Monday, May 28, 2012

Columbus Circle (2012)


ජස්ටින් වෝටර්ස් කියන්නෙ ඉතා ධනවත් කුලවත් පෙලපතක උපතලද පවුලේ එකම දරුවා වගේම එම පෙලපතේ ඊලඟ උරුමක්කාරිය. ඇයගේ පියා බේබද්දෙක්. ඒ වගේම නිරන්තරවම බීමතින් ඇවිත් මවටත් දුවටත් නොසෑයෙන්න වධ වේදනා පමුණවුවනව. මේ නිසා බලවත් සිත් තැවුලටත් වේදනාවටත් පත්වන ඇය ගෙදරින් පැන යනව. මෙසේ ඇබිගල් ක්ලේටන් නමින් කොලොම්බස් වටරවුම අසල පිහිටි, කොලෙම්බස් ස'ර්කල් නම් අති සුපිරි නිවාස අංගනයක වසර 17 ක් පුරාවට අවට ලෝකය සමග කිසිම ගනුදෙනුවක් නැතිව රහසේ ජීවත් වෙනව. මෙම අතුරුදන්වීම එවකට රටේ මහත් ආන්දෝලනයකට සහ කතා බහට තුඩු දුන් එකක් වන අතර, ඇය සෞදි අරාබියානු කුමරෙකු සමග රහසේම වහන්වූ බවක් ජනතාව විශ්වාස කරනව. ඇගේ පියාගේ කිට්ටුම හිතවතෙක් වන පවුලේ වෛද්‍ය වරයා ඇයට සහය වනව. ඉදිරිපස නිවසේ මහළු කාන්තාව ඝාතනව වීමත් සමගම, ඇයගේ මෙම දිවිය වෙනස් වන අතර, චිත්‍රපටයේ ආරම්භයත් එයමයි. ඇය සිටිනා තත්වය දකින වංචාකාරී ජෝඩුවක් ඇය රවටා ධන සම්භාරය අරගන්නට තැත් කරනව. තමුන්ට තමුන් හැර වෙනත් කිසිවෙකු විශ්වාස කල නොහැකි බව කියවෙන මෙම චිත්‍රපටයේ කවුරුන් විසින් කවුරු රැවටීමට භාජනය කලාද යන බව හිතාගන්න ප්‍රේක්ෂකයාට ටිකක් කල් ගතකරවන සුළු එකක්. 

Thursday, May 24, 2012

Gone (2012)

  

ජිල් තරුණ වියේ පසුවන රූබර යුවතියක්. දෙමාපියන් අහිමි ඇය සමග ඇගේ නැගණියත් ජීවත්වූ අතර, ජීවිකාව ලෙස රාත්‍රී හෝටලයක වේටර් වරියක් ලෙස වැඩ කලා. තවමත් ඉගෙනගන්නා වයසේ පසුවන නැගනියගේ කටයුතු සොයා බලන්නේ ඇයයි. කලකට පෙර ඇය පැහැරගැනීමකට ලක්වුන අතර, එයින් බේරී පලා ඒමට සමත් වුනා. එම යටගියාවේ අමිහිරි මතකය ඇයගෙන් වෙන් නොවී, ඇයට දිගින් දිගමට මානසිකව වද දීමට පටන්ගත් නිසා ඇය නිරන්තරවම බියෙන් ජීවත්වූ කෙනෙක්. ඒ වගේම ඇයට ඇයගේ පැහැරගෙනයාම ඔප්පු කිරීමට බැරිවීම නිසා පොලීසිට ඇතුලු කිසි කෙනෙක් ඇය ප්‍රකාශ කරන කිසිවක් විශ්වාස නොකරන තත්වයක් ඇතිවුන අතරම මානසික රෝගී ප්‍රතිකාර ලබන්නටද සිදුවුනා. මේ අතර දිනක් ඇය වැඩට ගිය අතරතුර, ඇයගේ නැගණිය අතුරුදන් වෙන්නෙ නැගණියගේ උසස් පාසලේ අවසාන විභාගය දවසේ පාන්දර. ඇය තනිව තම නැගණිය සොයා පැහැරගැනීම කල තැනැත්තා සොයා යන අයුරුත්, එසේ යුවතියන් ඝාතනය කරන ඝාතකයා ඇය අතින් අවසන් ගමන් යන අයුරුත්, තම පැරණි යටගියාව සමගම ඇය ඝාතකයාගේ ඝාතනයත් යටගියාවකටම ඉතිරි කරන අයුරුත් මෙම චිත්‍රපටයට පාදක වන කතාන්දරයයි. 

