ඇමරිකානු පුරවැසි කොරියානු යුවතියක් මිනිස් ජාවාරම් කරුවන්ගේ ග්‍රහනයට නතු වනුයේ නාඳුනන පෙම්වතෙකු හරහා වෙයි. ඉතා අමානුශික සහ අසාධාරණ වධ බන්ධනයන් සමග ඇය මෙන්ම තවත් බොහෝ යුවතියන් ගණිකා වෘත්තියේ යෙදවීම, අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය, ඔවුන්ට බිහිවන දරුවන් විකිනීම ආදිය මෙම ජාවාරම් කරුවන්ගේ ව්‍යාපාර වෙයි. ඇය ඉන් මිදී පලායාම දැක්වෙන මෙය ඉහල ගනයේ (වැඩිහිටි) චිත්‍රපටියක් වෙයි.
චිත්‍රපට වර්ගීකරණය
නාට්‍යමය
(37)
අපරාධ
(32)
ක්‍රියාදාම
(23)
ත්‍රාසය
(22)
2011
(21)
වැඩිහිටි
(21)
2012
(19)
ආදර
(18)
කොමිඩි/ප්‍රහසන
(17)
ඇන්මේශන්
(15)
පවුලේ කතා
(13)
ළමා
(12)
කාටූන්
(11)
විද්‍යාප්‍රබන්ධ
(11)
2010
(9)
2009
(6)
චරිතාපදාන
(4)
පුරාවෘත/ඉතිහාස
(4)
යුධ
(4)
2006
(3)
2007
(2)
2008
(2)
භීතිය දනවන
(2)
1994
(1)
2003
(1)
2013
(1)
Showing posts with label Crime. Show all posts
Showing posts with label Crime. Show all posts
Saturday, June 1, 2013
Sunday, May 19, 2013
Mother (2009)
තම මන්දමානසික පුතු නිරපරාදේ වරදකරුවූ මිනී මැරුමක සත්‍ය ඝාතකයා සොයා යන මවකගේ දරුපෙම විදහාපාන කොරියානු චිත්‍රපටයකි. අවසානයේ ඇය සත්‍යය සොයා ගත් නමුදු...
Wednesday, May 8, 2013
Monday, March 25, 2013
Robot & Frank (2012)
මෙම චිත්‍රපටය පෙන්වන්නෙ නුදුරු අනාගතය. වියපත් ගෙවල් බිඳින්නෙක්ගේ සහයට සාත්තු සේවක රොබෝවෙක් ඔහුගේ පුතා විසින් ගෙන එනව. නමුත් සාත්තු සේවය කෙසේ වෙතත් මෙම මහළු මිනිසා එම රොබෝවා තමන්ගේ අනෙකුත් වැඩ වලට සහාය කරගන්නව.
Friday, March 22, 2013
Love Crime (2010)
ක්‍රිස්ටීන් කියන්නෙ බොහොම නපුරු ආයතන ප්‍රධානියෙක්. ඇය යටතේ වැඩ කරන ඉසබෙලාට රාජකාරිමය ආරෝවක් මත ඇය ඉතා පහත් අන්දමින් පහර දෙනව. ඇයගේ පෞද්ගලික ජීවිතයට පවා ඇඟිලි ගහනව. නමුත් අහිංසක ඉසබෙලා ඇත්තටම අහිංසකම නෑ. එයා මේ කරදරෙන් මිදිල තමුන්ගෙ අරමුණු ඉටු කරගැනීම තමයි මේ කතාවේ නිධානය වෙන්නෙ.
Tuesday, January 15, 2013
Taken 2 (2012)
මෙය කලින් නිකුත් කල මෙම චිත්‍රපටයේ TS කොපිය සඳහා BR RIP යාවත්කාලීන කිරීම වෙයි.
