කාන්තාව කියන්නෙ මේ ලෝකයේ ඉන්න බොහොම ආදරණීය, වැදගත් ගරුකටයුතු කෙනෙක්. මේ ලෝකයේ පැවැත්මට පිරිමියාට වඩා උරදෙන්නෙ ඇයයි කියල කිවුවොත් කවුරුවත් විරුද්ධ වෙනඑකක් නෑ. පවුලක් ගත්තත් වැඩි බරක් අදින්නෙ අපි කවුරුත් දොහොත් මුදුන් කරන අපේ අම්මා. ඒ වගේම පිරිමි අපි කාටත් අම්මෙක්, බිරිඳක්-පෙම්වතියක්, සහෝදරියක්, දියණියක්, ඥාති සහෝදරියක් හෝ අඩු තරමේ මිතුරියක්වත් ඉන්නව. මේ චිත්‍රපටිය බලද්දි ඒ බව තරයේ හිතට අරන් බැලුවොත්, මේ කියන සංවේදී කතා පුවත තේරුම් ගන්න පුළුවන් වේවි.
මේ චිත්‍රපටය ඇත්තටම ගෙතෙන්නෙ කාන්තාවක් වීමේ වරදට අනේක-විධ අමානුශික වධ වේදනා වලට ලක් වෙන්න සිදුවුන කාන්තාවක් වටා. දැරියක් ලෙස, තරුණියක්ලෙස ඇය වින්ද අපමණ දුක් කම්කටොලු වටා. එහෙමත් නැතිනම්, අන්තිම අමානුශික විධියට, ආදරය කරුණාව රැකවරණය ඒ වගේම, ළමා සහ මූලික මිනිස් අයිතිවාසිකම් අහිමිවීම වටා.
වොරිස් කියන්නෙ සෝමාලියානු අහිකුන්ඨික එඬේර පවුලක උපතලද දුප්පත් අසරණ දැරියක්. වයස අවුරුදු තුනේදී ඇය ලිංගඡේදයට ලක් වෙනව, ඒ කියන්නෙ ස්ත්‍රී ලිංගේන්ද්‍රිය සම්පූර්ණයෙන්ම කපා ඉවත් කරනව. ඒ වගේම උපත්මග සම්පූර්ණයෙන්ම වගේ මහල, වහල දානව. එය ගෝත්‍රික චාරිත්‍ර අනුව කල යුතුම වූ දෙයකි. එසේ නොකරන ලද ගැහැනු අය ගණිකාවන් සේ සලකල, සමාජයෙන් නෙරපනු ලබනව. පසුව ඇය මුදලට විකිනෙනුයේ 61 වියැති පුද්ගලයෙකුගේ හතරවෙනි බිරිඳ විධියට. මේ නිසා ගෙදරින් පැනයන ඇය දින 9 ක් තනිව කාන්තාරය හරහා තමුන්ගෙ අත්තම්මා සොයා ගෙන අතිශය දුෂ්කර ගමනක් යනව. එහිදී ඇයගේ අම්මාගේ සොයුරියක වන, ඇමරිකාවේ සෝමාලියානු තානාපති බිරිඳ, ඇයව ගෙදර වැඩකාර කමට ගෙන්වාගන්නව. එතැනින් පැන යන ඇය ඇමරිකාවේ ඉතා ජනප්‍රිය සහ අති-සුපිරි නිරූපිකාවක් බවට පත් වී අවසානයේ වයස අවුරුදු 38 වන විට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ස්ත්‍රී ලිංගඡේදයට විරුද්ධව කටයුතු කරන, තානාපති වරියක් බවටත් පත්වෙනව.
කුඩා දැරියක විසින් නොවිඳිය යුතු ගනයේ පහත් අමානුශික සහ ඉතාම සංවේදී දුක්ඛදායක ගැහැට රැසකට මුහුනපාන ඇය, අවසානයේ ජීවිතය ජය ගන්නා අයුරු දැක්වෙන සත්‍ය කථා පුවතක් වන මෙය, නැරඹිය යුතුම ගනයේ ඉතා උසස් කථා පිටපතක් සහිත චිත්‍රපටයක්. ලිංගිකත්වය වැනි මාතෘකා ඔස්සේ ගලායන නිසා පවුලේ සැමට එක්ව නැරඹීමට අපහසු වුවත්, මෙය ස්ත්‍රීත්වය ලක්වන අමානුශික සහ අසාධාරණ වධවේදනා වටා ගෙතෙන්නක් මිසක, පහත් කාමුක අදහස් දනවන්නක් නෙවෙයි.
2009 වර්ශයේ සැප්තැම්බර් මාසයේ මුල්ම වරට ජර්මනියේ තිරගතවූ මෙම චිත්‍රපටය IMDB ලකුණු 7.1/10 ක් හිමිකරගෙන ඇත. චිත්‍රපටයේ වර්ගීකරණයට අදාලව අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 9.5/10කි. තෝරාගත් වීඩියෝ පටය BdRip (911 mb) වන අතර එහි ගුණාත්මය A/V 10/10 ට ඉතා ආසන්නය.
