Wednesday, June 22, 2011

Hanna 2011

   
දහහත් හැවිරිදි තරුණියක වන හැනා, තම පියා වන එරික් හෙලර් සමග ෆින්ලන්තයේ වනාන්තරයක් තුල ජීවත්වෙයි. උපතලද දින පටන් ඝාතකයෙකු ලෙස පුහුණු කරනු ලබන ඇය, ලොව පිලිබඳ සහ ඇයගේ අසත්‍ය අනන්‍යතාවය පිලිබඳ කරුණු රැසක් කටපාඩම් කරවනු ලබන්නේ මතු ප්‍රයෝජනය පිණිසය.

හැනා සිය කැමැත්තෙන්ම තමා සිටින ස්ථානය සී.අයි.ඒ. සංවිධානයට දැනෙන්නට සලසන අතර එහි සේවය කරන දූශිත නිලධාරිණියක් වන මරීසා විසින් පුහුණු කණ්ඩායමක් යවා ඇය අත්අඩංගුවට ගෙන, මොරොක්කෝවේ අධි-ආරක්ෂිත නිවස්නයක රඳවයි. එහිදී මරීසා ඝාතනය හැනා ගේ අභිප්‍රාය වන නමුත්, ඒ වෙනුවට වෙනත් කාන්තාවක් මරා ඇය පැනයයි.  තම පියා මින් පෙර සි.අයි.ඒ නිලධාරියෙකු බවද, ඔහු ආයතනයට ‍ද්‍රෝහීව පැනගිය බවද, හෙලිකල නොහැකි රාජ්‍ය රහස් දැන සිටින්නෙකු බවද ඇය සොයා ගනී. මරීසා යොදවා ඇත්තේ එරික් ඝාතනයට වන අතර, එරික් විසින් හැනා පුහුණු කරනු ලැබූයේ මරීසා ඝාතනයටයි. 

කාන්තාරය හරහා පැනයන අතර හැනාට, සෙබස්තියන් සහ රචෙල් මුණගැසෙන අතර එම දෙපලගේ දියණිය වන සොෆී සමග ඇය මිතුරු වෙයි. ඇගේ නීරස ජීවිත කතාවෙන් පසු, ඔවුන් ඇය බර්ලිනය දක්වා ගෙනයාමට එකඟවෙයි. මේ අතර මරීසා විසින් හැනා ඇල්ලීමට කුලී මනීමරුවන් යොදන අතර, පසුව හැනා සහ පියා ඔවුනට කොටුවෙයි. නමුත් එක් අයෙකු ඝාතනය කර පැනයන හැනා යන්නේ බර්ලියයේදී පියා හමුවීමට බව මරීසා දැනගනුයේ සෙබස්තියන් ගේ පුතු රවටාගැනීම මගිනි.

බර්ලිනයේදී හැනාට අතහැර දමනලද සැණකෙලි බිමක වසන, තම පියාගේ මිතුරෙකු මුණගැසේ. මරීසා ඔවුන් සොයාගෙන පියාගේ මිතුරා මරා දමන අතර, හැනා බේරී පලායයි. ඇයට පියා හමුවනුයේ අත්තම්මාගේ නිවසේදී වන අතර, එහිදී අත්තම්මා මරීසා අතින් මැරුම්කෑ බව පසක් වෙයි. එසේම එරික් තම පියා නොවන බවත්, ගැබිනි කතුන් සී.අයි.ඒ. වෙත ලබාදුන් සේවකයා පමණක් බවත් හැනා දැනගනී. එම කතුන්ගේ කළලවල ජාන විකෘති කිරීම මගින්, අධි මානුශික හැකියා සහිත සුපිරි සොල්දාදුවන් බිහිකිරීම සිදුවූ බව ඇය වටහා ගනී. පසුකලක මෙම වැඩසටහන නතරවන අතර සියළු කාන්තාවන් සහ ජාන විකෘතිකර තනන ලද දරුවන් ඝාතනයට ලක්වෙයි.  නමුත් හැනාගේ මව සමග එවකට පෙමින් වෙලී සිටි එරික්, හැනා බේරා ගන්නා නමුදු, හැනාගේ මව මරීසා අතින් මැරුම්කයි. හැනා ඝාතකයෙකු ලෙස පුහුණු කරනු ලැබූයේ එයින් පසුය.

එරික් විසින් ඔවුන් ලුහුබැඳ ආ, ඝාතකයන් මරා දමන නමුත්, ඔහු මරීසා අතින් වෙඩිකා මියයයි.  අවසන මරීසා සහ හැනා මුහුනට මුහුන හමුවන අතර, එහිදී හැනාට මරීසා වෙඩි තබයි. හැනාද ඊතලයක් මගින් මරීසා අඩපණ කරන අතර, පසුව ඇයගේම පිස්තෝලයෙන් වෙඩි තබා, මරීසාගෙන් මව මැරූ පලිය ගන්නා අයුරු දැක්වෙන මෙම කථාව මෙම වසරේ (2011) අප්‍රේල් මස 08 වැනි දින ඇමරිකාවේදී මුල් වරට තිරගත වූවකි.

මෙම චිත්‍රපටය වැඩිහිටි අය උදෙසා නිර්මාණය කල එකක් වන අතර, වැඩිහිටියන්ට පමණක් සීමාවන්නක් නොවේ. තෝරාගත් වීඩියෝ පටය A / V 8 / 9 තත්වයේ ඇත. චිත්‍රපටයේ වර්ගීකරණය මත අරිසෙන් විසින් ලබාදෙන ළකුණු ප්‍රමාණය 8 / 10 කි. IMDB වෙබ් අඩවිය ලබාදෙන ළකුණු ප්‍රමාණය 7.3 / 10 කි. සමස්ථයක් ලෙස නැරඹිය යුතු ගනයේ චිත්‍රපටයක් බව කිව හැක.