මෙය Taken (2008) චිත්‍රපටයේ දෙවනි කොටසයි. පළමු කොටසේදී පියා විසින් දුව බේරාගැනීමට ඝාතනය කල පුද්ගලයන් වෙනුවෙන් පලිගැනීමට පැමිණෙන පිරිසගෙන් ඔහු තම බිරිඳ සහ දියණිය බේරාගන්නා ආකාරය මෙහි කථා පිටපත වෙනව.
Tuesday, October 9, 2012
Premium Rush (2012)
බයිසිකල් වලින් නගරය පුරාම ක්ෂනික තැපැල් සේවයක්, එහෙමත් නැත්නම් කුරියර් සර්විස් එකක් දෙන පිරිසක් වටා ගෙතුනු මෙය අපූරු කතාවක් කියන්න පුළුවන්. වොයිලිට ලැබෙන එක රාජකාරියක් තමයි, ඒ වගේ ලියුමක් ගෙනිහින් භාරදෙන්න. ඒ ලියුම් කවරෙ ඇතුලෙ තිබුනෙ ලොකු මුදලක් සඳහා ලබාදුන් රිසිට් පතක්. ඒක ලබාදුන් තරුණිය, එය තම පුතු, තමන් ඉන්නා රටට ගෙන්වා ගැනීමට ඉතා මහන්සියෙන් උපයාගත් මුදල්. මේක හොරකම් කරන්න, සූදුවෙන් බංකොලොත්වුණ, දූෂිත පොලිස් නිලධාරියෙක් පස්සෙන් පන්නනව. කතාව දිගහැරෙන්නෙ පස්වරු 5.57 ඉඳල පස්වරු 7.00 දක්වා වෙන සිද්ධි වටා. හැබැයි කාලය ටිකක් පටලවල පෙන්වන්නෙ, කුතුහලය වැඩි කරන්නද, පහසුවෙන් තේරුම් ගන්නද, ඒ දෙකමද කියල බලන්නයි, වෙන්නෙ මොනවද කියල දැනගන්නයි, මේක බලන්නම වෙනව.
Saturday, October 6, 2012
Compliance (2012)
එදත්, අදත්, කවදත්, අපි අතරේ ගොදුරු සොයා යන, අසාමාන්‍ය කාමාශාවල් තියන අය ඉන්නව. බෙකී, නැගෙනහිර ඇමරිකාවෙ, කෙන්ටකි ප්‍රාන්තයේ, අද වෙද්දි, ජාත්‍යන්තර මට්ටමෙන් පවා, අතිශයින් ප්‍රසිද්ධ අවන්හලක සේවයට ගිය, අහිංසක යුවතියක්. අවන්හලේ කළමනාකාරිය, වැඩි බුද්ධියක් නැති, පහසුවෙන් රැවටෙන කෙනෙක්. බෙකී සොරකමක් කල බවට, පොලීසියෙන් දුරකථන පණිවුඩයක් එන්නෙ මේ අතරෙයි. එම පොලිස් අණට බෙකී ඇතුළු සියළු දෙනා අවනත වෙනව. වුනේ මොකද්ද කියල තේරුම් යනකොට ගොඩක් වැඩ දුරදිග ගිහින්. සත්‍ය සිද්ධියක් ඇසුරින් නිමැවුනු මේ කතාව, බැලු බැල්මටනම් ටිකක් අභෟව්‍යයි කියලත් හිතෙනව.
ඒ වුනත්, පහුගිය කාලෙ බැලුවම, හිතාගන්නවත් බැරි විධියට, මීටත් වඩා අසාමාන්‍ය ආකාරයට, රැවටෙන බව පෙනි-පෙනිම රැවටුනු රට හරක් ඕන තරම් ඉන්නව. ඒ නිසා මේක බලල පොඩ්ඩක් දැනුවත් වුනාට කාට වුනත්, හොඳක් මිස නරකක්නම් වෙන්නෙ නෑ.
