විය යුතුය..එයට එකග නොවිම දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් වී හමාරය..
    මම යුනිකේත පිළිබද විද්වතෙකු නොවේ..එහෙත් ඒ පිළිබද දන්නා කියන පුද්ගලයන්ට කියන කතා ඉතාමත් පහත් මට්ටමක පවතින බැව් මේ සංවාදය කියවන විට මට දැනුනි...

    ReplyDelete
  53. කට්ටිය අනුන්ට බනින්න කලින් තමන් සිංහල මූවීස් කීයකට සබ් දාලද කියල තමන්ගෙ හිතෙන් අහන්න.. අන්න ඒ ගානට හරි යන්න අනිත් අයට බැන්නට කිසිම අවුලක් නෑ.. ඒ කියන්නෙ එක පාරක් වත් බනින්න බෑ කියන එක නේද.. ඒක නිසා වලිගෙ හංගගෙන මෙතනින් කැපුනට කාරි නෑ...

    ReplyDelete
  54. සියළුම සහෝදර/සහෝදරි යනි.

    නිවාඩු දවස් ටිකේ පොඩි චාරිකාවක් ගිය නිසා අදයි නෙට් එකට ආවෙ.

    ඇත්තටම මට හැමදෙනෙක්ගෙන්ම ඉල්ලන්න තියෙන්නෙ, ඔයාල වෙනුවෙන් කට්ට කාගෙන නොමිලේ ගෙදරටම බාගන්න දෙන සබ් නිසා නිරපරාදෙ මෙහෙම ගහ-මරාගන්න එපා. විශේෂයෙන්ම අසභ්‍ය වචන පාවිච්චි කරන්න එපා බ්ලොග් කමෙන්ට් වල. මේක මම ඉතාම යටහත් පහත්ව කරන ඉල්ලීමක්. මෙහෙම මරාගන්නව දැක්කම ඇත්තටම මට ඇතිවෙන්නෙ ලොකු කලකිරීමක්. මම ගත්ත මහන්සියේ ප්‍රතිඵලය මේකද, මේකට මම තව දුරටත් සම්බන්ධ වෙන්න ඕනද කියලත් වෙලාවකට හිතෙනව.

    කොහොමටත් අපේ සිංහලය ඒ වගේම අපි මේ ජීවත් වෙන රට ගැන මට තියෙන හැඟීමත් ඔයිට දෙවනි නෑ. අන්තිමයි කිවුවට කවරුවත් මා එක්ක අමනාප වෙන්න එපා.

    IDX ගැන කියන්න තියන ටික මම මීට කලින් කියල තියන නිසා ආයෙමත් කියන්න අදහසක් නෑ. හැබැයි idx සබ් පැහැදිලි නෑ කියන අයටනම් තියෙන්නෙ වෙන ගැටළුවක් කියල හිතෙනව. මොකද දෙන්න පුළුවන් උපරිමයෙන් ඒක දීල තියන නිසා. Mediaplayer Classic ගැටළුවක් නැතිව පැහැදිලිව සබ් පෙන්නනව.

    සියළු දෙනාට තුති,

    ජය!

    අරිසෙන්_

    ReplyDelete
  55. patta ne ela ela ada thama kathava bokkata geeye

    ReplyDelete
  56. මරු ෆිල්ම් එක...සබ් එකට ස්තුතියි..

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...