කැත්රීන් බොල්කොවැක් බොස්නියාවට යවනුයේ පශ්චාත් යුධ සමයේ සාමසාධක හමුදාවේ නිලධාරියෙකු ලෙසය. එහිදී ඇය මහා පරිමාණ වශයෙන් සිදුකෙරෙන කාන්තා ලිංගික ජාවාරමක් හෙලිදරවු කරගන්නා අතර, එයට විරුද්ධව ගතහැකි සියළු පියවර ගනිමින්, හිංසනයට ලක්වූ බාලවයස්කාර දැරියන් වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කරන ආකාරය පෙන්වන, සත්‍ය සිද්ධියක් පාදකකොටගත් කතා පිටපතක් සහිත චිත්‍රපටයකි.චිත්‍රපට වර්ගීකරණය
නාට්‍යමය
(37)
අපරාධ
(32)
ක්‍රියාදාම
(23)
ත්‍රාසය
(22)
2011
(21)
වැඩිහිටි
(21)
2012
(19)
ආදර
(18)
කොමිඩි/ප්‍රහසන
(17)
ඇන්මේශන්
(15)
පවුලේ කතා
(13)
ළමා
(12)
කාටූන්
(11)
විද්‍යාප්‍රබන්ධ
(11)
2010
(9)
2009
(6)
චරිතාපදාන
(4)
පුරාවෘත/ඉතිහාස
(4)
යුධ
(4)
2006
(3)
2007
(2)
2008
(2)
භීතිය දනවන
(2)
1994
(1)
2003
(1)
2013
(1)
Wednesday, August 29, 2012
The Whistleblower (2010)
කැත්රීන් බොල්කොවැක් බොස්නියාවට යවනුයේ පශ්චාත් යුධ සමයේ සාමසාධක හමුදාවේ නිලධාරියෙකු ලෙසය. එහිදී ඇය මහා පරිමාණ වශයෙන් සිදුකෙරෙන කාන්තා ලිංගික ජාවාරමක් හෙලිදරවු කරගන්නා අතර, එයට විරුද්ධව ගතහැකි සියළු පියවර ගනිමින්, හිංසනයට ලක්වූ බාලවයස්කාර දැරියන් වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කරන ආකාරය පෙන්වන, සත්‍ය සිද්ධියක් පාදකකොටගත් කතා පිටපතක් සහිත චිත්‍රපටයකි.Saturday, August 18, 2012
Hitman (I) (2007)
කුඩාකල සිට පුහුණු කල ඝාතකයෙකු වන අංක 47ට ලබාදෙන අළුත්ම මෙහෙයුම රුසියානු ජනපති ඝාතනයයි. ඔහු තම ඉලක්කය නිවැරදිව ලඟා කරගත් නමුත් පසුදින ජනපති රූපවාහිනිය හරහා ජාතිය අමතා කතා කරනු දැකීම පුදුමයට කරුණක් විය. මෙසේ ඔහු තමා බිල්ලටදී කරන්නට ගිය මහා අපරාධයක් සොයාගන්නා අතර, තමා බිල්ලට දීමට තැත් දැරූ අයගෙන් පලිගන්නා ආකාරයත්, අනුන්ගේ වරදින් ගණිකාවකව සිටි අසරණ යුවතියකට නැවත ජීවිතය ලබාදෙන අයුරුත් මෙම චිත්‍රපටයේ කතන්දරයයි.Monday, August 6, 2012
Battleship (2012)
මෙම විශ්වයේ අප තනිව නැතැයි විශ්වාස කරන විද්‍යාඥයින් අධි බල සම්ප්‍රේශණ චන්ද්‍රිකාවක් හරහා පෘථිවියට සමාන ලක්ෂන සහිත ග්‍රහ ලෝකයකට පණිවුඩ යැවීම ආරම්භ කලා. මේ පණිවුඩ වලට ප්‍රතිචාර දක්වල, පිට සක්වලින් මේ ලෝකෙට ආවෙ හිතවත් කමට නෙවෙයි. ඒ එන අතරේ එයාලගෙ සන්නිවේදන උපකරණ සහිත යානය විනාශ වෙනව. තමන්ගෙ ලෝකයට පණිවුඩයක් යවන්න පෘථිවියේ තියන චන්ද්‍රිකාව යොදාගන්නයි එයාල උත්සාහ කරන්නෙ. එහෙම කරල තව උදවු ගෙන්නගෙන පෘථිවිය ආක්‍රමණය කරන්න.
Friday, August 3, 2012
The Hidden Face (2011)
ස්පාඤ්ඤ ජාතික සංගීත අධ්‍යක්ෂක වරක් තම අළුත් රැකියා ස්ථානයට වෙනත් රටකට යන්නෙ තමන්ගෙ පෙම්වතියත් සමගමයි. ඒ රටේදි ගෙයක් කුලියට ගන්නා ඔහු එහි පදිංචිව සිටින අතර ඔහුගෙ පෙම්වතියට වෙනත් තරුණියක් ගැන සැකයක් ඇතිවන්නෙ ඔහුගේම වරදින්. ගෙවල් අයිතිකාරිය සමග මෙම දුක පවසන පෙම්වතියට ඇය අපූරු පිලිතුරක් දෙන්නෙ, පෙම්වතාට පාඩමක් උගන්වන්නයි. මෙසේ පෙම්වතිය අතුරුදන් වෙනව. දුකට පත් පෙම්වතා, ඇය වෙනත් කෙනෙක් සමග ගියායැයි සිතා තවත් පෙමක පැටලෙනව. දෙවන පෙම්වතියට නිවහන හොල්මල් මන්දිරයක් දැයි සැක සිතෙනව. කතාවෙ ඉතිරිටික බලලම රස විඳින්න.
Subscribe to:
Posts (Atom)