Monday, October 1, 2012
Red Lights (2012)
අද දිනය මෙම බ්ලොගයට විශේෂිත දවසක්. මොකද අද මම මගේ 50 වැනි උපසිරසිය ඔබට ඉදිරිපත් කරන්නෙ ඉතාම සතුටින්. මා සමග මේතාක් කාලයක් රැඳී සිටි ඔබ සැමට මම හදපිරි සතුටින් යුතුව ස්තූතිවන්ත වෙනව.
එහෙමනම් වෙනද වගේම අපි චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් දැනගෙනම උපසිරැසිය බාගමු.
එදා වගේම අදත් විවිධාකාර අවිද්‍යාවන් ලෝකයේ පවතිනව. කුඩා පරිමාණයෙන් ගමක කෙලවර සාත්තරයක් අහල කීයක් හරි හම්බකරගන්න තැන ඉඳල ගෝලීය මට්ටමෙන් මිනිසුන් මුලාකරන අය එදත් අදත් හෙටත් දකින්නට තියෙනව. මේ කතාව ගෙතෙන්නෙ සිල්වර් කියන අධිමානසික බලයක් ඇතැයි කියාගන්නා කෙනෙකුත්, ඔහුගේ එම රැවටීම හෙලිකිරීමට වෙහෙසෙන ආචාර්වවරු දෙදෙනෙකුත් වටා. එයාගෙ බොරු අල්ලන්න යන අයට අත්වෙන්නෙ හරිම දරුණු ඉරණමක්. ඒ වගේම බොරුව මොකද්ද, අල්ලන්නෙ කොහොමද වගේ දේවල්, බලලම තේරුම් ගන්න.
එහෙමනම් වෙනද වගේම අපි චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් දැනගෙනම උපසිරැසිය බාගමු.
එදා වගේම අදත් විවිධාකාර අවිද්‍යාවන් ලෝකයේ පවතිනව. කුඩා පරිමාණයෙන් ගමක කෙලවර සාත්තරයක් අහල කීයක් හරි හම්බකරගන්න තැන ඉඳල ගෝලීය මට්ටමෙන් මිනිසුන් මුලාකරන අය එදත් අදත් හෙටත් දකින්නට තියෙනව. මේ කතාව ගෙතෙන්නෙ සිල්වර් කියන අධිමානසික බලයක් ඇතැයි කියාගන්නා කෙනෙකුත්, ඔහුගේ එම රැවටීම හෙලිකිරීමට වෙහෙසෙන ආචාර්වවරු දෙදෙනෙකුත් වටා. එයාගෙ බොරු අල්ලන්න යන අයට අත්වෙන්නෙ හරිම දරුණු ඉරණමක්. ඒ වගේම බොරුව මොකද්ද, අල්ලන්නෙ කොහොමද වගේ දේවල්, බලලම තේරුම් ගන්න.
Monday, September 17, 2012
Deception (I) (2008)
මැක්ව'රි කියන්නෙ ගනකාධිකාරී වරයෙක්. එයා එච්චරටම තැලුනු පොඩිවුනු කෙනෙක් නෙවෙයි. එයා විගණනය කරන්න ගිය ආයතනයකදි එයාට වයිට් කියල නීතීඥයෙක් මුණගැහෙනව. හරිම විනෝදකාමී සල්ලාල කෙකෙක් වන ඔහු, මැක්ව'රිට කාම-සමාජයකට දොර විවර කරනව. එතැනදි හමුවන කාන්තාවක් සමග පෙමක පැටලෙන ඔහු, අවසානයේ මහා මුදල් වංචාවකට අතරමැදි වෙන්නෙ රවටා වරදේ පටලැවීම නිසයි. මෙම අවුල විසඳාගෙන තම පෙම දිනාගැනීමට ඔහු දරන ප්‍රයත්නය මෙම චිත්‍රපටයට වස්තුබීජ සපයනව.Friday, September 14, 2012
Unknown (2006)
