Saturday, December 24, 2011

The Thing 2011



ඇන්ටාටිකාවේ අයිස් පර්වතයක් තුල ඇති, වසර ලක්ෂයක් පමණ පැරණි, පිට සක්වල යානාවක් සහ එහි පැමිණි ජීවියා, විද්‍යඥයන් පිරිසක් විසින් සොයාගැනේ. ජීවියා ගොඩගත් පසුව, ඌ තවමත් ජීවී බව සොයාගන්නාවිට, මනුෂ්‍ය ජීවිතයක් බිලිගෙන හමාරය. මෙම ජීවියාගේ සෛල වලට, මිනිසුන් ඇතුළු වෙනත් ජීවීන්ගේ සෛල ආක්‍රමණය කිරීමට සහ මෙසේ අනෙකුත් ජීවීන්ගේ පිටපත් තැනීමට හැකියාව ඇත. මෙසේ, තමා සමග එක්ව වැඩ කල සගයින්, තව දුරටත් මිනිසුන්මද නැද්ද යන ගැටළුව මතුවේ. මෙම ගැටළුව නිරාකරණය කරගන්නා අයුරුත්, මෙම විනාශකාරී ජීවීන්ගෙන් පෘථිවිය බේරාගන්නා අයුරුත් ගැන කියවෙන අපූරු කථා පිටපතක් ලෙස මෙම චිත්‍රපටය සැලකිය හැකිය.

බිය සහ හිරිකිත දනවන දර්ශන පෙලක්ම ඇතුලත් වන නමුත්, පවුලේ සැමට එක්ව නැරඹීමේ අපහසුවක නොවේ.  තෝරාගත් වීඩියෝ ක්ලිපය R5 එකක් වන අතර, එය A/V, 9/9 ට වඩා වැඩි බව කිවහැක.

ජනප්‍රිය සුරූපී නිලි මේරි එලිසබත් සහ ජොයෙල් එඩ්ගාටන් ප්‍රධාන චරිත වලට පණ පොවයි. 2011 වර්ශයේ ඔක්තෝබර් මස 14 වැනිදින, ප්‍රථමවරට ඇමරිකාවේදී තිරගතවූ මෙම චිත්‍රපටය සඳහා IMDB වෙබ් අඩවිය ලබාදුන් ලකුණු ප්‍රමාණය 6.4 වන අතර වර්ගීකරණයට අදාලව අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 7/10 කි.

චිත්‍රපටයේ වර්ගය : විද්‍යාප්‍රබන්ධ / භීතිය දනවන / ක්‍රියාදාම

සිංහල උපසිරැසි බාගත කරන්න
චිත්‍රපටය බාගත කරන්න

සුභ නත්තලක් වේවා!

ඔබගේ අදහස් දැක්වීමට කාරුණික වන්න.

14 comments:

  1. සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  2. කියන්න වචන නෑ...සුපිරි..බොහොමත්ම තුති...ඔයා කරන මේ කාර්යය වචන වලින් විස්තර කරන්න බෑ... :)
    ඒ වගේම සුබ නත්තලක්...

    ජයෙන් ජය~!

    ReplyDelete
  3. අශේන් මලින්දDecember 25, 2011 at 5:53 PM

    අරිසෙන් යකඩයා....... ඔයා දීලා තියෙන විස්තරයෙන් බලන්නම හිතෙනවා. සුබ නත්තලක් සහ සුබ න්අව වසරක්.

    ReplyDelete
  4. බොහොම ස්තූතියි.

    ReplyDelete
  5. අරිසෙන් සහෝ මචන් උඹේ වෙබ් එක හුගක් අය දන්නේ නැහැ වෙබ් එකේ සිංහල සබ් හොයනකොට හම්බ වෙන්නෙත් නැහැ පුලුවන්නම් ඒකට මොකක් හරි කරපන් එතකොට හුගක් අය මේ වෙබ් එක දැනගනී එතකොට Comment ටුත් වැඩි වේවි ජයවේවා

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි සහෝ... :)

    ReplyDelete
  7. නියමයි නියමයි මේක සබ් එක්කම බලන්න පුලුවන්
    මරු

    ReplyDelete
  8. Thanks machan.....supiri wadak....

    ReplyDelete
  9. ela machan mama movie aka baluvata passe me commen karanne mama kamathena movies thama me
    Mystery movies

    ReplyDelete
  10. kiyanna wachana nea yaluwa.. Godak pin..

    ReplyDelete
  11. maxxxa machaaa...........thawa supiri ewa oniiiiiiiiiiiiiii

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...