මිනිස් මනසට ඇතුළු වී එහි ඇති මතකයන් කියවීමට නව විද්‍යාත්මක සෙයාගැනීමක් කරන ඉන්ජිනේරුවෙකු, එම යන්ත්‍රය සඳහා කෙරෙන පලමු ප්‍රදර්ශන අත්හදා බැලීමේදී, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ, මිනීමැරුම් චෝදනා සහිත සිරකරුවෙකුගේ මනස තුල සිරවෙනව. ඔහු මෙම තරුණයාගේ මනසින් නැවත එලියට පැමිණීම සඳහා වසර 4 ක් පුරාවට දරන ප්‍රයත්නය මෙම චිත්‍රපටියේ කතාවට පිටපත සපයනව.
චිත්‍රපට වර්ගීකරණය
නාට්‍යමය
(37)
අපරාධ
(32)
ක්‍රියාදාම
(23)
ත්‍රාසය
(22)
2011
(21)
වැඩිහිටි
(21)
2012
(19)
ආදර
(18)
කොමිඩි/ප්‍රහසන
(17)
ඇන්මේශන්
(15)
පවුලේ කතා
(13)
ළමා
(12)
කාටූන්
(11)
විද්‍යාප්‍රබන්ධ
(11)
2010
(9)
2009
(6)
චරිතාපදාන
(4)
පුරාවෘත/ඉතිහාස
(4)
යුධ
(4)
2006
(3)
2007
(2)
2008
(2)
භීතිය දනවන
(2)
1994
(1)
2003
(1)
2013
(1)
Wednesday, November 28, 2012
Thursday, November 22, 2012
House of Sand and Fog (2003)
රජයේ කාර්යාලයක සිදුවන අතපසු වීමක් නිසා කාන්තාවකට තමාට හිමි නිවස අහිමි වන අතර, එය වෙන්දේසියේ විකිනෙනව. නිවස මිලදී ගන්නා පාර්ශවය තවත් ගැටළුවක සිටින නිසා වරද නිවැරදි කරන්න අපහසු වන අතර, ප්‍රශ්නය දුර දිග යනව. මෙම චිත්‍රපටය ඉතාම සංවේදී සහ ශෝක ජනක පුවතක් දිහහැරෙන එකක්.
Sunday, November 18, 2012
Recreator (2012)
තරුණයින් දෙදෙනෙකු සහ තරුණියක දූපතක විනෝද චාරිකාවක නිරත වෙන අතරතුර, කලකට පෙර සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයක අමුද්‍රව්‍ය කාන්දුවක් නිසා, තමන්ගේම ක්ලෝන සමග ජීවිතය උදෙසා සටනක් ඇතිවනව.
Monday, October 22, 2012
After.Life (2009)
හදිසි අණතුරකින් මියයන ඇනීගේ සිරුර අවමංගල්‍ය අධ්‍යක්‍ෂකවරයෙක් වෙතට ගෙන එනු ලබනව. ඔහුට මලවුන් සමග කථාබහ කිරීමට ඇති හැකියාව ඔහු ලද ත්‍යාගයක් වශයෙනුයි ඔහු සැලකුවේ. ඔහු වෙතට මෙතෙක් ගෙන ආ සියළු දෙනා සමග වගේම, ඇනී සමගත් ඔහු අදහස් හුවමාරු කරගන්නව. පෙර හැම අවස්ථාවකදි වගේම, ඔහුට තිබුණු අපහසුම කාර්යය වන්නේ, ඇනී මියගොස් ඇති බව සිරුරෙන් පිටවූ ඇගේම ආත්මයට වටහා දිමයි. ඇනීගේ පෙම සහ එයට සිදුවූ දෙය ආදී තවත් බොහෝ දේ දැනගැනීමට චිත්‍රපටය බැලීමට ඔබ සැමට මා ආරාධනා කරනව.