ධනවත් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ තවත් ව්‍යාපාරික සගයෙකු ප්‍රාණඇපයට ගනුයේ විශාල මුදලක් අයකරගැනීමටයි. එහිදී මුදල් ගනුදෙනුව සිදුවනතුරු ප්‍රාණඇපකරුවන් රඳවා තබාගන්නේ රසායනික ගබඩාවක වන අතර, ප්‍රාන ඇපකරුවන් මිදී ඇතිවන ආරවුලක් නිසා කිහිපදෙනෙකුට තුවාලවෙයි. ඒ අතර බිමවැටී කැඩුනු බහලුවකින් නිකුත්වූ රසායන ආශ්වාස කරන ජාවාරම්කරුවන් ඇතුලු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාට තමන් කවුද යන බව පවා අමතකවෙයි. ජාවාරම් කරුවන් අතරම වෙස්වලා සැඟව සිටි පොලිස් නිලධාරියෙකු, තවත් රහස් පරීක්ෂකයින්ගේ සහයද ඇතිව ප්‍රාන ඇපකරුවන් ගලවාගැනීමේ මෙහෙයුම මෙහි විස්තර වන අතර, ධනවත් ව්‍යාපාරිකයාගේ සැබෑ සතුරා හෙවත්, මෙහෙයුමේ මහ මොලකරු ඔහුගේම බිරිඳබව හෙලිවන නමුත්, ඇයට දඬුවම් හිමිවේද?Wednesday, August 29, 2012
The Whistleblower (2010)
කැත්රීන් බොල්කොවැක් බොස්නියාවට යවනුයේ පශ්චාත් යුධ සමයේ සාමසාධක හමුදාවේ නිලධාරියෙකු ලෙසය. එහිදී ඇය මහා පරිමාණ වශයෙන් සිදුකෙරෙන කාන්තා ලිංගික ජාවාරමක් හෙලිදරවු කරගන්නා අතර, එයට විරුද්ධව ගතහැකි සියළු පියවර ගනිමින්, හිංසනයට ලක්වූ බාලවයස්කාර දැරියන් වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කරන ආකාරය පෙන්වන, සත්‍ය සිද්ධියක් පාදකකොටගත් කතා පිටපතක් සහිත චිත්‍රපටයකි.Saturday, August 18, 2012
Hitman (I) (2007)
කුඩාකල සිට පුහුණු කල ඝාතකයෙකු වන අංක 47ට ලබාදෙන අළුත්ම මෙහෙයුම රුසියානු ජනපති ඝාතනයයි. ඔහු තම ඉලක්කය නිවැරදිව ලඟා කරගත් නමුත් පසුදින ජනපති රූපවාහිනිය හරහා ජාතිය අමතා කතා කරනු දැකීම පුදුමයට කරුණක් විය. මෙසේ ඔහු තමා බිල්ලටදී කරන්නට ගිය මහා අපරාධයක් සොයාගන්නා අතර, තමා බිල්ලට දීමට තැත් දැරූ අයගෙන් පලිගන්නා ආකාරයත්, අනුන්ගේ වරදින් ගණිකාවකව සිටි අසරණ යුවතියකට නැවත ජීවිතය ලබාදෙන අයුරුත් මෙම චිත්‍රපටයේ කතන්දරයයි.Friday, August 3, 2012
The Hidden Face (2011)
ස්පාඤ්ඤ ජාතික සංගීත අධ්‍යක්ෂක වරක් තම අළුත් රැකියා ස්ථානයට වෙනත් රටකට යන්නෙ තමන්ගෙ පෙම්වතියත් සමගමයි. ඒ රටේදි ගෙයක් කුලියට ගන්නා ඔහු එහි පදිංචිව සිටින අතර ඔහුගෙ පෙම්වතියට වෙනත් තරුණියක් ගැන සැකයක් ඇතිවන්නෙ ඔහුගේම වරදින්. ගෙවල් අයිතිකාරිය සමග මෙම දුක පවසන පෙම්වතියට ඇය අපූරු පිලිතුරක් දෙන්නෙ, පෙම්වතාට පාඩමක් උගන්වන්නයි. මෙසේ පෙම්වතිය අතුරුදන් වෙනව. දුකට පත් පෙම්වතා, ඇය වෙනත් කෙනෙක් සමග ගියායැයි සිතා තවත් පෙමක පැටලෙනව. දෙවන පෙම්වතියට නිවහන හොල්මල් මන්දිරයක් දැයි සැක සිතෙනව. කතාවෙ ඉතිරිටික බලලම රස විඳින්න.
