දහහත් හැවිරිදි තරුණියක වන හැනා, තම පියා වන එරික් හෙලර් සමග ෆින්ලන්තයේ වනාන්තරයක් තුල ජීවත්වෙයි. උපතලද දින පටන් ඝාතකයෙකු ලෙස පුහුණු කරනු ලබන ඇය, ලොව පිලිබඳ සහ ඇයගේ අසත්‍ය අනන්‍යතාවය පිලිබඳ කරුණු රැසක් කටපාඩම් කරවනු ලබන්නේ මතු ප්‍රයෝජනය පිණිසය.
හැනා සිය කැමැත්තෙන්ම තමා සිටින ස්ථානය සී.අයි.ඒ. සංවිධානයට දැනෙන්නට සලසන අතර එහි සේවය කරන දූශිත නිලධාරිණියක් වන මරීසා විසින් පුහුණු කණ්ඩායමක් යවා ඇය අත්අඩංගුවට ගෙන, මොරොක්කෝවේ අධි-ආරක්ෂිත නිවස්නයක රඳවයි. එහිදී මරීසා ඝාතනය හැනා ගේ අභිප්‍රාය වන නමුත්, ඒ වෙනුවට වෙනත් කාන්තාවක් මරා ඇය පැනයයි. තම පියා මින් පෙර සි.අයි.ඒ නිලධාරියෙකු බවද, ඔහු ආයතනයට ද්‍රෝහීව පැනගිය බවද, හෙලිකල නොහැකි රාජ්‍ය රහස් දැන සිටින්නෙකු බවද ඇය සොයා ගනී. මරීසා යොදවා ඇත්තේ එරික් ඝාතනයට වන අතර, එරික් විසින් හැනා පුහුණු කරනු ලැබූයේ මරීසා ඝාතනයටයි.
කාන්තාරය හරහා පැනයන අතර හැනාට, සෙබස්තියන් සහ රචෙල් මුණගැසෙන අතර එම දෙපලගේ දියණිය වන සොෆී සමග ඇය මිතුරු වෙයි. ඇගේ නීරස ජීවිත කතාවෙන් පසු, ඔවුන් ඇය බර්ලිනය දක්වා ගෙනයාමට එකඟවෙයි. මේ අතර මරීසා විසින් හැනා ඇල්ලීමට කුලී මනීමරුවන් යොදන අතර, පසුව හැනා සහ පියා ඔවුනට කොටුවෙයි. නමුත් එක් අයෙකු ඝාතනය කර පැනයන හැනා යන්නේ බර්ලියයේදී පියා හමුවීමට බව මරීසා දැනගනුයේ සෙබස්තියන් ගේ පුතු රවටාගැනීම මගිනි.
බර්ලිනයේදී හැනාට අතහැර දමනලද සැණකෙලි බිමක වසන, තම පියාගේ මිතුරෙකු මුණගැසේ. මරීසා ඔවුන් සොයාගෙන පියාගේ මිතුරා මරා දමන අතර, හැනා බේරී පලායයි. ඇයට පියා හමුවනුයේ අත්තම්මාගේ නිවසේදී වන අතර, එහිදී අත්තම්මා මරීසා අතින් මැරුම්කෑ බව පසක් වෙයි. එසේම එරික් තම පියා නොවන බවත්, ගැබිනි කතුන් සී.අයි.ඒ. වෙත ලබාදුන් සේවකයා පමණක් බවත් හැනා දැනගනී. එම කතුන්ගේ කළලවල ජාන විකෘති කිරීම මගින්, අධි මානුශික හැකියා සහිත සුපිරි සොල්දාදුවන් බිහිකිරීම සිදුවූ බව ඇය වටහා ගනී. පසුකලක මෙම වැඩසටහන නතරවන අතර සියළු කාන්තාවන් සහ ජාන විකෘතිකර තනන ලද දරුවන් ඝාතනයට ලක්වෙයි. නමුත් හැනාගේ මව සමග එවකට පෙමින් වෙලී සිටි එරික්, හැනා බේරා ගන්නා නමුදු, හැනාගේ මව මරීසා අතින් මැරුම්කයි. හැනා ඝාතකයෙකු ලෙස පුහුණු කරනු ලැබූයේ එයින් පසුය.
එරික් විසින් ඔවුන් ලුහුබැඳ ආ, ඝාතකයන් මරා දමන නමුත්, ඔහු මරීසා අතින් වෙඩිකා මියයයි. අවසන මරීසා සහ හැනා මුහුනට මුහුන හමුවන අතර, එහිදී හැනාට මරීසා වෙඩි තබයි. හැනාද ඊතලයක් මගින් මරීසා අඩපණ කරන අතර, පසුව ඇයගේම පිස්තෝලයෙන් වෙඩි තබා, මරීසාගෙන් මව මැරූ පලිය ගන්නා අයුරු දැක්වෙන මෙම කථාව මෙම වසරේ (2011) අප්‍රේල් මස 08 වැනි දින ඇමරිකාවේදී මුල් වරට තිරගත වූවකි.
මෙම චිත්‍රපටය වැඩිහිටි අය උදෙසා නිර්මාණය කල එකක් වන අතර, වැඩිහිටියන්ට පමණක් සීමාවන්නක් නොවේ. තෝරාගත් වීඩියෝ පටය A / V 8 / 9 තත්වයේ ඇත. චිත්‍රපටයේ වර්ගීකරණය මත අරිසෙන් විසින් ලබාදෙන ළකුණු ප්‍රමාණය 8 / 10 කි. IMDB වෙබ් අඩවිය ලබාදෙන ළකුණු ප්‍රමාණය 7.3 / 10 කි. සමස්ථයක් ලෙස නැරඹිය යුතු ගනයේ චිත්‍රපටයක් බව කිව හැක.
චිත්‍රපටය බාගත් කරන්න - R5.LiNE.AC3.XViD-EP1C
උපසිරැසි - R5.LiNE.AC3.XViD-EP1C
හිතෙනදේ ලියල යන්න කාරුණික වෙන්න...