Tuesday, October 9, 2012
Premium Rush (2012)
බයිසිකල් වලින් නගරය පුරාම ක්ෂනික තැපැල් සේවයක්, එහෙමත් නැත්නම් කුරියර් සර්විස් එකක් දෙන පිරිසක් වටා ගෙතුනු මෙය අපූරු කතාවක් කියන්න පුළුවන්. වොයිලිට ලැබෙන එක රාජකාරියක් තමයි, ඒ වගේ ලියුමක් ගෙනිහින් භාරදෙන්න. ඒ ලියුම් කවරෙ ඇතුලෙ තිබුනෙ ලොකු මුදලක් සඳහා ලබාදුන් රිසිට් පතක්. ඒක ලබාදුන් තරුණිය, එය තම පුතු, තමන් ඉන්නා රටට ගෙන්වා ගැනීමට ඉතා මහන්සියෙන් උපයාගත් මුදල්. මේක හොරකම් කරන්න, සූදුවෙන් බංකොලොත්වුණ, දූෂිත පොලිස් නිලධාරියෙක් පස්සෙන් පන්නනව. කතාව දිගහැරෙන්නෙ පස්වරු 5.57 ඉඳල පස්වරු 7.00 දක්වා වෙන සිද්ධි වටා. හැබැයි කාලය ටිකක් පටලවල පෙන්වන්නෙ, කුතුහලය වැඩි කරන්නද, පහසුවෙන් තේරුම් ගන්නද, ඒ දෙකමද කියල බලන්නයි, වෙන්නෙ මොනවද කියල දැනගන්නයි, මේක බලන්නම වෙනව.
Saturday, October 6, 2012
Compliance (2012)
එදත්, අදත්, කවදත්, අපි අතරේ ගොදුරු සොයා යන, අසාමාන්‍ය කාමාශාවල් තියන අය ඉන්නව. බෙකී, නැගෙනහිර ඇමරිකාවෙ, කෙන්ටකි ප්‍රාන්තයේ, අද වෙද්දි, ජාත්‍යන්තර මට්ටමෙන් පවා, අතිශයින් ප්‍රසිද්ධ අවන්හලක සේවයට ගිය, අහිංසක යුවතියක්. අවන්හලේ කළමනාකාරිය, වැඩි බුද්ධියක් නැති, පහසුවෙන් රැවටෙන කෙනෙක්. බෙකී සොරකමක් කල බවට, පොලීසියෙන් දුරකථන පණිවුඩයක් එන්නෙ මේ අතරෙයි. එම පොලිස් අණට බෙකී ඇතුළු සියළු දෙනා අවනත වෙනව. වුනේ මොකද්ද කියල තේරුම් යනකොට ගොඩක් වැඩ දුරදිග ගිහින්. සත්‍ය සිද්ධියක් ඇසුරින් නිමැවුනු මේ කතාව, බැලු බැල්මටනම් ටිකක් අභෟව්‍යයි කියලත් හිතෙනව.
ඒ වුනත්, පහුගිය කාලෙ බැලුවම, හිතාගන්නවත් බැරි විධියට, මීටත් වඩා අසාමාන්‍ය ආකාරයට, රැවටෙන බව පෙනි-පෙනිම රැවටුනු රට හරක් ඕන තරම් ඉන්නව. ඒ නිසා මේක බලල පොඩ්ඩක් දැනුවත් වුනාට කාට වුනත්, හොඳක් මිස නරකක්නම් වෙන්නෙ නෑ.
Monday, October 1, 2012
Red Lights (2012)
අද දිනය මෙම බ්ලොගයට විශේෂිත දවසක්. මොකද අද මම මගේ 50 වැනි උපසිරසිය ඔබට ඉදිරිපත් කරන්නෙ ඉතාම සතුටින්. මා සමග මේතාක් කාලයක් රැඳී සිටි ඔබ සැමට මම හදපිරි සතුටින් යුතුව ස්තූතිවන්ත වෙනව.
එහෙමනම් වෙනද වගේම අපි චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් දැනගෙනම උපසිරැසිය බාගමු.