Monday, June 11, 2012
Black Book (2006)
දෙවන ලෝක යුධ සමයේ යුදෙව් ජාතිකයන් සාහසික ලෙස, නාසි හමුදා අතින් ඝාතනයට ලක්වූ අතර ඔවුන් රටින් පැන යාම මේ නිසා සිදුවිය. මෙසේ ඔවුන් රටින් පිට කිරීමට යයි රවටා රැගෙනගොස් ඝාතනය කර ඔවුන්ගේ මුදල් සහ රන් ආභරණ කොල්ලකෑමද ඇතැම් හමුදා නිලධාරීන් සහ වෙනත් වගකිවයුත්තන් ජයටම කරගෙන ගිය ව්‍යාපාරයක් විය. මෙසේ කලක් ප්‍රසිද්ධ ගායිකාවක වූ තැනැත්තියක් පැනයාමට උත්සාහ දරන අතර, ඇයගේ සම්පූර්ණ පවුලම ඝාතනයට ලක්වේ. පසුව දිවි ගලවාගන්නා ඇය හමුදාවේ ඉහල නිලයක් සමග සබඳතාවක් ඇතිකරගනුයේ ප්‍රතිරෝධී කල්ලි සමග එක්වීම නිසාය. මෙසේ ඇය දිවි ගලවාගෙන යුද්ධයෙන් පසුව තම පවුලේ ඉරණම පිලිබඳ තොරතුරු සොයාගැනීම වටා මෙම කතාන්දරය ගෙතෙයි.
Monday, May 28, 2012
Columbus Circle (2012)
ජස්ටින් වෝටර්ස් කියන්නෙ ඉතා ධනවත් කුලවත් පෙලපතක උපතලද පවුලේ එකම දරුවා වගේම එම පෙලපතේ ඊලඟ උරුමක්කාරිය. ඇයගේ පියා බේබද්දෙක්. ඒ වගේම නිරන්තරවම බීමතින් ඇවිත් මවටත් දුවටත් නොසෑයෙන්න වධ වේදනා පමුණවුවනව. මේ නිසා බලවත් සිත් තැවුලටත් වේදනාවටත් පත්වන ඇය ගෙදරින් පැන යනව. මෙසේ ඇබිගල් ක්ලේටන් නමින් කොලොම්බස් වටරවුම අසල පිහිටි, කොලෙම්බස් ස'ර්කල් නම් අති සුපිරි නිවාස අංගනයක වසර 17 ක් පුරාවට අවට ලෝකය සමග කිසිම ගනුදෙනුවක් නැතිව රහසේ ජීවත් වෙනව. මෙම අතුරුදන්වීම එවකට රටේ මහත් ආන්දෝලනයකට සහ කතා බහට තුඩු දුන් එකක් වන අතර, ඇය සෞදි අරාබියානු කුමරෙකු සමග රහසේම වහන්වූ බවක් ජනතාව විශ්වාස කරනව. ඇගේ පියාගේ කිට්ටුම හිතවතෙක් වන පවුලේ වෛද්‍ය වරයා ඇයට සහය වනව. ඉදිරිපස නිවසේ මහළු කාන්තාව ඝාතනව වීමත් සමගම, ඇයගේ මෙම දිවිය වෙනස් වන අතර, චිත්‍රපටයේ ආරම්භයත් එයමයි. ඇය සිටිනා තත්වය දකින වංචාකාරී ජෝඩුවක් ඇය රවටා ධන සම්භාරය අරගන්නට තැත් කරනව. තමුන්ට තමුන් හැර වෙනත් කිසිවෙකු විශ්වාස කල නොහැකි බව කියවෙන මෙම චිත්‍රපටයේ කවුරුන් විසින් කවුරු රැවටීමට භාජනය කලාද යන බව හිතාගන්න ප්‍රේක්ෂකයාට ටිකක් කල් ගතකරවන සුළු එකක්.
