Tuesday, December 20, 2011

In Time 2011

  

ජාන ඉංජිනේරු විද්‍යාව මගින් මිනිසාගේ වයස් ගතවීම වයස අවුරුදු 25 දී නතර කර ඇති අතර, තවත් එක් අවුරුද්දක් පමණක් වැඩිපුර ජීවත් වීමට ඉඩ සලසා ඇත. මෙයට වඩා ජීවත් වීමට අවශ්‍ය අයට කාලය උපයා ගැනීමට සිදුවේ. කාලය මුදල් සේ වියදම් කරමින් සියළු අවශ්‍යතා ඉටු කරගැනීමට සිදුවන අතර, කිසිදු ආකාරයකින් වයස්ගත කෙනෙකු සොයාගැනීමටවත් නොමැති නමුත්, කාලය අවසන්වූ අයට මියයාමට සිදුවේ. 

විල් සල්ස් නැමති තරුණයාගෙ මව කාලය අවසන්ව මිය යන අතර, ඔහුට අහම්බෙන් මෙන් වසර 100 ක් ලැබේ. එය වියදම් කර, සිටුවරයින්ගේ පුරවරයට යන ඔහු, එහිදී ඉතාම ධනවත්, ව්‍යාපාරික සිටුවරයෙකු සමග සූදුවෙන් විශාල කාලයක් ලබා ගනී. කාලය හසුරුවන නිලධාරීන් ඔහු පසුපස එන අතර, ඔහු සිටුවරයාගේ දියණිය පැහැරගෙන පැනයයි. මෙම ක්‍රමය ගැන නොපැහැදීමෙන් සිටින ඔහුට එය වෙනස් කිරීමේ අරමුණ ඉටුකරගැනීමට හැකිවේද? කාලය වැඩිපුර උපයාගත් අය, අමරණීයත්වය කරා යමින් සතුටින් ජීවත් වෙත්ද?

ජනප්‍රිය තරුණ නිලි ඇමැන්ඩා සීෆ්රිඩ් සහ ජස්ටින් ටිම්බර්ලේක් ප්‍රධාන චරිත වලට පණපොවන මෙම චිත්‍රපටය මුල් වරට තිරගතවූයේ 2011 ඔක්. 28 වැනි දින ඇමරිකාවේදීය.

තෝරාගත් වීඩියෝ පටය (In.Time.2011.R5.LiNE.XviD-REFiLL) A/V 9/9 ආසන්නයේ හෝ ඊට වැඩි බව කිවහැක. ආදර ජවනිකා කීපයක් ඇතුලත් හෙයින් වැඩිහිටියන්ට වඩාත් සුදුසු ගනයට වැටෙතත්, ඉතා ඉහල මට්ටමේ කථා පිටපතක් බව කිව හැක. චිත්‍රපටයේ වර්ගයට අදාලව, අරිසෙන් විසින් ලබා දෙන ලකුණු ප්‍රමාණය 9/10 කි. IMDB ලකුණු ප්‍රමාණය 6.6 කි. 

චිත්‍රපටයේ වර්ගය - ක්‍රියාදාම / විද්‍යාප්‍රබන්ධ / ආදර / 18+

සිංහල උපසිරැසි බාගත කරන්න

චිත්‍රපටය බාගත කරන්න

ඔබගේ වටිනා අදහස්, අපට දිරිදීමකි.

18 comments:

  1. meka wena site ekaka thiyanawa

    ReplyDelete
  2. එල බං, වෙන සයිට් වල තිබ්බට කමක් නැ, උබේ සබ් තමා එල. බොහොම ස්තුතියි

    ReplyDelete
  3. මන් දැක්ක සබ් වලින් හොදම සබ් දාන කිහිපදෙනෙක්ගෙන් එක්කෙනෙක්...මන් මේ ෆිල්ම් එකේ වෙන කොපියක් බාමින් එන්නේ සබ් මැච් උනොත් හොදයි...තැන්ක්ස් යාලුවා.... :)

    ReplyDelete
  4. මචං උඹව වට්ටන්න නෙමේයි මේක කියන්නේ.. මම මේකේ සබ් එක වෙන සයිට් එකකත් දැක්කා.. එකෙන් මම බාගත්තේ නැ. මේකෙන් බාගන්නෙත් නැ.. මොකද මචං මේ R5 කොපි කොලිටි නැ මචං. Dvdrip එකක් හරි ඊට එහා හොද එකක් හරි තිබුනනම් හොදයි.