එදා වගේම අදත් විවිධාකාර අවිද්‍යාවන් ලෝකයේ පවතිනව. කුඩා පරිමාණයෙන් ගමක කෙලවර සාත්තරයක් අහල කීයක් හරි හම්බකරගන්න තැන ඉඳල ගෝලීය මට්ටමෙන් මිනිසුන් මුලාකරන අය එදත් අදත් හෙටත් දකින්නට තියෙනව. මේ කතාව ගෙතෙන්නෙ සිල්වර් කියන අධිමානසික බලයක් ඇතැයි කියාගන්නා කෙනෙකුත්, ඔහුගේ එම රැවටීම හෙලිකිරීමට වෙහෙසෙන ආචාර්වවරු දෙදෙනෙකුත් වටා. එයාගෙ බොරු අල්ලන්න යන අයට අත්වෙන්නෙ හරිම දරුණු ඉරණමක්. ඒ වගේම බොරුව මොකද්ද, අල්ලන්නෙ කොහොමද වගේ දේවල්, බලලම තේරුම් ගන්න.
එහෙමනම් වෙනද වගේම අපි චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් දැනගෙනම උපසිරැසිය බාගමු.
එදා වගේම අදත් විවිධාකාර අවිද්‍යාවන් ලෝකයේ පවතිනව. කුඩා පරිමාණයෙන් ගමක කෙලවර සාත්තරයක් අහල කීයක් හරි හම්බකරගන්න තැන ඉඳල ගෝලීය මට්ටමෙන් මිනිසුන් මුලාකරන අය එදත් අදත් හෙටත් දකින්නට තියෙනව. මේ කතාව ගෙතෙන්නෙ සිල්වර් කියන අධිමානසික බලයක් ඇතැයි කියාගන්නා කෙනෙකුත්, ඔහුගේ එම රැවටීම හෙලිකිරීමට වෙහෙසෙන ආචාර්වවරු දෙදෙනෙකුත් වටා. එයාගෙ බොරු අල්ලන්න යන අයට අත්වෙන්නෙ හරිම දරුණු ඉරණමක්. ඒ වගේම බොරුව මොකද්ද, අල්ලන්නෙ කොහොමද වගේ දේවල්, බලලම තේරුම් ගන්න.
Friday, September 28, 2012
Ice Age: Continental Drift
Brave (2012)
මරීඩා කියන කුමාරිකාව තමන්ගෙ හිතුමතේට වැඩ කරන කෙනෙක්. පිය රජතුමා බොහොම නිර්භීත පුද්ගලයෙක් වුනත් බුද්ධිය ටිකක් මදි. ඒ නිසා සෑම දෙයක්ම පාහේ සිද්ධ වුනේ මවු රැජිණගේ අවශ්‍යතාවය මත. කුමරිය සරණපාවාදෙන්න කාලය ආවම, සියළු වංශවතුන් රැස් කරල එයට තරඟයක් පවත්වනව. නමුත් කුමරියට දීගෙක යන්න බෑ කියල හිතිල, මායා කාරියකගෙ හූනියමකින් මවු රැජිනගෙ හිත වෙනස් කරන් ගිහින් සිද්ධ වෙන කලබගෑනිය තමයි මේ කතාන්දරය.
Sunday, September 23, 2012
Tangled Ever After (2012)
රපෙන්සල් කුමරිය ඉයුජීන් සමග විවාපත් වන දිනයේ සිදුවන හාස්‍යනක දේවල් ටිකක් තමයි මෙතන පෙන්වන්නෙ. ඉතාම කෙටි විනාඩි 6 ක පමණ චිත්‍රපටයක්. හැබැයි ඉතා උසස් මට්ටමින් කරල තියනව. වීඩියෝව ඉතා කෙටි වර්ගයේ එකක නිසා වැඩිය කියන්න දෙයක් නෑ, බලලම දැනගන්න.
Subscribe to:
Posts (Atom)

