Thursday, May 24, 2012
Gone (2012)
ජිල් තරුණ වියේ පසුවන රූබර යුවතියක්. දෙමාපියන් අහිමි ඇය සමග ඇගේ නැගණියත් ජීවත්වූ අතර, ජීවිකාව ලෙස රාත්‍රී හෝටලයක වේටර් වරියක් ලෙස වැඩ කලා. තවමත් ඉගෙනගන්නා වයසේ පසුවන නැගනියගේ කටයුතු සොයා බලන්නේ ඇයයි. කලකට පෙර ඇය පැහැරගැනීමකට ලක්වුන අතර, එයින් බේරී පලා ඒමට සමත් වුනා. එම යටගියාවේ අමිහිරි මතකය ඇයගෙන් වෙන් නොවී, ඇයට දිගින් දිගමට මානසිකව වද දීමට පටන්ගත් නිසා ඇය නිරන්තරවම බියෙන් ජීවත්වූ කෙනෙක්. ඒ වගේම ඇයට ඇයගේ පැහැරගෙනයාම ඔප්පු කිරීමට බැරිවීම නිසා පොලීසිට ඇතුලු කිසි කෙනෙක් ඇය ප්‍රකාශ කරන කිසිවක් විශ්වාස නොකරන තත්වයක් ඇතිවුන අතරම මානසික රෝගී ප්‍රතිකාර ලබන්නටද සිදුවුනා. මේ අතර දිනක් ඇය වැඩට ගිය අතරතුර, ඇයගේ නැගණිය අතුරුදන් වෙන්නෙ නැගණියගේ උසස් පාසලේ අවසාන විභාගය දවසේ පාන්දර. ඇය තනිව තම නැගණිය සොයා පැහැරගැනීම කල තැනැත්තා සොයා යන අයුරුත්, එසේ යුවතියන් ඝාතනය කරන ඝාතකයා ඇය අතින් අවසන් ගමන් යන අයුරුත්, තම පැරණි යටගියාව සමගම ඇය ඝාතකයාගේ ඝාතනයත් යටගියාවකටම ඉතිරි කරන අයුරුත් මෙම චිත්‍රපටයට පාදක වන කතාන්දරයයි.
Thursday, May 17, 2012
Miss Bala (2011)
ලෝරා ග්‍රේරෝ යනු 23 වියැති මෙක්සිකානු යුවතියක්. ඇය මෙක්සිකෝවේ බාලා නුවර පැවැත්වෙන රූ රැජිණ තරඟයට ඉදිරිපත් වීමට ඉතා ආශාවෙන් සිටි තරුණියක්. කෙසේහෝ තරඟයට ඇතුලත් වුනත් රාත්‍රී සමාජ ශාලාවක වුන ගැටුමකින් අවතැන්වුන තම යෙහෙලිය සොයාගැනීමට ගන්නා උත්සාහයේදි අවාසනාවන්ත ලෙස ඇය කුඩු ජාවාරම් කල්ලියකට හසුවෙනව. නියමිත වේලාවට පුහුණුවීමට යන්න මේ නිසා අපොහොසත්වන ඇය, එම තරඟයෙන් ඉවත් කෙරෙනව. ජාවාරම් කරුවො ඇයව ප්‍රයෝජනටය ගනිමින් ඔවුන්ගේ ජාවාරම් කටයුතු කරගන්නා අතර, ඇය නැවත රූ රැජින තරඟයට ඇතුලත් කර, එහි ජයග්‍රහණයට අවශ්‍ය කටයුතුත් ඉටු කර දෙනව. නමුත් ඒ වෙනුවට ඇයට වන්දි ගෙවන්න වෙන්නෙ තමුං බලාපොරොත්තු වුන තමුංගෙම අහිංසක අනාගතයෙන්. මූළු ජීවිතයම වියවුලට පත් වෙන අතරම, ජාවාරම් කරුවන්ගේ ලිංගික හින්සනයටත් ලක්වන ඇයගේ අවාසනාවන්ත කථාව චිත්‍රපටය පුරා දිහගැරෙන්නේ ඛේදාන්තයක් ලෙසටයි.