    මම දන්නවා සබ් දාන එක බුදු ගේමක් කියලා. මචං උඹ මහන්සිවේලා හදන සබ් එක හොද කොපියකට හදහන් මචං. එතකොට එකට ලැබෙන වාටිනාකමත් වැඩි.. මාව වැරදියට තේරැම් ගන්න එපා. බොරැවට උඹව මුරැංගා අත්තේ තියලා වැඩක් නැති නිසයි මචං කිව්වේ. කවුරැ මොන සයිට් එකක ඉක්මනින් දැම්මාත් වැඩක් නැ මචං දැන් ඉන්න පරම්පරාව හොද දේ තමයි බාගන්නේ. උඹ මහන්සියෙන් කරනදේ චා කරගන්න එපා මචං.

    එහෙනම් උඹට සුභ තව එකක් අව ගමන් මම බාගන්න බලං ඉන්නම්

    ReplyDelete
  5. ade mata meka ahamben hamba une keyala vadak na ela ma ela athatama sathutui

    ReplyDelete
  6. ade mata meka ahamben hamba une keyala vadak na ela ma ela athatama sathutui

    ReplyDelete
  7. chami

    Bohomathma stuti saho godak mahansi wela karana me wadeta,.,

    ReplyDelete
  8. මචංලා, 

    කොමෙන්ටු වලට තුති.

    Anonymous ටයි සංජිවටයි කියන්න තියෙන්නෙ මචං වෙන සයිට් වලින් සිංහල සබ් දෙන එක ලොකු දෙයක්, මොකද මමත් වෙන සයිට්වල සබ් එක්ක මූවි බලනව. ඒ වගේම ඒවයෙන් ගුරුහරුකමුත් ගන්නව. මම මේක වෙන සයිට් එකක දැක්කෙ නෑ, වැඩේ පටන් ගනිද්දි. ඒ නැතත්, ඒක මට එච්චරටම වැදගත්කමකුත් නෑ. මොකද මේක නිකං මගේ විනෝදාංශයක් විතරයි, ඉක්මනට දීල හරිවත් වෙන විදියකට හරිවත් කාටවත් තරඟයක් වෙන්න මට අදහසකුත් නෑ. අනික මේක මේ ඊයෙ පෙරේද පටන් ගත්ත පුංචි බ්ලොග් එකක් විතරනෙ. මම බලන චිත්‍රපටියක් හිතට වැදුනොත්, ඒකට සබ් දානව. ඒක ගැන එච්චර හිතල වදවෙන්න එපා.

    හැබැයි මට එකක් ස්ථිරව කියන්න පුළුවන්, මම මෙතන දෙන දත්ත/තොරතුරු මම පාඨකයට දෙන්නෙ වගකීමකින්, ඒ නිසා R5 නෙවෙයි cam එකක් වුනත් ඒකෙ කොලිටිය ගැන මම දෙන විස්තරය විශ්වාසදායකයි කියල ස්ථිර වෙන්න පුළුවන්. මොකද සබ් දානව කියන්නෙ මූවිය අනිවාර්යයෙන් එන වතාවකට වඩා බලන්න වෙන නිසා, මම ඒක කියන්නෙ හරියටම දැනගෙන.

    සුභ නත්තලක්!

    අරිසෙන්_

    ReplyDelete
  9. Sirawatama godak site walin sub denawa dan, tika kalayakata kalin sinhala sub ekak ekka film balanna puluwan une tv wala vitharai, dan SINHALA sub net eke hamathanam ape bhashawata loku sewayak oyala karanne saho oyage vinodansen api wage ayata loku satutak. subapathanawa

