කාන්තාව කියන්නෙ මේ ලෝකයේ ඉන්න බොහොම ආදරණීය, වැදගත් ගරුකටයුතු කෙනෙක්. මේ ලෝකයේ පැවැත්මට පිරිමියාට වඩා උරදෙන්නෙ ඇයයි කියල කිවුවොත් කවුරුවත් විරුද්ධ වෙනඑකක් නෑ. පවුලක් ගත්තත් වැඩි බරක් අදින්නෙ අපි කවුරුත් දොහොත් මුදුන් කරන අපේ අම්මා. ඒ වගේම පිරිමි අපි කාටත් අම්මෙක්, බිරිඳක්-පෙම්වතියක්, සහෝදරියක්, දියණියක්, ඥාති සහෝදරියක් හෝ අඩු තරමේ මිතුරියක්වත් ඉන්නව. මේ චිත්‍රපටිය බලද්දි ඒ බව තරයේ හිතට අරන් බැලුවොත්, මේ කියන සංවේදී කතා පුවත තේරුම් ගන්න පුළුවන් වේවි.
චිත්‍රපට වර්ගීකරණය
නාට්‍යමය
(37)
අපරාධ
(32)
ක්‍රියාදාම
(23)
ත්‍රාසය
(22)
2011
(21)
වැඩිහිටි
(21)
2012
(19)
ආදර
(18)
කොමිඩි/ප්‍රහසන
(17)
ඇන්මේශන්
(15)
පවුලේ කතා
(13)
ළමා
(12)
කාටූන්
(11)
විද්‍යාප්‍රබන්ධ
(11)
2010
(9)
2009
(6)
චරිතාපදාන
(4)
පුරාවෘත/ඉතිහාස
(4)
යුධ
(4)
2006
(3)
2007
(2)
2008
(2)
භීතිය දනවන
(2)
1994
(1)
2003
(1)
2013
(1)
Monday, February 27, 2012
Monday, February 20, 2012
The Change Up (2011)
ඩේව් සහ මිච් යනු පාසැල් වියේ සිට ඇසුරු කරන ගජ මිතුරන් වන අතර, ඩේව් නීතීඥයෙකු ලෙස ඉතා සාර්ථක රැකියා ජීවිතයක් සහ දරු තිදෙනෙකුගේ පියෙකු සහ දයාබර සැමියෙකු ලෙස ඉතා සාර්ථක යුග ජීවිතයක් ගත කරයි. මිච් සල්ලාලයෙකු වන අතර, සරාගී චිත්‍රපට නළුවෙකු වෙයි. දිනක් දෙදෙනා එක්ව උද්‍යානයක සාදා ඇති ජල පොකුණකට මුත්‍රා කරන අතරේ, දෙදෙනා, එකිනෙකාගේ ජීවිත ලබාගැනීමට ඇති ආශාව හෙලි කරයි. මෙහිදී සිදුවන ප්රාතිහාර්යයකින් දෙදෙනාගේ සිරුරු හුවමාරු වෙයි.
Wednesday, February 8, 2012
The Entitled (2011)
උපාධිදාරී තරුණයෙකු වන පෝල්, තම උපාධියට වසර දෙකක් ගතවන තුරුද ගැලපෙන රැකියාවක් නොලබයි. රෝගී මවට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට පවා, ඉතා ධනවත් නිවසක සේවයේ යෙදෙන පියාට වත්කමක් නොමැති වෙයි. එසේම ජීවත් වන නිවස උගසට සින්නවීමට යන බද දැනගත් පෝල්, කෙසේහෝ මුදල් ඉපයීමට තීරණය කරයි. ඉතා ධනවත් ව්‍යාපාරිකයන් තුන් දෙනෙකුගේ දරුවන් පැහැරගෙන කප්පම් ගැනීමට සැලසුමක් හදන ඔහු, ඒ සඳහා හවුල් කරගනුයේ, දාමරික, මානසික සමතුලිත තාවක් නැති මෝඩ, තරුණ ගැටයෙකු සහ ගැටිස්සියකි. අපරාධය හමාර වන විට, තමා ගැන කිසිදු සැකයක් ඇති නොවී අනෙක් දෙදෙනා හසුවන ආකාරයට ඔහු මුල සිටම සැලසුම තනයි.
Monday, February 6, 2012
A Separation (2011)
යහපත් ජීවිතයක් ගතකරන එකොලොස් හැවිරිදි දියණියකගේ පියෙකු වන ඔහු, බිරිඳ සමග විදේශයක පදිංචියට යාම ප්‍රතික්ෂේප කරනුයේ මහළු පියා බලාගැනීමට තමාට සිදුවන බැවිණි. ඉන් උරණ වන බිරිඳ ඔහු දියණිය සමග නිවසේ තනිකර තම දෙමාපියන් සමග ජීවත් වීමට යයි. මෙසේ පියා බලාගැනීමට සහ ගෙදර වැඩට වෙනත් කාන්තාවක් සොයා ගන්නා ඔහු, දිනක් කල් වේලා ඇතිව ගෙදර එන විට වැඩකාරිය පියා ඇඳට ගැටගසා තබා, ලාච්චුවේ මුදල්ද රැගෙන, ඇගේ අවශ්‍යතාවකට බැහැර ගොස් ඇති බව වටහා ගනී. එයට කෝපයෙන් සිටි ඔහු ගෙදර ආ විගස, ඇය ගෙයින් පිටතට තල්ලු කර දමයි. ගැබිණිව සිටි වැඩකාරියගේ දරු ගැබ එයින් පසුව නැතිවන අතර, ඔහුට පුද්ගල ඝාතන චෝදනා එල්ලවේ. තල්ලු කිරීමට පෙර ඔහු ඇයගේ ගැබිණි බව දැන සිටියේද? දරුගැබ මියයාමට සත්‍ය වරදකරු ඔහුද? ඉවසීමක් නැති, සැරපරුෂ වැඩකාරියගේ සැමියාගේ තර්ජන, නීතිමය ගැටළු සහ පවුලේ ආරවුල ඔහු කෙසේ විසඳාගනීද?
Subscribe to:
Posts (Atom)



