හිරිමල් තාරුන්‍යයේ කෙලිලොල්, දඟකාර වයසේ සිටින නේතන්ට තම පියා විසින් ලබා දෙනුයේ ඉතා රළු සටන් පුහුණුවකි. ඔහු ඔහුගේම පංතියේ සුරූපී යුවතියක වන කෙරන් සමග අප්‍රකාශිත ආදරයක වෙලී සිටී. පාසැලේදී ලබා දෙන නිබන්ධනයක් සඳහා, ඇය සමග වෙබ් අඩවි හරහා යන ඔහුට, තමා අතුරුදහන් වූ ළමයෙකු බව කියවෙන වෙබ් අඩවියක් හමුවේ. මෙසේ, තමා සමග ජීවත් වනුයේ තම සැබෑ දෙමාපියන් නොවන බවට ඔහු මවගෙන් තහවුරු කරගන්නා අතර, හදිසියේම තම නිවසට සිදුවන ප්‍රහාරයකින් තමා සමග ජීවත්වූ දෙමාපියන් ඔහුට අහිමිවේ. ඔහු තම සැබෑ දෙමාපියන් සොයා යන අයුරුත්, තමා වැටී සිටින අණතුර වටහාගෙන ඉන් බේරෙන අයුරු සහ, කෙරන්ට ආදරය ප්‍රකාශ කරන අයුරු දැක්වෙන මෙම චිත්‍රපටය 2011 සැප්තැම්බර් 23 දින මුල් වරට තිරගත් වූයේ ඇමරිකාවේදීය.
චිත්‍රපටය සඳහා IMDB අඩවිය ලබා දෙන ලකුණු ප්‍රමාණය 4.4/10 ක් වුවද, එහි වර්ගීකරණයට අදාලව අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය 8/10 කි. ආදර ජවනිකා කීපයක් ඇතුලත් වුවද, පවුලේ සැමට එක්ව රස විඳිය හැකි, කථා පිටපතක් සහිතය.
තෝරාගත් වීඩියෝ ක්ලිපය BRRip එකක් වන අතර එය A/V 10/10 බව කිව හැක.
ප්‍රධාන නළු නිලියන් : ටේලර් ලූට්නර් / ලිලී කොලින්ස් / ඇල්ෆ්රඩ් මොලීන්
සිංහල උපසිරැසි බාගත කරන්න.
චිත්‍රපටය බාගත කරන්න.
ඔබගේ අගනා අදහස් ලියා තැබීමට කාරුණික වන්න.