Thursday, May 3, 2012
Contraband (2012)
ක්‍රිස් ෆැරඩේ යනු හොර ජාවාරම් වල නිරතව සිට ඉන් ඉවත්ව යහපත් ජීවිතයක් ගතකිරීමට අදිටන් කරගත්තෙකි. ඔහුගේ බිරිඳගේ බාල සොයුරා මත්ද්‍රව්‍ය ජාවාරමකට මැදිව,ඒවා රැගෙන එන අතර රේගු නිලධාරීන්ගෙන් බේරීමට එම මත්ද්‍රව්‍ය තොගය මුහුදට වීසි කරයි. මෙසේ එහි අයිතිකරුගෙන් ඔහුගේ ජීවිතය බේරා ගැනීම පිණිස විශාල මුදලක් සෙවීමට සිදුවෙයි. තම මයිලනුවන්ගේ (කමෙන්ටු වල Anonymous May 9, 2012 9:07 AM සහ May 9, 2012 9:11 AM, ඉතා කාරුණිකව දයාවෙන් යුතුව පෙන්වා දී ඇති පරිදි, මෙය මලනුවන් ලෙස වෙනස් විය යුතුය. සිදුවූ අපහසුතාවයට සමාවන්න. අරිසෙන්_ on 09-05-2012 @ 2.13 p.m.) ජීවිතය බේරාගැනීමට නැවතත් වතාවක් හොර ජාවාරමක නිරතවන ක්‍රිස් තමුන්ගේ, තම පවුලේ සහ මස්සිනාගේ ජීවිත බේරාගැනීමට දරන උත්සාහය සහ අතිජාත මිතුරන් පවා මුදලට කෑදරව ද්‍රෝහී වන ආකාරය මෙම චිත්‍රපටයට පාදක වෙයි.
Tuesday, April 17, 2012
Bullhead (2012)
ජැකී සහ ඩයිඩෙරික් කුඩා කාලයේ කිට්ටු යහළුවන් වුනා. නමුත් ජැකීට වුන(කල) බරපතල අණතුරකදි ඊට සාක්ෂි දීමට ඉදිරිපත් නොවීම නිසා, දෙදෙනා අතර මිතුරුකම පැවතුනේ නෑ. දෙදෙනාම හරක් මස් වෙලඳාමට සම්බන්ධ වුන අය. විශේෂයෙන්ම තහනම් හෝමෝන උත්තේජක වෙලඳාමෙ කොටස් කරැවො.
තහනම් උත්තේජක අල්ලන්න යොදවපු පොලිස් නිලධාරියෙක් මරා දැමීම සහ එම අපරාධය හෙලිකර ගැනීම වටා ගෙතෙන මෙම චිත්‍රපටය, ජැකී වැනි දාමරිකයන්ගේ ඇතුලාන්තය ගැනත් කතා බහ කරනව. ජැකීට වුනේ මොකද්ද, අවසානයේ සිදුවන්නේ කුමක්ද යනවග දැනගන්න, චිත්‍රපටය නරඹන්නම වෙනව.
Subscribe to:
Posts (Atom)





























