Monday, February 20, 2012

The Change Up (2011)

 

ඩේව් සහ මිච් යනු පාසැල් වියේ සිට ඇසුරු කරන ගජ මිතුරන් වන අතර, ඩේව් නීතීඥයෙකු ලෙස ඉතා සාර්ථක රැකියා ජීවිතයක් සහ දරු තිදෙනෙකුගේ පියෙකු සහ දයාබර සැමියෙකු ලෙස ඉතා සාර්ථක යුග ජීවිතයක් ගත කරයි. මිච් සල්ලාලයෙකු වන අතර, සරාගී චිත්‍රපට නළුවෙකු වෙයි. දිනක් දෙදෙනා එක්ව උද්‍යානයක සාදා ඇති ජල පොකුණකට මුත්‍රා කරන අතරේ, දෙදෙනා, එකිනෙකාගේ ජීවිත ලබාගැනීමට ඇති ආශාව හෙලි කරයි. මෙහිදී සිදුවන ප්‍රාතිහාර්යයකින් දෙදෙනාගේ සිරුරු හුවමාරු වෙයි.


දෙදෙනා එක්ව එකිනෙකාගේ රාජකාරි සහ පුද්ගලික ජීවිත ගැටළුවකින් තොරව පවත්වාගෙය යාද? නැවත යථා තත්වයට පත්වේද යන ගැටළු චිත්‍රපටය නරඹාම දැනගැනීමට හැක.

ජේසන් බැට්මන්, රයන් රෙනෝල්ඩ්ස් සහ ඔලීවියා වයිල්ඩ් රඟන මෙම චිත්‍රපටය 2011 අගෝස්තු මට මුල්ම වරට ඇමරිකාවේ තිරගත කරන ලදී. 

IMDB ළකුනු 6.4/10 ක් හිමි කරගත් මෙම චිත්‍රපටයේ වර්ගයට අදාලව අරිසෙන් ලබාදෙන ලකුනු ප්‍රමාණය 7/10 කි. චිත්‍රපටය සෙල්ලක්කාර තරුණ ජීවිත වටා ගෙතී ඇති බැවින්, ආරම්භයේ සිට අවසානය දක්වාම අසභ්‍ය ව්‍යවහාර පතින අතර, නිරුවත් ජවනිකා අන්තර්ගත වේ. පවුලේ සැමට එක්ව සිට නැරඹීමට නොහැකි වර්ගයේ චිත්‍රපටයකි. 

තෝරාගත් වීඩියෝ පටය BrRip.mp4 වර්ගයේ, 751mb එකක් වන අතර එහි ගුණාත්මය A/V 10/10 ට ඉතා ආසන්නය.  

දෙබස් අර්ථයට හානි නොවනු පිණිස අසභ්‍ය භාෂාව එලෙසම පර්වර්ථනය කර ඇත. පවුලේ සැමට එක්ව සිට නැරඹිය නොහැකි චිත්‍රපටයකි.

උපසිරැසි තව තවත් වැඩි දියුණු කර ඇත.

චිත්‍රපටයේ වර්ගය කොමිඩි-ප්‍රහසන / ආදර / 18+


(ඔබගේ ඉල්ලීම පරිදි අඩු ධාරිතාවක් සහිත (3.5mb) සබ් ගොනුවක් ලබාදී ඇත - 21-02-2012)
ඔබගේ අදහස් ලියා තැබීමට කාරුණික වන්න.

26 comments:

  1. බොහොම ස්තූතියි යාලුවා සබ් එකට...මේ දවස් වලනම් වැඩ වැඩියි එක්සෑම්ස් නේ දැන් බාන්න දාලා නිවිහැනහිල්ලේ බලන්න ඕනේ....ඉන්ටෆේස් එක වෙනස් කරලා නේ එල එල.....

    ReplyDelete
  2. එහෙනම් මට බලන්න වෙන්නෙ නෑ, දහඅට සීන් තියෙනවනේ,

    ReplyDelete
  3. අනේ අපිත් ඔහොම කියලා ඔයිට හපන් දේවල් බලපු කාලයක් තිබ්බා නොවැ හික්ස්.... දැන් නම් නිකම් බලද්දි කාවුරු හරි එද්දි මිනිමයිz කරන්නත්... :D මතක් වෙන්නේ ටික වෙලාවක් ගියාම මේ ලඟදි අයියට මාට්ටු :ඩී ඌට හෙන හිනා වැඩේට :පී

    ReplyDelete
  4. ඔයානම් දෙයියෙක්‌ නෙමෙයි ...දේවාලයක් ....පින්සිද්ද වෙනවා ඇත්තටම මහත්තයෝ ....පුලුවන්නම් හුගෝ බව්රේට් එක සිංහලෙන් දෙන්න ....

    ReplyDelete
  5. .~සුපිරි~.ඔන්න අපිත් සබ් එක ගන්නවා.....මේක ගැන අහලා තිබ්බා..ඒත් මට මිස් වුන එකක්..දැන් නම් මිස් වුන එකත් හොදයි කියලා හිතනවා... :)
    තව තවත් ශක්තිය ලැබේවා සිංහල උපසිරස දිගින් දිගටම දෙන්න ....


