2010 වර්ෂයේ අග භාගයේ නිකුත්වූ මෙම චිත්‍රපටය, උසස් ගනයේ නිර්මානයක් ලෙස දැකිය හැකියි. කථා පිටපත, තේමාව සහ තිර රචනය මත මෙය ඉහල සාර්ථකත්වයක් සහිත බව කිව හැක.
ප්‍රිය සාදයකදී ඇතිවන බහින්බස් වීමක් සහ, කාර්යාලයේදී සිදුවන ගැටුමක් නිසා, ප්‍රධානියාගේ හදිසි මරණය සම්බන්ධව අහිංසක කාන්තාවක් නිරපරාදයේ මිනීමැරුම් චෝදනා මත සිරගත වෙයි. ඉතා තෘප්තිමත් සහ ආදරබර පවුල් ජීවිතයක් ගෙවන ඇයගේ සිරගතවීම නිසා, කුඩා පුතු සමට සැමියා ජෝන් ලොව තනිවෙයි. නීති මාර්ගයෙන් කල හැකි සියළු දේ ඉටුකලද, නීතිය යනු හුදු තර්කය මිස සාධාරණය නොවන බව වටහා ගන්නා ජෝන්, තම පෙම්බර බිරින්දෑගේ නිදහස, තමාටම ආවේනික ක්‍රමයකට ලබාදීමට තීරණය කරයි.
බොහෝ වාර ගණනක් හිරෙන් පැන පලපුරුදු අයෙකු හමුවන ඔහු එම උපදෙස් මත පිහිටා ක්‍රියා කරයි. තමාගේ සහ පවුලේ නිදහස උදෙසා මුදල් ඉපයීමට අපරාධ කරුවෙකුද මරා දමන ඔහු, ත්‍රාසජනක සහ බුද්ධිමය පියවර ගනනාවකට පසු බිරිය සහ දරුවා සමග නිදහස සොයා වෙනත් රටකට පැනයයි.
Paul Haggis
Stars:
Russell Crowe, Elizabeth Banks and Liam Neeson
මොනව හරි ලියල යන්න !!! Please Leave a Comment!!!
