බ්ලූ (නිලූ) නැමති ඇතිකරන නිල් මැකෝ ගිරවා, එම සත්ව විෂේශයේ අවසාන පිරිමි සතා ලෙස සොයාගත් පසු, වර්ගයා බෝ කරගැනීමට ඌ රියෝ ද ජැනයිරෝ වල පිහිටි පක්ෂි සංරක්ෂන මධ්‍යස්ථානයට ගෙන යනු ලබයි. එහි සිටින ජුව්ල් නැමති ගැහැනු සතා, කැලයේ සිටි එකෙකු වන අතර දෙදෙනා අතර සම්බන්ධය එකවර ඇති නොවේ.
කුරුල්ලන් අල්ලා විකුනා පොහොසත් වීමට උත්සාහ කරන හොර කල්ලියක් මෙම ගිරවුන්ගේ වටිනාකම මුදල් කරගැනීමට උන් පැහැර ගන්නා සැටිත්, නිලූ ජුව්ල් සමග ආදර සම්බන්ධය ගොඩනගා ගන්නා සැටිත්, පියාසැරිය නුහුරු ඇතිකරන ගිරවෙකු වූ නිලූ පියෑඹීමට යොමුවන සැටිත් කියවෙන මෙය අපූරු ත්‍රිමාන සජීවීකරන, ළමා කාටූන් චිත්‍රපටයකි. මෙය නැරඹිය යුතු අපූරු, විචිත්‍රවත් කතන්දරයක් බව කිව යුතුය. පවුලේ සැමට අපහසුවකින් තොරව එක්ව නැරඹිය හැක.
සිනමා පටයේ ත්‍රිමාන සජීවීකරණ ඉතා ඉහල තත්වයේ සවිස්තර (detailed) ඒවා වන අතර, ගීත/වාදන (අරුත නොවැටහුනද) ඉතා ඉහල රසාස්වාදයක් ලැබියහැකි සේ නිර්මානය කර ඇත. සමස්ථයක් ලෙස (කථාව/තිර රචනය/ පණිවුඩය) මෙම චිත්‍රපට වර්ගීකරණ කාණ්ඩයට අදාලව, අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 10/10 කි.
තෝරාගත් R5 XviD-MAXSPEED වීඩියෝ ක්ලිපය A/V - 10/10 කීමට තරම් ප්‍රමාණවත් බව මගේ අදහසයි.
විශේෂ ස්තුතිය: ඉහල ගුණාත්මයේ වීඩියෝපට වලට මා කල ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ නුවන් සමරසිංහ, විකියා, දිමුතු මහේන්ද්‍ර සූරිආරච්චි සහ රජිත තෙන්නකෝන් යන සොයුරන්ට.
IMDB ලකුණු - 7.3/10
අධ්‍යක්ෂණය : කාලෝස් සල්දානා
කථාව : කාලෝස් සල්දානා, අර්ල් රිචී ජෝන්ස් ඇතුළු පිරිස
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!
කරුණාකර ගුණාගුන කියල යන්න / Pls leave a comment