ස්තූතිය: චිත්‍රපටය ගැන තොරතුර දුන් බයිස්කෝප් වෙබ් අඩවියට.
(මේ මත ක්ලික් කර ලැබෙන අළුත් වින්ඩෝවේ වම් ඉහල කෙලවර File --> Download ක්ලික් කරන්න)
ඔබගේ අදහස් ලියා තබන්න.
ඇත්තටම මේ වගේ කතා තේමා කරගෙන සිංහල උපසිරස දෙන එක හුගාක්ම වටිනවා...
ReplyDeleteසත්‍යය මිත්‍යාවෙන් බැහැර කර යථාර්තය ලොවට පසක් කරන මෙවැනි නිර්මානයක් ඔබ නැරබිය යුතු බැව් මාගේ අදහසයි...
උපසිරසට තුති
ජයෙන් ජය~!
බොහොම ස්තූතියි..........
ReplyDeletethank you very much
ReplyDeleteපට්ට වැඩ ගොඩකට හිරවේලා අද තමයි ඔලුව දැම්මේ දාපු ගමන් හොද පික්චැර් එකක් දලා... උඹගේ සබ්දාන පික්චැර් කොහොමද කියලා මම දන්නවා.. අද බාගන්න දැම්මා හෙට රැට අනිවා බලනවා මචං..
ReplyDeleteබොට තැන්ක්ෂ් කොලුවෝ... ඇත්තටම උඹ කොලුවේක්ද නැත්තං පට්ට නාකිද?
මෙය ඔබගෙ උපසිරසි සමග ම බලන්න ලැබීම සතුටකි. ව්‍යංගයාර්ථ පූර්ණ බස් වහරින් සපිරි ඔබෙග් උපසිරසි වලට තුති පුදමි.
ReplyDeleteඅනේ මන්දා යාලුවා මේක මට හරියයිද කියලා ඒත් උඹ දීපු නිසා අනිව හොඳ ඇති කියලා හිතෙනවා....තැන්ක්ස් සබ් වලට.....
ReplyDeleteඑල කිරි මේක නම් 18 උනත් බලනවා අනිවා,,,,,,,
ReplyDelete@ සංජිව,
ReplyDeleteපෂ්ඨ ම පශ්ඨ නාකියෙක්. ;-)
හික්ස්z හික්ස්z මූ නාකියෙක්ලු...කොයිකොහොම උනත් පෂ්ඨ ම පෂ්ඨ නාකියෙක් වෙන්නනම් බෑ බලහන් මචන් සබ් එක ගත්තහම ඒකෙන් පේන්නේ මූ මේ කියන තරම් නාකි නැති විත්තිය....අඳුර ගන්න බැරි වෙන්න තමයි ඔය කියන්නේ පෂ්ඨ ම පෂ්ඨ නාකියෙක් කියලා....අහුවෙන්න එපා මචන්ලා :ඩී ආ කියන්න ආවේ ෆිල්ම් එක බැලුවා සුපිරියි බලපු නැති කවුරු හරි ඉන්නවානම් බාගෙන බලහල්ලා....හැමදාම ඇක්ෂන් එකක් හොරර් එකක් බලන එකේ වෙනසකටත් එක්ක බලහල්ලා ගතියක් තියෙනවා...ඒ මදිවට ඇත්ත එකක්ලු....
ReplyDeleteසිංහල සබ් දුන්නට ගොඩක් ස්තුති.ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම..
ReplyDeleteමචො කියන්න වචන නෑ පට්ට ෆිල්ම් එක. බොහොමත්ම ස්තුති සබ් එකට.,,
ReplyDeletesub eakata godak thank,
ReplyDeleteMeeka ettama katawak tamai. nikamata "waris dirie" kiyana nama google search eakak daala balanna.
meke සිංහල සබ් eka ganne kohomada kiyanawa plzzzzzzz????
ReplyDeletethanks for the sub
ReplyDeleteSUB NAM NIYAMAI-PULUWANNAM DON2 EKE SUB EWANAWADA
ReplyDeleteKELUM
@ කැලුම්.
ReplyDeleteDON 2 මගේ සබ් එකක් නෙවෙයි. අනිත් සයිට් වල බලන්න.
ALUTHEN MOKUTH DEMME NEDDA.ALUTH EKAKK ENAKAM INNE
ReplyDeleteSUB WALAT THANKS
මම මේකෙ පොත කියවලා තියනවා. හරිම සංවේදී කතාවක්. සිනමා සිත්තම බලන එක කොහොම වෙයිද දන්නෑ. කොහොම නමුත් මේ චිත්‍රපටය ඉදිරිපත් කලාටයි ලබා දුන් උපසිරසියටයි, බොහොම ස්තුතියි. මේක බලන අය ගැහැණිය දිහා ගෞරවයෙන් බලන්නවත් ඉගෙනගනියි.
ReplyDelete