Thursday, March 29, 2012

The Vow (2012)

  
ඉතා දැඩි ආදරයෙන් සෙනෙහසින් හිටපු ජෝඩුවක් හදිසි අණතුරකට ලක්වෙනව. එම බිරිඳගෙ හිසට සිදුවන හානිය නිසා ඇයට මතකය අහිමිවෙලා තමුන්ගෙ ස්වාමිපුරුෂයා පවා අමතක වෙනව. බිරිඳ ධනවත් පවුලක. නමුත් ඇගේ පියා තමුන්ගෙම යෙහෙලියක් සමග ඇතිකරගත් සම්බන්ධය හෙලිවෙල, අමනාපය නිසා පවුලෙන් ඈත් වෙලයි හිටියෙ. මේ අමතක වීම අවස්ථාව කරගෙන එයාගෙ දෙමාපියො, ආයෙමත් ඇයව පවුලට සම්බන්ධ කරගන්න හදන්නෙ, අසරණ වුන සැමියාව අයින් කරලයි. සත්‍ය සිද්ධියක් වටා ගෙතෙන මම කතාව, එම සැමියා තමන්ගෙ බිරිඳගෙ ආදරය නැවත දිනාගෙන, තමුන්ට හිමි ජීවිතය ආයෙමත් ලබාගන්න ආකාරය පෙන්වනව.

Wednesday, March 21, 2012

Mission Impossible : Ghost Protocol (2011)

  


සිරගතව සිටින ඊදන්, ගලවාගැනීමේ මෙහෙයුමක් මගින් ඉන් පිටතට ගන්නා අතර, ඔහුට තවත් අසීරු මෙහෙයුමක් භාර වෙයි. න්‍යෂ්ඨික යුද්ධයක් කරා ලොව රැගෙන යාමට උත්සාහ දරන කෝබෝල්ට් නැවැත්වීම එම මෙහෙයුම වන අතර, සියළු බාධක ජයගෙන තම කණ්ඩායම සමග ඔහු මෙහෙයුම සාර්ථක ගරගන්නා අයුරු මෙහි දැක්වෙයි.

Thursday, March 1, 2012

Seeking Justice (2011)

 

විල් පාසැල් ගුරුවරයෙකු වන අතර, ඔහුගේ බිරිය දූෂණයට ලක්ව අසාධ්‍ය තත්වයේ රෝහල් ගත වෙයි. රෝහලේදී පැමිණෙන සයිමන්, විල් වෙනුවෙන්  දූෂකයා ඝාතනය කිරීමට එකඟව, එයට ප්‍රති උපකාර ලෙස, යම් යම් උපකාර වරින් වර අවශ්‍ය බව පවසයි. මෙසේ කුඩා දේ සිට අවසන පුද්ගල ඝාතන දක්වා, ප්‍රති උපකාර විල්ගෙන් ඉල්ලයි. විල් තම පවුල සහ රැකියාව බේරා ගනිමින් මෙම උගුලෙන් ගැලවෙන ආකාරය දක්වන මෙම චිත්‍රපටය 2011 වර්ෂයේ මාර්තු මස ඇමරිකාවේදී මුල්ම වරට ප්‍රදර්ශණය කරන ලදී.
Related Posts Plugin for WordPress, Blogger...