    ReplyDelete
  10. ඔයාලා හැමෝම උපසිරැසි දාන එක නම් ලොකුම ලොකු දෙයක්.ඉස්සර ටිවි එකේ සිංහල උපසිරැසි එක්ක බලන්න හිටිය අපිට දැන් මේ වගේ සබ් ලැබෙන එක ලොකු හයියක්.ඒ වගේම මේක මුදල්වලට නෙමෙයි කරන්නේ කියලත් අපි දන්නවා.ඉතින් මේ වගේ දෙයක් කරන ඔයාලට බොහොම ස්තුතියි.එත් වචනයක් කියන්න ඕන.මම වෙනත් වෙබ් අඩවි වලටත් කියලා තියනවා තව කවුරු හරි දිලා තියන චිත්‍රපටයකට උපසිරැසි දානවට වඩා තවත් අලුත් එකකට දැම්මොත් එක හැමෝටම හොදයි නේද යාලුවා.මේක මම වෙත් වෙබ් අඩවියක දැක්කා.එකේ නම කියන්නේ නෑ හැබැයි
    හෙව්වොත් ඔයාලට හම්බවේවි.අරිසෙන් සහෝ ඔයත් ෆිල්ම් එකකට සබ් දාන කොට එක කලින් දිලාද කියලා බලලා දානවා නම්‍ හොදවෙයි නේද.හැබැයි ඔයා මේකේ සබ් දාගෙන යනකොට වෙනත් කෙනෙක් දිලා නම් පටන් ගත්ත වැඩේ ඉවර කරන්න ඕන නිසා දිලා දාන්න.නැත්නම් මහන්සිය අපරාදේ.මගේ අදහස මම කිව්වේ වැදි මුකුත් කියවිලා තියනවා නම් සමාවෙන්න ඕන.


    @ සංජිව
    දැන් හුගක් අය හොද ෆිල්ම් එකක් ආව ගමන් කැමරා කොපි පවා බලන අය ඉන්නේ.එහෙම අයට මේ වගේ හොද R5 කොපි එකක් ආවත් බලනවා.හොද කොපි ආවත් එවා 2 GB වගේ වෙනවා.ඉතින් ගොඩක් අය ඔවා බාන්නේ නෑ.පොඩි කොපි ගන්නේ.10%ක් ඇති හොද කොපි එනකම් ඉන්න අය ඔයා වගේ.ඒ 10% වෙනුවෙන් මේ වගේ හොද කොපි එකක් ඇවිල්ලත් සබ් නොද ඉන්නවා නම් ඉතිරි 90%ටම ආවාසියි නේද?අපි නම් කොපිය හොදනම් සයිස් එකත් අඩුනම් කතා දෙකක් නෑ ෆිල්ම් එක බලනවා.

    ReplyDelete
  11. @ Anonymous on January 3, 2012 8:51 AM,

    කිසිම අහිතක් නෑ යාළුවා, සමාව ඉල්ලන්න දෙයක් කියලත් නෑ, ඔයා කියන දේ ඇත්ත. ඒ වගේම මෙතන මොනම විධියක කමෙන්ට් දැම්මත් ඒ කිසි කෙනෙක් එක්ක අහිතක් මගේ නෑ. ඒත් මම මගේ අදහස කියල දානව, එච්චරයි.

    කොහොම වුනත් ඊලඟ සබ් එකේ ඉඳල මම ඒගැනත් සැලකිලිමත් වෙන්නම්.

    ඔයාගෙ අදහස කියපු එකට ගොඩක් ස්තුතියි.ඒක, ඒවගේම අනිත් සේරම කමෙන්ටුත් අපට ගොඩක් වටිනව.

    තිසරණ සරණයි!

    ReplyDelete
  12. නියම චිත්‍රපටියක් සහෝ.. උපසිරසිත් නියමෙට දාල තියෙනවා. ගොඩක් පින්!

    ReplyDelete
  13. මන් බාපු කොපියකට එල කිරි වගේ සබ් එක මැච් වුනා...මට හෙන හැපී ඉතින්.....සබ් එක්කම බැලුවා... :) තැන්කූ වේවා මචන්..... :)

    ReplyDelete
  14. godak thanks macho.... Math gannawa... pin Godak labenna Oni...

    ReplyDelete
  15. ''ඒක මට එච්චරටම
    වැදගත්කමකුත් නෑ. මොකද
    මේක
    නිකං මගේ විනෝදාංශයක්
    විතරයි, ඉක්මනට දීල හරිවත්
    වෙන විදියකට හරිවත්
    කාටවත් තරඟයක් වෙන්න
    මට අදහසකුත් නෑ. අනික
    මේක මේ ඊයෙ පෙරේද පටන්
    ගත්ත පුංචි බ්ලොග් එකක්
    විතරනෙ. මම බලන
    චිත්රපටියක් හිතට
    වැදුනොත්, ඒකට සබ් දානව.''

    well said machan!

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...