Tuesday, April 24, 2012

In the Land of Blood and Honey (2011)

   

බොස්නියානු යුධ සමයේ ඩැනියෙල් නැමිති යුධ නිලධාරියාට ආයිලා නැමති තරුණිය මුනගැසී පෙම් සබඳතාවකට මුල පිරෙයි. සමාජ ශාලාවක සිදුවන පිපිරුමකට පසුව, දෙදෙනා අතර එතරම් කිට්ටු ඇසුරක් නොමැති වන අතර, පසුව ඇය ඩැනියෙල් යටතේ පවතින කඳවුරක සිරකාරියක වෙයි. කාන්තා ලිංගික අපචාර අධිකව සිදුවන, ජීවත්වීමේ අයිතියක් ඇත්තේම නැති යුධ පරිසරයක් තුල, ඩැනියෙල්ගේ පිහිටෙන් ඇය මඳ පමණක අස්වැසිල්ලක් ලබතත්, අවසානයේ කුරිරු ඉරණමකට මුහුන දෙනුයේ තම පෙම්වතා අතින්මය.

IMDB ලකුණු 4.2 ක් හිමිකරගත් මෙම චිත්‍රපටයේ වර්ගීකරණයට අදාලව අරිසෙන් විසින් දෙන ලකුණු ප්‍රමාණය 8.8 කි. යුද්ධයේ කුරිරු බව, ප්‍රේමයේ ආනන්දය සමග කැටිව ගෙතෙන අපූරු කතාවක් වන මෙය 2012 වර්ෂයේ පෙබරවාරි 16 වැනි දින ප්‍රථම වරට නෙදර්ලන්තයේ තිරගත කරන ලදී. 

Tuesday, April 17, 2012

Bullhead (2012)

   

ජැකී සහ ඩයිඩෙරික් කුඩා කාලයේ කිට්ටු යහළුවන් වුනා. නමුත් ජැකීට වුන(කල) බරපතල අණතුරකදි ඊට සාක්ෂි දීමට ඉදිරිපත් නොවීම නිසා, දෙදෙනා අතර මිතුරුකම පැවතුනේ නෑ. දෙදෙනාම හරක් මස් වෙලඳාමට සම්බන්ධ වුන අය. විශේෂයෙන්ම තහනම් හෝමෝන උත්තේජක වෙලඳාමෙ කොටස් කරැවො. 

තහනම් උත්තේජක අල්ලන්න යොදවපු පොලිස් නිලධාරියෙක් මරා දැමීම සහ එම අපරාධය හෙලිකර ගැනීම වටා ගෙතෙන මෙම චිත්‍රපටය, ජැකී වැනි දාමරිකයන්ගේ ඇතුලාන්තය ගැනත් කතා බහ කරනව. ජැකීට වුනේ මොකද්ද, අවසානයේ සිදුවන්නේ කුමක්ද යනවග දැනගන්න, චිත්‍රපටය නරඹන්නම වෙනව. 
Related Posts Plugin for WordPress, Blogger...