Friday, September 28, 2012

Ice Age: Continental Drift




මැනී, ඩියාගෝ සහ සිඩ් අයිස් පර්වතයකින් සැදි නැවක නැගී පාවී යන්නෙ ඔවුන් සිටින ප්‍රදෙශයේ අයිස් දියවී යාම නිසා ඇතිවූ හදිසි අණතුරකිනි. මෙහිදී මුහුදේ රජා ලෙස නම් දරා සිටින මුහුදු කොල්ලකාර ගෝරිල්ලා ඇතුලු පිරිස පරදා නැවතත් තම පවුල වෙත පැමිනෙන අයුරු දැක්වෙන අපූරු තිමාන කාටූන් පටයකි.

Brave (2012)

 

මරීඩා කියන කුමාරිකාව තමන්ගෙ හිතුමතේට වැඩ කරන කෙනෙක්. පිය රජතුමා බොහොම නිර්භීත පුද්ගලයෙක් වුනත් බුද්ධිය ටිකක් මදි. ඒ නිසා සෑම දෙයක්ම පාහේ සිද්ධ වුනේ මවු රැජිණගේ අවශ්‍යතාවය මත. කුමරිය සරණපාවාදෙන්න කාලය ආවම, සියළු වංශවතුන් රැස් කරල එයට තරඟයක් පවත්වනව. නමුත් කුමරියට දීගෙක යන්න බෑ කියල හිතිල, මායා කාරියකගෙ හූනියමකින් මවු රැජිනගෙ හිත වෙනස් කරන් ගිහින් සිද්ධ වෙන කලබගෑනිය තමයි මේ කතාන්දරය.

Sunday, September 23, 2012

Tangled Ever After (2012)


රපෙන්සල් කුමරිය ඉයුජීන් සමග විවාපත් වන දිනයේ සිදුවන හාස්‍යනක දේවල් ටිකක් තමයි මෙතන පෙන්වන්නෙ. ඉතාම කෙටි විනාඩි 6 ක පමණ චිත්‍රපටයක්. හැබැයි ඉතා උසස් මට්ටමින් කරල තියනව. වීඩියෝව ඉතා කෙටි වර්ගයේ එකක නිසා වැඩිය කියන්න දෙයක් නෑ, බලලම දැනගන්න.

Monday, September 17, 2012

Deception (I) (2008)


sinhala subtitles by Arisenමැක්ව'රි කියන්නෙ ගනකාධිකාරී වරයෙක්. එයා එච්චරටම තැලුනු පොඩිවුනු කෙනෙක් නෙවෙයි. එයා විගණනය කරන්න ගිය ආයතනයකදි එයාට වයිට් කියල නීතීඥයෙක් මුණගැහෙනව. හරිම විනෝදකාමී සල්ලාල කෙකෙක් වන ඔහු, මැක්ව'රිට කාම-සමාජයකට දොර විවර කරනව. එතැනදි හමුවන කාන්තාවක් සමග පෙමක පැටලෙන ඔහු, අවසානයේ මහා මුදල් වංචාවකට අතරමැදි වෙන්නෙ රවටා වරදේ පටලැවීම නිසයි. මෙම අවුල විසඳාගෙන තම පෙම දිනාගැනීමට ඔහු දරන ප්‍රයත්නය මෙම චිත්‍රපටයට වස්තුබීජ සපයනව.

Friday, September 14, 2012

Unknown (2006)

  ධනවත් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ තවත් ව්‍යාපාරික සගයෙකු ප්‍රාණඇපයට ගනුයේ විශාල මුදලක් අයකරගැනීමටයි. එහිදී මුදල් ගනුදෙනුව සිදුවනතුරු ප්‍රාණඇපකරුවන් රඳවා තබාගන්නේ රසායනික ගබඩාවක වන අතර, ප්‍රාන ඇපකරුවන් මිදී ඇතිවන ආරවුලක් නිසා කිහිපදෙනෙකුට තුවාලවෙයි. ඒ අතර බිමවැටී කැඩුනු බහලුවකින් නිකුත්වූ රසායන ආශ්වාස කරන ජාවාරම්කරුවන් ඇතුලු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාට තමන් කවුද යන බව පවා අමතකවෙයි. ජාවාරම් කරුවන් අතරම වෙස්වලා සැඟව සිටි පොලිස් නිලධාරියෙකු, තවත් රහස් පරීක්ෂකයින්ගේ සහයද ඇතිව ප්‍රාන ඇපකරුවන් ගලවාගැනීමේ මෙහෙයුම මෙහි විස්තර වන අතර, ධනවත් ව්‍යාපාරිකයාගේ සැබෑ සතුරා හෙවත්, මෙහෙයුමේ මහ මොලකරු ඔහුගේම බිරිඳබව හෙලිවන නමුත්, ඇයට දඬුවම් හිමිවේද?

Wednesday, September 12, 2012

Prometheus (I) (2012)

 

ඉතා ධනවත් වයෝවෘද්ධ ව්‍යාපාරිකයෙක් වුන පීටර් වේලන්ඩ්ට තමා තව දුරත් වයසට යාම සහ මරණයට පත්වීම නතර කරගන්න, මිනිසාව නිර්මාණය කල නිමැවුම් කරුවන් මුණගැසීමට අවශ්‍ය වෙනව. ජීවයේ උපත සහ වෙනත් ග්‍රහලෝක පිලිබඳ අධ්‍යයනය කරන ආචාර්යවරු දෙදෙනෙක් ඇතුලත් කණ්ඩායමක් සමග ඔහු ප්‍රොමීතියස් නැමති අභ්‍යවකාශ නෞකාවෙන් විශ්වයේ ඉතා ඈතට පියාසර කරන්නෙ ඩොලර් ට්‍රිලියන ගනනක් වියදම් කරමිනුයි. 

Tuesday, September 11, 2012

Ronal the Barbarian (2011)



ඉතා ඈත අතීතයේ අඳුර රජකල යුගයක, එම අඳුරට අධිපති යක්ෂයාගෙන් මිනිසුන් බේරාගත් ශූර වීර රණ විරුවා අවසාන සටනේදී මිය ගියේ පපුව හරහා හදවත සිදුරු කල තුවාලයකින්. එදා ඔහුගෙන් ගලාගිය රුධිරය පානය කල සියළු මිනිසුන් ඔහුගේ ශක්තිය, දෛර්යය, ශූරත්වය සහිත ප්‍රචන්ඩ-සාහසිකයන් බවට පත්වුනා. පරම්පරා ගනනක් තිස්සේ එම හැකියා ඉදිරියට ආව. 

මේ ප්‍රචන්ඩ-සාහසික ගමේ ඉපදුන බියගුළු සෝමාරියෙකුත් හිටිය, නම රොනල්. යමහල් කුමරු, අඳුරට අධිපති යක්ෂයාගෙ උදවු ඇතිව අසාමාන්‍ය බලයක් අත්පත් කරගන්න යන ගමනෙදි, තම ගම්මානය බේරගන්න වුනේ මෙන්න මේ බියගුළු සෝමාරියාටම තමයි.

Related Posts Plugin for WordPress, Blogger...