    ජයෙන් ජය~!

    ReplyDelete
  6. සබ් ෆයිල් එක WinRAR කරලා දෙන්න බැරිද සබ් ෆයිල් එක ලොකු වැඩියි මචෝ

    ReplyDelete
  7. අරිසෙන් එල කොල්ලෙක් නේ...තනියම දෙන ගේම නම් මැක්සා....!!! ඉස්සරහටත් තව මේ වගේ සබ් දෙන්න ලැබේවා.... ජයෙන් ජය සහෝ

    ReplyDelete
  8. Thanks machan sin sub digatama denna........

    ReplyDelete
  9. තරහකට කියලා හිතන්නෙපා....අද දීපු සබ් ෆයිල් එකේ අකුරුනම් පැහැදිලි මදි . :(..ඔයා කලින් දුන්න දෙකේම The Entitled (2011)
    A Separation (2011) සබ් එක කොලිටියම තිබ්බා...අන්න ඒ වගේ සයිස් එකත් අඩුවෙන් ඒ දීපු විදියට දෙන්න,,,අකුරු පාට නොකලට කමක් නෑ...සුදු පැහැයෙන් මේ ක්‍රමේට දෙන සබ් හොදට පේනවා... :).... තරහා වෙන්න එපා ...සහෝ :)

    ReplyDelete
  10. දිගටම මේ වැඩේ කරගෙන යමු.
    බොහොම ස්තූතියි....

    ReplyDelete
  11. සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ. අලුත් සබ් දෙක තුනක්ම තියෙනවා. හැමදාම වගේ ස්තූතියි කියලා තමයි කියන්න තියෙන්නෙ.

    තව දෙයක් මම කියන්න කැමතියි බ්ලොග් එකේ උඩ navbar එක අයින් කලොත් හොඳයි කියලා මට හිතෙනවා.

    ReplyDelete
  12. thanks for sub,,,,,,,,,,,,

    ReplyDelete
  13. thank u very much for sinhala sub……

    ReplyDelete
  14. (3.5mb)සබ් එක කොහෙන්ද ගන්නේ සහෝ?

    ReplyDelete
  15. @ විකියා,
    ඉස්සෙල්ල දීපු ලින්ක් එකම තමා, ෆයිල් එක විතරක් අළුත් කරල තියනව. "සිංහල උපසිරැසි සමහ චිත්‍රපට ටොරන්ට් ගොනුව බාගත කරන්න" කියන ලින්ක් එක උඩ ක්ලික් කලාම අළුත් වෙබ් පිටුවකට යනව. ඒ පිටුවෙ දකුණු-උඩ කෙලවරේ "Download Original" බට්න් එක ක්ලික් කරන්න, එච්චරයි. පරණ වැඩි කැපෑසිටි ෆයිල් එක වෙනුවට අළුත් අඩු කැපෑසිටි එක එතනට දාලයි තියෙන්නෙ.

    ReplyDelete
  16. @අරිසෙන්
    එල එල ඔන්න ගත්ත....... :)

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. film akanam dipu link aken bawa bohoma sthuthiyi eth sub nam wada nane...........:(

    ReplyDelete
  19. බොහොම පිං සහෝ..
    සයිස් එක අඩු කරන්න පුලුවන්නම් තවත් හොඳයි..
    16MB නිසා.. අමාරුයි.. RAR කරල අප් කලානම් හොඳ නැද්ද.. ?
    ස්තුතියි සබ් වලට..

    ReplyDelete
  20. @ නුවන්,
    සහෝ. කමෙනටුවට තුති.

    ගූගල් ඩොක්ස් එක එක වෙලාවට පිටුව අළුත් කරන එක නිසා තමයි ඔය අවුල. ලින්ක් එක උඩ ක්ලික් කලාම දිගඇරෙන අළුත් පිටුවෙ ක්‍රම දෙකකට 3.5 මෙ.බ. කොපිය ගන්න පුළුවන්.

    1. ඉහල දකුණු කෙලවරේ Download Original බට්න් එක
    2. ඉහල වම් කෙලවරේ Change up.rar කියන නමට යටින් තියන File --> Download Origilan

    එක එක ෆයිල් එක වෙන වෙනම බාන්නෙ නැතිව RAR එකකි විදියට බෑවොත් 3.5 මෙ.බ. කොපිය ලැබෙනව.

    සදුවූ අපහසුතාවයට සමාවෙන්න.

    අරිසෙන්_

    ReplyDelete
  21. Fantastic..... i lke very much this film it's very funny.... Thanks a lot

    ReplyDelete
  22. thank you very much......................

    ReplyDelete
  23. E macha meke sub eka mobile eken ba ganna bane.full try kara.mobile eken mokuth karanna bane

    ReplyDelete
  24. පට්ට ඕයි ඒක 😹😹 නියම වැඩක්

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...