චිත්‍රපටය බාගත් කරන්න - R5.LiNE.AC3.XViD-EP1C
උපසිරැසි -  R5.LiNE.AC3.XViD-EP1C

හිතෙනදේ ලියල යන්න කාරුණික වෙන්න...

Saturday, June 11, 2011

Unknown (2011 )

   

බර්ලිනයේ පැවැත්වෙන ජාත්‍යන්තර ජෛවතාක්ෂණික සමුළුවට සහභාගී වීමට පැමිණෙන ආචාර්ය මාටින් හැරිස්, හදිසි අණතුරකට ලක්ව කෝමා තත්වයේ සිට සිහිය ලබන විට ඔහු මාටින් හැරිස් බව ඔහුගේම බිරිය වන ලීස් වත් පිලි නොගනී. තවද ඔහුගේ අනන්‍යතාව හෙලිකරගැනීමට උපකාරවන සියළු ලිපි ලේඛණ ද අස්ථානගතව ඇති අතර, වෙබ් අඩවියේ පවා, දැනට බිරිය සමග සිටින පුද්ගලයා මාටින් හැරිස් සේ පෙනී සිටී. ඔහු සතුව සියළු නීත්‍යානුකූල ලිපි ලේඛනද පවතී.

සමුළුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නව තිරිඟු විෂේශයක් මෙම අපරාධයට හේතුවෙයි. ඕනෑම කාලගුණ තත්වයක් යටතේ වගාකල හැකි, ඉක්මනින් වර්ධණය සහ ප්‍රචාරණය වන, රෝග පලිබෝධ වලට ඔරොත්තු දෙන එය, නව ජාන තාක්ෂණයේ ප්‍රතිඵලයක් වන අතර, ෂාඩා නැමති රජ කුමරුගේ මුදල් ආධාර මත පේටන්ට් හෝ අයිතිවාසිකම් රහිතව නොමිලේ ලෝකයට බෙදාහැරීම පිණිස ඉදිරිපත් කෙරෙයි. විද්‍යාඥයා මරා දමා, එය අයිතිකරගෙන විශාල මුදලකට විකිනීම හොර කල්ලියේ අභිප්‍රායයි.

දැඩි දුෂ්කරතාවයට පත්ව සිටි මාටින්, ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම පිණිස දැඩි වෙහෙසක් ගනී. මෙසේ තම හිතවත් සියළුදෙනාට කතා කරන ඔහු අණතුර සිදුවූ ටැක්සියේ කාන්තා රියදුරු සමග එක්ව තම අනන්‍යතාව සොයා යයි. අවසන ඔහුට පසක් වනුයේ තමා මාටින් හැරිස් නොවන බවත් එම නමින් මෙලොව කිසිවෙකුත් කිසිදිනක නොසිටි බවත්ය. තමා පුහුණු ඝාතකයෙකු වන අතර, මාටින් හැරිස් යනු, සමුළුවට පැමිනෙන විද්‍යාඥයා ඝාතනය කිරීම පිණිස එම ස්ථානයට ඇතුළුවීමට තමා විසින්ම සෑදූ බොරු අනන්‍යතාවක් බව වටහා ගනී. අණතුරින් ඔහුගේ හිසට වැදුනු පහර සමග මතකය අවුල්වී කල්පිතය සත්‍යයක් සේ පිලිගැනීම මෙයට හේතුවයි. ඔහු විසින් කල වරද නිවැරදි කරන ආකාරයත්, තම අනන්‍යතාව තහවුරු කරගන්නා ආකාරයත් කියවෙන මෙය 2011 වසරේ පෙබරවාරි 18 දින ඇමරිකාවේදී නිකුත්වූ අපූරු චිත්‍රපටයකි.


පවුලේ සැමට එකට සිට නැරඹියහැකි වුවද ඉතා සුළු ප්‍රේම ජවනිකා කිහිපයක් අන්තර්ගත වෙයි. චිත්‍රපටයේ වර්ගීකරණය මත අරිසෙන් විසින් ලබාදෙන ළකුණු ප්‍රමාණය 8/10 කි. උපසිරැසි පිණිස තෝරාගත් Unknown 2011 DVDRiP XViD AC3 - IMAGiNE.avi වීඩියෝපටය A/V 10/10 තත්වයට ඉතා ආසන්න බව  මාගේ අදහසයි.

චිත්‍රපටයේ වර්ගීකරණය - ක්‍රියාදාම / අපරාධ / විද්‍යා ප්‍රබන්ධ

අධ්‍යක්ෂණය - ජේම් කොලෙට්
තිර රචණය - ඔලිවර් බුචර් සමග ස්ටෙෆන් කෝන්වෙල්
ප්‍රධාන රංගන දායකත්වය - ලියම් නේසන්. ඩියාන් කෲගර් සහ ජනුවරි ජෝන්ස්

IMDB ළකුනු ප්‍රමාණය 7.1/10


(මේ නමින්ම 2011 වර්ෂයේ තිරගතවූ Unknown (2006) චිත්‍රපටියට සබ් මෙතනින් ගන්න)

මොනවහරි ලියල යන්න...
Related Posts Plugin for WordPress, Blogger...