Thursday, May 24, 2012

Gone (2012)

  

ජිල් තරුණ වියේ පසුවන රූබර යුවතියක්. දෙමාපියන් අහිමි ඇය සමග ඇගේ නැගණියත් ජීවත්වූ අතර, ජීවිකාව ලෙස රාත්‍රී හෝටලයක වේටර් වරියක් ලෙස වැඩ කලා. තවමත් ඉගෙනගන්නා වයසේ පසුවන නැගනියගේ කටයුතු සොයා බලන්නේ ඇයයි. කලකට පෙර ඇය පැහැරගැනීමකට ලක්වුන අතර, එයින් බේරී පලා ඒමට සමත් වුනා. එම යටගියාවේ අමිහිරි මතකය ඇයගෙන් වෙන් නොවී, ඇයට දිගින් දිගමට මානසිකව වද දීමට පටන්ගත් නිසා ඇය නිරන්තරවම බියෙන් ජීවත්වූ කෙනෙක්. ඒ වගේම ඇයට ඇයගේ පැහැරගෙනයාම ඔප්පු කිරීමට බැරිවීම නිසා පොලීසිට ඇතුලු කිසි කෙනෙක් ඇය ප්‍රකාශ කරන කිසිවක් විශ්වාස නොකරන තත්වයක් ඇතිවුන අතරම මානසික රෝගී ප්‍රතිකාර ලබන්නටද සිදුවුනා. මේ අතර දිනක් ඇය වැඩට ගිය අතරතුර, ඇයගේ නැගණිය අතුරුදන් වෙන්නෙ නැගණියගේ උසස් පාසලේ අවසාන විභාගය දවසේ පාන්දර. ඇය තනිව තම නැගණිය සොයා පැහැරගැනීම කල තැනැත්තා සොයා යන අයුරුත්, එසේ යුවතියන් ඝාතනය කරන ඝාතකයා ඇය අතින් අවසන් ගමන් යන අයුරුත්, තම පැරණි යටගියාව සමගම ඇය ඝාතකයාගේ ඝාතනයත් යටගියාවකටම ඉතිරි කරන අයුරුත් මෙම චිත්‍රපටයට පාදක වන කතාන්දරයයි. 


IMDB ලකුණු 5.6 ක් හිමි කරගත් මෙම චිත්‍රපටය 2012 වසරේ පෙබරවාරි 24 දින මුල්ම වරට තිරගතවූවක්. චිත්‍රපටයේ වර්ගයට අදාලව අරිසෙන් විසින් ලබාදෙන ලකුනු ප්‍රමාණය 7කි. මෙම චිත්‍රපටයේ ආදර හෝ ලිංගික ජවනිකා අඩංගු නොවන අතර පවුලේ සැමට එක්ව නැරඹිය හැකි චිත්‍රපටයකි.

චිත්‍රපටයේ වර්ගය - අපරාධ / ත්‍රාසය / නාට්‍යමය

තෝරාගත් වීඩියෝ ක්ලිපය (698 MB) BRRip XviD-ETRG.avi වන අතර එහි A/V 10/10 ට ඉතා ආසන්නය. ටොරන්ට් ගොනුවේ සීඩ්/ලීච් ප්‍රමාණයට සැලකියයුතු ඉහල අගයක තිබිණ. 

මෙම චිත්‍රපටය සඳහා වෙනත් වෙබ් අඩවියක උපසිරැසි පලකල නමුත්, බොහෝ දුරට වැඩ අවසාන කර තිබූ නිසා, නිරපරාදේ ඉවත නොලා, මෙසේ පලකිරීමට කටයුතු කල බව කරුණාවෙන් සලකන්න.

සිංහල උපසිරැසි සහ ටොරන්ට් ගොනුව (2.31MB) බාගත කිරීමට පිවිසෙන්න

16 comments:

  1. මම මෙක බෑලුව හරිම ලස්සන movie එකක්. හෑබෑයි මට අල්ලන්නෙ නෑත්තෙ ජිල් කියන කෙල්ල කියන බොරු ගොඩ තමයි.

