Saturday, December 24, 2011

The Thing 2011



ඇන්ටාටිකාවේ අයිස් පර්වතයක් තුල ඇති, වසර ලක්ෂයක් පමණ පැරණි, පිට සක්වල යානාවක් සහ එහි පැමිණි ජීවියා, විද්‍යඥයන් පිරිසක් විසින් සොයාගැනේ. ජීවියා ගොඩගත් පසුව, ඌ තවමත් ජීවී බව සොයාගන්නාවිට, මනුෂ්‍ය ජීවිතයක් බිලිගෙන හමාරය. මෙම ජීවියාගේ සෛල වලට, මිනිසුන් ඇතුළු වෙනත් ජීවීන්ගේ සෛල ආක්‍රමණය කිරීමට සහ මෙසේ අනෙකුත් ජීවීන්ගේ පිටපත් තැනීමට හැකියාව ඇත. මෙසේ, තමා සමග එක්ව වැඩ කල සගයින්, තව දුරටත් මිනිසුන්මද නැද්ද යන ගැටළුව මතුවේ. මෙම ගැටළුව නිරාකරණය කරගන්නා අයුරුත්, මෙම විනාශකාරී ජීවීන්ගෙන් පෘථිවිය බේරාගන්නා අයුරුත් ගැන කියවෙන අපූරු කථා පිටපතක් ලෙස මෙම චිත්‍රපටය සැලකිය හැකිය.

බිය සහ හිරිකිත දනවන දර්ශන පෙලක්ම ඇතුලත් වන නමුත්, පවුලේ සැමට එක්ව නැරඹීමේ අපහසුවක නොවේ.  තෝරාගත් වීඩියෝ ක්ලිපය R5 එකක් වන අතර, එය A/V, 9/9 ට වඩා වැඩි බව කිවහැක.

ජනප්‍රිය සුරූපී නිලි මේරි එලිසබත් සහ ජොයෙල් එඩ්ගාටන් ප්‍රධාන චරිත වලට පණ පොවයි. 2011 වර්ශයේ ඔක්තෝබර් මස 14 වැනිදින, ප්‍රථමවරට ඇමරිකාවේදී තිරගතවූ මෙම චිත්‍රපටය සඳහා IMDB වෙබ් අඩවිය ලබාදුන් ලකුණු ප්‍රමාණය 6.4 වන අතර වර්ගීකරණයට අදාලව අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 7/10 කි.

චිත්‍රපටයේ වර්ගය : විද්‍යාප්‍රබන්ධ / භීතිය දනවන / ක්‍රියාදාම

සිංහල උපසිරැසි බාගත කරන්න
චිත්‍රපටය බාගත කරන්න

සුභ නත්තලක් වේවා!

ඔබගේ අදහස් දැක්වීමට කාරුණික වන්න.

Tuesday, December 20, 2011

In Time 2011

  

ජාන ඉංජිනේරු විද්‍යාව මගින් මිනිසාගේ වයස් ගතවීම වයස අවුරුදු 25 දී නතර කර ඇති අතර, තවත් එක් අවුරුද්දක් පමණක් වැඩිපුර ජීවත් වීමට ඉඩ සලසා ඇත. මෙයට වඩා ජීවත් වීමට අවශ්‍ය අයට කාලය උපයා ගැනීමට සිදුවේ. කාලය මුදල් සේ වියදම් කරමින් සියළු අවශ්‍යතා ඉටු කරගැනීමට සිදුවන අතර, කිසිදු ආකාරයකින් වයස්ගත කෙනෙකු සොයාගැනීමටවත් නොමැති නමුත්, කාලය අවසන්වූ අයට මියයාමට සිදුවේ. 

විල් සල්ස් නැමති තරුණයාගෙ මව කාලය අවසන්ව මිය යන අතර, ඔහුට අහම්බෙන් මෙන් වසර 100 ක් ලැබේ. එය වියදම් කර, සිටුවරයින්ගේ පුරවරයට යන ඔහු, එහිදී ඉතාම ධනවත්, ව්‍යාපාරික සිටුවරයෙකු සමග සූදුවෙන් විශාල කාලයක් ලබා ගනී. කාලය හසුරුවන නිලධාරීන් ඔහු පසුපස එන අතර, ඔහු සිටුවරයාගේ දියණිය පැහැරගෙන පැනයයි. මෙම ක්‍රමය ගැන නොපැහැදීමෙන් සිටින ඔහුට එය වෙනස් කිරීමේ අරමුණ ඉටුකරගැනීමට හැකිවේද? කාලය වැඩිපුර උපයාගත් අය, අමරණීයත්වය කරා යමින් සතුටින් ජීවත් වෙත්ද?

ජනප්‍රිය තරුණ නිලි ඇමැන්ඩා සීෆ්රිඩ් සහ ජස්ටින් ටිම්බර්ලේක් ප්‍රධාන චරිත වලට පණපොවන මෙම චිත්‍රපටය මුල් වරට තිරගතවූයේ 2011 ඔක්. 28 වැනි දින ඇමරිකාවේදීය.

තෝරාගත් වීඩියෝ පටය (In.Time.2011.R5.LiNE.XviD-REFiLL) A/V 9/9 ආසන්නයේ හෝ ඊට වැඩි බව කිවහැක. ආදර ජවනිකා කීපයක් ඇතුලත් හෙයින් වැඩිහිටියන්ට වඩාත් සුදුසු ගනයට වැටෙතත්, ඉතා ඉහල මට්ටමේ කථා පිටපතක් බව කිව හැක. චිත්‍රපටයේ වර්ගයට අදාලව, අරිසෙන් විසින් ලබා දෙන ලකුණු ප්‍රමාණය 9/10 කි. IMDB ලකුණු ප්‍රමාණය 6.6 කි. 

චිත්‍රපටයේ වර්ගය - ක්‍රියාදාම / විද්‍යාප්‍රබන්ධ / ආදර / 18+

සිංහල උපසිරැසි බාගත කරන්න

චිත්‍රපටය බාගත කරන්න

ඔබගේ වටිනා අදහස්, අපට දිරිදීමකි.
Related Posts Plugin for WordPress, Blogger...