Tuesday, November 29, 2011

The Devil's Double (2011)

   

හිටපු ඉරාක ජනාධිපති, සදාම් හුසේන්ගේ පුතෙකු වන උඩේ සදාම් හුසේන් වටා ගොඩනැගෙන මෙම කථාව මූලිකවම චරිතාපදාන ගනයට වැටෙන චිත්‍රපයටකි. සෙල්ලක්කාර, සල්ලාල, ත්‍රාඩ, අධම ගති ඇති මානසික විකෘතිතා සහිත මොහු, පියා මෙන්ම, ඔහුගේම හැඩරුව සහිත සොල්දාදුවෙකු සොයාගෙන, සජීවී ඩමියක් තනා ගනී. තමාට ඇවැසි සියල්ල බලහත්කාරයෙන් සහ මැරකමින් ලබා ගන්නා මොහු, හිතූමතේ යුවතියන් දූශනය කරන, මරාදමන යක්ෂයෙකි. ඔහු තෝරාගත් ඩමිය වන ලතීෆ් යහියා ඔහු සමග එක්ව ඔහුගේ ක්‍රියාකාරකම් වලින් තම බඩවියත රැකගනීද? ඔහුගේ ජීවී ඩමිය ඔහු මෙන්ම වෙයිද?

තෝරාගත් වීඩියෝ පටය (The.Devil's.Double.2011.BDRip-HDT), A/V 10/10 මට්මටම ඉතා ආසන්න එකකි.

නිරුවත් සහ ලිංගික දර්ශන නිසා මෙම චිත්‍රපටය පවුලේ සැමට එක්ව නැරඹිය නොහැකි වර්ගයේ එකකි.

(අර්ථයට සහ අදාල අවස්ථාවේ දනවන හැඟීමට හානියක් නොවනු පිණිස, මෙම චිත්‍රපටයේ භාවිතා වන අසභ්‍ය, හානිකර, පහත්, නොහික්මුනු භාෂාව එලෙසම සිංහලයට පරිවර්ථනය කර ඇති අතර, එනිසා සිංහල උපසිරැසි පවා මුළු පවුලටම එකට සිට නැරඹීමට අපහසු බව කරුණාවෙන් සලකන්න.)

සුප්‍රකට සිනමානළු ඩොමිනික් කූපර් උඩේ සහ ලතීෆ් යන චරිත දෙකටම පන පොවන, සුරූපී නිලි ලුඩ්වයින් සැග්නියර් රඟන මෙම චිත්‍රපටය මුල්ම වරට 2011 වසරේ අගෝස්තු 10 දින එක්සත් රාජධානියේදී ප්‍රදර්ශනය කරන ලදී. 

චිත්‍රපටයේ වර්ගීකරණය- චරිතාපදාන / Bibalographyඅපරාධ / Crime /  ක්‍රියාදාම / Action / ආදර / Romance නාට්‍යමය / Drama / 2011 / 18+
IMDB ලකුණු ප්‍රමාණය - 7.1
චිත්‍රපටයේ වර්ගයට අදාලව අරිසෙන් විසින් දෙන ලකුණු ප්‍රමාණය - 9.0

සිංහල උපසිරැසි බාගත කරන්න - The.Devil's.Double.2011.BDRip-HDT
චිත්‍රපටය බාගත කරන්න - The.Devil's.Double.2011.BDRip-HDT

ඔබගේ ප්‍රතිචාරය අපට දිරිදීමකි.

Wednesday, November 23, 2011

The Veteran 2011


 

මිලර් නැමති ඇෆ්ගනිස්ථානු හිටපු සොල්දාදුවෙක්, ඔහුගේ නිවස ලෙස සැලකෙන ලන්ඩනයට පැමිනෙයි. ඔහු ග්‍රේ නැමති පුද්ගලයෙකු සමට රහස් මෙහෙයුමක නිරතවන අතර, එහිදී රාජ්‍ය ආරක්ෂක ක්‍රියා වල සහ කුඩු ජාවාරම් කරුවන්ගේ කරදර වලටද පැටලැවීමට සිදුවේ. මෙම මෙහෙයුම ඉතාම රහසිගත සේම ඉතා සැකකටයුතු සිද්ධි දාමයක් හරහා දිවෙන අතර, ඔහුගේ ඉහල නිලධාරියාම අපරාධ කරුවන්ගේ මෙහෙයවන්නා බව පසුව සොයාගැනේ. ඔහු මෙන්ම, ඹත්තු සේවය පිණිස යොදාගත් වෙනත් කාන්තාවක් බේරා ගැනීමටද තැත් කරන ඔහුගේ අවසන් ඉරණම කුමක් වේද.

2011 අප්‍රේල්29 දින මුල්ම වරට එක්සත් රාජධානියේ තිරගතවූ මෙම චිත්‍රපටය, ක්‍රයාදාම සහ අපරාධ ගනයට අයත් වන්නකි. චිත්‍රපටයට IMDB ලබාදෙන ලකුණු ප්‍රමාණය 5.9 ක් වන අතර චිත්‍රපටයේ වර්ගයට අදාලව, අරිසෙන් විසින් ලබාදෙන ලකුනු ප්‍රමාණය 8.5කි. දරුනු අපරාධ ක්‍රියා හැරුනු කල, පවුලේ සැමට එක්ව නැරඹිය හැකි චිත්‍රපටයක් වන අතර, තෝරාගත් වීඩියෝ පටය (The.Veteran.2011.DVDRip.XviD-ICE) A/V  10/10 ට ඉතාම ආසන්න බව අරිසෙන්ගේ මතයයි.

චිත්‍රපටයේ වර්ගීකරණය - අපරාධ / ක්‍රියාදාම

සිංහල උපසිරැසි බාගත කරන්න The.Veteran.2011.DVDRip.XviD-ICE

චිත්‍රපටය බාගත කරන්න The.Veteran.2011.DVDRip.XviD-ICE


ඔබගේ අදහස් යෝජනා අගය කරමි.
අරිසෙන්_
Related Posts Plugin for WordPress, Blogger...