Wednesday, July 18, 2012

The Lorax (2012)

  

ටෙඩ් කෘතිම ප්ලාස්ටික් නගරයක ජීවත් වුන තරුණ පිරිමි ළමයෙක්. ඒ නගරයේ කිසිම ස්වාභාවික ගසක් වැලක් තිබුනෙ නෑ. හුස්ම ගන්න ඕන කරන පිරිසිදු වාතය පවා, මිලදී ගත්තෙ ඕහර් කියන කෙනාගෙන්. ඉතින් මේ ටෙඩ්ට අවුඩ්‍රී කියන ගැහැණු ළමයා ගැන ආදර සිතක් පහලවුනා. හිත ගන්න කොච්චරවත් දේවල් කලා, ඒත් සාර්ථක වුන බවක් පෙනුනෙ නෑ. එක දවසක් එයා දැනගත්ත ඇත්තම ස්වාභාවික ගසක් සොයාදෙන කෙනෙකුට අවුඩ්‍රීගෙ හිත ගන්න පුළුවන් බව. ඉතින් එයා ස්විභාවික ගසක් තියන තැනක් සොයාගත්ත විතරක් නෙවෙයි, ගස් වලට මොකද වුනේ, ඒව නැතිවුනේ කොහොමද කියලත් හොයා ගත්ත. අන්තිමේ ආයෙමත් ලෝකෙ ස්වාභාවික තුරුලතා වලින් පිරුනු තැනක් කරන්නත් එයාට පුළුවන් වුනා. ඒ වගේම අවුඩ්‍රීවත් දිනාගත්ත. විස්තර ඇතිව දැනගන්නනම් බලන්නම වෙනව.

Related Posts Plugin for WordPress, Blogger...