    ReplyDelete
  2. thanks.mama baluwenam naha thama.

    ReplyDelete
  3. බොහොම තුති......
    ජය වේවා~!

    ReplyDelete
  4. උපසිරස දෙන්න මහන්සි උනට ගොඩක් ස්තුතිය්

    ReplyDelete
  5. හහා.. එකම චිත්‍රපටියකට සබ් ගොඩක් තිබුනම මොකද? අපිට පුලුවන් හොඳම එක තෝරන් බලන්න. අනික ඔයාගේ සබ් එකක් අපතේ යන්නේ නෑ කොහොමත්. තැන්කූ සහෝ.... සබ් එක ගන්නවා

    ReplyDelete
  6. ela ela niyamai. oyage sub wala amutu gatiyak tiyenawa. aniva balanne aa nisa. api kata karana baasawenma tiyena nisa ela. tawa site keeyaka tibunath aulak nee.

    jaya wewa.

    ReplyDelete
  7. tank saho, oyage sub thitama gelapenawa. english wachana tika sinhalata peralapu anith ayage sub wage nevi. Oya adahasa tamai harawanne. Yatagiyawa namath elakirata gelapenawa. tawa sub denna shaktiya lebewa.

    ReplyDelete
  8. ariyagenam itin kumana katada? 100%k gelapenna gindara film walatamane denneth. kalin keeparak beluwath arisen sub dunnoth aye balanawa. umbata pin hebei buduwenna epa, hariyata sabak denna wena kawda inne.

    ReplyDelete
  9. YIFY- torrent.com wala maru films thiyanawa BR films..ithin ewage film ekakata sub denna puluwnnam godak hondai..parana unata kamak nehe..wena site wala sub deela nethi films godak ethana thiyanawa..oyage sub hinda sinhalen thiyana nisa mama aasai...me genath salaka balanna..thanks dahoo..(YIFI films walata seeds wedi nisa fast download)

    ReplyDelete
  10. මේක නම් බැලුවා බොරු කියන්න ඕන නෑ නේ.
    ඔයාගේ අපසිරැසි ප්‍රියකරන කෙනෙක් මම ඇත්තටම උපසිරැසි ගොඩක් හොදයි.මේක නම් බැලුනා වෙන එකක තිබ්බ නිසා.
    http://www.imdb.com/title/tt1486193/ ඔන්න ඔය ලින්ක් එකේ තියන චිත්‍රපටියට පුලුවන් නම් උපසිරැසි දෙනවද?ඔයා යුධ කතා කිහිපයක් පල කරලා තියන නිසා මේකත් දෙයි කියලා හිතනවා.පොඩ්ඩක් බලලා පුලුවන් නම් උපසිරැසි දෙන්න.
    ජයෙන්ජයම වේවා.

    ReplyDelete
  11. ටැන්කූ. වෙන සයිට් කීයක තිබුනත් මොකද ඔයාදෙන සබ් එල කිරි. අනික සුපිරි කියල අපිව රවට්ටන්නෙත් නෑනෙ. දුන්නොත් දෙන්නෙ අනිවා සුපිරි එකකටම විතරයි. නිරපරාදෙ අපේ bandwidth එක නාස්ති කරන්නෙත් නෑ අනිත් සයිට් වල වගේ.

    ජයෙන් ජය!

    ReplyDelete
  12. අදයි දැක්කෙ. වෙන සයිට් වල තිබුන කියල දෙයක් නෑ.
    ස්තුති.

    ReplyDelete
  13. ටැන්කූ සහෝ

    ReplyDelete
  14. මේක නම් නියම කතාවක් එක දිගට බලන් ඉන්න පුළුවනි...
    ජයෙන් ජය~!

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...