Thursday, May 17, 2012

Miss Bala (2011)

  

ලෝරා ග්‍රේරෝ යනු 23 වියැති මෙක්සිකානු යුවතියක්. ඇය මෙක්සිකෝවේ බාලා නුවර පැවැත්වෙන රූ රැජිණ තරඟයට ඉදිරිපත් වීමට ඉතා ආශාවෙන් සිටි තරුණියක්. කෙසේහෝ තරඟයට ඇතුලත් වුනත් රාත්‍රී සමාජ ශාලාවක වුන ගැටුමකින් අවතැන්වුන තම යෙහෙලිය සොයාගැනීමට ගන්නා උත්සාහයේදි අවාසනාවන්ත ලෙස ඇය කුඩු ජාවාරම් කල්ලියකට හසුවෙනව. නියමිත වේලාවට පුහුණුවීමට යන්න මේ නිසා අපොහොසත්වන ඇය, එම තරඟයෙන් ඉවත් කෙරෙනව. ජාවාරම් කරුවො ඇයව ප්‍රයෝජනටය ගනිමින් ඔවුන්ගේ ජාවාරම් කටයුතු කරගන්නා අතර, ඇය නැවත රූ රැජින තරඟයට ඇතුලත් කර, එහි ජයග්‍රහණයට අවශ්‍ය කටයුතුත් ඉටු කර දෙනව.  නමුත් ඒ වෙනුවට ඇයට වන්දි ගෙවන්න වෙන්නෙ තමුං බලාපොරොත්තු වුන තමුංගෙම අහිංසක අනාගතයෙන්. මූළු ජීවිතයම වියවුලට පත් වෙන අතරම, ජාවාරම් කරුවන්ගේ ලිංගික හින්සනයටත් ලක්වන ඇයගේ අවාසනාවන්ත කථාව චිත්‍රපටය පුරා දිහගැරෙන්නේ ඛේදාන්තයක් ලෙසටයි.

Thursday, May 3, 2012

Contraband (2012)

 

ක්‍රිස් ෆැරඩේ යනු හොර ජාවාරම් වල නිරතව සිට ඉන් ඉවත්ව යහපත් ජීවිතයක් ගතකිරීමට අදිටන් කරගත්තෙකි. ඔහුගේ බිරිඳගේ බාල සොයුරා මත්ද්‍රව්‍ය ජාවාරමකට මැදිව,ඒවා රැගෙන එන අතර රේගු නිලධාරීන්ගෙන් බේරීමට එම මත්ද්‍රව්‍ය තොගය මුහුදට වීසි කරයි. මෙසේ එහි අයිතිකරුගෙන් ඔහුගේ ජීවිතය බේරා ගැනීම පිණිස විශාල මුදලක් සෙවීමට සිදුවෙයි. තම මයිලනුවන්ගේ (කමෙන්ටු වල Anonymous May 9, 2012 9:07 AM සහ May 9, 2012 9:11 AM, ඉතා කාරුණිකව දයාවෙන් යුතුව පෙන්වා දී ඇති පරිදි, මෙය මලනුවන් ලෙස වෙනස් විය යුතුය. සිදුවූ අපහසුතාවයට සමාවන්න. අරිසෙන්_ on 09-05-2012 @ 2.13 p.m.) ජීවිතය බේරාගැනීමට නැවතත් වතාවක් හොර ජාවාරමක නිරතවන ක්‍රිස් තමුන්ගේ, තම පවුලේ සහ මස්සිනාගේ ජීවිත බේරාගැනීමට දරන උත්සාහය සහ අතිජාත මිතුරන් පවා මුදලට කෑදරව ද්‍රෝහී වන ආකාරය මෙම චිත්‍රපටයට පාදක වෙයි.
Related Posts Plugin for WordPress, Blogger...